හිටපු ජනපති හිටං මෙතන හිටියනම් හොදයි!!ෆීල්ඩ් මාර්ෂල් කියයි!!

පාස්කු ප්‍රහාරයේ පළමු චුදිතයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි

අද දින නව පාර්ලිමේන්තුවේ සිය කථාව අරඹමින් සරත් ෆොන්සේකා මහතා සදහන් කලේ රටේ ජාතික ආරක්ෂාව සහ පසුගිය පාස්කු ඉරුදින ප්‍රහාරය ගැනය ඔහු සිය කථාව අරඹමින් සදහන්කලේ පාස්කු ප්‍රහාරයේ වගකීම පසුගිය ආණ්ඩුවට බැර වුවද එහි පුර්ණ වගකීම හිටපු ආරක්ෂක අමාත්‍ය වරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැරිය යුතු බවත් ආරක්ෂක කවුන්සිලය නිසි පරිදි කැදවා නොමැති අවස්ථාවක තම වගකීම පහර හැරී බවට වෙනත් සාක්ෂි අවශ්‍ය නොවන බවත් හිටපු ජනාධි පතිවරයා තේරීම් කාරක සභාව්දී අසත්‍ය කරුණු ප්‍රකශ කළබවත් ඔහු සිංගප්පුරුවේ සිට පැමිණියේ රාත්‍රී 12 හට බවත් ඊට පෙර සිංගප්පුරුවේ සිට ගුවන් යානා දෙකක් මෙරටට පැමිණි බවත් එම ගුවන් යානා වල ඉඩ නොමැති නිසා තමන්ට පැමිණීමට නොහැකි වුනු බව සදහන් කලද පසුව තේරීම් කාරක සභාව වශයෙන් අපි සොයා බැලීමේදී තහවරු වුනේ එම ගුවන් යානා වල ඉඩ තිබුණු බවයි ඒ නිසා රටේ ජාතික ආරක්ෂාව කඩා වැටීමේ වගකීම එම ආණ්ඩුවේ නියෝජනය වන අපට වඩා එහි ප්‍රධානියා වෙත පැවරෙන බවත් දැනට ඔහු නියෝජනය කරන්නේ ආණ්ඩු පක්ෂය නිසා එම ගනුදෙනුව ඔහු සමග බේරාගන්නා ලෙසත් සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *