රට පුරා ඉන්සියුලීන් හිගයක් දිය වැඩියා රෝගීන් අසරණ වෙයි!!
කොරෝනා වසංගතය නිසා මෙරට වැඩිම අසහණයට පත්ව ඇති කොටසක් වන්නේ රෝගීන්ය ඒ රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබාගැනීම වෙනුවෙන් පාමසි සහ ඔසුසැල් අසල දිගු පෝලිම් වල රැදෙමින් කාලය ගෙවමින් සිටීමට සිදුව ඇති නිසාත් බෙහෙත් වර්ග සියල්ල එකම පාමසි යක් තුලදී ලබාගැනීමට නොහැකි වීමද රෝගීන් දැඩි අපහසු තාවයකට මෙන්ම රෝගී සිටින නිවෙස් වල සාමජිකයින් අසරණව ඇත මේ අනුව අද වාර්තා වන පරිදි දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍යම ඖෂධයක් වන ඉන්සියුලීන් එන්නතේ හිඟයක් රට පුරා සියළුම රෝහල් වල ඇති වීමෙන් දියවැඩියා රෝගීන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව වාර්තා වේයි .
දැනට රෝහල් වලින් රෝගීන්ට නිකුත් කරන මිලිලීටර් 10 ක ප්‍රමාණයෙන් යුත් ඉන්සියුලීන් කුප්පි රජයේ රෝහල්වල පමණක් නොව පෞද්ගලික ඔසුසැල් වලද හිඟව පවතින බවද පැවසේ .මිලි ලීටර් 10 කින් සමන්විත ඉන්සියුලීන් කුප්පියක් බාහිරින් මිළදී ගැනීමේදී ඒ සඳහා රුපියල් 1200 ක පමණ මුදලක් වැයවන අතර එතරම් මුදලක් වැය කිරීමට නොහැකිව බොහෝ රෝගීන් අසරණව සිටින බව වාර්තා වේ .
රුපියල් 685.00 ක පමණ මිළකින් යුත් මිලිමීටර් 03 ක ප්‍රමාණයකින් යුත් ඉන්සියුලීන් එන්නත පමණක් පෞද්ගලික ඔසුසැල් වල අලෙවියට තිබේ .
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසුවේ මෙම ඉන්සියුලීන් එන්නත සති තුනක පමණ කාලයක සිට හිඟව පවතින බවයි