බණ්ඩාරනායක ගුවන්තොටුපලේ ගබඩාවක ගිනක්

ගුවන්තොටුපලට කිසිදු බලපෑමක් එල්ල වී නොමැත

අද අළුයම කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ තීරුබදු රහිත භාණ්ඩ අලෙවි සැල් ගබඩාවක ගින්නක් හටගෙන තිබේ.
ගුවන්තොටුපල පොලිසිය පැවසුවේ අද(09) අලුයම හටගත් ගින්න ගුවන් තොටුපල ගිනි නිවන ඒකකය මඟින් ගින්න නිවා දැමූ බවයි.

විදුලි උපකරණ ගබඩා කර තිබූ ගබඩාවක ගින්න හටගෙන තිබේ.ගින්නෙන් එම සාප්පු සංකීර්ණයේ විදුලි භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇත
කෙසේවෙතත් මෙම ගින්නෙන් ගුවන්තොටුපලට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති අතර ගුවන් ගමන් කටයුතුවලට ද බලපෑමක් වී නොමැති බව කටුනායක ගුවන්තොටුපල පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මකයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *