භාග්‍යා වෙනුවෙන් පෙනී නොසිටීම අභාග්‍යක්

දේශපාලන මතය අනුව වෙනස් වන පරිසරය සුරකීමේ හඩ වන්ස්පතිය වෙනුවෙන් ඇසෙන හඩ වෙනස් වන්නේ කොහොමද??? මහා පොලව වෙනුවෙන් කථාකළ දේවානිලා භාග්‍යලා තව තවත් බිහිකළ යුතු කාලයකට අප පැමිණ ඇත!!!

භාග්‍යා ට මෙතරම් සමාජ මාධ්‍ය තුලින් පහර එල්ල වන්නේ කියා සොයා බැලීම අපගේ යුතුකමක් සහ වගකීමක් නිසා අපි සොයමු හේතුව භාග්‍යා සිරස පාවිච්චි කලාද නැතිනම් සිරස භාග්‍යා පාවිච්චි කලාද මේක මෙතරම් ගැටළුවක් වන්නේ කොහොමද කිව යුතුව ඇත්තේ එක දෙයයි මේ සිංහල සමාජයේ මිනිසුන් උපතින්ම අමු දේශපාලන හෙන්චයියන් බවට පත්වීමේ ප්‍රතිවිපාක නොවේදැයි කාට නම් කිව හැකිද හද පෙන්වන විට ඇගිල්ල දිහා බැලීමත් තමන්ගේ ඇහේ පොල් පරාලය තබාගෙන අනුන්ගේ ඇහේ පොල් කීර සොයන වැටුණු වලෙන් ගොඩ එන්නට වෙරදරන එකා නැවත වලටම ඇදගන්නා මිනිසුන් පාලකයන් වෙනුවෙන් පක්ෂ වෙනුවෙන් ගෙදර දොරේ රණ්ඩු කරගන්නා මිනිසුන් අල්ලපු ගෙදර එකාට පරාජයේදී කෝචෝක් කරන වුණ මේ ලංකාවේ සිංහල සමාජයේ හැර වෙනත් ලොවක නොමැත

මේ දිනවල සිංහරාජය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකල දැරිය අල්ලාගෙන අයගේ පතිවත සොයන සමාජ මාධ්‍ය භාවිතා කරන අයගේ පිටුවේ පහලටම ගිය තැන දකින්නට ඇත්තේ විපත්තුව සුරකිමු කියන මුද්‍රාව මත තම මුහුණ බහා ගත් හිතවත් ඔබමය එදා බදියුදීන්ට එරෙහිව විපත්තුව සුරකින සමාජයක් පැතූ ඔවුන්ට අවසානයේ ඉතිරිව ඇත්තේ මෙවැනි අවලාද නැගීම හැර අන් කවරක්දැයි සිතේ

මිතුර ඔබත් මමත් මේ ජීවත්වන මහපොළවේ උරුමය රැකීම වෙනුවට තම දේශපාලන මතය මත සත්‍ය යට කිරීමට ගොස් ඔබ ලබන ලාභය කුමක්ද මේ බොහෝ විවේචකයන් වයස 35 ත් 55 අතර පසුවන අය බව අප සොයා ගත්තෙමු ඔබට විවේචනය නුරුස්සන්නේනම් කළයුතුව ඇත්තේ මුහුණු පොතින් සමු ගැනීම බව පළමුවෙන් කිව යුතුය පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඔබගේ මතයට ගරු කරමින් බොහෝ රාජපක්ෂ කදවුරේ විවේචකයන් මුහුණු පොතින් මාස ගණනකට සමු ගැනීමය එසේ නොකර මේ සිදුකරන විවේචන සහ අවලාද තුලින් පිරිහෙන්නේ ඔබමය

තම දේශපාලන මතය අමු අමුවේ සමාජයෙන් කොන්වන මොහොතක ඒ වෙනුවෙන් සටන් කිරීමට නොහැකි මොහොතක කොහෙවත් යන දැරියක වෙනුවෙන් කාලය ශ්‍රමය වැයකිරීම ඔබවැනි සමාජ මත දරන මිනිසුන්ට ඔබම එල්ල කරන මරු පහරක් බව මතක තබා ගන්න තම දේශපාලන කදවුරේ නොහැකියාව වෙනුවෙන් වචනයක් ගොනු නොවන ඔබ ඔබගේ ගේ මුහුණු පොත රටේ ජාතික වස්තුවක් වන සිංහ රාජය විනාශ වන හැටි දකින්නේ නැතිනම් තවමත් ඔබ වහලෙකු නොව වසලයෙකු බව පමණක් සිහියට ගන්න

ශේෂ්ඨ රතු ඉන්දියානු නායකයෙකු වන සියැටල් සදහන් කල වැකියකින් වත් ඔබ ගොඩ එතැයි සිතමි මිනිසුනි ඔබ පරිසරය විනාශ කරමින් සතා සිව්පාවා මරමින් මේ ගෙනයන ජීවන ගමනේ අවසන් ආහාරය ලෙස පරිසරයත් අනුබව කිරීමෙන් පසු සියලු ගංගාවෝ සිදී ගිය දිනක ඔබට මුදල් තිබුනද මුදල් අනුබව කිරීමට නොහැකි බව තේරුම් යනු ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *