කීර්ති බන්ඩාර විරුජන සම්මානය // මුහුණු පොතේ ඇස ගියතැන්

බෙරගල පල්ලමේ විරුවා කීර්ති බණ්ඩාර නම් විය

බෙරගල පල්ලමේ විරුවා කීර්ති බණ්ඩාර නම් විය ඒ අන් කිසිවක් නිසා නොව හරියටම මීට වසරකට පෙර ඔක්තෝම්බර් මාසයේ දෙවැනි දින බෙරගල පල්ලමෙදී බසයේ තිරිංග අවහිර වීම නිසා සිදුවන්නට ගිය මහා ජීවිත අනතුර වලකා ලන්නට ජීවිතය පුජාකළ කීර්ති බණ්ඩාර හෙවත් නිලමේ අයියා සම්බන්ධයෙන් මතකය කාලයේ වැලි තලාව මත වියැකී යන්නට නොදී ඒ වෙනුවෙන් හඩ අවදිකළ එතනින් නොනැවතී විරු ජන සම්මානයෙන් කීර්ති බණ්ඩාර සැමරීම වෙනුවෙන් එකතු වුණු ශක්තිය දෙන සියලු දෙනා වෙනුවෙන් මෙය අප මාධ්‍ය වෙබ් අඩවියේ පල කරන්නෙමු .මෙම සිදුවීමට අදාල සම්පුර්ණ කථාව කීර්ති බන්ඩාර විරුජන සම්මාන කමිටුව වෙනුවෙන් පළකරන්නෙමු.

බස් එකේ බ්රේක් නෑ. පස්සට යන්න ….පස්සට යන්න නිලමේ අයියා කෑ ගහලා කියලා තත්පර ගානක් ගත වෙන්න කලින් වේගයෙන් ආපු බස් එක මහා ශබ්දයකුත් එක්ක නැවතුනේ ඇතුලේ හිටිය මගීන් සී සී කඩ විසි කරලා දමමින්. බස් එක ඇතුලේ එකම විලාපයක්, ලේ විලක්. . සමහරු සිහිය නැතුව ඇදගෙන වැටිලා. අම්මලා තාත්තලා දරුවෝ හොයලා කෑ ගහනවා දරුවෝ දෙමව්පියන්ව හොයලා කෑ හගනවා. මොනවද වුනේ කියලා හිතා ගන්නවත් බෑ.

දිනය 2017 ඔක්තෝම්බර් 02. බණ්ඩාරවෙල ඉදන් ඌව කොස්ගම ට යන 62- ලංගම බස් රථයේ රියදුරු කීර්ති බණ්ඩාර මහත්තයට බෙරගල පල්ලම බහින කොට තේරුනා බස් එකේ බ්රේක් වැඩ කරන්නේ නැති විත්තිය. නම කීර්ති බණ්ඩාර උනාට හැමෝම ලෙන්ගතු කමට කිව්වේ නිලමේ අයියා කියලා. තමන්ගේ රාජකාරියේ පළපුරුද්දත් එක්ක බස් එක නතර කර ගන්න නිලමේ අයියා දන්න කියන හැම සෙල්ලමක්ම දැම්මා. දෙතුන් පාරක්ම ජියර් එකට දැම්ම එක මගීන්ට දැනුනේ බස් එක අස්සයා පනිනවා වගේ. ජියර් එකට මෙල්ල නොවුණු බස් එක පැයට කිලෝමීටර 80 ක් වගේ වේගයෙන් ධාවනය වෙනවා. පල්ල්මත් එක්ක වේගය තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.

ඊලට තියෙන්නේ තද වංගුවක්. දක්ෂ රියදුරෙක් වෙච්ච නිලමේ අයියා තක්කෙටම දන්නවා මේ වංගුව බ්රේක් නැතුව ගන්න බැරි බව. එහෙම වුනොත් බස් එක යන්නේ ප්රපාතයට. තත්පර ගානක් ඇතුලත නිලමේ අයියා තීරනයක් ගන්නවා. බස් එකේ බ්රේක් නෑ. පස්සට යන්න ….පස්සට යන්න” කියලා කෑ ගහන නිලමේ අයියා බස් එක පාරේ අනිත් පැත්තේ තියෙන කළු ගලක හප්පනවා.

බස් එක හැප්පෙන්න නිමේශයක් තියෙද්දී නිලමේ අයියට උදේ පාන්දර මුන ඉබල ආපු දරු දෙන්නව මතක් වෙන්න ඇති. තමන්ගේ ආදරනීය බිරිඳව මතක් වෙන්න ඇති. එත් ඒ සියල්ල ඔහු ජීවිත ගානක් බෙර ගන්න කැප කරනවා. නිලමේ අය්යා අනිත් මිනුසුන්ගේ ජීවිත බෙර ගන්න තමන්ගේ ජීවිතය පුජ කරපු නිසාම මේ අනතුරෙන් අහිමි වෙන්නේ තවත් ජීවිත දෙකක් විතරයි.

තවත් සෑහෙන පිරිසකට තුවාල වෙන නමුත් තුන් දෙනෙක් හැර අනිත් සියල්ලන්ගේම ජීවිත බේරෙනවා. කීර්ති බණ්ඩාර වීරයෙක් වෙන්නේ එහෙමයි. කීර්ති බණ්ඩාර පස්සට යන්න කියලා කෑ ගහපු එකෙන්ම තේරෙනවා මේ අනතුරත් එක්ක බස් එකේ ඉදිරිපස ඉන්න කාගේවත් ජීවිත බේරෙන්නේ නැති විත්තිය පළපුරුදු රියදුරෙක් වෙච්ච ඔහු හොදටම දැනගෙන හිටිය විත්තිය. ඔහු බස් එක ගලේ හප්පපු තැන තිබුණු ලේ පැල්ලම මෑතක් වෙනතුරු තිබුණු බව බෙරගල හැමෝම දන්නවා.

මිතුරනි, ඔබ ඉදිරියේ මම පාපොච්චාරණයක් කරන්නම්. කොතැනක හරි කතා කරන්න ගියොත් ලොවෙත් නැති පොරටෝක් දෙන්න මට පුළුවන්. එත් මම අර බස් එකේ රියදුරු වෙලා අන්තිම මොහොතේ මට මගේ දරුවෝ දෙන්නා මතක් වුනා නම් මම බොහෝ විට කරන්න තිබුනේ අතක් පයක් හරි කැඩිලා බේරෙන්න කියලා දොර ඇරගෙන පනින එක. එහෙමත් නැත්නම් ක්ෂණික තීරණයක් අරගෙන ක්රියාත්මක වෙන්න බැරිව බස් එක ප්රපාතය කරා රැගෙන යන එක. අවංකව සිතන්න මේ මුහුණු පොතේ පොරටෝක් දෙන අපි කීයෙන් කී දෙනෙකුට ද එහෙම ශක්තියක් තියෙන්නේ. ?

ඒ නිසයි කීර්ති බණ්ඩාර වීරයෙක් වෙන්නේ. මේ සිද්දිය සිදුවුණු කාලයේ ඔහු ගැන පත්තර වල රුපවාහිනී නාලිකා වල කතා කළා. මුහුණු පොතේ ඔහුගේ වීරක්රියාව අගේ කරමින් පොස්ට් පළවුනා. ඔහු ගැන කවි ලිව්වා. එත්…. කාලයත් එක්කම සුපුරුදු පරිදි කාටත් ඔහුව අමතක වුනා. මෑතකදී ඒ වීරයා ගැන මතක තිබුණු අපේ Udaya Devamulla අයියා තවත් මිතුරන් කීප දෙනෙක් එක්ක ගිහින් මේ ගැන විපරම් කරලා බලනවා. අද ඒ පවුල ජීවත් වෙන්නේ ඉතා අමාරුවෙන්. පවුලේ එකම රැකියාව කල තාත්තා අහිමි වෙච්ච අසරණ දරුවෝ දෙන්නෙක් අමාරුවෙන් පාසල් යනවා. හබ්බ වෙච්ච සුළු වන්දියෙනුයි EPF එකෙනුයි ගේ හදන්න මහජන බැංකුවෙන් ගත්ත රුපියල් ලක්ෂ දහයේ නයත් ගෙවන ගමන් දරුවෝ දෙන්නා පාසල් යවන ගමන් ජීවිතේ ගැටගහ ගන්න කීර්ති බණ්ඩාරගේ බිරිද නොවිදිනා දුක් විදිනවා

මේ වගේ කැප කිරීමක් කලේ වෛද්ය වරයෙක් ගණකාධිකාරී වරයෙක් අමාත්යශයක ඉහල නිලදාරියෙක් අඩුම තරමින් ගුරුවරයෙක් වත් වුනා නම් මේ විදියට සමාජයට ඔහුව අමතක වෙලා යන එකක් නැහැ. මේ වීරයව අමතක වෙන්නේ ඔහු මහා පොලවේ ජීවත් වෙච්ච රියදුරෙක් වෙච්ච නිසා නේද ? යතාර්ථය ඒක නේද ?මගේ ආදරණීය මිතුරු මිතුරියනි, මම ඉල්ලනවා ඔබේ පපුවට තට්ටු කරල බලන්න කීර්ති බණ්ඩාර තමන්ගේ යුතුකම ඉටුකලා අපි අපේ යුතුකම ඉටු කෙරුවද කියලා.

ඔව් තනි තනිව අපට එහෙම කරන්න අමාරුයි. තැනක් තිබුනේ නෑ. මිතුරනි, ඔබ වෙනුවෙන් අපි ඒ තැන හැදුවා .. ඔව් .. එක ඔබේ තැන . එන්න එතනට මේක ඔබේ තැන. මේ මුහුණු පොතේ ඉන්න යහපත් මිනිසුන්ගේ තැන. පේදුරුතුඩුවේ ඉදලා දෙවුන්දර තුඩුව දක්වා ජීවත් වෙන විතරක් නෙවෙයි විදේශ වල ජීවත් වන සැබෑ ලාංකිකයින්ගේ තැන. බැංකු කාරයාගේත් ත්‍රීවීල් කාරයගේත් තැන. සිංහල දෙමල මුස්ලිම් බෞද්ධ හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් යහපත් ලොවක් පතන යහපත් මිනිසුන්ගේ සහ ගැහැනුන් ගේ තැන. ඔව් අපි අපේ යුතුකම ඉටු කරමු.

ඒ තමයි “කීර්ති බණ්ඩාර විරු ජන සම්මානය” ඒක සම්මානයකට එහා ගිය සම්මානයක්. අපි ඒ පවුල ගැන බලමු. දරුවන්ව පාසැල් යවමු. ණය බරෙන් බේරා ගනිමු. ඒ විතරක් නෙවෙයි ඒ බස් රථයේ ගමන් ගෙන මිය ගිය අදටත් ආබාදිතව ඉන්න අහිංසක මිනිසුන්ටත් හයියක් වෙමු. හැම වසරකම ඒ වගේ වීරයෙක් වෙනුවෙන් කීර්ති බණ්ඩාර විරු ජන සම්මානය දෙමු. ඔව්.. අපේ ශක්තිය මේ මුහුණු පොතේ ඔබයි. ඔබ අපට ශක්තියක් වන බව නොඅනුමානයි.

ඉන්දික අනුරාධ ගමගේ
භාණ්ඩාගාරික
කීර්ති බන්ඩාර විරුජන සම්මානය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *