මස් වැද්දන් මුවෙකු පෙති ගසයි!! ගම්වාසීන් පැන සතාගේ දිවි බේරයි!!

කෑගල්ල සමන් විජය බණ්ඩාර

වැලි මුවෙකු දඩයම් කිරිමට කිසියම් පිරිසක් අද 19 අලූයම් කාලයේ උත්සාහ කිරිම හේතුවෙන් එම සතාගේ ශරිරයේ විශාල කැපුම් තුවාල හතරකට වැඩි ප්‍රමාණයක් සහිතව එම ගම්මානයේ වෙල්යායක බලූ රංචුවකට කොටු වි කෑගසමින් සිටි මෙම සතා දඩයම්කරුවන්ගෙන් බේරා ගැනිමට ගමේ පිරිසක් සමත් වි ඇත.

මෙම සිද්ධිය වාර්තා වුයේ හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයේ අරකොටවැල්ල ගම්මානයෙනි. ගම්මුන් පවසන්නේ උදෑසන කුඹුරු වැඩ සඳහා වෙල්යායට යමින් සිටියදි එම වෙල්යායේ බලූ රංචුවකට බේරිමට විශාල වැලි මුවෙකු වෙල් යායේ ඒ මේ අත දුවමින් සිටි බවයි. දුවන මුවාගේ පිටෙහි විශාල කැපුම් තුවාල ඇති බවත් එයින් ලේ පිටතට වැටෙමින් පවතින බවත් ඔවුන් දැක ඇත. පසුව කුඹුරට ගිය කිහිප දෙනෙකු එක්ව වැලි මුවා පසු පස යන බලූ රෑන එනවා දමා වැලි මුවා මහත් වු වෙහෙසක් දරාගෙන අල්ලාගෙන මෙ වන විට වනජිවි ආයතනයට භාර දිම සඳහා අප එහි යන විටත් එම දුරකථන අංක වෙත ඇමතුම් ලබා ගෙන තිබුණි.

සතාගේ පිටුපස ඝාතයේ විශාල කැපුම් තුවාලයක් ඇති අතර එය අගල් දෙක තුනක් යන තෙක් කැපි පවති. එමෙන්ම තවත් පිහි ඇණුම් සහ පහරවල් කිහිපයක් අහිංසක සත්වයාගේ ශරිරය පුරා දැක ගැනිමට හැකි වෙයි. එම සතාගේ මැස්සන් වසා එම තුවාල වලට ඛෙහෙත් ලබා දෙන තෙක් රෙදි කැබැල්කින් සතා වසා තිබුණි.

අවට ඇති කැලෑ බද ප්‍රදේශවල සිට රාත්‍රී කාලයේ ගම්මානය වෙත ජලය බිමට සහ ආහාර සොයා එන මෙවැනි වැලි මුවන්, මීමින්නන්, ඈයන්, ඌරන් දඩයම් කිරිමට ගමේ පිරිසක් රාත්‍රී කාලයේ උගුල් අටවන බවත් මෙම වැලි මුවාද එලෙස එම ග්‍රහණයට අසු වි පසුව දිවි ගලවා ගෙන එයින් පැන දිව යන අතරේ මෙසේ සතාගේ දිවි බේරා ගැනිමට ලැබිම සතුටට කරුණක් වන බව ඔවුන් අප සමග පැවසිය.

කෑලෑබද නිදහස් ජිවිතයක් ගත කරන මෙම සතා මිනිසුන්ට හිතා බය සතෙක් වන හෙයින් සතාට ඛෙහෙත් කරන තෙක් කුඩු කර හෝ වෙනත් ක්‍රම උපායකට සතා තබා ගැනිමට නොහැකි නිසාම සතාගේ පාද හතර රෙදි පටියකින් බැද තබා ඇත්තේ සතාට හානියක් සිදු කිරිමට නොව සතාගේ දිවි බේරා ගැනිම වෙනුවෙන් බවද ඔවුන් පවසති.

එහි ගිය අප හෙම්මාතගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතා දැනුවත් කර අතර එතුමන් පැවසුයේ හැකි ඉක්මනින් සතා බේරා ගැනිම සඳහා වන ජිවි හෝ වෙනත් වගකිය යුතු ආයතනයක් දැනුවත් කරන බවයි.

එමෙන්ම ගම්වාසීන් අප සමග අදහස් දක්වමින් පැවසුයේ මෙවැනි ක්‍රියා සිදු කරන මේලෙජ්ජ පුද්ගයන්ට නිසි දඩුවම් ලබා දි ඔවුන් සමාජයට ප්‍රසිද්ධ කර මෙවැනි ක්‍රියා වගා නවත්වා ගැනිමට හැකි නම් එය මහත් වු පිටුවහලක් වන බවයි. අරණායක සාමසර කන්දේ නාය ගිය ජනතාවට මෙම ගම්මානයෙන් නිවාස 200 කට ආසන්නව වෙනම ගම්මානයක් ලෙස සකස් කර දි ඇති අතර එම ගම්මානයේ මෙවැනි වැරදි ක්‍රියා වල නිරත වන පිරිස් වැඩි බවද ඔවුන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *