පනින කතා අතර පනින ගෙම්බාගේ කථාව //ගෙම්බන්ට හොදම පරිසරය ලංකාවය

 ගෙම්බො පෙරලෙන පැත්තට පෙරලේනට පනින්ට දක්ෂයෝය.

පැන්නා!පැන්නා! අන්න පනිනවා. මෙන්න,පනිනවා!මේ දිනවල පැනිලි කතාන්දර සතරවටින් සතරදෙසින් ඇසේ පෙනේ මේ පනින්නේ පාර්ලිමේන්තුව නැමැති මඩ වලේ මැති ඇමති ගෙම්බන්ය.පැනිලි ගැන පැමිනිලිද අසන්නට දැකින්ට ලැබේ.

පැනිලි ගැන විවිධ කතා ඇත. ඒ අතර යක්ඳුරන් පැනිලි පැන්නවිම් කරන්නේ කොඩිවින අණවිණ සිදුකරන්නටය. දුර පැනීම ක්‍රිඩාවකි. උස පැනිම ද එසේමය. පැන්නා යනු මුහුදේ සිටින මාළුවාට ගොඩ බිමට ආ පසු තැබු නමයි. හොරකම් කරන හොරු පැන්නුවා හොරු පැන ගත්තා කියන කතා සැමට තේරුම් ගත හැකිය. අත්තෙන් අත්තට පනින කුරුල්ලා සම්බන්ධයෙන්වු තෙරවිල්ල වැහිබිංදුවට කියන බව දනිති. කෙසෙල් මුවා පනින්නේ තුරුමුවා වඳුරා පන්න්නේද , හාවා පනින්නේද පැන පැන යන සතුන් අතරරේ ගත් ගල් වළහා මිනිසුන්ගේ ඇඟට කලයේ දි පන්න්නේද ගෙදර ගෑනි ගෙදර මිනිහාගේ ඇඟට පනින්නේ ද වල්ලා පැනපි කියහන්කෝ.. ඇඟට කතා අතර පැනිමි අතර, සමහර ගඟට, ඇළට, ලිඳට පැන සියවිදි හානිකරගන්නට පනින පිරිද් නැතුවානොවේ. අනුන්ගේ වලිවලට පනින පිරිස්ද ඇත. ඒ ඒ අයගේ සිරිතය. එළුවන් දේන්නෙක් ඇන ගන්නාවිට මැදට පැන්න කෑරලාට සිදුවු දේ අතීන බුදු දහමේ කතාන්දරයක සදහන්වේ.

මේ අතර ගුවන් නියමුවන්ද ආරක්ෂක අංශයේ ඇත්තෝ ගුවනින් බිමට පනින්නේ යම් රාජකාරියක් සිදුකරන්ටය. මේ අතරේ ගත් කළ මේ දිනවල පනින පැනුම් අතර හෙරහර නැටුම් වල දැකිය හැකි පරිදි පාර්ලිමේන්තුවේ පැන්නිල අතරේ මැති ඇමතිවරුන්ගේ පැනිල්ල නිසා පනින්නට උපවතින්ම පෙළපතින්ම උරුමයෙන්ම උරුම වී ඇති ගෙම්බාන් යම් භීතියකට පත්ව ඇත්තේ මේ රටේ මිනිස් ගෙම්බන්ගේ පැනිල්ල දැක කුඩා ගෙම්බන්ට වැඩිහිටි ගෙම්මබන් අතරේ ගරුත්වය අඩුව ඇති බව පෙර පාසල් වියේ පසුවන ගෙගෙම්බෝ පවසති.

ගෙම්බා ගෙම්බා උභය ජීවියෙකි. ප්‍රමාණයෙන් කුඩාය. දැලක් සහිත පාද වේ. පැනීමට දක්ෂ වෙයි. වලිගයක් නොමැත.

මේදිනවල 113 ට පක්ෂව හෝ විපක්ෂව පනින ගෙම්බන් ජීවිය කියන්ට නොහැකිය. පුමාණයනම් අතිදවැන්තවේ.දැළක් සහිත බාද නොව මුන්ට භූ පා ඇති බවනම් පෙනේ. භූපා කියන්නේ පාදවැඩිපුර ඇති සතුන්ටය. තවත් අදහසක් නම් භූයනු පොලවයි. පොලවේ සිටින සතුන් කියා ද කිව හැකිය. නමුත් මේ පනින ගෙම්බෝ පොලවේ නොව සිටින්නේ මුදල් එක්කය. ගෙම්බෝ වෙළදාම් කරන්නේ නැති නමුත් අපේ මිනිස් ගෙම්බෝ සිපිරි වෙළෙන්දොය. මුදලට බලයට ජනතාවගේ ජන්දය වෙන්දේසිකරන සුපිරි වෙළදාම් කරන ගෙම්බෝය.

ගෙඹි සම බොහෝ සංවේදියි.නමුත් මැති ඇමති ගෙම්බෝ නම් ජනතාවට රටට හෝ ආගම දහමට හෝ සංවේදි නැත.ගෙම්බන් හුස්ම ගන්නේ නාශයෙන් නොවේ සම හරහාය.වැස්සක් එන බව බෙම්බන් පෙර එය දැකින්නට හෙම්බන්ට හැකිය. වැස්සක් ළඟ එනවිට ගෙම්බන් රංචු පිටින් ‘බක බක’ ගාමින් කෑ ගසන්නේ මේ නිසයි.   මේ අනුව, දියගොඩ වෙසෙන ගෙම්බන් මෙන් දියගොඩ අහස පතුල සිටින මැති ඇමති ගෙම්බෝ  ගෙම්බො පෙරලෙන පැත්තට  පෙරලේනට පනින්ට දැක්ෂයෝය.

ලංකාවේ හඳුනාගත් ගෙම්බන් විශේෂ 200 ක් පමණ සිටින බව වාර්තා වෙනවා. ඒ වගේම මේ වනවිට අලුත් ගෙම්බන් විශේෂ 35 ක්ද සොයා ගන්නට පරිසරවේදීන් සමත් වී සිටිනවා. මේ අනුව ගෙම්බන් නිරීක්‍ෂණයට ලොව ප‍්‍රමුඛ පෙළේ රටක් බවට ලංකාව පත්ව තිබේ. ජෛව විවිධත්වයෙන් ඉහළම ස්ථානයක සිටින කොස්ටාරිකාවට ද වඩා වැඩි ගෙම්බන් ගහණයක් ලංකාවේ දක්නට ලැබෙන බවයි පරිසර විද්‍යාඥයන් පවසන්නේ.අපේ රටටම විශේෂිත වූ ගෙම්බන් විශේෂ ගණනාවක්ම සිටිනවා. ඒ වගේම ගෙම්බන්ගේ ශීඝ‍්‍ර වඳ වී යාමක්ද දකින්නට ලැබෙන බවයි විශේෂඥයන් පවසන්නේ. ඊට හේතු තවමත් සොයාගෙන නැහැ.

මේ අනුව, පාර්ලිමේන්තුවේ ගෙම්බෝ 225කි. තවත් ගෙම්බන් මේ මේනුතුවට අවශ්‍ය තාවයක් ඇත.ලොව ගෙම්බන්ට මෙන්ම අපේ ගෙම්බන්ටද සුදසුම පරිසරයක් ඇතිතේ අපේ ලංකාවේය. පරිසරවේදින් කියන්නේ එය අං….. රටවලට වඩා යෝග්‍ය බවය.

ආඩම්බර ගෙම්බා/කතාව

ඔන්න එකෝමත් එක කාලෙක ලොකු වතුර වලක් තිබ්බා. මේ වතුර වලේ ගොඩාක් ලස්සනට මල පිපිලා තිබුණා. මෙහි හිටියා ලොකු ගෙම්බෙක්. මේ ගෙම්බා හරි ආඩම්බර කාර ගෙමබෙක්. මේ ගෙම්බාට ගෙබි පුතෙකුත් හිටියා. එයා ඒ ගෙබි පුතාට කියලා තිබුණේ තමුන් තමයි මේ ලෝකේ ඉන්න ලොකුම ලොකු සතා කියලා. කොහොමින් හරි දවසක් මේ ලොකු වතුර වලේ වතුර බොන්න කුළු හරකෙක් ආවා. මීට ඉස්සෙල්ලා ගෙබි පුතා දැකලා තිබුණේ නැහැ හරකෙක් කියන්නේ මොකෙක්ද කියලා. ඉතිං මේ ගෙබි පුතා දැක්කා තමුන්ගේ තාත්තා ට වඩා මේ සතා ලොකුයි කියලා. එයා කළේ කෙළින්ම තාත්තා ළඟට පැන පැන ගිය එක. එහෙම ගිහිල්ලා ගෙබි තාත්තට කිව්වා. තාත්තට වඩා ලොකු සතෙක් ඉන්නවා කියලා. මේක ඇහුව තාත්තට වස ලැජ්ජාව. ඔන්න ගෙඹි තාත්තා පුතත් එක්ක ගියා අර සතාව බලන්න ගිහිල්ලා වු කතාන්දරය දන්නවා ඇතිනේ. අන්තිමට ඒයා වගේ ගොනා වගේ ලොකු වෙන්න පිමිපෙන්න ගිහින් ගෙම්බට වු දෙය ගෙමිබාගේ ගෙබි පුතාගෙන්ම අසා දැනගත හැකිය.

දියගොඩ දෙකෙහිම සැරිසරන ගෙම්බෝ  හදිස්සියේ සිදුවුණු ව්‍යසනයකින් ඩයිනෝසරයන් මිහිතලයෙන් සමුගනිද්දී ඒ ව්‍යසනයෙන් බේරෙන්නට ගෙම්බන්ට හැකියාව ලැබු බව සඳහන්ය. එහෙත් මෑතක සිට ගෙම්බන් සහ මැඩියන් හදිස්සියේම වාගේ අතුරුදන් වෙන්නට පටන් අරන්. මීට වසර 20 කට පමණ පෙර ඉතා සුලභව දක්නට ලැබුණු ගෙම්බන් විශේෂ අද වනවිට විරල විශේෂ බවට හෝ වඳවී ගිය විශේෂ බවට හෝ පත් ඇත. දැන් දැන් දකින්න ලැබෙන ගෙම්බන්ගේ ද විවිධ විකෘතිතා දකින්නට හැකිය. උදාහරණ වශයෙන් ගාත‍්‍රා කීපයක් පිහිටීම ආදිය නිරීක්‍ෂණය කරන්නට පුළුවනි. ගෙම්බන් ගහණයට සිද්ධ වෙන්නේ කුමක්දැයි තේරුම් ගන්නට මේ වන විටත් විද්‍යාඥයන් උත්සාහ දරැමනි සිටි.මේ වඳ වී යාමට විද්‍යාඥයින් විවිධ මත පළ කරයි. ගෙම්බන් අශ්වාස ප‍්‍රශ්වාස කරන්නේ උන්ගේ සම හරහායි.

මේ නිසා ගෙඹි සම බොහෝ සංවේදියි. පළිබෝධනාශක සඳහා ද ඒ සම සංවේදීයි. එවැනි විෂ රසායනික සම හරහා සිරුර තුළට ඇතුළු වීම නිසා මෙවන් විකෘතිතා හටගත හැකි බවයි විද්‍යාඥයන්ගේ එක් මතයක් වී තිබෙන්නේ.ගෙම්බන් යනු උභය ජීවි සත්ව විශේෂයක්. එනම් දිය ගොඩ යන තැන් දෙකම උන්ගේ වාසස්ථාන වෙනවා. ගෙම්බන්ගේ ජීවන චක‍්‍රය දෙස බැලුවොත් උන්ගේ මුල්ම ජීවිත කාලය ගෙවන්නේ ජලයේයි. හොඳින් වැඩුණු පසුවයි උන් ගොඩබිමට පැමිණෙන්නේ. ගෙම්බන්ගේ සම නිතරම තෙතමනය සහිතව තිබිය යුතු වෙනවා. ඒ නිසයි ඔවුන් නිතරම තෙතමනය සහිත ස්ථාන වලදී දක්නට ලැබෙන්නේ.පාරිසරික වෙනස් වීම් වලට ගෙම්බන් ඉතා සංවේදීයි. ඒ නිසා ඔවුන් පරිසර වෙනස් වීම් කල් තියා දැනුම් දෙන්නන් බවට පත් වී සිටිනවා. වැස්සක් ළඟ එනවිට ගෙම්බන් රංචු පිටින් ‘බක බක’ ගාමින් කෑ ගසන්නේ මේ නිසයි. පෘථිවියේ ගෙම්බන් ගහණය ක‍්‍රමයෙන් අඩු වෙමින් යෑම හේතුවෙන් අපට එක් කාරණාවක් නම් පැහැදිලි වෙනවා. එනම් අපේ මහ පොළොව පෙර තිබුණු පරිදි පිරිසිදු සහ නිරෝගීමත් නොවන බවයි.

ලංකාවේ හඳුනාගත් ගෙම්බන් විශේෂ 200 ක් පමණ සිටින බව වාර්තා වෙනවා. ඒ වගේම මේ වනවිට අලුත් ගෙම්බන් විශේෂ 35 ක්ද සොයා ගන්නට පරිසරවේදීන් සමත් වී සිටිනවා. මේ අනුව ගෙම්බන් නිරීක්‍ෂණයට ලොව ප‍්‍රමුඛ පෙළේ රටක් බවට ලංකාව පත්ව තිබේ. ජෛව විවිධත්වයෙන් ඉහළම ස්ථානයක සිටින කොස්ටාරිකාවට ද වඩා වැඩි ගෙම්බන් ගහණයක් ලංකාවේ දක්නට ලැබෙන බවයි පරිසර විද්‍යාඥයන් පවසන්නේ.අපේ රටටම විශේෂිත වූ ගෙම්බන් විශේෂ ගණනාවක්ම සිටිනවා. ඒ වගේම ගෙම්බන්ගේ ශීඝ‍්‍ර වඳ වී යාමක්ද දකින්නට ලැබෙන බවයි විශේෂඥයන් පවසන්නේ. ඊට හේතු තවමත් සොයාගෙන නැහැ.

ගෙම්බන් සහ මැඩියන්

ගෙම්බා වියළි ගොඩැලි සහිත සමක් තිබීම.පසුපස ගාත‍්‍රා දෙක කුඩා වන අතර උන් පනින්නේ ඉතා කෙටි පිමි වීම.සාමාන්‍යයෙන් තෙතමනය සහිත ප‍්‍රදේශවල සිටින අතර සමහර විට ජලයෙන් බොහෝ පිටස්තරව වෙසේ.

මැඩියා  සිනිඳු තෙතමනය සහිත සමක් තිබීම.පසු  පස ගාත‍්‍රා දිගු වන අතර දිගු පිම්මක් පැනීමේ හැකියාව තිබීම.නිතරම ජලය අසල හෝ ඒ තුළ ජීවත් වේ. ජලයෙන් බොහෝ ඈතදී දකින්නට නොලැබෙන තරම්.

සුපිරි ගෙම්බෝ

විශාලතම-බටහිර අප‍්‍රිකාවේ වෙසෙන ගෝලියාත් ගෙම්බා ලොව විශාලතම ගෙම්බා ලෙසින් හඳුන්වනවා. අඩියක් පමණ දිගට වැඩෙන මෙම ගෙඹි විශේෂය සර්පයන් හැව හරිනවාමෙන් උගේ සම ද ගලවාදමනවා. සිරුර නැවීමෙන් සහ ඇඹරීමෙන් තම පිටත සම,බැනියමක් ගලවනවා මෙන් හිසෙන් ගලවා දමනවා. ඉන්පසු එසේ ඉවත හෙළු තම සම ආහාරයට ද ගන්නවා.

කුඩාම-ලොව සිටිනා කුඩාම ගෙම්බා වන්නේ මොහුයි. සත විසිපහේ කාසියක තරම් ප‍්‍රමාණයක සිරුරක් හිමියි. කියුබාවෙන් හමුවන මෙම කුඩා ගෙම්බාගේ විශේෂ 4000 ක් පමණ ලොව පුරා දක්නට බව පරිසරවෙිදින් පවසති.

සීතලම-උතුරු අමෙරිකාවේ වනාන්තර තුළ සිටින මේ ගෙඹි විශේෂය අවුරුද්දේ ශීත සෘතුවේදී මාස දෙකක් හෝ තුනක් පමණ අයිස් මෙන් ගල් ගැසී සිටින්නට හැකිය. හුස්ම ගැනීම සහ හෘද ස්පන්දනය ද මේ කාලය තුළ නතර වී තිබේ.එමෙන්ම සිරුරේ ඇති ජලය ද ඝන අයිස් බවට පත් වෙනවා. මෙම ගෙම්බන්ගේ රුධිරයේ සීනි හෙවත් ග්ලූකෝස් තිබෙන අතර ශීත යුගයේදී තම අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ආරක්‍ෂා කරන්නේ එමගිනි.

හොඳම දැල-කොස්ටාරිකාවේ සිටින මෙම කොළ පැහැති ගස් ගෙම්බා ගේ ගාත‍්‍රා වල ඇඟිලි පළල් පටලයකින් සම්බන්ධ වී තිබෙනවා. මෙම ගෙම්බා එක් තැනක සිට තවත් තැනකට පනිද්දි මෙම පටලය පළල් වී පැරෂුටයක් මෙන් කියාත්මක වේ.ගහකින් ගහකට පනිද්දි පියාඹා යන ආකාරයක් දිස් වුණද ඇත්තෙන් ම සිද්ධ වෙන්නේ නම් ගහකින් ගහකට ලිස්සා යාමයි.

වැඩිම විෂ-දීප්තිමත් රන් පැහැති මේ ගෙඹි විශේෂය අධික විෂ සහිත ගෙඹි විශේෂයක්. දකුණු ඇමෙරිකාවේ කොළොම්බියාව මොවුන්ගේ නිජ භූමියයි. මෙම ගෙම්බන්ගෙන් ඈත් වී සිටීම තම ශරීර සෞඛ්‍යයට යහපත්ය. මෙම ගෙම්බන් සතු විෂ ප‍්‍රමාණයෙන් මීයන් 20,000 ක් හෝ මිනිසුන් 8 දෙනෙකු මරණයට පත් කිරීමේ හැකියාව තිබේ.

අපූරු ගෙම්බො ඇමරිකානු ගෙම්බා-මෙම ගෙම්බන්ගේ ගැහැණු සතා වරකට බිත්තර 20,000 ක් පමණ දමනවා. විෂ සහිත ගෙඹි විශේෂයකි.

රතු ඇස් ඇති ගස් ගෙම්බා -මෙවැනි ගස් මැඩියන් විශේෂ 784 ක් පමණ සිටිති. සතුරන්ගෙන් ආරක්‍ෂා වීමට උගේ ඇති රත් පැහැති ඇස් උපකාරී වේ. ජලයට බර වී ඇති කොළවල යටි පැත්තේ බිජු ලන අතර බිත්තර පිපිරීමෙන් එළියට එන හිස් ගෙඩියන් ජලයට වැටෙනවා. මොවුන්ගේ ඇති විශේෂත්වය නම් ගස්වල විසීමයි. එහෙත් සමහර මැඩියන් වතුරේ හෝ ඒ අසල ජීවත් වේ.

ඉගිලෙන ගෙම්බා-ඉගිලෙනවා මෙන් පෙණුන ද ගහකින් ගහකට ලිස්සා යෑමයි සිද්ධ වෙන්නේ. මෙසේ පනිද්දි ඇඟිලි අතර පටලය පැරෂුටයක් මෙන් කි‍්‍රයා කරයි.

අඟ ඇති ගස් ගෙම්බා -මෙම ගෙඹි විශේෂයේ ගැහැණු සත්වයා අඟල් 3 ක් පමණ විශාලත්වයට වැඩෙන අතර පිරිමි සත්වයාගේ විශාලත්වය අඟල් 2 ක් හෝ ඊට වඩා කුඩා වෙනවා. ගැහැණු සතා තම බිජු උගේ පසුපස රඳවාගෙන සිටින අතර මොවුන් හිස් ගෙඩියන් බවට පත් නොවී කෙළින් ම වැඩුණු ගෙම්බන් බවට පත් වේ.  මෙම ගෙම්බන්ගේ සිරුර දුඹුරු පැහැති වුවද කට සහ දිව දීප්තිමත් කහ පැහැයක් ගනි.

මරණීය විෂ සහිත ගෙම්බා -වනාන්තරයේ ඇති විවිධ කෘමි වර්ග ආහාරයට ගැනීම මගින් මෙම ගෙම්බන් තම සිරුරට විෂ එකතු කර ගන්නාබව පරිසර වෙිදිහු පවසති.

ලොව දරැනුතම විෂ සහිත උභයජීවියා හීවිෂ ගෙම්බාය මෙම ගෙම්බාගේ විෂ ග්‍රෑම් 1 කින් මිනිසුන් ලක්ෂයක් පමන මරා දැමිය හැකියැයි පැවසේ 3-5cm අතර වේ. අපූර්ව වර්ණ ගනී. ස්නායු පද්ධතියට විශ නිසා හානි සිදු වේ. විශ ග්‍රන්ථි සිරුර පුරාම විසිරී ඇත. ඇමේසන් වැනි දකුණු ඇමෙරිකානු වැසි වනාන්තර වල බහුලව දැක ගත හැක. මෙම සත්ත්වයා ඉදිරියේ කිසියම් සතෙකු සිටින විට ඌ පොළොවට පාද ගසමින් ඉහළට පනී.මෙම සත්ත්වයා ඉදිරියේ කිසියම් සතෙකු සිටින විට ඌ පොළොවට පාද ගසමින් ඉහළට පනී. ඉදිරි පාද ඔසවමින් අනතුරු අගවයි. රතු ඉන්දියානුවන් මේ ගෙම්බාගේ විෂ යොදාගෙන  විෂ කැවූ ඊතල සාදයි සම විචිත්‍ර වර්ණ ගනි. එවා නම් කොළ ,කහ,කලු හා සමහර ගෙම්බන් නිල් වර්ණයෙන් ද සමන්විතයි.

ඕස්ට්‍රේලියානු කොළ පැහැති ගස් ගෙම්බා  ඕස්ට්‍රේලියාව තුලදී සරල වශයෙන් කොළ පැහැති ගස් ගෙම්බා ලෙසින් හැඳින්වෙන,ඕස්ට්‍රේලියානු කොළ පැහැති ගස් ගෙම්බා, වයිට්ගේ ගස් ගෙම්බා, හෝ තරබාරු ගස් ගෙම්බා (ලෙටෝරියා සෙරූලියා) යනු,ඕස්ට්‍රේලියාවේ සහ නව ගිනියාවේ දේශීය විශේෂයක් වන හා, නවසීලන්තයේ සහ එක්සත් ජනපදයේ ආගන්තුක ගහණයන් සහිතවූ,ගස් ගෙඹි විශේෂයකි. මෙම විශේෂය අයත් වන්නේ ලෙටෝරියා ගණයටය. ගණයෙහි සමහරක් විශේෂයන් හා සමගින්, විශේෂයෙන් ප්‍රතාපවත් ගස් ගෙම්බා (ලෙ. ස්ප්ලෙන්ඩිඩා) සහ යෝධ ගස් ගෙම්බා (ලෙ. ඉන්ෆ්‍රාෆ්‍රෙනාටා) හා සමගින්, කායික විද්‍යාත්මක සමානත්වයක් දක්වයි.

කොළ පැහැති ගස් ගෙම්බා, බොහෝ ඕස්ට්‍රේලියානු ගෙම්බන්ට වඩා විශාල වන අතර, උගේ දිග 10 සෙමී (4 අඟල්) තෙක් විය හැකිය. මෙම ගෙම්බන්ගේ සාමාන්‍ය ආයුකාලය අවුරුදු 16 ක් පමණවේ, එය අනිකුත් බහුතරයක් ගෙම්බන්ට සාපේක්ෂව දීර්ඝ කාලයක්වේ. කොළ පැහැති ගෙම්බන් හීලෑ සතෙක් වන අතර මිනිස් වාසස්ථාන අසල ජීවත් වීමට ඉතා සුදුසුය. මෙම සතුන් අලෝකයට ඇදී එන කෘමි සතුන් ආහාරයට ගන්නා අයුරු නොයෙක් විට ජනෙල් සහ නිවාස ඇතුලත දැකගත හැකිය. තවද අනතුරකට පත්වූ විට සතුරාව තැති ගැන්වීමට කෑගසන අතර සතුරා ස්පර්ශ කළවිට හීන් හඩක් නංවයි.

මෙම සතාගේ භෞතික සහ චරිත ලක්ෂණ හේතුවෙන් කොළ පැහැති ගස් ගෙම්බා ප්‍රාන්තයේ සිටින අතිශය හදුනගතහැකි ගෙම්බන් බවට පත්වී ඇත, තවද ලොව පුර සිටින ජනප්‍රිය විදේශීය සුරතල් සතෙකි. ඖෂධ නිෂ්පාදනයේදී ගෙම්බාගේ සමේ ස්‍රාවය ප්‍රතිබැක්ටීරිය සහ ප්‍රතිවයිරස උපයෝගී කරගතහැකි බව සනාථවේ.

කොළ පැහැති ගස් ගෙම්බා සහ ඔස්ට්‍රලේසියාවට ආවේණික සතුන් දුසිමක පමණ ලෙටෝරියා ගණය ට අයත් වේ  The common name of the species, “White’s tree frog”, is in honour of John White’s first description in 1790.[3]. මෙම සතුන්ගේ සාමාන්‍ය නාමය වන ” සුදු පැහැති ගස් ගෙම්බා ” යන්න 1790 දී John White ට ගෞරව කිරීම පිණිසය. විද්‍යාත්මකව වර්ගීකරණය කරන ලද පළමු ඕස්ට්‍රේලියානු ගෙම්බා කොළ පැහැති ගස් ගෙම්බාය.මෙම විශේෂය පිලිබද තොරතුරු Sir Joseph Banks ගේ සටහන් වල හමු වුවද දෙවන ලෝක යුධ සමයේ දී ජර්මානුවන්ගේ විසින් ලන්ඩන් හී Royal College of Surgeons හී පිහිටි Hunterian කෞතුකාගාරය ට බෝම්බ හෙලීම නිසා විනාශය ට පත්විය.

John White ගේ Journal of a Voyage to New South Wales හි පළවුණු කොළ පැහැති ගස් ගෙම්බාගේ ප්‍රථම මුද්‍රිත ඡායාරූපයයි. චිත්‍ර ශිල්පියා: එස්. ස්ටෝන්

ගෙම්බාගේ කොළ පැහැති වර්ණය නොසලකා මුලින් හදුන්වා ඇත්තේ “නිල් ගෙම්බා ” ලෙසය. White එංගලන්තයට යැවූ ප්‍රථම නිදර්ශකය සංරක්ෂණ ද්‍රව්‍යය නිසා හානි වූ අතර එය නිල් පැහැවී තිබුණි[3]ගෙම්බාගේ එම වර්ණයට හේතු වූයේ සංරක්ෂණ ද්‍රව්‍යය මගින් කොළ සහ නිල් වර්ණක ආවරණය කර තිබූ කහ පැහති තට්ටුව විනාශවීමයි, එම නිසා ගෙම්බා නිල් පැහැයෙන් දිස්විය[5].ලතින් භාෂාවෙන් නිල් පැහැය යන අර්ථය විශේෂ විරුද නාමයක් වන caerulea ලෙස නැවත නම්කරන ලදී. මෙම ගෙම්බා ඉතා සරළව කොළ පැහැති ගස් ගෙම්බා ලෙසද හදුන්වන නමුත්, එම නම බොහෝවිට එම පළාතේ සිටිනා සාමාන්‍ය කොළ පැහැති ගෙම්බට ලබාදී ඇත. උදාහරණයක් ලෙස ඇමරිකානු කොළ පැහැති ගස් ගෙම්බා හැදින්විය හැකිය(Hyla cinerea).

ඉස්ගෙඩියාගේ මුහුණුවර සංවර්ධනය මුළුල්ලෙහි වෙනස්වේ.මෙම ඉස්ගෙඩි විශේෂයේ දිග 8mm (වරක් බිත්තර රැක්කාට පසු) සිට44mm දක්වා පරාසයේවේ. ඔවුන් ආරම්භයේ දුඹුරු පැහැ ලප හෝ පැල්ලම් සහිත වේ, සංවර්ධනය අතරතුර සිවියෙහි පාට (කොළ පාට සිට දුඹුරු පාට දක්වා) වර්ධනයවේ. ඔවුන්ගේ යටිපැත්ත අඳුරු පැහැයෙන් ආරම්භකර එක්බිති ආලෝකමත්වේ, අවසානයේදී වැඩිහිටියන් සුදු පැහැවේ.ජල්ලි තුල විෂ්කම්භය 1.1–1.4mm වන දුඹුරු පැහැති බිත්තර වේ.

සුරතල් සතෙක් වශයෙන් කොළ පැහැති ගස් ගෙම්බා යනු ලෝකය පුරා සිටිනා වඩාත්ම ජනප්‍රියම ගෙම්බන් විශේෂයකි. ගෙම්බාගේ හීලෑ ස්වභාවය,බොහෝ විට විකට ස්වරූපය සහ දිගු ආයු අපේක්ෂාව හේතුවෙන් මෙම ගෙම්බා විදේශීය සතුන් හිමිකරුවන්ට ආකර්ශනීය තේරීමක් බවට පත්වී ඇත. කොළ පැහැති ගස් ගෙම්බා ආහාරය පුළුල් නිසා, සහ රෝග සඳහා ප්‍රතිශක්තිය වැඩි බැවින් නඩත්තු කිරිමට පහසු ගෙම්බන් විශේෂයකි. මෙම ගෙම්බන් සුරතල් සතෙකු ලෙස ඇති කිරීමේදී ඇති වන ප්‍රධාන ගැටළුවක් වන්නේ ප්‍රමාණය ඉක්මවා ආහාර ලබා දීමයි. අධික ලෙස ආහාර ලබාදීමෙන් කොළ පැහැති ගස් ගෙම්බා තරබාරු වේ. වනයෙදී, ගෙම්බෙකුට අතිරික්ත ශක්තියක් වැය වන්නේ ගොදුරු ඇල්ලිමටය. කෙසේවුවත්, වහල් භාවයේදී, ඔවුන්ට සජීවී ආහාර සිමා සහිත ඉඩ තුල ලබා දේ. එමගින් ආහාර ලබා ගැනීම සදහා කරන ක්‍රියාකාරකම් අවම වී බර වැඩි වීමට හේතු වේ. බර ඉක්මවා ගිය මෙම වර්ගයේ ගෙඹි විශේෂ වල, මේද පටල හිස මතුපිට හා ශරීරය මතුපිට තැන්පත් වීමෙන් “කොට තරබාරු” පෙනුමක් ලැබේ.එමනිසා කොට “තරබාරු ගෙම්බා” ලෙස හදුන්වයි.

ඔස්ට්‍රලියානු නිතිය මගින් කොළ පැහැති ගස් ගෙම්බා ට නීතිමය රැකවරණය සපයයි(ෆෙඩරල් පාරිසරික ආරක්ෂණ සහ ජෛය්ව විවිධත්ව ආරක්ෂණ පනත 1999). පුළුල් ව්‍යාප්තිය හා ගහනය, සමබර පුරුදු, සහා සංඛ්‍යාව අඩු විමේ ප්‍රවනතාව අඩු බැවින් IUCNවිසින් අඩු සැලකිල්ලට ලක්වූ විශේෂයක් ලෙස වර්ගීකරනය කර ඇත.

සමහර කොළ පැහැති ගස් ගෙම්බන්ගේ ස්වාභාවික පුරුදු විනාශ වී ඇත. තවද, සමහර ගෙම්බන් ට chytrid දිලීරය(chytridiomycosisහේතුවන) හේතුවෙන් රෝග වැළදී ඇති බව හදුනාගෙන ඇත. වෙනත් ගෙම්බන්ටද බලපාන මෙම හේතුන් දෙක නිසා, ඔස්ට්‍රේලියාව තුල කොළ පැහැති ගස් ගෙම්බන් ගහනය අඩු විමේ අවදානමක් ඇති වී ඇත. කෙසේවුවද, දිගු කාලින ආයු අපේක්ෂාව නිසා, ප්‍රජනන ප්‍රතිශතයේ අඩු වීමක් හදුනා ගැනීමට කෙටි කාලින ආයු අපේක්ෂිත විශේෂ වලට වඩා වැඩි කාලයක් ගත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *