කොස්ලන්දේ මවක් දියණියන් දෙදෙනා සමග සියදිවි හානිකරගනී
දියණියකගේ දිවි බේරී ඇත අනෙක් දියණිය එම ස්ථානයේදීම මියගොස් ගොස් ඇත
තම කුසින් උපන් දියණියන් දෙදෙනාගේ ගෙල වැල දමා මවද ගෙල වැලලාගෙන කොස්ලන්ද ඌව මාවෙලගම තමිල්නාඩුව ප්රදේශයේ මවක සියදිවි නසාගෙන ඇතැයි කොස්ලන්ද පොලීසිය කියයි.අඩු වයසින් විවාහ දිවියට පිවිස ඇති දිලානි මංජු 20 හැවිරිදි මවක බව පොලීසිය සදහන් කරයි
මෙම අවස්ථාවේ එක් දියණියකගේ දිවි බේරී ඇති අතර අනෙක් දියණිය එම ස්ථානයේදීම මියගොස් ගොස් ඇති බව පොලිසිය පවසයි.මියගොස් ඇත්තේ දිලානි මන්ජු නමැති 20 හැවිරිදි මවක සහ අවුරුදු 2 ක දියණියකි. අවුරුදු 3 හමාරක් වයසැති දියණියගේ දිවි බේරී ඇත.
මව සහ දරුවන් දෙදෙනා සාරියක් ගෙන එම නිවසේ බාල්කයක සාරියකින් එල්ලී සියදිවි නසා ගෙන ඇති බව පොලීසිය කියයි.සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවද සිධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බව කොස්ලන්ද පොලීසිය කියයි.