ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට එක්වෙමු // එජාපයේ මිනුවන්ගොඩ විරෝධතාව

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනගනවා

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් අද දින මිනුවන්ගොඩ නගර මධයේ එක්සත් ජාතික පක්ෂයේ මිනුවන්ගොඩ එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් විරෝධ තාවයක නිරත වන ලදී. එක්සත් ජාතික පක්ෂයේ මිනුවන්ගොඩ සංවිධායක එඩ්වඩ් ගුණසේකර ,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන පාලිත තෙවරප්පෙරුම ,හෙක්ටර් අප්පුහාමි,රෝස් ප්‍රනාන්දු ,කිත්සිරි මංචනායක ,නගර සභාවේ විපක්ෂ නායක ශ්‍රීමාල් මාරසිංහ ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් පාක්ෂිකයන් මෙම අවස්ථාවට සහභාගීවන ලදී.

ජනාධිපතිවරයා විසින් නීති විරෝධී අගමැති වරයෙකු පත්කිරීම ඇමති මණ්ඩලයක් පත්කිරීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඇතුළු විවිධ සටන් පාඨ කියමින් නගරය වටා විරෝධතා පාගමනින් ගමන් කරන ලදී.ඉදිරියේදී පැහැදිළි එජාප අනදුවක් පිහිටුවීමට කටයුතු කරන බවත් මේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිදුකල වරදට හන්දිගනේ ගොස් ජනතාවගෙන් සමාව ගැනීමට සිදුවන බවත් මොන අභියෝග පැමිණියද තම පක්ෂයේ සහ පාක්ෂිකයන්ගේ බලාපොරොත්තුව ඉටු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පුළුල් සන්ධානයක් යටතේ තරග කිරීමට බලාපොරොත්තු වන බව පැමිණ සිටි මන්ත්‍රීවරුන් සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *