මාලිමාව දිනවන රටේ මිනිසුන් සමග ගම්පහ ඔබත් එක්වන්න // විජිත හේරත් කියයි

අපි ගම්පහ ජනතාව වෙනුවෙන් වසර 20 ක් පාර්ලිමේන්තුවේ හිටියා ජනතාවට ජයග්‍රහණ ලබා දුන්නා අපේ මන්ත්‍රී දුරය කිසිම වංචාවකට ලක් කලේ නැහැ අවභාවිතා කලේ නැහැ ඒ සහතිකය මදිද අපි ජාතික ජන බලවේගය විදියට මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ගම්පහට හොද කණ්ඩායමක් ලබා දීලා තියෙනව එම කණ්ඩායම තුල වංචනිකයන් නැහැ පස් කපන වැලි කපන අය නැහැ ,කප්පම් ගන්න අය නැහැ ,රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන අය නැහැ මිරිස් කුඩු ගහන අය නැහැ එහෙනම් ජනතාවට ලේසියි මාලිමාවට ඡන්දය දෙන්න දෙවරක් හිතන්න දෙයක් නැහැ

මෙවර අපි ගම්පහ දිස්ත්‍රික්කයෙන් හොද ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙනවා අපිට ලැබෙන ප්‍රතිචාර හොදයි ඒ සියලු ප්‍රතිචාර අගෝස්තු 5 වෙනිදට ඡන්ද බවට පත්කරන්න එතකොට ඔබ ලබන ජයග්‍රහණයක් වෙනවා රටේ ජනතාව ලබන ජයග්‍රහණයක් වෙනවා අපි ගම්පහ මැතිවරණ සටන පටන් ගැනීමේ දී සිටිය තැනට වඩා හොද ස්ථානයක් ඉන්නවා ජනතාව තුල අපි ගැන ලොකු විශ්වාසයක් ගොඩනැගිලා ඉවරයි සිල්ලර දේවල් ටික ගන්න ඡ න්දය මාලිමාවට දෙන්න ඔය බෙදන සියලු දේවල් අගෝස්තු 5 වෙනිදා වෙනකම් විතරයි ඒ ටික ගන්න අයෙත් අවුරුදු 5 කින් තමයි ඔය කයිවාරු කාරයන් දකින්න ලැබෙන්නේ ඇත්ත මිනිස්සු දිනවන්න මේ තිත්ත දේශපාලනය ජනතාවට එපා වෙලා එක නිසයි 225 එපා කියන තැනට ජනතාව වැටිලා තියෙන්නේ ආණ්ඩුව හදන්නේ 225 එපා කියලා ජනතාවට මතය දීලා තමන්ගේ ගමන යන්න එහෙනම් ජනතාව තේරුම් ගන්න ඕන පාලකයන් කරන්නේ නැවත ජනතාව ගොනාට අන්දලා ඡ න්ද ටික අරගෙන පාර්ලිමේන්තු ගිහින් අවුරුදු 5 කරගෙන යන්න මෙහෙම මන්ත්‍රීවරු ගම්පහට ඕනද කියලා ජනතාව තේරුම් ගන්න

අද රට වැටිලා තියෙන තැනින් ඉදිරියට ගන්න අවශ්‍ය පාර්ලිමේන්තු බලය ජනතාව අප සතු කරන බවට ලොකු විශ්වාසයක් තියෙනවා මේ ප්‍රධාන කියන සියලු පක්ෂ ජනතාව ඉදිරියේ එකක් කියලා තව එකක් කරන බව වසර 72 ක් පුරාවට ජනතාවට අත්දැකීම් තියෙනවා මෙහෙම ආණ්ඩු හදල ජනතාවට ලැබුනේ මොනවද තවත් අවුරුදු පහකින් එපා වෙලා පරණ හොරුන්ටම බලය දෙනවා හොරු එකතුවෙලා ජනතාවට වැඩේ දෙනවා දැන් ජනතාව පෙරට එන්න ඕන ඒකට අවශ්‍ය නායකත්වය අපි දෙනවා අපි ජනතා විශ්වාසය රකින බවට ජනතාව තුල ලොකු විශ්වාසයක් තියෙනවා එක කරගන්න අපිට පාර්ලිමේන්තුවේ ලොකු බලය දෙන්න මේ සියලු දෙනාම අපි හරි පාරේ ගෙනියන වැඩේ කරනවා අපි ඉල්ලන්නේ හොරු නැති කරන වැඩේ එක පාරට කරන්න බැහැ හොරු වංචා කාරයන් පාර්ලිමේන්තුවට යවන්නේ නැති වැඩේ ජනතාව කරන්න එතකොට හොද මිනිස්සුන්ට පාර්ලිමේන්තුව ඇතුලේ ඉතුරු හොරු ටිකත් සුද්ද කරන්න පුළුවන් ඒ වෙනුවෙන් මාලිමාව දිනවන්න අපේ නියෝජනය පාර්ලිමේන්තුවේ වැඩි කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *