ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී නඩුව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට තර්ජන

නාවික හමුදා  නිලධාරීයකු යැයි  සැකකරෙන පුද්ගලයකු විසින්

පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර සිටින  රියර් අද්මිරාල්  රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට සම්බන්ධ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී   විභාගයට ගැනෙන  නඩුව  වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනකුට  අධිකරණ භූමියෙන් පිටතදී යම් පුද්ගලයකු පහර දී තිබේ.මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අධිකරණ පොලිස් මුරපොලට පැමිණිල්ලක්  ද  ඇත.

අද උදෑසන කැඳවු  නඩුව පස්වරු 2.30 වන තෙක් කල් තැබු අවස්ථාවේදී ,    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණ භූමියෙන් පිටතට පැමිණි පිටව යාමට සැරසෙන අවස්ථාවේදී  ඔහු සමඟ සිටි නාවික හමුදා  නිලධාරීයකු යැයි  සැකකරෙන පුද්ගලයකු විසින්  එතැන සිටි  මාධ්‍යවේදීන්ට පහර දී තිබේ.පහර දුන්   එම පුද්ගලයාද එතැන සිටි පොලිස් නිලධාරීන්  විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *