කරන්දෙණියේ උප සභාපති ඝාතන කළ මාතර ගවරා

ඝාතන සිද්ධියේ තොරතුරු රැසක්

කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අනෙක් සැකකරු සොයා පොලිස් මෙහෙයුම් කියාත්මකයි. කරන්දෙණියේ උප සභාපති මැරූ දෙදෙනා අනතුරකට ලක්වෙයි! යතුරු පැදිය ජංගම දුරකතයක් පොලිස් භාරයට ගෙන ඇත.

කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයාගේ ඝාතන සිද්ධියේ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වි ඇති බැව් ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි. ඝාතනය සඳහා පැමිණි පුද්ලයින් දෙදෙනා හඳුනාගෙන ඇති බවද පොලිසිය කියයි.

උප සභාපතිවරයා ඝාතනය කළ ස්ථානයේ තිබි මැගසින් එකක්, ජංගම දුරකථනයක් හා ඝාතකයින් දෙදෙනා පැමිණි යතුරුපැදිය පොලිසිය මගින් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ. ඝාතකයින් මෙකි ඝාතනයෙන් පසු අනතුරකට ලක්ව ඇති අතර මොවුන් ඇල්පිටිය හා ඌරගහ යන රෝහල්වලට පැමිණ පසුව රෝහල්ගත නොවි පිටවගොස් ඇති බවද පොලිසිය පවසයි. එම අවස්ථාවන් සි.සි.ටි වි කැමරාවල සටහන්ව ඇති බවද පොලිසිය කියයි.

උප සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ද ඝාතකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනිම සඳහා පොලිසිය විසින් පරික්ෂණ ආරම්භකොට ඇත. කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් මහතා මංගල උත්සවයකට සහභාගවි ආපසු නිවස බලා එමින් සිටියදි ඌරගහ කොරටියන හන්දිය අසලදි මෙසේ වෙඩි ප්‍රහාරයට ගොදුරු විය.

(08) රාත්‍රී 10:15 ට පමන වෑන් රථයකින් ගමන් කරමින් සිටියදි කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වන ඩොනල්ඩ් සම්පත් හා තවත් පුද්ගලයෙක් ඉලක්ක කර ගනිමින් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහරය එල්ල කර ඇති බවයි මුලික පොලිස් විමර්ෂණ වලින් අනාවරණය වී තිබේ.

එම ප්‍රහාරයෙන් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා මිය ගිය බවත් අනෙක් පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මේවන විට වෙඩි තබන ලද එක් සැකකරුවෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ඒ අංක 102 / බී ,මාගල දකුණ ඌරගස් මංහන්දිය යන ලිපිනයේ පදිංව සිටි වයස අවුරුදු 22ක් පමණ වු පත්තිනි හකුරු හන්දිගේ අසේල රණසිංහ නැමැති පුද්ගලයෙකි.මාතර ගවරාගේ පුතා නමන් ද මොහු හදුන්වන ලබන බව ද පොලිසිය පවසයි.වෙඩ් තබා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටිය දී යතුරු පැදිය අනතුරට පත්වු නිසා මොහු තුවාල ලබා තිබිණි.ඉන් පසුව රියඅනුතරකු සිදුවු බව කියිමන් ඌරගස් මන්හන්දිය රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ගනිමින් සිටිය දී 09 දින උදේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබිනි.මොහුගේ ගමන් මල්ලේ තිබී ටී. 56 වර්ඝයේ උණ්ඩ 30ක්  සහිත මැගසින් එකක්ද? මුහුනු ආවරණයක් ද, අත් වැසුම් දෙක්ක ද?සොයාගත් බව, ඌරගස්මන් හන්දිය පොලිසිය පවසයි. ඝාතනය සිදුකර පලා ගිය යතුරු පැදිය පදවා ඇත්තේ මොහු බවයි පොලිසිය ට කරුණු අනාවරණය වී ඇත්තේ.අනෙක් සැකකරු අත්අඩංගුවට ගන්නට පියවර ගෙන ඇති අතර ඒ සඳහා පොලිස් කණ්ඩායම් 04ක් යොදවා ඇතුයි ඇල්පිටිය පොලිසිය පවසයි.

ගවර් නැමැති ව්‍යවහාරික නාමයෙනුත් Bos gaurus නැමැති විද්‍යාත්මක නාමයෙනුත් හඳුන්වන්නෙ තද කළු පැහැ සමකින් යුත් බොවිනේ කුලයට අයත් සත්වයෙක්. බොවිනේ කුලය යනු ගවයන්, මීගවයන්, යැක් ගවයන් ආදිය අයත් වර්ගීකරණය. බොවිනේ සාමාජිකයන් අතරින් වඩාත් විශාලම සාමාජිකයන් වන්නෙ ගවරා. එමෙන්ම ගොඩබිම ජීවත්වන සතුන් අතරින් බරින් වැඩිම සත්ව විශේෂයක්. දකුණු ආසියාව තමයි මේ සත්වයන්ගෙ නිජබිම. වර්තමානයේදි ඉන්දියාව සහ අවට කලාපයෙ ගවරුන් ජීවත්ව සිටියත් ලංකාවේ ඔවුන් දක්නට නෑ.

1962 වර්ශයේදි පෝල්  ඊ පීරිස් දැරණියගල මහත්මා විසින් අස්ථි කොටස් පර්යේෂණයට ලක් කිරීමෙන් අනතුරුව ලංකාවට ආවේණික ගවරුන් විශේෂයක් ජීවත්ව සිටි බවට ප්‍රථම වතාවට තහවුරු කරනවා. ලංකාවට ආවේණික වඳව ගිය මෙම ගවරුන් විශේෂය වර්තමානයේදි ඉන්දියාවේ ජීවත්වන ගවර විශේෂයට වඩා ප්‍රමාණයෙන් කුඩා විශේෂයක්.

‍‍ඓතිහාසික සටහන් සහ ඇතැම් ග්‍රාම්‍ය ව්‍යවහාර, නාම ආදිය ලංකාවේ ජීවත්ව සිටි ගවරුන් ගැන ඉතිරිව ඇති සාක්ෂි. ගවරම්මන, ගවර එලිය, ගවර විල මෙන්ම ගවරමාන නැමැති පඳුරු විශේෂය (Garnotia exaristata) එවන් ඇතැම් ව්‍යවහාර නාම.

ගවරුන් ගැන පැරණිතම සටහනක් වන්නෙ 1681 වර්ශයේදි රොබට් නොක්ස් විසින් තම An historical relation of Ceylon ග්‍රන්ථයේ තැබු සටහනක්. ඉන්පසුව 1812 දි ජෝන් ඩොයිලි, මේජර් ෆෝබ්ස් විසින් eleven years in ceylon ග්‍රනථයෙන් 1840 දි, ජේම්ස් එමර්සන් ටෙනට් විසින් Historical and Topographical 1859 ආදියෙ දිගින් දිගටම සටහන් වී තිබේ.

එමෙන්ම එකල කාය ශක්තිය විදහා දැක්වීම පිණිස ගවරුන් හා සටනට පිවීසිම සම්ප්‍රදායක්ව තිබු බවට සාක්ෂි පවති. ගවරුන් හා සටන් කර ජයග්‍රහණය කරන්නන් රජුගෙ ආරක්ෂකයින් ලෙස තෝරාපත් කරගත් ක්‍රමයක් එකල තිබු බවට තොරතුරු පවති.

රත්නපුර ප්‍රදේශය‍යෙන් ගවරුන්ගෙ අස්ථි සහ දන්ත කොටස් ලැබී තිබුණත් දැරණියගල මහත්මා විසින් 1962 වර්ශයේදි ගවර කපාලයක් සොයාගැනිම නිසා ලංකාවේ ගවරුන් වෙනම විශේෂයක් බවට හඳුනා ගැනුනා. ඔවුන්ට ලබා දී ඇති විද්‍යාත්මක නාමයBibos sinhaleyus. මෙලෙස ලැබී ඇති සියළු සාක්ෂි මඟින් උපකල්පනය කල හැක්කේ ලංකාවේ ගවරුන් මධ්‍ය කඳුකරය සිය වාසභූමිය කරගෙන සිටි බවයි.

අදික දඩයමට ලක්වීමත්, බ්‍රිතාන්‍යන් විසින් මධ්‍ය කඳුකරයට සිදුකල විනාශත් නිසා මේ සත්වයන් මිහිමතින් වඳව ගොස් හමාරයි. තව එක් උපකල්පනයක් පවතිනවා ලංකාවෙ ගවරුන් වඳ වීමට හේතුව ගෘහාශ්‍රිත ගවයන්ගෙන් බෝ වුන රෝගයක් හේතුවෙන් බව. එය පිලිගත හැකි කරුණක්. ඉන්දියාවේ වත්මන් ගවර විශේෂයටත් අවස්ථා කිහිපයකදි එලෙස රෝග සංක්‍රමණය වීම නිසා ගහණය අවම වුනා.

ගවරයන් සම්බන්දයෙන් ඇත් මිථ්‍යා මත ද බොහොය….

 ගවරුන් මස් ඉරන් කනවා, ගවරා දුම් පිටකරනවා. ගවරගෙ පිටේ නහරයක් යනවා.

නහරයක් නෙවේ, ඔය කියන්නෙ කොඳු ඇට පෙලේ නෙරීම්. ඔය කතාවට හේතුව නොක්ස්ගෙ පොතේ එන විස්තරේදි ඉංග්‍රීසියෙන් කියනවා “His back stands up with a sharp ridge” කියලා. ඕක පිට මැද්දෙ යන නහරයක් කියලා තමයි සිංහලට කන්වර්ට් වෙන්නෙ.

මේ මිත්‍යා කතා එන්න හේතුව අපේ ආදිතමයො තම කාය ශක්තියට අතිශයෝක්තිය එක් කිරීම. හැබැයි එහෙම කියලා මී මුත්තලගෙ කාය ශක්තිය අවතක්සේරු කරන්නත් එපා. හේතුව ටෙස්ටොස්ටෙරෝන් බූස්ට් එහෙක ඉන්න ගවරෙක් සමඟ ගැටෙන එක සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න බැරි දෙයක්. ඒක හරියට ලොරියක් චැලියකින් නවත්තන්න උත්සහ ගැනීම වගේ. ඉතිං ගවරා ගැන කතා කරන විට මේ කතාන්දර පෙන්වා දිය හැකිය.

ගවරා මිනිමස් ඉරා කනවා කියන් කතාන්දරය මිත්‍යාවක් වුවත්, කරන්දෙණියේ දී ඇල්ලු ගවරා නම් මිනි මරණ ගවරෙක් නම් සෑබෑය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *