කතරගම සභාපති රක්ෂිත බන්ධනාගාරයට

කලහාකාරී ලෙස හැසිරීම

කතරගම පොලිස් වෙඩි පහරින් තරුණයකු මියායාමට විරෝධය දක්වමින් කලහාකාරී ලෙස හැසිරීම සහ කතරගම පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන්  අද (23)  තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට බාර වූ කතරගම  ප්‍රාදේශීය සභාවේ  සභාපති ඇතුළු තිදෙනෙකු  ලබන  මැයි 02 දක්වා රිමාන්ඩ්   කරන ලෙස තිස්සමහාරාම වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණී ආනන්ද මහතා   නියෝග කරන ලදී.

අදාල සිදුවීම වූ දින කතරගම පොලිසිය සහ අවට පොලිස් ස්ථාන වලින් පොලිස් නිලධාරීන් කණ්ඩායම් කැදවා සිද්ධිය පාලනය කිරීමට පියවර ගත් අවස්ථාවේදී මේ නොසන්සුන් තාවය ඇතිවන ලදී.මෙහි දී උද්ගොෂකයන් විසින් පොලිස් ස්ථානයට සහ අවට දෙපළ වලට අලාභ හානි සිදුකිරීම සමබන්ධයෙන් නඩුව පවරා තිබුණි

මෙලෙස රිමාන්ඩ් බාරයට නියම වූයේ කතරගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී චානක අමල් රංගන, වන්නිආරච්චිගේ  ප්‍රභාත්  බුද්ධික,  පොහොට්ටු කංකානම්ගේ  ප‍්‍රභාත් සංජය යන තිදෙනාය.

මොවුන්ට   තිදෙනාට වරෙන්තු නිකුත් කර  තිබියදී  අද මොවුන් නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට බාර  වී තිබුණි.ඉකුත් ජනාවාරි 01 දින සිදු වූ එම සිද්ධියෙන්  එක්දරු පියෙක් මියගොස් තිබූ අතර මීට පෙර අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තිදෙනෙක් තවමත්  රිමාන්ඩ් බාරයේ පසුවෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *