මාක්ස් නැතිව ඉදලා වීඩියෝ කලයි මාධ්‍යවේදියාට තග දමලා

සෞඛ්‍ය පුරුදු රටට පෙන්වන්න යාම වරදක් ද සැකකරු පොලිස් අත්අඩංගුවට

කොරෝනා වසංගත තත්වයෙන් හෙම්මාතගම නගරයේ විෂබිජහරණය කොට මුඛ ආවරණ නොමැති ජනතාවට සහ වෙළෙදුන් දැනුවත් කිරිමට හෙම්මාතගම පොලිසිය අද 24 පෙරවරුවේ කටයුතු කර අතර එහිදි නගරයේ ව්‍යාපාරිකයෙකු විසින් එම සියලූ කටයුතු මාධ්‍ය අවරණ කටයුතු කර අප මාධ්‍යවේදියාට බැන තර්ජනය කොට කැමරාවටද හානි කිරිමට තැත් කරමින් මාධ්‍ය කටයුතු වලට බාධා කිරිමෙන් පසු සැකකරු හෙම්මාතගම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.
හෙම්මාතගම පොලිස් ස්ථානය මගින් හෙම්මාතගම නගරයේ පිහිටා ඇති බස් නැවතුම මෙන්ම සියලූ මගී බස් රථ විෂබිජහරණය කරන ලද වැඩසටහනක් අද සංවිධානය කර තිබු අතර ඒ සම්බන්ධයෙන් අප මාධ්‍යවේදියාටද සහභාගි වන ලෙස හෙම්මාතගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතා විසින් දැනවුත් කර තිබුණි.
ඒ අනුව බස් නැවතුම සහ අවට ප්‍රදේශය විෂබිජහරණය කර අතර පසුව හෙම්මාතගම නගරය වෙත මුඛ ආවරණ නොමැතිව පැමිණෙන ජනතාව පොලිසිය විසින් දැනුවත් කර අතර ඊට සමගාමීව නගරයේ ව්‍යාපාරික ප්‍රජාවද දැනුවත් කරන ලදි.
එම අතරවාරයේ අප මාධ්‍යවේදියාද නගරයේ ඒ මේ අත යමින් මුඛ ආවරණ හා නියමිත සෞඛ්‍ය පුරුදු නොමැති ජනතාව සිදු කරන වැරදි ක්‍රියා විඩියෝ ගත කරන ලද අතර එලෙස එම කටයුතු වල සිදු කරන ලද්දේ එම කටයුතු මාධ්‍ය හරහා පෙන්විමෙන් පසුව ජනතාව දැනුවත් කිරිම හරහා එම සෞඛ්‍ය පුරුදු වලට නැවත ජනතාවට හුරුවක් ලබා දිමටයි.
එම අතරවාරයේදි උදෑසන 8 ත් 9ත් අතර කාලයේ හෙම්මාතගම නගර මධ්‍යයේදි මුඛ ආවරණ නොමැති පුද්ගලයෙකු ඒ මේ අත යන අකාරය අප මාධවේදියා විඩියෝකරණ ලද කොටසේ සිටි ව්‍යාපාරික පිරිස් අප මාධ්‍යවේදියාට පෙන්වා දෙන ලදි.
පසුව අප මාධ්‍යවේදියා විඩියෝ කැමරාව ඔහු සිටි මාර්ගයෙන් අනික් පස කුඩා ලොරි රථයකට මුවාවි හනි හනිකට මුඛ ආවරණය දමන අයුරු විඩියෝ ගත කිරිමට ගිය අවස්ථාවේ තර්ජනාත්ම ස්වරයෙන් බැන වැදි මාධ්‍යවේදියාගේ කැමරාවද තල්ලූ කරමින් ඔහුට ගැසිමට මෙන් පැමිණි අතර කැමරාව තල්ලූ කරමින් අසභ්‍ය වචන වලින් බැන වැදි ඇත.
ඒ අතරවාරයේ පොලිසියද එම ස්ථානයට පැමිණ සිද්ධිය සමතයකට පත් කිරිමට උත්සාහ කරන විටත් අදාල පුද්ගලයා දිගෙන් දිගටම අප මාධ්‍යවේදියාට බැන වදිමින් ඔහුගේ කැමරාවට අතින් ගසමින් තර්ජනය කර අතර පසුව මාධ්‍යවේදියා විසින් සිය ආත්ම ආරක්ෂාවට හෙම්මාතගම පොලිසිය වෙත පැමිණිල්ලක් කරන ලදි.
එසැණින් ක්‍රියාත්මක වු හෙම්මාතගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලූ නිලධාරින් අදාල සැකකරු අත්අඩංගුවට ගැනිම සිදු විය.
රටේ පවතින වසංගත තත්වය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන සියලූ දෙනා වෙනුවෙන් මාධ්‍ය මෙහෙවරක නිරත වන අවස්ථාවේ ඊට බාධා කරමින් කටයුතු කරන ලද සැකකරු සම්බන්ධයෙන් නිතීය ක්‍රියාත්මක කර යුතු බවට මේ වන විටත් කෑගල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරි මාධ්‍ය එකමුතුව ඇතුලූ දිවයිනේ මාධ්‍ය සංගම් කිහිපයකම පවසයි. ප මාධ්‍යවේදියා මාධ්‍ය ප්‍රධානින්ටද මේ සම්බන්දයෙන් දැනුවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් නිතීය ක්‍රියාත්මක කරන ලෙස සියලූ වගකිව යුත්තන්ද දැනුවත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *