මහනුවර ගැටුමේ ප්‍රධානියා අත්අඩංගුවට

රදවා තබාගෙන ප්‍රශ්ණ කිරීම සදහා කොළඹට

මහනුවර දිගන මැණික්හින්න ප්‍රදේශවල ඇති වූ නොසන්සුන් තාවය මෙහෙයවූ බවට සැකකරන ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයන් 10 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. හදිසි නීතිය බලාත්මක වීම නිසා එහි රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගත් දස දෙනා දින 14 කාලයකට රැදවුම් නියෝග මත රදවා තබාගෙන ප්‍රශ්ණ කිරීම සදහා කොළඹට ගෙනෙන බව පොලිසිය සදහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ, මහනුවර සිදූවිම්වලට සම්බන්ධ බව කියන සැකකරුවන් 10 දෙනෙකු අද අලුයම දිගන සහ පූජාපිටිය ප්‍රදේශවලදී පොලිස් තස්ත්‍ර විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අැති බවයි.මෙම සිදුවීම් සියල්ල මෙහෙයවූ ප්‍රධාන සැකකරු වන විදාන පතරණගේ අමිත් ජීවන් වීරසිංහ නමැත්තා ද අත්අඩංගුවට පත් වූවන් අතර වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේය.එමෙන් ම ඔහුගේ ප්‍රධාන සහයකයා ලෙස කටයුතු කළ නස්නාරම් පට්ටියගේ සුරේද සුරවීර නමැත්තා ද අත්අඩංගුවට ගත් බව ද සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *