දකුණේ දේශපාලනයේ යටි බිම් සොයායන කේලමා

ගාලු සමයන්ගේ සතියේ කේලම

 මාතර දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂයේ දිස්ත්‍රික් රැස්වීම පසුගිය සතියේ රැස්වුයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ දීය. මන්ත්‍රී ඩලස්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සදහා මාතර පාර්ලිමේන්තු  පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින් සහභාගී වී තිබිණි. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සදහා පළාත් පාලන නියෝජිතයින් සහභාගී නොකර ගැනීම වෙනුවෙන් ස්දේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර චක්‍ර ලේඛය සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. මේක හරිම අසාධාරණ වැඩක් මෙකෙන් ලොකුම ප්‍රශ්නය වෙන්නේ පොදුජන පෙරමුණේ අයට විතරයි. මොකද වැඩි පිරිසක් ඉන්නේ අපේ අය. ඒ අයම ඉලක්ක කරගෙන තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. පළාත් පාලන සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් දීර්ඝ වශයෙන් කරුණු දක්වන්නට විය. හරි මේකට අපි තීරණයක් ගනිමු. මේ අය මේ පොදුජන පෙරමුණ ඉලක්ක කරගෙන තමයි මේ වැඩේ කරේ. මන්ත්‍රී ඩලස් මහින්ද යාපා හා කංචන කියද් දී මන්ත්‍රී වීරසුමන ද අදහස් දක්වන්නට වුහ. මේක පාර්ලිමේන්තුවේදී ත් කතා කරන්න. පළාත් සභාවේ දී අපි මේක දාන්නම්. පළාත් පාලන ආයතන වලදීත් යෝජනා විදියට මේක දාන්න. වීරසුමන කියද්දී ඩලස් කීවේ ඒක හොද බවයි ඔව් අපි එහෙම කරමු ඒ වගේම මේක පස්සට ගත්තේ නැත්නම් මින් ඉදිරියට මාතර දිස්ත්‍රික්කය විදියට අපි අපේ මන්ත්‍රීවරුන් කිසිදු සම්බන්ධීකරණ රැස්වීමකට නොයවා ඉදිමු.

ඒ වගේ ම සභා වල නිලධාරීනුත් මේ වැඩ වලට නොයවා ඉදිමු.

මාතර බුද්ධික ඇමතිට පොහොට්ටු  පිළිගැනීමක්……

මන්ත්‍රී ඩලස් කියද්දී අකුරැස්ස සභාපතිවරයා කියා සිටියේ මන්ත්‍රී බුද්ධික පතිරණ අකුරැස්ස සම්බන්ධීකරණ කමිටුව සදහා සියළු මන්තීවරුන්ට පැමිණෙන්නට අවස්ථාව සලසා දෙන බවයි. ඔව් එහෙම කීප දෙනෙක් ඉන්නවා. නමුත් ඉතින් දිස්ත්‍රික්කය විදියට තීරණයක් අපි මේ ගන්න යන්නේ. ඒ නිසා දිස්ත්‍රික්කය විදියට මේ වර්ජනය කරන්න වෙනවා. ඩලස් මහින්ද කංචන ඇතුළු පිරිස කියද්දී පළාත් පාලන නියෝජිතයින් හා පළාත් සභා නියෝජිතයින් එය අනුමත කළේය.

අප ඊලඟ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට ගිහිල්ලා මේක කියමු. මේක අයින් කරනවා නම් ප්‍රශ්නයක් නෑ. නැත්නම් සාධාරණ කාලයක් දීලා අපි අපේ වැඩේ ක්‍රියාත්මක කරමු. මහින්ද යාපා හා කංචන කියද්දී අනිත් අය ද එය අනුමත කළේය. ඒ අනුව ඉදිරියේ දී ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරිපත් කරන ලද මෙම ගැසට් පත්‍රය අවලංගු නොවුනහොත් මාතර දිස්ත්‍රික්කය තුල පළාත් පාලන ආයතන ප්‍රධානීන්  නිළධාරීන් ඇතුළු මන්ත්‍රීවරුන් ද ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීම් සදහා සහභාගී නොවනු ඇත.

හක්මන අවුලක්…..

කෙසේ නමුත් පසුගිය සතියේ පැවති හක්මන ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමේ දී ද ඇතිවුයේ උණුසුම් තත්වයකි. හක්මන සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වන්නේ හක්මන එජාප සංවිධායක දකුණු පළාත් සභා මන්ත්‍රී රංජිත් මුණසිංහයි. රජයේ ස්ථාවරය කෙසේ වුව ද රංජිත් ගේ ස්ථාවරය වුයේ අදාළ සියළු මන්ත්‍රීවරුන්ට කමිටුවේ රැදී සිටින ලෙසයි. ඒ කෙස් වුවද ප්‍රාදේශිය ලේකම්වරයාට ලැබුණු චක්‍ර ලේඛය අනුව ඔහු ආසන සකසා තිබුණේ අදාල පිරිසට පමණි. ඒ නිසාම හක්මන මන්ත්‍රීවරුන් ද කමිටුවෙන් නැඟිට ගියේය.

රටපුරා සම්බන්ධිකරණ රස්වීම්වල වලි පිට අලි වල්……

මේ අතර සම්බන්ධීකරණ සභාපතිවරයා නුසුදුසු පුද්ගලයෙකු බව කියමින් මුල සිටම සම්බන්ධිකරණ රැස්වීම වර්ජනය කර ඉමදුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ සභා පති ඒ. වී සරත් කුමාර මහතා හා මන්ත්‍රී කණ්ඩායමේ තීරණයක් අනුව සභාපතිවරයා ගේ අත්සනින් පසුගිය දා ඉමදුව ප්‍රා දේශීය ලේකම්වරයාට ලිපියක් මඟින් දැනුම් දී තිබුණේ ප්‍රා දේශීය සභාවට අයත් මාර්ග හෝ වෙනත් කිසියම් දෙයක් සංවර්ධනය කරන්නේ නම් එය සභාවේ අධීක්ෂණය යටතේ විය යුතු බවත්. එවැනි දෑ සිදුකිරීමට ප්‍රථම සභාව දැනුවත් කර තීරණය ගන්නා ලෙසයි.

රටපුරා ගම්පෙරලියට පොහොට්ටුවෙන් වරණයක්…….ගමපෙරලිය කරන්ට යන විට ගමේ අවුලක් මුල්න්ම ගාල්ලෙන්

මේ වන විට රජයේ ගම්පෙරලිය යෝජනා ක්‍රමය හා ග්‍රාම ශක්ති ව්‍යාපෘතියට  අනුව මුදල් ලැබෙන්නේ එජාප හා ශ්‍රීලනිප පළාත් පාලන මන්ත්‍රීවරුන්ට පමණි. ඉමදුව සභාපති සරත් කුමාර ගේ මේ ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ අදාළ ව්‍යාපෘති කිරීමේ දී එම ව්‍යාපෘතියේ අධීක්ෂණය අදාළ කොට්ඨාසයේ මන්ත්‍රීවරයාට ලබා දිය යුතු බවයි. ඒ අනුව එජාප හෝ ශ්‍රීලනිප කුමන මන්ත්‍රීවරයා මෙම යෝජනාව ගෙන ආව ද එය ප්‍රාදේශීය සභාවට අයත් නම් අධික්ෂණය සිදුකරන්නේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා විසිනි.

කෙසේ නමුත් මේ වන විට අදාළ යෝජනා ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කර අනුමැතිය ගනිමින් තිබේ.

කෙසේ නමුත් මේ වන විට අදාළ යෝජනා ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කර අනුමැතිය ගනිමින් තිබේ. කෙසේ නමුත් මේ වන විට ගම්පෙරලිය ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ මුදල් හබරාදුවටද ඉමදුවටද බද්දේගමට හා අක්මීමනට ලැබී ඇත.

නමුත් පාර්ලිමේන්තු පළාත් සභා ප්‍රාදේශිය සභා එජාප හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු පළාත් මන්ත්‍රිවරු ඇමතිවරු සභා මන්ත්‍රිවරු නාගරික මන්ත්‍රිවරු කියන්නේ ශ්‍රිලංකා පොදුජනපෙරමුණු බලය සහිත පලාත් පාලන ආයතවල සංවර්ධනය සිදුකරන බවයි. ඒ සඳහා කිසිදු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු සභාපතිවරුන්ගේ බලපෑමකට යටත්නොවන හා ඒ අයගේ විරෝධය නොසලකා හරින බවයි. එය අදාළ නෑනේ යැයි ඒ මන්ත්‍රිවරු කීය. අපි ගම සංවර්ධනය කරනවා .පොහොට්ටුවට තියෙන්නේ පුප්ප පුප්පා බලා ඉන්න එක විතරයි කියා ඔවුන් වැඩිදුරටත් කීය.

ඇමති පියසේන ගමගේ රහස් සාකච්ජාවක…..

මේ අතර ඇමති පියසේන ගමගේ පසුගිය දා ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලනිපයෙන් තේරීපත් වු පළාත් පාලන මන්ත්‍රීවරුන් ගාල්ලේ හෝටලයකට කැදවා තිබිණි. මේ සදහා දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිපය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 53 දෙනාගෙන් 51 ක් දෙනුකු පැමිණ සිටීම විශේෂත්වයක් විය. පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු සහ සාඛා සමිති පිහිටුවීම සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇමති පියසේන ඔවුන් සදහා තම විමධ්‍යගත මුදලින් සුබසාධන කටයුතු සදහා එක් අයෙකුට 50000 බැගින් සංවර්ධන කටයුතු සදහා එක් අයෙකුට ලක්ෂ 05 බැගින් ද ලබා දෙන්නට පොරොන්දුවිය. අපි දැනට මේ විදියට වැඩේ කරගෙන යමු. මටත් කියන්න බෑ වෙන්නේ මොකක්ද කියලා. එන විදියට වැඩේ කරමු. කී ඇමති පියසේන සියළු දෙනාට දිවා ආහාරය සදහා අරාධනා කලේය. ඒ අතර තුර ඔහුට සුවිශේෂී මන්ත්‍රීපිරිසක් ද වියත ඒ පසුගිය දා ආණ්ඩුවෙන් ඉවත් වු හිටපු ඇමති චන්දිම ගේ ඉමදුව හා හබරාදුව ප්‍රා දේශීය සභා මන්ත්‍රීවරුන්ය. අනිත් පිරසට වඩා ඕනෑ කමින් ඔවුන් සමඟ සාකච්ඡා කර ඇමති පියසේන ඔවුන් ශ්‍රීලනිපය තුල රදවා ගැනීමට දැරූ උත්සාහය සාර්ථක වී තිබිණි.

මේ අතර ඇමති පියසේන ගමගේ ට ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ සම සභාපතිදුරය පසුගිය සතියේ දී හිමිවිය.

මේ අතර ඇමති පියසේන ගමගේ ට ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ සම සභාපතිදුරය පසුගිය සතියේ දී හිමිවිය. මෙම රජය පත් වු පසු ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස ශ්‍රීලනිපයෙන් පත් කල තෙවැනියා ඇමති පියසේන ගමගේය. මීට පෙර පත් කරන ලද ගීතා කුමාරසිංහ හා චන්දිම විරක්කොඩි යන දෙදෙනාම මේ වන විට හිටපු ජනපති මහින්ද ගේ පාර්ශවයට ගොස් ඇත. ඇමති පියසේන ට ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතීත්වය ලැබු ආරංචියට සුබ පැතූ විශේෂ පුද්ලයෙක් විය. ඒ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු එජාප සම සභාපතිවරයා වෙන විජේපාලයි. බෙහෝම සංතෝෂයි ඔබතුමාට ලැබුණු තනතුර අපි ඉතින් ඒකාලේ ඉදලා වැඩ කර අය නේ වැඩේ කරගෙ යමු මන්ත්‍රී විජේපාල කියද්දී ඇමති පියසේන අතීත කතා සිහි කරමින් එය අනුමත කලේය.

මෛත්‍රිපාල සිරිසේන බලපිටියට එයි.

ලෝක ළමා දිනය දා ජනපති මෛත්‍රී පාල සිරිසේන ජනාධිපතිවරයා දකුණට පැමිණියේ ගාල්ල බලපිටිය රේවත විද්‍යාලයේ ගොඩනැගිලි දෙකක් විවෘර්ත කිරීමට සහ තාග්‍ය ප්‍රදානෝත්සවය සදහාය. බලපිටිය ශ්‍රීලනිප සංවිධායක දායාරත්න මීට මාස කිහිපයකට පෙර පැවති මන්ත්‍රීවරුන් නොවන සංවිධායකවරුන්ගේ රැස්වීමේ දී ජනපති මෛත්‍රීට මේ සදහා ආරාධනා කර තිබිණි. රාජකාරී බහුල දිනයක් වුවද ජනපති මෛත්‍රී මේ සදහා පැමිණි තිබුණේ කෙටි කාලයක් හෝ දයාරත්න ගේ ඉල්ලීම වෙනුවෙන් ලබා දීමටයි. මෙය ශ්‍රීලනිප සංවිධායකවරයා සංවිධානය කර තිබු නිසාදෝ ගාල්ල දිස්ත්‍රික්කයේ එජාප කැබිනට් ඇමතිවරුන් දෙදෙනා වන වජිර ට සහ ගයන්තට ආරාධනා තිබුණේ නැත. කෙසේ නමුත් බලපිටිය එජාප සංවිධායක අශෝක ට මේ සදහා ආරාධනා කර තිබිණි. මන්ත්‍රී අශෝන වේලාවට මෙම ස්ථානයට පැමිණ තිබුණ ද උත්සව න්‍යාය පත්‍ර යේ අශෝකට කතාවක් වෙන් කර තිබුණේ නැත. යහපාලනය ගේන්න මෙච්චර කරපු අපිටත් ජනාධිපති ආපු වෙලාවේ කතාවක් නෑ ඔන්න අපි ගෙනාපු යහපාලනයේ තත්ත්වය . මන්ත්‍රී අශෝක තම ආසනය අසල සිටි අයෙකුට එසේ කියා සිත හදාගත්ත ස මේ අතර අශෝක නොදන්නා දෙයක් සිදුවෙමින් පැවතිණි.

ජනපති මන්ත්‍රිගේ කැපුනු කතාව නොකපති.

ඒ ජනාධිපතිසම්බන්ධීකරණ ලේකම්වරයෙකු උත්සවයේ න්‍යාය පත්‍රය අනුව එජාප සංවිධායකට මෙහි කතාවක් නොමැති බව දැනුවත් කර ඇත. ඒ අනුව ජනපතිගේ නියමය අනුව න්‍යාය පත්‍රයට අශෝක ගේ කතාව එකතු විය. කෙසේ නමුත් නිවේදකයා අශෝකට කතාව සදහා ආරාධනා කරන තුරු අශෝක තමන්ට මෙහි කතාවක් ඇති බව දැන සිටියේ නැත.

මුස්ලිම් දරුවෝ සිංහල දරුවෝ එකම පාසලක එකම පන්ති කාමරයේ ඉගෙගනිති.

අශෝක ගේ කතාව කරන අවස්ථාවේ දී මහ ඇමති ෂාන් ජනපති මෛත්‍රී සමගින් කතාවට වැටිණි. බලපිටිය රේවත විද්‍යාලයේ සිංහල හා මුස්ලිම් දරුවන් එක ට සිංහල මාධ්‍ය යෙන් අධ්‍යාපනය ලබන පාසලක්. මේක තියෙන්නෙත් මුස්ලිම් පිරිස් වැඩි වශයෙන් ජීවත් වන ප්‍ර දේශයක. අද මේ සිංහලෙන් නිවේදනය කරපු ගෑණු දැරවියත් මුස්ලිම්. මහ ඇමති ෂාන් පාසල ගැන හා ප්‍ර දේශයෙ සම්බන්ධයෙන් ජනපති මෛත්‍රී දැනුවත් කලේය. ඉතින් ෂාන් වෙන මොනවද මෙහේ විස්තර. අපේ පරණ යාළුවෝ හිතන් හිටියේ අපි ගොඩක් දුර්වල වෙයි කියලා නේ. නමුත් දැන් ඒ අයට තේරිලා තියනවා අපේ තත්වය. එලියට පෙන්නන් හිටියට එතන ප්‍රශ්න ගොඩක්. අශෝක ගේ කතාව යන අතර තුර ජනපති මෛත්‍රී වර්තමාන දේශපාලන තත්වය ගැන ද මහ ඇමති ෂාන් දැනුවත් කලේය. උත්සව සභාවෙන් පසුව තේ පැන් සංග්‍රය සදහා ජනපති පැමිණි අවස්ථාවේ බලපිටිය සභාවේ සභාපති සමන් ද සිල්වා ද පැමිණ තිබිණි. ජනපතිගේ ලඟම ඥාතියෙකු සමන් ගේ ද ඥාතියෙකු නිසා ඔහු ගැන විශේෂයෙන් කතා කර සමන් ඉදිරි සංවර්ධන කටයුත්තක් සම්බන්ධයෙන් ද ජනපති එකඟ කර ගත්තේය. මේ සමන් ගේ තාත්තා හොද වාමාංශිකයෙක් මහ ඇමති ෂාන් සමන් ව හදුන්වා දුන්නේ එසේය.

ඉතිං කොහොම ද ඉලන්ධාර දෙන්නා සිරිසේන ජනපති කතා කළේ කාට ද ?

මේ අතර ඇල්පිටිය සංවිධායක හා හබරාදුව නව සංවිධායක තිසර ජනපති හමුවිය. ආ කෙහොම ද ඉලන්ධාරී දෙන්නා වැඩ. කරගෙන යනවා සර්. අමිලගේ හා තිසර ගේ පිළිතුර වියත ඔව් ඔව් තරුණ අය නේ වැඩ කරන්න පුළුවන්. පක්ෂයට ඕන ඔය වගේ අය තමයි කී ජනපති මෛත්‍රී ඉක්මනින් නැවත කොළඹ ගියේ තවත් මෙවැනි වැඩ සටහනක් සදහා සහභාගී වීම සදහාය.

දකුණු මහ ඇමති ගේ කතාන්දරය.

මහ ඇමති ෂාන් පසුගිය සතියේ දකුණේ රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වැඩ සටහන් කීපයක් සංවිධායන කර තිබිණි. පිට පිට තෙවතාවක් පළාත් රාජ්‍ය සේවා තරඟාවලියජයග්‍රහණය කරන ලද ප්‍රධාන අමාත්‍යංශයේ නිළධාරීන් ට නුවරඑලියේ ක්‍රීඩා වර්ණ රාත්‍රියක් ද දකුණේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙනුවෙන් පස්සර පුහුණු ආයතනයේ විශේෂ පුහුණු වැඩ සටහනක් ද මේ අතර විය. අපේ වසර 25 ක විතර සේවා ඉතිහාසයේ පළාතෙන් පිට මේ පුහුණු වැඩ සටහනක් තිබුණාමයි. දකුණේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මහ ඇමති ෂාන් ද ස්තුති කරේ ඒ අකාරයෙනි.

මාධ්‍යවේදීන්ට වැඩ දෙන්ට මහ ඇමති සැරසේ…..අන්න කරනවා නම් වැඩ…

මහ ඇමතිතුමා දැන් මේ දකුණේ සියළු අයට ඔබතුමා මේ වගේ වැඩ සටහන් කරනවා. බැරි ද මාධ්‍ය වේදීන්ටත් මේ වගේ වැඩ සටහනත් කරන්න. දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍ය වෙදිවෙකු ෂාන් ගෙන් ඇසු ඒ පැනයටත් ලැබුණේ හොඳ පිළිතුරකි. හොද අදහසක්. අපි ඒක කරමු. මම ඒක කරලා දෙන්නම්. මාධ්‍යවේදීන්ටත් පොඩි නිදහසක් ඕන නේ.

මේ අතර 08 වෙනිදා දකුණේ සියළු පළාත් පාලන ආයතන ප්‍රධානීන්  කොමසාරිස්වරුන් ඇතුළු සියළු දෙනා දක්ෂිණපායට කැදවීමට මහ ඇමති ෂාන් තීරණය කර ඇත. මේ අය ඡන්දෙදී ඉරහද අල්ලන්න වගේ පොරොන්දු දීලා දැන් ඒවා කරන්න බැරිවුනාම අපිට බනිනවා. මේ හැමෝම එදාට කැදවලා. අහන්න තියන ප්‍රශ්න. අපෙන් කෙරෙන්න තියනවා නම් දෙයක් කරලා දෙන්න. ෂාන් නිළධාරීන් දැනුවත් කළේය.

මේ අලියා සැරද ! නැතිනම් සරදේ ද! සැරද සජිත් ඇමති අසයි.

අන්න ඒකට කකුල් දෙකේ අලි කන්න දුන්න ගමන් ගහනවා.

හම්බන්තොට පහලබැරගම ගල්ලලවිල රජමහා විහාරයේ පෙරහර සහ උත්සව මාලාව පසුගිය සතියේ දී පැවැත්විණි. දකුණේ විපක්ෂ නායක නිලමේ මෙම විහාරස්ථානයේ ප්‍රධාන දායකයා හා බස්නායක නිලමේය. මේ උත්සවය සදහා පුර්ණ අනුග්‍රහය ඇමති සජිත් ද ලබා දී තිබිණි. පෙරහැර ආරම්භ කිරීමට පෙර එහි පැමිණි ඇමති සජිත්  නිලමේ හා මන්ත්‍රී ගාමිණී විහාරස්ථානයේ අලියාට පලතුරු සංග්‍රහයක් ලබාදුනි. මේ අලියා සැරද  අලියා අසලට පලතුරු රැගෙන ගිය ඇමති සජිත් නායක ස්වාමීන් වහන්සේගෙන් විමසීය. අපෝ නෑ කන්න දෙන අයට ගහන්නේ නෑ. ස්වාමීන් වහන්සේ එසේ කී විය ඇමති සජිත් දුන්නේ අපුරු පිළිතුරකි. අන්න ඒකට කකුල් දෙකේ අලි කන්න දුන්න ගමන් ගහනවා. ඇමති සජිත් ගේ එම කතාවට එහි සිටි සියළු දෙනා සිනහගන්නවන්නට සමත් විය.

රමේස් පතිරන මොහාන් රහසිගත ව හමු වුයේ ඇයි?

පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් කමිටුව මන්ත්‍රීවරුන් වන රමේෂ් මොහාන් ගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රී රමේෂ් ගේ නිවසේ දී සදුදා සවස පැවැත්විණි. මේ සදහා පළාත් සභා මන්ත්‍රී වරුන් පළාත් පාලන සභාපතිවරුන් හා සභාපතිරුන් සහභාගී විය. පොදුජන පෙරමුණේ ශාඛා සමිති පිහිටුවීමේ ප්‍රගතිය සොයා බැලීමෙන් පසු ඔත්තෝබර් අවසන් වන විට එම කටයුතු නිමා කිරීමට තීරණය විය. සම්බන්ධීකරණ කමිටු සදහා මන්ත්‍රීවරුන්ට සහභාගී වීම වැලැක්වීමේ චක්‍ර ලේඛනය සම්බන්ධයෙන් ද මෙහි දී දැඩි විවේචනයට ලක්විය. පිරිසක් නඩු මඟට යා යුතු බව කියද්දී බද්දේගම සභාපති අනුර කියා සිටියේ සම්බන්ධීකරණ කමිටුවලට යාම දිස්ත්‍රික්කයක් ලෙස වර්ජනය කර යුතු බවයි. මේක මාර ප්‍රශ්නයක් වෙලා. අනිත් දිස්ත්‍රික්කවලට වඩා ගාල්ලේ මේක තදට ක්‍රියාමත්මක කරන්න ප්‍රාදේශීය ලේකම්වරුන්ට බල කරලා තියන බවක් පේන්නේ.

හබරාදුව සභාපති මෛත්‍රිගේ කඩුව අතට ගනි.

පළාත් සභා මන්ත්‍රීවරුන් කියද්දී හබරාදුව සභාපති දිල්ෂාන් කීවේ අපි ගමේ වැඩ ටික කරගන්න ඕන නිසා මේ සදහා සහභාගී විය යුතු බවයි. අපි හැමෝම යමු. ඒක නවත්වන්න ආවොත් ඒ වෙලාවට බලා ගනිමු. දිල්ෂාන් කියද්දී රමේෂ්  මොහාන් ඇතුළු සියළු දෙනාගේ අදහස වුයේ ඉදිරියටත් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සදහා සියළු මන්ත්‍රීවරුන් සහභාගී වීමටයි.

අපි මෙවර පළාත් සභාවෙ අයවැය පරාජය කර යුතුයි.

අපි මෙවර පළාත් සභාවෙ අයවැය පරාජය කර යුතුයි. වැලිවිටිය සභාපති ගුණසිරිත්  අක්මීමණ සභාපති සේන ගේත් යෝජනාවට සියළු සභාපති හා උප සභාපතිවරුන්ගේ සහය හිමි විය. ඔව් අපි මේ වෙලාවේ එක කරන්න ඕන. කෙසේ නමුත් ඒ යෝජනාව සම්බන්ධයෙන් රමේෂ් කීවේ මේ සම්බන්ධයෙන් අපි දිස්ත්‍රික්කයක් ලෙස අපේ යෝජනාව අපේ ජනපති මහින්දට යවන බවත් අනිත් දිස්ත්‍රික්ක දෙක ද සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

චන්දිම වීරක්කොඩි දැන් පොදුජන පෙරමුණේ වැඩ වලට පැමිණීමත් එක්ක එදා ඉදලා හිටපු අයට අසාධාරණයක් වෙනවා.

චන්දිම වීරක්කොඩි දැන් පොදුජන පෙරමුණේ වැඩ වලට පැමිණීමත් එක්ක එදා ඉදලා හිටපු අයට අසාධාරණයක් වෙනවා. මේ ගැන අපි තීරණයක් කර යුතුයි. හබරාදුව උපසභාපති බන්දුපාලත් සභාපති දිල්ෂානු ත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නට විය. අපිට ඉහලින් නියෝගයක් ආවත් අපි එතුමා අපේ මේ දිස්ත්‍රික් කමිටුවට නම් නොගත යුතුයි. මන්ත්‍රීවරයෙකු කියද්දී තවත් අයෙක් කීවේ පන්සල් වල උත්සව වලට සහ මහින්ද ජනාධිපතිවරයා එන උත්සව වලට හා මහින්ද ජනාධිපතිවරයා එන උත්සව වලට එන්න එපා කියන්න බෑ. අපි ඉහලින් නියෝගයක් ආවත් මේ කමිටුවට අරගෙන ඔහු සමඟ දේශපාලනය නොකර ඉමු.

කරන්දෙනියෙන් ඊලඟ පළාත් සභාපට හිටපු ඇමති ගුණරත්න වීරකෝනගේ පුතා පොදුජන පෙරමුණෙන්

කරන්දෙනියෙන් ඊලඟ පළාත් සභාපට හිටපු ඇමති ගුණරත්න වීරකෝනගේ පුතා පොදුජන පෙරමුණෙන් දානවා කියලා කතාවක් තියනවා. එහෙම කරනවා නම් ඒක ආසාධාරණයි. අපිට සංවිධායකවරයෙකුත් නෑ. වැලිවිටය සභාපති ගුණසේන ගේ චොදනාට පිළිතුරු දුන්නේ මන්ත්‍රී රමේෂ් ය. නෑ නෑ තවම පොදුජන පෙරමුණේ සංවිධායකවරුන් පත් කරලා නෑ. දැනට ඉන්න අය ජනතාව පත්කර ගත් අය මිසක් පක්ෂයකින් පත් කරපු අය නෙවේ. ඒ නිසා කලබල වෙන්න එපා. අපි පසුගිය ටිකේ කරා වගේ කණ්ඩායමක් විදියට වැඩ කරමු.

බත් උයන බත් බාහුන් හැනේ උන මන්ත්‍රි කව්ද ….

ළමා දිනය වෙනුවෙන් සංවිධායන කරන ලද උත්සව කිහිපයක් ම දකුණේ ස්ථාන කිහිපයක දී පැවැත්විණි. මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර විසින් සංවිධානය කරන ලද ලමා දින උත්සවය බටදුව රතනජෝතී විද්‍යාලයේ දී පැවතියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙනි. මේ සදහා දරුවන්ට ආහාර වේල ලබා දීම ට ද මන්ත්‍රී ක්‍රිෂාන්ත කටයුතු කර තිබිණි. ඒ සදහා ආහාර සුදානම් වුයේ ඔහුගේ නිවසේය. පිරිස සමඟ ආහාර සුදානම් කිරීමට මන්ත්‍රී ක්‍රිෂාන්ත ද සහභාගී වී තිබිණි. හිතුව ද මට උයන්න බෑ කියලා. එහෙම නම් අද කෑම බලන්නකෝ. කී ක්‍රිෂාන්ත මුල සිටම ආහාර පිසීමේ කාර්ය ඉටු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *