මැයි රැළියේ නාමල්ගේ LIVE එක නතර වුනු හේතුව

අප වෙබ් අඩවියෙන්ම පමණයි!

මැයි රැළියේ නාමල්ගේ LIVE එක නතර වුනු හේතුව – වැද්දා…නිදි…..

මේ ආණ්ඩුව යකඩ වලටත් නඩු දමනවා බැසිල් රාජපක්ෂ කී කතාව

පොහොට්ටුවේ මැයි දින ගාල්ලේ වේදිකාවට රුපියල් ලක්ෂ 09යි.

මැදි දින කසළ නිසා දකුණු පළාත් සභාව නිසල වේ.

මැදි දින වේදිකාවේ දී රමේස්ට මහින්ද කී කතාව

රතු මැයි පෙළ පාලිය දා අතුරු කතාව,

නිල් පෙළ පාලියේ දී සිදුවුයේ කුමක්ද ?

 ආණ්ඩුවෙන් පැන්න 16 දෙනාගේ කල්ලියේ රස රහස් සමඟන්……..? තවත් දේ…….එක්ක…..

ආදි රසම රස කේලම් රැගත් ඇත්තම ඇත්ත කේලමේ තවත් දිග හැරුමක් අද 10 දා අප බේ අඩවියෙන්  අඩව් අල්ලන්නේ නැතිව දේශපාලන රඟ මඩලෙහි ඒ රංඟන මේ රංඟන දමන මැති ඇමතියන්ගේ  කතා සමඟන්   කේලමා මෙන්න

ආණ්ඩුවෙන් පැන්න 16 කල්ලිය හීනය කුමක්ද ? අපට අපේ නොවන අපේම ආදරයක් තියනවා.

පාසිකුඩා වෙරළ බලන්නට ගිය ඇමති කව්ද ? මඩකලපුව රැළිය වර්ජනය කළ ඇමතිවරු මෙන්න.

සෙකෝලය කැඩුවාට වැටුප් කැපු මන්ත්‍රි කියන කතාව

දුණු ඊ තල අරගෙන දඩයමේ නොගිය නමුත්, කොටවිල ගිය මේ ඇමති කව්ද?

ජපානයේ අය කියන්නේ මහින්ද යුගයක් උවමනා බවයි එය අපමණවිය යුතුද ?

ගාල්ලේ අලියා මන්ත්‍රි බන්දුලාල් කවියක් කියයි.

ඇමති ගයන්ත තොරන්වලට කව් කියන්නට කැඳවන ගාල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රි කව්ද ?

ඇමති සජිත් කවියට කවියක් කියයි.

මට බෝල පාස්කරන්න එන්න හදන්න එපා……ඇමතිට යකා වැහෙයි….

ගාල්ලට නිවාස 2000 ක් දෙනවා. ඇමති සජිත් හා සංජීව් යාල කැලයේ…..

ඇමති ප්‍රමාදයි සජිත් මාරයි කතාන්දරය සුන්දරයි…….

කොළඹ සිරිකොත වටලන්නට අලියා පක්ෂයේ පළා බබාලා රහසිගත සුදානමක……

එකම පවුලේ 04කට රස්සාවල් දුන් මාතර මන්ත්‍රියා කව්ද ? ඉවසන තැන ගෙවෙනවා මචං…..

අලියා පක්ෂයේ රත්ගම රත්කල රහසිගත රැස්විම මෙන්න රනිල් අපිව ගණන් ගන්නේ නෑ යකෝ……..

රත්තරංට මුදල් දෙනාවට ඇමති මන්ත්‍රිවරු විරෝධය.

කැබිනට් එකේ දොස් කියමින් මළ පැන නැගිට ගිය ඇමති කව්ද ?

ඇමති කරන වැඩ  නිසා අනෙක් මැති ඇමතිවරුන්ට ගමට යන්න බෑ….

හබරාදුව තාරක නානායක්කාර ගාල්ලේ ජනාමාධ්‍යට කරන්න යන වැඩේ කුමක් ද ?

හබරාදුව එජාප සංවිධායක තාරක නානායක්කාර මැයි 7 දින ගාල්ල පින්නදුව අධිවේග මාර්ගයේ කොළඹ මැයි රැළියට යන්නට සුදානම් වුයේ බස් හත හටක මහා සෙනගක් එක්කයි.කොළඹ යන්නට ප්‍රථම ගල්ලේ දි මාධ්‍ය හමුක්ද පැවත්වු ඒ මහතා කීවේ අපේ ගමන අපි යනවා අපිට කිසිදු බාදාවක් නෑ. අපි 2020 දී අපේම ආණ්ඩුක් හදනවා.තරුණයන්ට වෙනමම බස් එකක් මම දම්මා. අගමැති තුමා එනවා 12 ගාල්ලට හබරාදුවට කට්ටියම හබරාදුවට උදේ එන්න.බස් රථයෙන් බස් රථයට නැග නැග සියල්ලෝම සමගින් කතා කරමින් ගිය තාරක නානායක්කාර කීවේ ගාල්ලේ මාධ්‍යවේදින්ට සලකන්න උවමනායි. මටත් බඩ ගිනියි මටත් දිපල්ලා බං මාළු පාන් ගෙඩියක් කියමින් තාරක නානායක්කාර හනිකට අතට ගත්තේ කවුරුත් කාලා නේද නිමල් කියමිණි…..

ගුරුවරු නිසා දකුණු පළාත් සභාවේ මැති ඇමතිවරුන්ගේ සිත රිදේ

දකුණු පළාත් සභාවේ ඇමති මණ්ඩලය පසුගිය සති ගානක් පුරා උණුසුම්ව පැවතිණි. දකුණේ අධ්‍යාපන ඇමති චන්දිමා විසින්  දකුණේ ගුරුවන්ට කලගුණ සැලකීමක් ලෙස ලබා දීමට නියමිතව තිබු නිළ ඇදුම් දීමනාව සම්බන්ධයෙන් මීට පෙර දකුණේ ඇමති මණ්ඩලයේ බෙදීමක් ඇති වී තිබිණි. මෙහි දී එම දීමනාව ලබා දේශපාලන උවමනාවක් බව කියමින් එක් ඇමතිවරයෙකු දිගින් දිගටම තර්ක කරන්නට විය.  දකුණේ ඇමති අතර වු දරුණු වාද විවාද මැද එම නිළ ඇදුම් දීමනාව අනුමත කර ගැනීමට ඇමති චන්දිමාට හැකි විය.

ඇමති කරන වැඩ  නිසා අනෙක් මැති ඇමතිවරුන්ට ගමට යන්න බෑ….

මෙවර  ඇමති රැස්වීම ද එසේම උණුසුම් විය. එයට හේතු වී තිබුණේ පාසල් සංවර්ධනය සඳහා ඇමති චන්දිමා මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂය බැගින් මුදල් ලබා දී තිබීමයි. මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අවස්ථාවේ දී එක් ඇමතිවරයෙකු සුපුරුදු පරිදි මේ සඳහා විරුද්ධ විය. චන්දිමා ඔය කරන මේ වැඩෙන් අපිට දේශපාලනය කරන්න බැරි වෙලා තියනවා. අපේම ආසන පාසල් වල කෙරෙන වැඩ අපි දන්නේ නෑ. අදාළ ඇමතිවරයා ඇමති චන්දිමා ට චෝදනා කරද්දී ඔහු කීවේ පසුගි කාලය පුරාම මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් නිසා මෙය ලබා දුන් බවයි. මන්ත්‍රීවරුන්ට ලක්ෂ 50 ක ප්‍රතිපාදන විතරයි ලැබෙන්නේ ඒක මදි ඒ නිසා තමයි මෙහෙම දෙයක් කරේ. ඇමති චන්දිමා ගේ පිළිතුරෙන් සෑහීමකට පත් නොවු අදාළ ඇමතිවරයා මේ සම්බන්ධයෙන් යලිත් විරුද්ධත්වය දක්වන්නට විය. මම ඔයාට මගේ ගමේ පාසලක් ගැන කිව්වේ ඒකට මට දුන්නේ නෑ. ඒ වුනාට අනිත් මන්ත්‍රීවරුන්ට දීලා. අදාළ ඇමතිවරයා එසේ කියද්දී ඇමති චන්දිමා කීවේ මෙම මුදල් ඇමතිවරුන්ට දුන්නේ නෑ, අහන්න මනෝජ් ගෙන්, ගුණසේන ගෙන්, මහ ඇමති ගෙන් අඩුගානේ මම ගත්තෙන් නැති බවයි. කෙසේ නමුත් අදාළ ඇමතිවරයා කියා සිටියේ තමාට මන්ත්‍රීවරයෙකු නිසා එම මුදල් ලැබිය යුතු බවයි. කෙසේ නමුත් මෙම සිද්ධියත් සමඟින් ඇමති රැස්වීම උණුසුම් විය. දැන් බලන්න මේ සල්ලි ගන්න මන්ත්‍රීවරු මගේ ආසනයෙත් ගිහින් වැඩ කරනවා.

කැබිනට් එකේ දොස් කියමින් මළ පැන නැගිට ගිය ඇමති කව්ද ?

මගේ ආසනයේ පාසල් වලටත් දෙනවා. මට කතා කරන්නේ නෑ. එහෙම කතා නොකරා කියලා මගේ ගැටළුවකුත් නෑ. ඒ අයත් මන්ත්‍රීවරුන් නේ. ඇමති චන්දිම එසේ කියද්දී අදාළ ඇමතිවරයා කියා සිටියේ අධ්‍යාපනයේ මොන දේ කරත් ඔයාට කෙඩිට් එක එන බවයි. දැන් අරුණ මහ ඇමතිතුමාගේ අමාත්‍යංශය යටතේ බස් නැවතුමක් හදලා ඒකේ ඒ දෙන්නගේ ෆොටෝ ගහලා මගේ ආසනයේ ඉතින් ඒකට කමක් නෑ. මට ඒක දැක්කා කියලා රිදෙන්නේ නෑ. මට තරහක් නෑ. ඇමති චන්දිම කියද්දී මහ ඇමති ෂාන් කතාව මැදට පැන කීවේ ෆොටෝ ගහපු බවක් නම් තමා නොදන්නා බවයි. අනිත් එක ඔය ඔබතුමාගේ අමාත්‍යංශයේ ඔය ඇල වේලි හදන ඒවා මගේ ආසනයෙත් කරනවා. ඒවට මට කතා කරන්නේ නෑ. කමක් නෑ වැඩේ කෙරෙනවා නම් එච්චරයි. ඇමති චන්දිමා ද දිගින් දිගටම වාද කරන්නට වු අතර පසුව අදාල ඇමතිවරයා කැබිනට් රැස්වීමෙන් පිටත් ව ගොස් තිබිණි. ඔහු වත්ව ගිය පසු මහ ඇමති ෂාන් කතා කලේය, ඒ කියන කතාවෙත් ඇත්තක් තියනවා. අපිත් දේශපාලනය කරන්න ඕන නේ. ෂාන් එසේ කීව ද ඇමති චන්දිමා කීවේ මට නම් එහි වරදක් නෙපෙනෙන බවයි. කෙසේ නමුත් ඉන් පසු ෂාන් ප්‍රධාන ලේකම්වරයාගෙන් විමසා සිටියේ අදාල මුදල් මේ අකාරයෙන් මන්ත්‍රීවරුන්ට ලබා දීමට හැකියාවක් තිබේද යන්නයි. ඒ අනුව ලේකම්වරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ගැටළුවක් ඇති බවයි. ඒ අනුව කැබිනට් රැස්වීම අවසන් විය.

රත්තරංට මුදල් දෙනාවට ඇමති මන්ත්‍රිවරු විරෝධය.

දකුණු පළාත් සභා රැස්වීම අඟහරුවාදා පැවැත්විණි. උදෑසන සභාවට පැමිණි ඇමති චන්දිමා අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී ක්‍රිෂාන්ත ඇමතීය. රත්තරං මන්ත්‍රීවරුන්ට සල්ලි දෙන එකට කැබිනට් එකේ දී විරෝධයක් ආවා. ඒ නිසා පුළුවන්නම් ඉක්මන් කරලා මේක යෝජනාවක් විදියට හදලා මන්ත්‍රීවරුන් 17 දෙනෙකුගේ අත්සන් අරගෙන සභාවට දාන්න. ඇමති චන්දිමා ගේ කීම අනුව මන්ත්‍රී ක්‍රිෂාන්ත මේ සම්බන්දයෙන් සභාපතිවරයාගෙන් විමසීය. දැන් කෙහොම ද දාන්නේ. දැන් පරක්කුයි නේ. කොච්චර හොද වැඩක් වුනත් ලබන සතියේ තමයි දාන්න වෙන්නේ. සභාපති සොමවංශගේ පිළිතුර විය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඇමති චන්දිමා ට දැන්වීමට රත්තරං කටයුතු කර තිබණි. හරි එහෙම නම් ඔයා ඒක යෝජනාවක් විදියට ලබන සතියේ සභාවට දාන්න. මම අද ප්‍රසිද්ධියේ මන්ත්‍රීවරුන්ගෙන් මේ සදහා සහය ඉල්ලන් නම් කී ඇමති චන්දිමා සභාවේ දී කියා සිටියේ තමා සියළු මන්ත්‍රීවරුන්ට මුදල් දීමට තීරණය කර ඇති බවත් ඒ සදහා අකමැති නැති අය මේ සදහා අත්සන් කරන ලෙසත්ය. එහි දී නැගී සිටි මන්ත්‍රී ක්‍රිෂාන්ත අසා සිටියේ කැබිනට් මණ්ඩලයේ මන්ත්‍රීවරුන්ට මුදල් ලබා දීමට විරුද්ධ වන ඇමතිවරයා කවුද යන්නයි. මන්ත්‍රී චන්න, ෂම්මු ඇතුළු මන්ත්‍රීවරුන් කීප දෙනෙකු මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරන ලෙස ඇමති චන්දිමාගෙන් ඉල්ලා සිටිය ද ඔහු කීවේ කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වයට එය නුසුදුසු බවයි.

අලියා පක්ෂයේ රත්ගම රත්කල රහසිගත රැස්විම මෙන්න රනිල් අපිව ගණන් ගන්නේ නෑ යකෝ……..

මේ අතර එජාප දකුණු පළාත් සභා මන්ත්‍රී වරුන්ගේ මාසික රැස්වීම මෙවර රත්ගම දී පැවැත්විණි. ඒ සඳහා මෙවර මන්ත්‍රී සංජීව් අනුග්‍රහණය දක්වා තිබිණි. රැස්වීම ආරම්භයට පෙරම මන්ත්‍රී ගාමිණී විසින් සියළු මන්ත්‍රීවරුන්ට කොලයක් ලබා දී තිබිණි. පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ඉදිරියේ දී පළාත් සභා මන්ත්‍රී දුරය රැක ගන්නේ කෙසේ ද යන මාතෘකාව යටතේ ඉදිරිපත් කර තිබු මේ සඳහා මන්ත්‍රී සන්සදයේ වැඩ වේලාවක් වෙන් විය. මෙවර එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී සියළු මන්ත්‍රී සියළු මන්ත්‍රීවරුන් දැඩි කණස්සල්ලෙන් අදහස් දක්වන්නට විය. වෙනදා මෙම කතාවලට විරුද්ධ වන නිලමේ, සුනිල්, ජයසිරි හා ජයන්ත යන මන්ත්‍රීවරුන් පවා මෙවර රැස්වීමේ දී දකුණු පළාත් සභා එජාප රැඩිකල් මන්ත්‍රීවරුන්ගේ අදහස් අනුමත කරමින් කතා කරන්නට විය. පක්ෂය අපිව ගණන් ගන්න බවක් පේන්න නෑ. මැයි දිනවල බස් පුරවලා සෙනඟ ගේන්න ඕන වුනාම තමයි අපි ඕන.

එකම පවුලේ 04කට රස්සාවල් දුන් මාතර මන්ත්‍රියා කව්ද ? ඉවසන තැන ගෙවෙනවා මචං…..

මන්ත්‍රීවරයෙකු එසේ කියද්දී මන්ත්‍රී චතුර කීවේ මගේ ආසනයේ එකම පවුලේ 4 දෙනෙකුට රැකියා දීලා මම දන්නෙත් නෑ. රැහුණු විශ්ව විද්‍යාලය සම්බන්ධ පීඨයක රැකියා 50 ක් මාතර දිස්ත්‍රික්කයේ එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලබා දී ඇති බවට දැන ගන්නට ලැබුණු බව ගයාන්, චතුර සහ ප්‍රියන්ත මෙහි දී කරුණු ඉදිරිපත් කරන්න විය. ඒ ක හරි ගාල්ලෙත් ඇමතිවරු රස්සා දීලා කියලා කියනවා. නමුත් අපිට නෑ. මේ විදියට ඉවසන්න ගියොත් අපිට මුකුත් නැති වෙනවා. වාහන පර්මිට් එක දෙන පාටක් පේන්නම නෑ. 77 ජේ. ආර් ගේ කිලේ හැම මන්ත්‍රීටම රස්සා ලැබුනා. මේ වගේ වුනේ නෑ. මන්ත්‍රී දනවංශ දීර්ඝ විස්තරයක් කළේය. ඒ අනුව මේ කරුණු ගැන පක්ෂ නායකත්වය දැනුවත් කිරීමටක් නව මහ ලේකම් වරයා හමු වී සාකච්ඡා කිරීමටත් තීරණය විය. ඒ අනුව එහි දී සෑම මන්ත්‍රීවරයෙකුට හැකි ඉක්මනින් රැකියා 50 ක් ලබා දෙන ලෙසටත්, මේ වසර නිම වීමට පෙර එය රැකියා 100 දක්වා වැඩි විය යුතු බවටත්, වාහන බලපත්‍රය ලබා දිය යුතු බවටත් මහ ලේකම්වරයා ට දැනුම් දීමට තීරණය විය.

කොළඹ සිරිකොත වටලන්නට අලියා පක්ෂයේ පළා බබාලා රහසිගත සුදානමක……

යම් හෙයකින් මේ සදහා සුබවාදී පිළිතුරක් නොලැඹුන හොත් ලංකාව පුරා සියළු එජාප පළාත් සභා මන්ත්‍රීවරුන් එකතු කර ගනිමින් හෝ එසේ නොහැකි වුවහොත් දකුණේ එජාප මන්ත්‍රීවරුන් සිරිකොත පක්ෂ මුලස්ථානයේ රැස්වීම් ශාලාවට ගොස් මේ කාරණා ඉටුවන තුරු නැවතී සිටීමට ද යෝජනා විය. එසේම මෙය පක්ෂය ඇතුලේ ප්‍රශ්නයක් නිසා මාධ්‍ය සහභාගී නොකර ගන්නත් විසදුමක් ලැබෙන තුරු ඒ තුලම උයා පිහාගෙන කා රැදී සිටීමටත් යෝජනා විය.

ඇමති ප්‍රමාදයි සජිත් මාරයි කතාන්දරය සුන්දරයි…….

ඇමති සජිත්ගේ 65 වන ආදර්ශ ගම්මානය වන ජලජයපුර රත්ගම දී විවෘර්ත කිරීම පසුගිය සතියේ දී සිදුවිය. මෙම ගම්මානය වැඩිම නිවාස ගණනක් ඇති ගම්මානය ද වු අතර එහි ඇති නිවාස සංඛ්‍යාව 141 කි. සජිත්, ගයන්ත,විජේපාල, බන්දුලාල්,සංජීව්, අශෝක ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වී තිබිණි.

කෙසේ නමුත් සජිත් ට මේ සදහා වේලාවට පැමිණීමට නොහැකි වීම නිසා නිවාස විවෘර්ත කිරීම ප්‍රමාද විය. නිවාස 50 පමණ සියළු දෙනාම එක්ව විවෘර්ත කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් 05 දෙනා මාර්ග 05 කින් ගොස් වෙන වෙනම නිවාස විවෘර්ත කරමින් වේලාව ඉතිරි කර ගත්තේ උත්සව සභාව ඉක්මනින් අවසන් කර යුතු නිසාය. උත්සව සභාවේ දී ඇමති සජිත් හා මන්ත්‍රී සංජීව් කතාවට වැටුනේ පාසල් කාලය සහ යාල කැලයේ කෑම්ප් ගසා ගත කල අතීතය ගැන ද සිහිපත් කරමිනි.

ගාල්ලට නිවාස 2000 ක් දෙනවා. ඇමති සජිත් හා සංජීව් යාල කැලයේ…..

මගේ බලාපොරොත්තුව ගාල්ලේ නිවාස 2000 ක් හදන්න. ඒකට මට දෙන්නම උදව් කරන්න. ඇමති සජිත් ගයන්තට සහ සංජීව් ට කීවේ දෙදෙනාගේ සමඟිය බලන්නට විය යුතුයි. කෙසේ නමුත් මෙම ගම්මානයේ සකසා තිබු ප්‍රජා ශාලාවේ වහලයේ අඩුපාඩු සම්බන්ධයෙන් ඇමති සජිත් නිළධාරීන්ට දොස් කීවේය.

මට බෝල පාස්කරන්න එන්න හදන්න එපා……ඇමතිට යකා වැහෙයි….

මට බෝලේ පාස් කරන්න නම් එන්න එපා. සංජීව් සතියක් ඇතුලත මේ වැඩ ඉවර කරලද කියලා බලලා මට වාර්තා කරන්න. ඇමති සජිත්ගෙන් සංජීව් ට එම නියෝගය ලැබුණේ ආසන සංවිධායකවරයා නිසාය.

ගාල්ලේ අලියා මන්ත්‍රි බන්දුලාල් කවියක් කියයි.

ඇමති ගයන්ත තොරන්වලට කව් කියන්නට කැඳවන ගාල්ලේ පාර්ලිමේනුතු මන්ත්‍රි කව්ද ?

ඇමති සජිත් කවියට කවියක් කියයි.

උත්සව සභාව ඇමතූ මන්ත්‍රී බන්දුලාල් සජිත් ගැන කවියෙන් වර්නනාවක් කලේය. ෂා බන්දුලාල් හොද කවියෙක් නේ. ඇමති සජිත් කී විට ගයන්ත කීවේ ඔව් ඔව් ඉස්සරහට තොරන් වලත් කවි කියන්න පුළුවන් බවයි. බන්දුලාල් කවියෙන් කර කතාව නිසාම සජිත් ද අත්හැරියේ නැත. ඔහු ද සිය කතාවට මේ ගම්මානය සම්බන්ධයෙන් කවි කිහිපයක් කියමින් උත්සව සභාව රසවත් කලේය.

හිටපු ජනපති මහින්දගේ දෙනියායේ පදිංචිව සිට මියගිය නැගෙනිය ගේ වසරක් පිරීම නිමිත්තෙන් පැවති දානමය පුන්‍ය කර්මය අඟහරුවාදා පැවැත්විණි. පවුලේ හිතවතුන් පමණක් සහභාගී වී සිටි මේ සදහා පවුලේ සමාජිකයකු ද වන මන්ත්‍රී අරුණ ද සහභාගී වී තිබිණි. හිටපු ඇමති බැසිල්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ඇතුළු පවුලේ සියළු දෙනා මේ සදහා සහභාගී වී තිබුණ ද ගාල්ලේ පැවති මැයි රැලිය සාර්ථකත්වය ගැන පමණක් දේශපාලන කරුණු වශයෙන් සාකච්ඡා වී තිබිණි.

ජපානයේ අය කියන්නේ මහින්ද යුගයක් උවමනා බවයි එය අපමණවිය යුතුද ?

මේ අතර දකුණේ මන්ත්‍රී අරුණ පසුගිය සතියේ ජපානය බලා ගොස් තිබුණේ පෞදගලික ආරාධනාවකටය. ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කර තිබු අවුරුදු උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස ද ඔහු මෙහි දී සහභාගී විය. එය අවසානයේ ජපානයේ වෙසෙන ශ්‍රීලාංකිකයින් සමඟින් සුහද කතා බහක ද නිරත විය. අපි ආයිත් බලා ඉන්නවා ලංකාවට මහින්ද යුගයක් එනකන්. එහි සිටි බොහෝ දෙනෙක් කී ඒ කතාවට අරුණ කීවේ එය ලඟ දී ම ඉටු වනු ඇති බවයි.

දුණු ඊ තල අරගෙන දඩයමේ නොගිය නමුත්, කොටවිල ගිය මේ ඇමති කව්ද?

දකුණේ ක්‍රීඩා ඇමති මනෝජ් පසුගිය දා කොටවිල ක්‍රීඩාංගණයට ගියේ දුණු ඊතල යොදා ගනිමින් ඉලක්කයට විදීමේ ක්‍රීඩාවක් වන ආර්චරී නම් ක්‍රීඩාව ජනප්‍රිය කිරීමේ වැඩ සටහනක් සදහා එක්වීම සදහාය. එහි ගිය ඇමති මනෝජ්ට ආරාධනා ලැබුනේ ඉලක්කයට විදීමටයි. කාගෙත් ජය ඝෝෂා මැද්දේ දුණු ඊතල අතට ගත් ඇමති මනෝජ් ප්‍රථම වතාවට වුවද ඉලක්කය ආසන්නයටම යාමට හැකියාව ලැබිණි.

සෙකෝලය කැඩුවාට වැටුප් කැපු මන්ත්‍රි කියන කතාව

පසුගිය වසරේ පැවති දකුණු පළාත් සභා රැස්වීමක් අතර තුර දකුණු පළාත් සභාවේ සෙන්කෝලය රැගෙන ගොස් කැඩුවා යැයි චෝදනා එල්ල වී තිබු එජාප මන්ත්‍රී ප්‍රියන්තගේ සියළු වැටුප් මේ වන තෙක් පළාත් සභාව මඟින් අත්හිටුවා තිබිණි. ඒ අනුව මන්ත්‍රී ප්‍රියන්තට දන්වා තිබුණේ අදාල සෙන්කෝලය තිබු පරිදි සකස් කර දෙන ලෙසයි. කෙසේ නමුත් මන්ත්‍රීවරයාගේ ද අනුදැනුම මත පළාත් සභාව විසින් සෙන්කෝලය සාදවා තිබු අතර ඒ සඳහා වැය වු මුදල රුපියල් 84000 කට ආසන්න මුදලක් බව මන්ත්‍රී පියන්තට සභාව විසින් දැනුම් දී තිබිණි. මාස ගානක් පුරා නවතා දමා තිබු මන්ත්‍රී ප්‍රියන්තගේ දීමනා කිහියක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි පසුගිය දා ලැබුණ ද සියළු දීමනා ඔහුට හිමි ව තිබුනේ නැත. ඒ අනුව පළාත් සභාව මඟින් මන්තී ප්‍රියන්තට දන්වා තිබුණේ සෙන්කෝලය අළුත් වැඩියාව සඳහා ගිය රුපයල් 84000 කට ආසන්න මුදල අය කර ගැනීමෙන් පසු ඉතිරි දීමනා ලබන සැසිවාරයේ දී ලබා ගත හැකි බවයි. කෙසේ නමුත් එජාප මන්ත්‍රී කණ්ඩායම මේ සඳහා වියදම් වු මුදල සාමුහිකව දරා ගැනීමට කටයුතු කරන බව ද මන්ත්‍රීවරයාට දන්වා තිබිණි.

පාසිකුඩා වෙරළ බලන්නට ගිය ඇමති කව්ද ? මඩකලපුව රැළිය වර්ජනය කළ ඇමතිවරු මෙන්න.

මඩකලපුවේ පැවති ශ්‍රී ලංනිපයේ මැයි රැලිය සදහා දකුණෙන් විශාල පිරිසක් සහභාගී වී තිබිණි. ඇමති අමරවීර, මහ ඇමති ෂාන්, නියෝජ්‍ය ඇමතිවරුන් වන නිශාන්ත, සහ මනුෂ , ඇමති චන්දිමා, මනෝජ් සහ ගුණසේන සමඟින් මෙම පිරිස් මඩකලපුව රැලිය වෙත ගොස් තිබිණි. ගාල්ලෙන් මේ සඳහා සහභාගී වු නියෝජ්‍ය ඇමති මනුෂ ඇතුළු පිරිස කලින් දිනම ගාල්ලෙන් පිට විය. එදින පොලොන්නරුවේ නවාතැන් ගත් ඔවුන් 07 දින උදෑසන පාසිකුඩා වෙරල තීරයට ගොස් විනෝද වෙමින් සිටි අතර මේ සඳහා නියෝජ්‍ය ඇමති මනුෂ ද පාක්ෂිකයින් සමඟ එක් වී තිබිණි. කෙසේ නමුත් දකුණේ හිටපු ඇමතිවරුන් කීප දෙනෙකු කිසිදු මැයි රැලියක් සඳහා සහභාගී නොවීම මෙහි දී කැපී පෙනෙන්නට විය.

පොහොට්ටුවේ මැයි රැළිය ගාල්ලේ

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය මෙවර ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. ඉතාමත් සංවිධානාත්මකව සංවිධානය කර තිබු මෙම රැලිය මන්ත්‍රී රමේෂ්, මොහාන් දකුණේ මන්ත්‍රීවරුන් වන චන්න, චම්ලි, සම්පත්, ෂම්මු, ඉසුරු සහ ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහ බන්දු මේ සඳහා විශේෂ මෙහෙයක් ඉටු කර තිබිණි.

මේ ආණ්ඩුව යකඩ වලටත් කඩු දමනවා බැසිල් රාජපක්ෂ කී කතාව

හිටපු ඇමති බැසිල්ගේ සෘජු අධීක්ෂණය යටතේ සංවිධානය වු මෙම රැස්වීමේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් සෑම විස්තරයක්ම බැසිල් ට වාර්තා විය. මැයි දිනයට කලින් දිනයේ රාත්‍රී එහි පැමිණි හිටපු ඇමති බැසිල් සියළු සංවිධාන කටයුතු යළිත් විමසා බැලීය. ආ මේ යකඩ බට වගේ දේවල් ගන්න කොට හරියටම බිල් ගෙවලා ගන්න. නැත්නම් මේ ආණ්ඩුව ඒකටත් නඩුවක් දාවි. මතකනේ මට කරපු දේ. ඇමති බැසිල් එසේ කීවේ කාටත් නිදි මත දැනෙමින් තිබු අවස්ථාවේ දීය. ගාල්ලේ මැයි රැලියේ සංවිධාන කටයුතු එක් එක් ප්‍රා දේශීය සභා සඳහා භාර දී තිබිණි. කොටස් වෙන් වෙන් වශයෙන් වෙන් කරගනිමින් සැරසීම, කටවුට් ගැසීම අදාළ සභා වලට භාර දී තිබු අතර මැයි රැලිය අවසන් වන විටම ඒවා ඉවත් කිරීමටත් රැලිය අවසන් වු විටම ක්‍රීඩාංගණය අස් කිරීම සඳහා ශ්‍රමදානයක් පැවැත්වීමටත් මුලදීම කතා කරගෙන තිබිණි.

ගාල්ලේ කා…… කපයි.

ගාල්ලේ පැවති ඒකාබද්ධයේ මැයි රැලිය ස ඳ හා අති විශාල පිරිසක් එක් වී තිබිණි. නගරයේ මාර්ග කිහිපයක් ඔස්සේ මැයි පෙලපාලිය ගාල්ල සමනල ක්‍රීඩාංගණය සඳහා පැමිණිය ද බෙහෝ දෙනෙකුට ක්‍රීඩාංගණයට පැමිණීමට හැකියාව ලැබුනේ නැත. ඒකාබද්ධයේ ප්‍රබලයින් වන ගම්මන්පිල , විමල් , දිනේෂ් ඇතුළු සියළු නායකයින් වේලාවට එහි පැමිණ සිටි අතර මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ රමේෂ් අදාළ මෛත්‍රීවරුන්ගේ ආසන වෙන් කිරීම සිදු කර තිබිණි. කථිකයින්ගේ කතා දිග් වීම නිසා විනාඩි 45 ක පමණ ප්‍රමාදයින් රැස්වීම ඉදිරියට ගලා යන්නට වු අතර ඒ නිසා කතා කිහිපයක් අඩු කර හිටපු ජනපති මහින්දගේ කතාවට අවසර දෙන්නට සංවිධායකයින්ට සිදුවිය.

අධිවේගී මාර්ගයේ වැලිපන්නේ මළපහ දුටු ඇමතිට’ මලපැන්න හැටි වන නියෝජ්‍ය ඇමති.

මැයි රැළියේ නාමල්ගේ LIVE එක නතර වුනු හේතුව – වැද්දා…නිදි…..

ඒකාබද්ධ විපක්ෂය විසින් ගාල්ලේ පැවත්වූනු මැයි රැලියට ප්‍රථම පෙළපාලියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අසීරු තත්ත්වයකට මුහුණ දුන්නේය.පෙළපාලිය ආරම්භයත් සමග නාමල් සුපුරුදු පරිදි සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සිය සජීවී අත්දැකීම ප්‍රේක්ෂකයින් වෙත ලබා දෙමින් ගමන් කරමින් සිටියේය.

නිද් වැද්දා කෙළ වැද්දා හු…කා….පි……..කැ…

මේ අතර එහි වදන් පෙල පවසමින් සියල්ල ඉදිරියට ඇදෙමින් සිටියේය.පොලොන්නරුවේ කළවැද්දා….තොපේ අම්මට කලා හු…නි…වැද්දා…ගියා …..එම වදන් පිටවනවාත් සමග නාමල් ඇතුළු පිරිස සිය ගමන් මග වෙනස් කරමින් බස් රථයක් අසලින් වෙනතකට හැරුණි..

මහින්දගේ කතාව දිග වැඩිය.. ඇයි මේ

බෙහෝ දෙනෙකු නොසිතූ පරිදි මෙවර මැයි රැලියේ හිටපු ජනපති මහින්දගේ කතාව ඉතාම දිග එකක් විය. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ද යම් කසු කුසු වක් තිබිණි. රැලිය අවසාන වීමත් සමඟම සංවිධානය කර තිබු පරිදිම පැය කිහිපයක් තුල ගාල්ල සමනල ක්‍රීඩා පිටිය පිරිසිදු කිරීම මෙවර ඒකාබද්ධ මැයි රැලියේ විශේෂත්වයක් විය.

ආණ්ඩුවෙන් පැන්න 16 කල්ලිය හීනය කුමක්ද ? අපට අපේ නොවන අපේම ආදරයක් තියනවා.

ආණ්ඩුවෙන් ඉවත් වු 16 දෙනා ගේ කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු අදාල මන්ත්‍රීවරුන් පිලිගැනීමක් පාර්ලිමේන්තුව අභියසදී පැවැත්විණි. විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මේ සදහා දකුණෙන් ද හිටපු ඇමතිවරුන් වන චන්දිම හා ලක්ෂ්මන් නියෝජනය කරමින් ජනතාව සහභාගී වී තිබිණි.

වැඩේගොඩයි නේද ? …. සෙනඟ අපි එක්ක ඉන්නවා……යැයි කීවේ දකුණට සම්බන්ධ හිටපු ඇමැතිවරයෙක්…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *