කටාන සභාවේ මන්ත්‍රී ගිනි අවි සමග ගිනිකෙළි පෙන්වා මාට්ටු

කටාන ප‍්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රී වරයෙකු ඇතුළු තිදෙනෙකු

කටාන ප‍්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රී වරයෙකු ඇතුළු තිදෙනෙකු ව්‍යාපාරිකයෙකුට ගිනිඅවි පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ජා-ඇල, උදම්විට ප‍්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාට අයත් නිවසකදි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ඔවුන් සන්තකයේ තිබී පිස්තෝලයක්ද සොයාගෙන තිබේ.කටාන ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනා ඉකුත් 16 වනදා ජාඇල, මාඑළිය ප‍්‍රදේශයේදී හෝටලයකට ඇතුළු වී එහි හිමිකරුට ගිනිඅවි පෙන්වා මරන තර්ජන එල්ල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සදහා ජා-ඇල පොලීසියට භාරදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *