කරාපිටිය රෝහලේ හදවත් රෝගය උඩු දුවයි.

සියළු වෛද්‍යවරුන් සංඛේත වර්ජනයක්

සුනෙත් ගාල්ලගේ ගාල්ල 2018.04.26 හෘද සැත්කම් සදහා සුදුසුකම් නොමැති රිඩච් පර්මින් නැමැති එංගලන්ත ජාතික වෛද්‍යවරයා 26දින ගාල්ල කරාපිටිය රෝහලට පැමිණ රෝගීන්ගේ ජීවත ගැන කිසිදු තැකීමක් නොකර හෘද සැත්කම් කිරීමට විරෝධය පාමින් 27 දින උදෑසන 7 සිට ගාල්ල කරාපිටිය රෝහලේ සියළු වෛද්‍යවරුන් සංඛේත වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම්  වෛද්‍ය කංචිත සමරරත්න මහතා පවසයි. මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින්  ඔහු මෙසේ ද පැවසීය,

ගාල්ල කරාපිටිය රෝහලේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ හදිසි සභා රැස්වීමක් අද පවත්වා  ඒකමතකිව මෙම තීරණය ගත්තේ.  මෙම වෛද්‍ය වරයාට එරෙහිව අපි කීප වතාවක්ම සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කර තියෙනවා. මොහුගෙන් රෝගීන්ට වන අවධානමත් පසුගිය කාලය තුල සිදු වු දේ සම්බන්ධයෙනුත් අපි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කර තියනවා. නමුත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා එය නොතකා ඔහුට අවස්ථාව ලබා දී තියනවා. අපි මුලින් තීරණය කර තිබුණේ වෛද්‍ය රිචඩ් පර්මින් පැමිණියහොත් නිර්වින්ද වෛද්‍යවරුන් පමණක් වර්ජනයක නිරත වන්න. එවිට ඔහුට මේ හෘද සැත්කම් සිදු කිරීමට නොහැකි නිසා. නමුත් 26 දින වෛද්‍ය ටොරූෂා හරිස්චන්ද්‍ර මහත්මිය අදාල හෘද සැත්කම් ආරම්භ කර අතර මඟ දී මෙම එංගලන්ත ජාතින වෛද්‍යවරයා ගෙන්වා ගෙන සැත්කම් සිදුකර තිබෙනවා. ඉතින් මේ ක්‍රියා කලාපය නිසා අපිට සිදුවෙනවා සියළු වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයකට යන්න.

වයස අවුරුදු 67 ක් වන මෙම වෛද්‍යවරයාට එංගලන්තයේ හෝ මේ වන විට අදාල සැත්කම් කිරීම සදහා බලපත්‍රයක් නෑ. මේ ආකාරයෙන් කටයුතු හෘද සැත්කම් සිදුකරමින් රෝගී ජීවිත අනතුරට ලක් කිරීමට අපිට ඉඩ දෙන්න බෑ.  ඒ අනුව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව තීරණය කරා 27 දින උදෑසන සිට මෙම සංඛේත වර්ජනය ආරම්භ කිරීමට. රජය මඟින් මේ සදහා දක්වන ප්‍රතිචාරය අනුව මෙම වර්ජනයේ පැය ගණන තීරණය වේවි. අපි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටිනවා හෘද රෝගීන් ගේ ජීවිත ගැන සලකා බලන ලෙසත් අනිත් රෝගීන් අපහසුතාවයට ලක් නොකර මෙම තීරණය වහාම ගන්නා ලෙසත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *