විවෘත කිරීම කවුරු කළත් ප්‍රතිලාභය ජනතාවටයි //බාධා මැද අත්තනගල්ල පාලම ජනතා අයිතියට

පක්ෂ විපක්ෂ සියලු දෙනා ජනතාවගෙන් සමාව ගැනීම කලයුතුය //හූ කීවේ බණ්ඩාරනායක නාමයට ද

අද උදෑසන 10.30 ට අත්තනගල්ල බෝනෑගල ප්‍රදේශයේ අත්තනගලු ඔය හරහා ඉදිකරන ලද පාලම ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් සහ පළාත්පාලන හා පළාත්සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

මෙහිදී බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර ඇතුළු කණ්ඩායමක් පැමිණ මෙම ව්‍යාප්තිය මහින්ද රාජපක්ෂ සමයේ ඉදිකිරීම ආරම්බ කල ව්‍යාප්තියක් බවත් එය ජනතා අයිතියට පත්කිරීමට හිටපු ජනපතිනියට අයිතියක් නොමැති බව පවසමින් විවෘත කිරීමට බාධා කරමින් හූ කියමින් කෑ ගසමින් කටයුතු කිරීම නිසා එම ස්ථානයේ නොසන්සුන් තාවයක් ඇතිවන ලදී. පැමිණි ආරාධිතයින් වේදිකාවේ කථා පවත්වීමකින් තොරව පිටව යන ලදී

උත්සවය සංවිධානය කල පිරිස සහ පැමිණ සිටි පිරිස චෝදනා කළේ පළාත් සභා මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතාට සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතාට චෝදනා කලේ පසුගිය සමයේ අත්තනගල්ලේ සංවර්ධන වැඩවලින් සහ මිනිසුන්ගෙන් ජරාව සහ පගාව කෑමට නොහැකි වුනු නිසා ජනතාවට අයිති පාලම බෙදාගන්නට පොරකන බව පවසමින් හූ කියමින් කෑ ගසන ලදී.

පසුව උත්සව සභාව සංවිධානය කල පිරිස නිශ්ශබ්ධ වන ලෙසත් සාමකාමීව සිටින ලෙසත් හිටපු ජනපතිනිය පිරිසරට උපදෙස් දුන් අතර එය පිළි නොගන්නේනම් තමන් මෙම ස්ථානයෙන් පිටව යන බව ප්‍රකාශ කිරීමෙන් පසු විරුද්ධ පාර්ශවයේ බාධා මැද පාලම ජනතා අයිතියට පත්කිරීම සිදුකරන ලදී.

සිද්ධිය ඇතිවීමට ප්‍රථමයෙන් මෙම පාලමේ විවෘත කිරීමේ කටයුතු මීට දින කිහිපයකට පෙර බස්නාහිර පළාත් සභාමන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ඇතුළු පිරිසක් බලහත් කාරයෙන්ම පසුගිය දිනක දී මෙම පාලම විවෘත කොට ඇත. .මේ පිළිබඳ සොයා බැලීමේදී හෙළි වූයේ මෙම පාලමේ මූලික වැඩකටයුතු ආරම්භ කිරීමට මූලික අඩිතාලම දමා ඇත්තේ හිටපු කතානායකවරයෙකු සහ අමාත්‍ය වරයෙකුවූ දිවංගත අනුර බණ්ඩාරනායක මහතා බව හෙලි වී ඇත .

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපුල් මහින්ද මහතා මෙහිදී ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ රජය සමයේ බ්‍රිතාන්‍ය රජයේ විශේෂ අනුමැතිය යටතේ මෙම පාලම ඉදිකිරීම   සඳහා මුල් අඩිතාලම දැමූ බවත් බැසිල් රාජපක්ෂ මහතා පවා පැමිණ මෙම පාලම පරීක්ෂා කර අවශ්‍ය කටයුතු යෙදූ බවත් යහපාලන රජයට කිසිදු අයිතියක් මෙම පාලමට නොමැති බවත්ය

පසුගිය ආණ්ඩුව පාලන සමයේමෙම පාලම ඉදිකර කිරීම් කටයුතු සිදුකොට එහි වැඩ අවසන් කිරීමට නොහැකිවී ඉදිකිරීම් අතරමඟ නවතා තිබූ අතර හිටපු ජනාධිපතිතුමිය වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපාදන යටතේඉදිකිරීම් කටයුතු සිදු කොට ඒ ජනතා ජනතා අයිතියට පත් කිරීම සඳහා කටයුතු යොදන ලදී .

කිය යුතුව ඇත්තේ මේ සියල්ල ජනතා මුදල්ය කාගේ මුදලින් වියදම් කරත් කාගේ රජයෙන් වියදම් කරත් කවුරු විවෘත කළත් කළත් මේ ජනතා මුදල්ය මෙම ජනතා මුදල් වල සහ සංවර්ධන ව්‍යාප්තියේ අයිතිය ඇත්තේ ජනතාවට මිස වෙන කිසිවෙකුට වත් නොවෙති. එමෙන්ම කුමන රජයකින් ඉදිකිරීම් කළද ඒවා විවෘත කරන්නේ පවතින රජය බවද කිව යුතුය. එය සාමාන්‍ය සම්ප්‍රදායයි.පැවති රජය සමයේ ඉදිකිරීම් සිදු කලානම් වැඩ අවසන් කිරීමට වසර පහක් ගත වූවානම් මෙවැනි පාලමක් ඉදිකිරීමට වසර පහක් ගතවී ඇත. එසේනම් ගමට යන පාලම සාදන්නට මෙතරම් කාලයක් ගතවීම සම්බධයෙන්ජ පක්ෂ විපක්ෂ සියලු දෙනා ජනතාවගෙන් සමාව ගැනීම මිස විවෘත කිරීමට ගහ මරාගනීම නොවන බව කිවයුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *