මහරගමට කාන්ති එයි, පිරිසකට කේන්ති යයි, පොලීසියත් එයි

හිටපු ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහරගම නගර සභාව සමබන්ධයෙන් සියලු දෙනාගේ අවධානය යොමුව තිබුණි ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරිපත්වුණු කාන්ති කොඩිකාරගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමේ නාමයෝජනා ප්‍රතික්ෂේප වන ලදී.කෙසේ හෝ තම කණ්ඩායමේ සහයෝගය සහ පොදුජන පෙරමුණේ සහය හිමි බයිසිකලය ලකුණින් තරග වදින ලද ස්වාධින කණ්ඩායම බහුතර බලයක් ලබාගනිමින් නගර සභාවේ බලය හිමිකරගන්නා ලදී.

මේ සම්බන්ධයෙන් සමාජයේ නොයෙකුත් මත මෙම පත්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් වන අවස්ථාවේ දී අදාල කණ්ඩායම නගර සභාවේ බලය තහවරු කරමින් නව නගරාධිපති වරයෙකු සහ උප නගරාධි පතිවරයෙකු පත්කර සභාවේ කටයුතු සිදුකරන ලදී. මෙලෙස බයිසිකලය ලකුණින් තේරී පත්වුණු මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දුන් 06 දෙනෙකු සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබේ.ඔවුන් වෙනුවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ 06 දෙකෙු නව මන්ත‍්‍රීවරුන් ලෙස හිටපු ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

මෙසේ දිවුරුම් දී ඇති පිරිස අතර මහරගම නගර සභාවේ නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මියද සිටී.බොහො දුරට ඇය ඉදිරි දිනවලදී නැවතත් මහරගම සභාවේ නගරාධිපතිනිය ලෙස පත් කෙරෙනු ඇති. මේ වනවිටත් මහරගම මහ නගර සභාව තුල මේ වන විට දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිව තිබේ.

තත්වය පාලය කිරීම සදහා පොලිස් බලඇණි නගර සභා භූමියට ඇතුළු වී සිටී.සභාවේ නව මන්ත‍්‍රීවරුන් ලෙස හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර ඇතුළු හයදෙනෙකු දිවුරුම්දීම නිසා මෙම තත්වය ඇතිව තිබේ.පසුගිය පළාත් පාලන මැතිවරණයේදී බයිසිකලය ලකුණින් තරග කර ජයගත් හය දෙනෙකු ඉල්ලා අස් වී පොහොට්ටුවේ හය දෙනෙකු ඒ වෙනුවට දිවුරුම් දී පත්වීම සම්බන්ධයෙන් මෙලෙස විරෝධතාවය ඉදිරිපත්ව ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *