ගම්පහ පාතාලයේ කුලියට කාන්තාවන් ඝාතනය කල සම්පත්ගේ අවසන් ගමන

ගම්පහ පාතාලයේ දක්ෂම වෙඩි කරු මල්වතු හිරි පිටියේදී අවසන් ගමන් ගිය කැටකෑල පිටියේ සම්පත් කියන්නේ කවුද??

කැටකෑලපිටියේ සම්පත් කියන්නේ කවුද?? ගම්පහ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල පාතාල ක්‍රියාකාරකම් වලදී කුලී මිනී මරන්නෙකු වශයෙන් ප්‍රචලිතව සිටි සම්පත් නමැති අපරාධකරු අද උදෑසන මල්වතු හිරිපිටිය ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් මරුනුවට පත්ව ඇත ගම්පහ ප්‍රදේශ රැසක පතල ක්‍රියාකාරකම් මෙහෙයවනු ලැබූ දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ගනේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා ගේ ප්‍රධාන වේදික කරු වන්නේ පොලිස් වෙඩි පහරින් මරණයට පත්වූ කැටකෑලපිටියේ සම්පත් නමැති 25 හැවිරිදි පුද්ගලයා බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

කුලීයට මිනීමරන පාතාලයේ නමගිය කැටකෑල පිටියේ සම්පත් පාතාලයට අත්පොත් තබන්නේ වයස අවුරුදු 23 දීය ඒ මත්කුඩු පානය කරමින් අලවි කරමින් සිටින අවස්ථාවේ පොලිස් අත්අඩංගුවට පත්වන කැටකෑල පිටියේ සම්පත් අත්තනගල්ල උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකරන අතර බන්ධනාගාරයේදී පාතාල කණ්ඩායම් ප්‍රබලයෙකු බව කියන ගනේමුල්ලේ සංජීව නැමැත්තා සමගින් ලග ඇසුරක් සිදුකර දෙදෙනා අතර සම්බන්ධතාවය ඇතිකරගන්නා ලදී අධිකරණයෙන් ඇප මත එලියට එන කැටකෑල පිටියේ සම්පත් සම්පත් සංජීව නැති පාතාල නායකයාගේ සියලු කටයුතු සහ මෙහෙයුම් ගම්පහ දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන්නේ සංජීවගේ හොදම වෙඩි කරු වශයෙනි

කුලීයට මිනී මරණ තැනට වැටෙන කැටකෑල පිටියේ සම්පත් ඉතා නිහීන අන්දමින් කාන්තාවන් පවා වෙඩි තබා ඝාතනය කරන තැනට වැටෙන්නේ පාතාලයේ කෙරුම් කාර කමට වඩා තම මුදල් කෑදරකම නිසාය වරක කඩවත ප්‍රදේශයේ විවිධ වංචා සහගත ව්‍යාපාර වල නිරතව සිට ඝාතනය කරන ලද මැන්ඩිස් නැමැත්තා සමග සම්බන්ධතා තිබූ කාන්තාවක මහර අධිකරණයේ නඩුවකට පෙනී සිට යතුරු පඩියෙන් පැමිණෙන විට මග රැක සිටින කැටකෑල පිටියේ සම්පත් කාන්තාව වෙඩි තබා ඝාතනය කරන අතර එම ඝාතනය කරන්නේ රු 50000 කට බව අනාවරණය වන අතර එහෙත් එම ඝාතනය වෙනුවෙන් සංජීව නමැති පාතාල සාමාජිකයා විසින් ලක්ෂ 30 ලබාගෙන ඇති බවට වාර්තා වෙයි

කුඩා වයසින් පාතාලයේ අත්පොත් තබන කැටකෑල පිටියේ සම්පත් ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක සිදුකල අපරාධ රැසකට සම්බන්ධ බවට වාර්තා වී ඇත සාමාන්යෙන් කුලීයට මිනීමැරුම් සිදුකිරීමේදී කාන්තාවන් ඝාතනය කිරීමට මැලිකමක් දැක්වුවද සංජීව ප්‍රමුඛ කැටකෑල පිටියේ සම්පත් මෙම නිහින ක්‍රියාව සිදුකරන බවසාක්ෂි ඕනෑතරම් ඇත ඒ අත්තනගල්ල ප්‍රදේශයේදී සණස බැංකුවෙන් මුදල් රැගෙන තම පුතු සමග යතුරු පඩියෙන් ගමන් ගනිමින් සිටි කාන්තාවක වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කරන ලදී එහිදී කාන්තාවගේ පුතා අදාල වෙඩි කරුවන් සමග පොර බදා ඇතිවූ බරපතල තුවාල හේතුවෙන් එක්තන්වී ඇත

ජා ඇළ ප්‍රදේශයේදී ද කාන්තාවකට වෙඩි තැබීමට මෙම කණ්ඩායම කටයුතු කරන ලදී මෙහිදී ද අදාල කාන්තාව මරණයට පත්වන ලදී පාතාලයේ කාන්තාවන් පවා ඝාතනය කරන කුලී මිනීමරුවන් කණ්ඩායමේ තවත් කිහිප දෙනෙකු සිටින බවත් ඔවුන් අපරාධ රැසක් සම්බන්ධයෙන් අධි චෝදනා ලැබූ වරදකරුවන් වන අතර ඔවුන් ඇප මත සිටි තවත් කිහිප දෙනෙකු රක්ෂිත බන්ධනාගාර වල ඇත .

මේ ආකාරයෙන් කුලී මිනීමරන පාතාල කණ්ඩායම් වල ප්‍රධාන අදායම් මාර්ගය කුඩු සහ කප්පම් වලින් සපුරා ගන්නා අතර ඩේලි නැතිනම් මුදල් පොලීයට දීමද මොවුන්ගේ ප්‍රධාන අදායම් අතර වෙති

අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්සව සිටි මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ලද තොරතුරක් මත අත්අඩංගුවට ගැනීම සදහා පැලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක මලවතු හිරිපිටිය ප්‍රදේශයේ විශේෂ මාර්ග බාධකයක් දමමින් අදාල සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී මෙහිදී යතුරු පැදියකින් පැමිණි සැකකරු පොලිස් භාරයට ගැනීමට කටයුතු කරන අවස්ථාවේ පොලිස් අණ නොතකා පලායාමට උත්සහ කර ඇත පසුව මෙම පුද්ගලයා තම ගිනි අවියෙන් පොලිස් නිලධාරීන් වෙත වෙඩි තැබීමක් සිදුකර ඇති අතර පසුව පොලිස් නිලධාරීන් සිදුකල වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ කැටවල පිටියේ සම්පත් නැමැත්තා බරපතල තුවාල සහිතව මල්වතු හිරිපිටිය මුලික රෝහලට රැගෙන යන අවස්ථාව වෙන විටත් මියගොස් සිටින ලදී

පතල කල්ලි නායකයෙකු වශයෙන් ප්‍රකට ගනේමුල්ලේ සංජීව නැමැත්තා බූස්ස බන්ධනාගාරයේ සිට අදාල ක්‍රියාකර කම සිදුකර ඇත්තේ දුරකථන මාර්ගයෙන් වන අතර පසුගියදා බුස්ස බන්ධනාගාරයේ ඇතිවූ නීති විරෝධී ක්‍රියාකරකන්ම් හේතුවෙන් බුස්ස බන්ධනාගාරයේ විශේෂිත ආරක්‍ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ විශේෂ සුපරික්ෂාව මත මෙම බන්ධනාගාරය පාලනය වන අතර මෙරට නමගිය අපරාධ කරු වන ගනේමුල්ල සංජීව නමැති සකකරු බාහිර සමාජය සමග ඇති සම්බන්ධතාවය මීට සති දෙකකට පෙර ඉවත් කිරීමට කටුයුතු කරන ලදී ඒ මෙරට බන්ධනාගාර තුල ක්‍රියාත්මක විෂමාචාරයන් මැඩලීම සදහා බන්ධනාගාර අධීක්ෂණය සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අනුයුක්ත කිරීමත් සමගය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *