ජොනී සතොස නඩුවෙන් නිදොස් කර නිදහස් කෙරේ

මහාධිකරණ විනිසුරු  මේනකා විජේසුන්දර මහත්මිය අද නියෝග කළාය

සතොසට අයත් රුපියල් මිලියන 05 කට අධික මුදලක් අවභාවිත කිරිමේ චෝදනා මත ,හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරූණැගල මහාධිකරණය  නියෝග කළේය. අද (17) විභාගයට ගත් අවස්ථාවේදී  විත්තියේ සාක්කි නොකැඳවාම මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට  කුරුණෑගල මහාධිකරණ විනිසුරු  මේනකා විජේසුන්දර මහත්මිය අද නියෝග කළාය.

මීට පෙර නඩු වාරයේදී  පැමිණිල්ලේ සාක්කි විභාගයට ගෙන අවසන්  කෙරෙුණු  එම සාක්කි ඔප්පු කිරීමට නොහැකි බව  තහවුරු වීමෙන් පසුව අද (17) යළි නඩුව කැඳවු අවස්ථාවේදී, පැමිණිල්ලේ සාක්කි පරස්පර විරෝධි බැවින් එහි විශ්වසනීයත්වයක් නැතැයි පවසා නඩුව අවසන් කරන ලෙස ඉල්ලමින්  විත්තියේ නීතීඥයන්  කළ ඉල්ලීමකට අනුව  කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරිය විත්තියේ සාක්කි නොකැඳවාම  නඩුව අවසන් කිරීමට නියෝගය නිකුත් කළාය.

ඒ අනුව ජොන්සටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් සාකීර් , සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන තිදෙනා මෙසේ නිදහස් කෙරිණි.වයඹ  පළාත් සභා මැතිවරණයේදී  සතොස මුදල් අවභාවිත කළැයි මොවුන්ට චොදනා එල්ලවී තිබු අතර නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ තැබීමටද මීට පෙර නඩු විභායේදී  අධිකරණයෙන් නියෝග කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *