ජවිපෙ ගම්පහ මාධ්‍යවේදීන් අමතක නොකරයි !!

මාධ්‍යවේදීන් කොරෝනා වසංගතයෙන් අසරණ වුණු මොහොතක උපකාරයක්

පවතින කොරෝනා වසංගතය හමුවේ සියලු දෙනාගේ දුක රටට කියන මාධ්‍යවේදීන් මේ දිනවල දැඩි අපහසු තාවයකට පත්ව ඇත එහෙත් එම දුක කිසිදු මාධ්‍ය ආයතනයකින් රටට කියන්නට ඉදිරිපත් නොවන්නේ තමන්ගේ ඇදිවත ගැලවෙන නිසාය මේ වසංගතය හමුවේ මෙරට සියලු පුවත් පත් මාධ්‍යවේදීන් අද අසරණව ඇත ඒ පසුගිය මාසය පුරාම පැවති ඇදිරිනීතිය නිසා පුවත් පත් මුද්‍රණය නවතා දැමීම තමන්ට අදායමක් නොමැති කමින් සිටින තත්වයක ට එම මාධ්‍යවේදීන් පත්ව ඇත විද්‍යුත් මාධ්‍ය වේදීන්ගේ තත්වයද එවැනිම සෝචනීය ඉරණමකට පත්ව ඇත

ඒ කොරෝනා වසංගතයට පෙර සිටම ප්‍රාදේශීය පුවත් වෙනුවට සදහා බොහෝ විද්‍යුත් මාධ්‍ය ජාතික පුවත් වැඩි කාලයක් ප්‍රචාරය කිරීම නිසා තමන්ගේ පුවතට ගුවන් කාලයක් ලබා නොදීම නිසා( පුවතක් ප්‍රචාරය වුවොත් පමණක් මුදල් ගෙවන නිසා) විද්‍යුත් මාධ්‍යවේදීන් බොහොමයක් දැඩි කලකිරීමට සහ අසහනයට පත්ව ඇත බොහෝ මාධ්‍යවේදීන් පූර්ණ කාලීනව වාර්තාකරණයේ යෙදෙන අතර එම මාධ්‍යවේදීන් කබලෙන් ලිපට වැටෙන තත්වයකට පත්ව ඇත

සමස්ත මාධ්‍යවේදීන් වෙනුවෙන් රජය මගින් කිසියම් සහනයක් ලබාදීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවස්ථා ගනකදී පෙන්වා දෙන ලදී.එවැනි කිසිම සහනයක් බහුතරයක් මාධ්‍යවේදීන් වෙත මේ වනතුරු ලැබී නොමැත එවැනි තත්වයක් හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී පුවත් පත් සහ විද්‍යුත් මාධ්‍යවේදීන් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව සහන සේවාව මගින් උපකාරයක් කිරීම අද දිනයේ සිදු කරන ලදී ඒ ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කරයලයෙදී ජනතා විමුක්ති පෙරමුණේ ගමපහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතාගේ සංවිධායකත්වයෙන් සිදු කරන ලදී

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වැටුපෙන් ප්‍රධානය කෙරුණු මෙම උපකාරය ඉතා ඉහළින් අගයන බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ තමන් සියලු දේශපාලකයන්ට පොදුවේ ප්‍රචාරය ලබාදෙන බවත් ඒ සියලු දෙනාට තමන්ව මේ මොහොතේ අමතක වුවද ජනතා විමුක්ති පෙරමුණ මැදිහත්ව ලබාදුන් උපකාරය බෙහෙවින් අගය කරන බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු මාධ්‍යවේදීන්ගේ ස්තුතිය ජනතා විමුක්ති පෙරමුණට පිරිනමන බවත් පැමිණි සියලු මාධ්‍යවේදීන් සදහන් කරන ලදී

මෙහිදී අදහස් පලකල හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා සදහන් කලේ මාධ්‍යවේදීන්ගේ අවශ්‍ය තාවයන් වෙනුවෙන් පක්ෂයක් ලෙස ඉටුකළ යුතුකම් ඉටුකිරීමට පසුබට නොවන බවත් අපේ පක්ෂයේ ගම්පහ ගමන් මග තුල මාධ්‍යවේදීන්ගෙන් ලැබෙන සහය ඉතා ඉහලින් අගයන බවත් මේ කල පුංචි උපකාරය මාධ්‍යවේදී ඔබට සැහීමකට පත්කිරීමක් නොවන බවත් පක්ෂයේ මන්ත්‍රී වැටුපෙන් රටපුරා සහන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන අවස්ථාවක ඔබ වෙනුවෙන් ලබාදෙන මේ සහනය සතුටින් බාරගන්නා ලෙසත් සදහන් කරන ලදී

අපි ජනතා විමුක්ති පෙරමුණ ලෙස ගමපහ දිස්ත්‍රික්කයේ රෝහල් වල අඩුපාඩු වෙනුවෙන් මේ දිනවල වැඩි වශයෙන් මැදිහත් වෙනවා විශේෂයෙන් මීගමුව මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ගබඩා ඒකකය මේ දිනවල තම පක්ෂයට අනුබද්ධ රතු තරුව සහන සේවා ඒකකය මගින් ඉදිකරනවා

අනෙකුත් රෝහල වල පවතින සනීපාරක්ෂක උපකරණ හිගයන් සම්බධයෙන් අවධානය යොමු කරමින් තම පක්ෂයේ අරමුදල් යොදවා රතු තරුව සහන සේවා බලකායේ ශ්‍රම ශක්තියෙන් එම කටයුතු සිදු කරනවා අපි පක්ෂයක් ලෙස ජනතාව වෙනුවෙන් මේ මොහොතේ කලයුතු වැඩ මොනවද කියලා පූර්ව නිගමනයන්ට පැමිණ තියෙනවා ඒ අනුව අපි අවශ්‍ය සහන සේවා කටයුතු සිදු කරනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *