ITN -රූපවාහිනිය-ලේක්හවුස් ජනපති යටතට????

ITN -රූපවාහිනිය-ලේක්හවුස් ජනපති යටතට????

නව අමාත්‍ය මණ්ඩලයේ විෂයන් තවම ගැසට් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් අතර කිසියම් නොසන්සුන්තාවක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඒ ඒ කැබිනට් අමාත්‍යාංශවලට අදාළ විෂයයන් ගැසට් කළ යුත්තේ ජනාධිපතිගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසිනි.

එහෙත් එම ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් නොකර ජනාධිපතිවරයා දින කිහිපයක පෞද්ගලික සංචාරයක් සඳහා විදේශගතවීම සම්බන්ධයෙන් ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් අතර මෙම නොසන්සුන්තාව හටගෙන තිබෙන බව වාර්තා වේ.

අමාත්‍යාංශවල අදාළ විෂයන් ගැසට් කරන විට ඒ ගැන දැඩි අවධානයක් යොමු කිරීමෙන් පසුව ඇතැම් රාජ්‍ය ආයතන ජනාධිපතිතුමා යටතට පත්කර ගැනීමට ඔහුගේ අවධානය යොමු වී තිබෙන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.

ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය සහ ලේක්හවුස් ආයතනය ජනාධිපතිවරයා යටතට පවරා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මීට අමතරව ඒ ඒ රාජ්‍ය ආයතන කුමන අමාත්‍යාංශ යටතට පත්කරනවාද? ජනාධිපතිතුමා යටතට පත්කරන ආයතන මොනවාද යන්න සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයකට පැමිණ නැති බවද වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරළා මෙරටට පැමිණි පසුව 2019 ජනවාරි මුල් සතියේදී පමණ අමාත්‍යාංශවලට අදාළ විෂයන් ගැසට් කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව වාර්තා වේ.

උපුටා ගැනිම–මවිිබිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *