ලංකාවෙන් වදවී ගිය කළු කොටියා ශ්‍රී පාදය පෙදෙසින් හමුවෙයි

මෙරට වදවී ගිය සත්ව විශේෂයක් බවට නම් කරන ලද කළු කොටියා නැවත ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරය ප්‍රදේශයේ සිටින බවට වාර්තාවී ඇත පසුගියදා වනජීවී දෙපාර්තමේන්තුව සදහන් කලේ අවසන් කළු කොටියා මෙරටින් සමුගත් බවත් මඳකට හසුව මියගිය එම කළු කොටියා ජීවමානව නැවත දැක ගැනීමට නොහැකි නිසා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එම සත්වයාගේ සම ගලවා අනුරුවක් පවා සාදන ලදී .

වදවී ගිය පුවත වාර්තාවී මාස හයකට පසු නැවත එම කළු කොටියෙකු ශ්‍රීපාදය ප්‍රදේශයේ සැරිසරන බවට වාර්තාවීම නිසා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ තවත් පුද්ගලික ආයතනයක් එකතුව සිදුකල විශේෂ කැමරා එම සත්වයන් ගැවෙසෙන බවට සැකකරන ස්ථාන ඉලක්ක කර ස්ථානගත කරන ලදී එහි ප්‍රතිපලයක් ලෙස අදාල සත්වයා නැවත ලංකාවේ සිටින බවට කැමරා කාචවල සටහන්ව ඇත මෙරට මධ්‍යම කදුකරය ආශිතව ජීවත්වූ කළු කොටියා විවිධ මිනිස් ක්‍රිකාරකම් මත වදවීමට ලක්වන ලදී

දැනට ලැබී ඇති තොරතුරු අනුව එම සත්වයා ගැහැණු සත්වයෙකු බවත් පිරිමි සත්වයෙකු එම ප්‍රදේශයේම ඇති බව පරිසර වේදීන් පෙන්වා දෙයි මිනිස් ක්‍රියාකර කම් මත මෙම සත්ව යුවල මෙරටට අහිමි වීමේ අවධානමක් ඇති නිසා වහාම මෙම සත්වයින් දෙදෙනා ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගතයුතු බව සහන කරයි. සාමාන්‍ය දිවියන් සහ කොටි විශේෂ කිහිපයක් අතරින් කළු කොටියා වෙනස් වන්නේ ඉතා රහසිගත ජීවත්වන සත්වයෙකු නිසාය එම සත්වයා සතු කළු සම නිසා ගොදුරු සොයාගැනීමට පහසුවී ඇත රංචු වශයෙන් දක්නට නොමැති මෙම කොටි විශේෂය සුක්ෂම උපක්‍රම සහිත කොටි විශේෂයක් වෙති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *