බතික් කලාව යළි සිත්තම් කරන්නට කාලය එළඹ ඇත

අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.මේ කර්මාන්තවල නිරත නිෂ්පාදකයන් නගා සිටුවමින් තවත් නිෂ්පාදකයන් ඊට ආකර්ශණය කර ගැනීම ඉන් අපේක්ෂා කෙරේ.රෙදිපිළී සහ ඇගළුම් කර්මාන්තයේ නිරතවූවන් මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් පසුගිය (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මේ තීරණ ගනු ලැබතිබිණි.

ආනයනික රෙදි භාවිතයෙන්,නිපැයෙන ඇඟළුම් වෙනුවට දේශීය රෙදි නිෂ්පාදන ආශ්‍රිත නිමි ඇඳුම් සඳහා වැඩි වෙළෙඳ පොළ අවස්ථාවක් ලබාදීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.එමගින් විදේශයන්ට ඇදී යන විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බව විස්වාස කෙරේ.මෙයට අමතරව,පාසල් සහ විවිධ නිල ඇඳුම් සඳහා කෙරෙන රෙදි නිෂ්පාදනයේ ප්‍රමිතිය ඉහළ ගුණාත්මක අගයක් තිබිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.ඒ සඳහා සුපරීක්ෂක කණ්ඩායමක් යෙදවීමට ද තීරණය කෙරිණ.

කිහිප දෙනෙක් සතු රෙදි පිළි නිෂ්පාදන වෙළෙඳපොළ ඊට කැමැත්තක් දක්වන වෙනත් ආයෝජකයන්ට ද විවෘත කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.නිමි ඇඳුම් නිෂ්පාදකයන් සහ දේශීය වෙළෙඳ ආයතන සාමූහිකව රැස්ව තීරණ ගැනීමෙන් පුළුල් වෙළෙඳපොළක් නිර්මණය කළ යුතු බවත්,සෙසු රටවල ගැනුම්කරුවන්ට ඇඟළුම් තොග වශයෙන් මිලදී ගැනීමට වෙළෙඳ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවත් අවධාරණය කෙරිණ.විදේශ රටවලින් ගෙන්වන නූල් සහ රසායනික වර්ණයන්ගේ ප්‍රමිතිය සහ මිල ගණන් ආශ්‍රිත ගැටළු නිරාකරණය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුයේ ය.

බතික් කර්මාන්තය ඉන්දුනීසියානුවන් විසින් ලොවට දායාද කල,අදටත් ඉහළ පිළිගැනීමක් ඇති කර්මාන්තයක් වශයෙන් හැදින්විය හැක.අදවන විට යුනෙස්කෝ සංවිධානය විසින්ද බතික් කර්මාන්තය ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. යටත් විජිතකරණයේ ප්‍රතිපලයක් ලෙස ලන්දේසි යුගයේදි,ශ්‍රී ලංකාවට මෙම බතික් කලාව දායාද විය.එතෙන් පටන් ලංකාව තුළ ප්‍රචලිත වූ බතික් කලාව 1970 දශකය වන විට ගෘහ කර්මාන්තයක් වශයෙන් ජනප්‍රිය වූ යේ ය. බතික් කලාවේ පදනම වෙන්නේ ඉටි සහ වර්ණ,ඉටිවලින් වැක්ස් කිරීම තුළින් වර්ණ හැඩතල මතු කිරීම සිදු වේ.අදවන විට විදෙස් වෙළෙඳපොළ තුළ බතික් සදහා දැඩි ඉල්ලුමක් පවති.

ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමට අපනයනය කේන්ද්‍ර කර ගත් බතික් කර්මාන්තයෙන් සුවිශාල දායකත්වයක් ලබා ගත හැකි බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් ඇමැති දයා ගමගේ මහතා විසින් ද පසුගිය ආණ්ඩුකාලයේද තිරණය කර තිබිණි.හිටපු අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානයද මෙයට ලැබි තිබිණි.

ලංකාවේ.බතික් කර්මාන්තය සංචාරක කර්මාන්තය කෙරෙහි ද සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.ලෝක වෙළෙඳපොළේ ලාංකේය බතික් නිර්මාණවලට ඉතා හොඳ ඉල්ලුමක් පවති. නමුත් පසුගිය කාලයේ ඇති වූ ආර්ථික විචල්‍යය සහ පාරිසරික හේතු මත ලාංකේය බතික් කර්මාන්තය යම්කිසි පසුබෑමකට ලක් වූ යේ ය.

ලෝකයේ බතික් සඳහා ඇති ඉල්ලුම සහ කැමැත්ත පාදක කර ගනිමින් ලාංකේය සංස්කෘතිය සහ නිර්මාණ කලාව එක්තැන් කරමින් විදෙස් වෙළෙඳපොළේ නව මානයක් හඳුනා ගැනීමටත්,ග්‍රාමීය කුටුම්භ ආර්ථිකය පෝෂණය කිරීමටත්,ලෝකයේ බතික් කර්මාන්තය ආශ්‍රිත නව තාක්ෂණ ක්‍රමවේද හඳුන්වාදීමටත් මේ වන විට සක්‍රීය දායකත්වයක් ලබා දේ.එහි ප්‍රතිඑලයක් ලෙස බතික් පුහුණු වැඩසටහන් පැවැත්වීම, බතික් ගම්මාන බිහි කිරීම, බතික් කර්මාන්තයේ නියැලෙන්නන්ට විදෙස් පුහුණුව ලබාදීම ආදිය හඳුන්වා දීමත් සිදු කිරීමට මෙහි දි පියවර ගන්නේ නම් අගනේය. ඒ බැව් බතික් කර්මාන්තයේ නියලෙන කර්මාන්ත කරුවෝ පෙන්වා දෙති.

ඉන්දුනීසියාවේ සෑම සිකුරාදාවක ම බතික් ඇඳුමකින් සැරසිය යුතුයි. එමඟින් එරට බතික් කර්මාන්තයට විශාල දායකත්වයක් ලැබේ. එවැනි ක්‍රියාමාර්ගයක් අප රටට හඳුන්වා දෙනු ලැබුවහොත් අප රටේ ද බතික් කර්මාන්තයට හොඳ ඉල්ලුමක් ඇති වී එය ග්‍රාමීය ආර්ථිකයට ශක්තිමත් කර ගත හැකියි. සංචාරක ආකර්ෂණය දිනා ගනිමින් වසර 1970 ගණන්වල ජනප්‍රියත්වයට පත් ව තිබූ බතික් කර්මාන්තය කාලයාගේ ඇවෑමෙන් අද වන විට අභාවයට පත්වෙමින් තිබේ.

බතික් කර්මාන්තයට අවශ්‍ය අමු රෙදි,ඒ සඳහා අවශ්‍ය වැක්ස්,ඩයි වර්ග වෙනුවෙන් වන වැට් බදු අඩු දේශිය කර්මාන්ත කරුවා දිරිමත් කළ යුතුව ඇත. බතික් නිර්මාණකරුවන්ගේ සංගමයක් පිහිටුවා බතික් කර්මාන්තය බතික් නොව ආකාරයෙන් සංවර්ධනය කළ යුත ය යන්න කර්මාන්ත කරුවන්නේ මතයයි.

බතික් ව්‍යාපාරිකයන්ට තම නිර්මාණ අලෙවි කර ගැනීමටත්,නව ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමටත් අවස්ථාව ලබාදිය යුතුව ඇත.විදෙස් බතික් නිර්මාණ කරුවන්ගේ සහභාගිත්වය මෙහි දී වැදගත්ය.නව තාක්ෂණය සහ අදහස් හුවමාරුවට ද වැදගත්ය.

බතික් මෝස්තර කලාව කාලයක ඉහළම ජනපි‍්‍රයත්වයක් ලබා තිබූ එකකි.ඒ වගේම දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළේ ද ඉහළ ඉල්ලුමක් තිබුණි. අපේ රටට,සංචාරකයන්ගේ ආකර්ෂණය කරගන්න කදිම ව්‍යාපාරයක් ද විය. ඒ එම මෝස්තර නිර්මාණයන්හි පවතින කලාත්මක බව සහ නිර්මාණශීලීත්වය මෙන්ම ආකර්ෂණීය නිමාව හේතුවෙනි.50 දශකයේ ඕලන්ද යුගයේ දී ලංකාවට හඳුන්වා දුන් බතික් කලාව එක් යුගයකදී හස්ත කර්මාන්තයක් වශයෙන් අපේ රටට ඉමහත් ප්‍රතිලාභ අත්කර දුනි.

එහෙත් මෑත කාලයේ දී අපේ රට තුළ බතික් කලාවට තිබූ ප්‍රබෝධයේ හීන වීමත් දක්නට ලැබේ.දේශීය බතික් කර්මානන්තයබ එදා තිබූ තැනට යළිත් පත්කරමින් ස්වයං රැකියාලාභීන්ට හොඳ ආදායම් මාර්ගයක් ඇතිකරලීම කාලීන අවශ්‍යතාවකි.සැබැවින්ම බතික් කලාව සාර්ථක හස්ත කර්මාන්තයක් ලෙස තවදුරටත් ඉදිරියට ගෙන යා හැකි කලාවකි.

අපගේ උත්සාහය මේ සුන්දර බතික් කලාව මැකී යා නොදී ආරක්ෂා කිරීමයි. එහි අතීත යසස නව පරපුරට උරුමකර දීමයි. ඒවගේම නොයෙකුත් ආර්ථික හා සමාජයීය කරුණු හේතුවෙන් බතික් කර්මාන්තය කෙමෙන් අවගමනය වුණා. එහෙත් එහි ඉල්ලුමේ අඩුවීමක් නම් නැහැ. එබැවින් නැවත මේ බතික් කලාවට ජීවය දෙන්න අප දෙදෙනා සූදානම් යැයි බතික් කර්මාන්ත කරුවෝ පෙන්වා දෙති.

හිත නිවන කලාවක් වූ බතික් කලාව රැකියා නොමැතිව ළතැවෙන තරුණ පරපුරට ගෞරවනීය වෘත්තියක් කරගැනීමට මෙය කදිම අවස්ථාවකි. ඔබත් බතික් මෝස්තර සහ තාක්ෂණය පිළිබඳ දැනුවත්ව අපේ රට තුළ නිර්මාණශීලී,නිෂ්පාදකයකු වන්නට හිතට ගන්න. මේ ඔබට රටේ සංවර්ධනයට දායක විය හැකි අගනාම අවස්ථාවකි.මේ සඳහා ආන්ඩුව ලබාදෙන බැව් කිය සහන හරහා දිගු ගමනක් බතික් කාලවට යා හැකිය.

සත්තකින්ම ලංකාදිපයේ වැසියන්ට වර්ණ සහ රෙදිපිළි සම්බන්ධ ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ක්‍රි.පූ. 6 වැනි සියවස තරම් ඈත කාලයේ මෙරට වැසියන් කපුවලින් රෙදි වියූ බවට සාක්ෂි තිබේ.එසේම කාලයාගේ ඇවෑමෙන් දේශීයව සොයාගත් කොළ,මුල්,ගෙඩි, පොතුවලින් සාදාගත් වර්ණ යොදාගෙන සළුපිළි වර්ණ ගැන්වීමට ද ලක්වැසියෝ පෙළඹී සිටියහ.එම නිසාම රෙදි විවීම සම්බන්ධ මෙන්ම වර්ණ ගැන්වීම සම්බන්ධයෙන් ද ලක්වැසියන් හපනුන් වූ බව ඉතිහාස වාර්තාවල සටහන් වී තිබේ. ඇත්තටම බතික් කලාවේ ඉතිහාස කතාවට සාක්ෂි අප වෙත ලැබුණේ සයුරෙන් එතෙර රටවලිනි.

හය වැනි සියවසට අයත් චීනයෙන් සොයා ගැනුණු බතික් සළුපිළි කිහිපයක් නිසාවෙන් බතික් කලාවේ ඉතිහාස කතාව ආසියාවේ ගිනිකොණට ගෙන යයි. එය වඩාත් තහවුරු වන්නේ හත්වැනි සියවසේ චීන ඉන්දුනීසියානු වැසියන් මෙන්ම ජපන් ජාතිකයන් ද බතික් නිර්මාණකරණයේ නිරත වූ බවට සාක්ෂි ලැබීම තුලින්ය. ඇත්තටම මෙම යුගයේ බතික් සළුපිළි සමාජ තත්ත්වයේ පිළිබිඹුවක් වී තිබේ. ජාවා දූපත් වැසියන්ගේ බතික් කලාව අද ද ඊට නිදසුනකි.

මල්,පලතුරු,මාළු,සමනලයන්, කුරුළු ආදී රූප යොදමින් නිමවන ජාවා බතික් ලොව පුරා ධනවතුන්ගේ ආකර්ශනය දිනාගෙන තිබේ. ලංකාවේද මනරම් වු කලාවන් එක්කර චිත්‍ර කාලවන්ද එක් කොට බතික් නිපැයුම් සකස් කරති.ලෝකයේ බතික් කලාව අතරේ ගත් කළ බතික් ශිල්පය දියුණු ජාවා දූපත් වැසියන් එය හඳුන්වන්නේ තික්‍රික් සහ ටැරිතික් නම්වලිනි. එහි අදහස තිත්වලින් සිතුවම් කරන ලද රෙදි යන්නයි. ජාවා දූපත් වැසියන්ගේ මෙන්ම ඉන්දුනීසියානු ජාතිකයන්ගේ සංස්කෘතිය තුළ ද බතික් කලාවට ප්‍රමුඛස්ථානයක් හිමි බව මෙහිදී සිහි කළ යුතුය. අදටද එම රටවල නූතනයේ පවා ප්‍රමුඛ ආදායම බවට බතික් කර්මාන්තය පත්ව තිබේ.

බතික් කර්මාන්තයේ ඉතිහාසය ආසියාව මත ලඝු නොකරන ඇතැම් ඉතිහාසඥයන්ට අනුව ඉපැරැණි බතික් නිර්මාණ කලාව ඇරැඹී ඇත්තේ ඊජිප්තුවෙනි. නයිල් නිම්න ශිෂ්ටාචාරයේ වැසියන් ඉටි භාවිත කරමින් සළුපිළි මත රටා මවන්නට උත්සාහ ගත් බව ඔවුන්ගේ මතයයි. පර්සියානු සහ මිසර වැසියන් කැඳ හා ඉටි බින්දු තැවරීමේ තාක්ෂණය ලොවට හඳුන්වා දුන් බව කියැවෙයි. මේ අනුව යමින් වසර 2000කට පමණ ඉහතදීත් පර්සියානුවන් බතික් නිර්මාණවල නිරත වූ බව පැවසෙයි.

මෙම මතය සත්‍යයක් නම් පර්සියානු වෙළෙඳ ආධිපත්‍ය මත බතික් කලාව ලොව පුරා ප්‍රචලිත වන්නට ඇති බව අපට සිතිය හැකිය. කෙසේ නමුත් නොදියුණු යුගයේ බිහිවුණු විසිතුරු බතික් කලාව පසුගිය දශකයේ  2009 වසරේදී යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක සංස්කෘතික උරුමයක් ලෙස නම් කරන ලදී.

ශ්‍රී ලංකාවට බතික් කලාව හඳුන්වා දීම සම්බන්ධයෙන් කතා කරන විට පැරැණි පුවත්පත් වාර්තා අනුව එක්දහස් නවසිය පනහ හැට වැනි දශකවලදී සෝමා උඩබාගේ නම් මහත්මියකගේ මැදිහත් වීමෙන් ලංකාවට බතික් කලාව හඳුන්වා දෙනු ලැබීය. කෙසේ වෙතත් එම කරුණ තහවුරු කර ගැනීමට අපට නොහැකි විය. එහෙත් ලංකාවට බතික් කලාව ලැබීම සම්බන්ධ ඉතිහාස කතා ඊට ඈතට දිව යන බව හැඟවෙන කතාවක් අපට දැනගන්නට ලැබුණි.

අප පෙර කියූ ලෙසින් ශතවර්ෂ ගණනාවකට පෙර බතික් කලාව ආරම්භ වූයේ වර්තමානයේ ඉන්දුනීසියාව සහ මැලේසියාව ආදී  රටවලින් බව කියැවුණි. මුල්කාලීනව එම රටවල ගම්වාසීන් හා ගෝත්‍රිකයන් අතරේ පැවති මෙම කලාව ලන්දේසීන් විසින් ශ්‍රී ලංකාවට ගෙන එන ලද බව කියැවේ. ඒ අනුව ලාංකික බතික් කලාවේ ඉතිහාසය ලන්දේසි යුගය දක්වා දිව යන බව කියැවේ. ඕනෑම කලාවක් තුළ දේශීයත්වය සලකුණු කිරීමේ ලාංකිකන් සතු හැකියාව බතික් කර්මාන්තය තුළින් ද මනාව ප්‍රකට වෙයි. දේශීය සංස්කෘතිය,අන්‍යොන්‍යතාව පිළිබිඹු වන විචිත්‍ර මෝස්තර මේ බතික් කලාවට එක් කිරීමට අපේ නිර්මාණකරැවෝ සමත් වූහ. ලංකාවේ බතික් ලොව පතල වීමේ රහස වූයේ එයයි.

ඉන්දුනීසියාවේ ආරම්භ වන බතික් කර්මාන්තය 19 වැනි සියවස ආරම්භයේදී ලන්දේසීන් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අතර අද එය රටට පමණක් ආවේණික වූ රෙදිපිළි කලාවක් දක්වා වර්ධනය වී තිබේ. 1970 දශකය අග භාගයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනය බතික් ඇතුළු දේශීය හස්ත කර්මාන්ත සඳහා විශාල බලපෑමක් එල්ල කෙරුණි. ඒ අනුව ගෘහ කර්මාන්තයට සීමා වී තිබුණු බතික් කර්මාන්තය ධනෝපායන මාර්ගයක් බවට පත් විය. ලංකාවේ රාජ්‍ය ආයතන බොහොමයක් මෙම කර්මාන්තයට මැදිහත් වන්නට වූයේ ඒ අනුවය. බතික් පුහුණු පන්ති රට පුරා ව්‍යාප්ත වන්නට විය. ගෘහ ආශ්‍රිතව කර්මාන්තශාලා බිහි විය. 80 සහ 90 දශකය තුළ බතික් කර්මාන්තය ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් ලංකාව තුළ ව්‍යාප්ත විය.ක්‍රමයෙන් පාරම්පරික කර්මාන්තයක් බවට පත්වෙමින් පැවැති බතික් කර්මාන්තය ක්‍රමයෙන් අභාවයට පත්වන්නට වූයේ ආනයනික රෙදිපිළි හරහාය. ජාවා බතික් ආනයනය හරහා ලාංකික කර්මාන්තකරුවාට එල්ල වූයේ මරු පහරකි. අවසානයේ බතික් කර්මාන්තය ආ වේගයෙන්ම පරිහානියට පත්වන්නට විය.මේ අනුව අදවන විට ලංකාවේ පතික් කලාව වළ පල්ලටම ගොස් ඇති බැව් බතික් කර්මාන්ත කරුවෝ පෙන්වා දෙති.

නෙතගත සිත මන්මත් කරවන ‍සෞන්දර්යාත්මක හැඟීම් අවදි කරන බතික් කලාව නුදුරු දිනකදී අහිමි වේදෝ යන සැකය දැන් අපට මතුව තිබේ. සත්කින්ම බතික් ශිල්පීන් සොයා ගැනීම ඉතා දුෂ්කර කර්තව්‍යයක් වී ඇති බව පෙනී යයි.ඉතිං අපට අපේ දේ රැක ගන්නට නිසදු පාලකයෙක් නිදහසික් පසුව මේරටපාලනය කළාද යන්න ප්‍රශ්ණයකි. දීර්ඝකාලීන පළපුරුද්ද,අත්දැකීම මෙන්ම නිර්මාණශීලීත්වය සහ කැපවීම තුළින් බිහිවන දක්ෂ බතික් නිර්මාණකරුවන් යළිත් මෙරට බිහිවේදැයි සිතිය නොහැකි තරම්ය.නමුත් එය අපට යළිත් බතික් කළ හැකිය.සංචාරක කර්මාන්තය නිසාවෙන් යම් පමණකට ආරක්ෂා වී තිබෙන මෙම කර්මාන්තය රැකගැනීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනපතිවරයාගේ උනන්දුවෙන් සිදු කරන්නට කතාවක් පවති. මෙය දියුණු කල හොත් සුන්දර යුවතියන්ගේ මනරම්වු දෑතින් නිපදවන බතික් රෙදිපිලි කලාව අපේ නිවෙස්වල කාර්යාල වල රාජ්‍ය ආයතනවල සන්දරත්වය වැඩි කරන්ට හැකි වනු ඇත. මේ අනුව අපි නොදන්න බතික් ගැන කතාව සත්තකින්ම ලංකාවේ ආර්ථිකයට ශක්තියක් ගෙන දෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *