ප්‍රාදේශීය සභාවක් හරි පාලනය කල කෙනෙකුට බලය දෙන්න කීවේ නිකන් නෙවෙයි!! දැන් තේරෙනවාද???

මම තමයි එදා 2015 දී මහින්ද මහත්තයා ගාවට ගිය පළමු කෙනා එදා මම නුගේගොඩ වේදිකාවට නැංගේ ලොකු වෙනසක් බලාපොරොත්තුවෙන් ඒ තමයි අලුත් ගමනක් තුලින් රට හදන්න හැබැයි මට තේරුණා මහින්ද මහත්තයා දින 52 ආණ්ඩුව ගන්න කොට මේ යන්න හදන්නේ රට වෙනුවෙන් නොවන බව මම කීවේ අපි විපක්ෂයේ ඉදලා වෙලාව ආපු දාට ආණ්ඩුව හදමු කියලා මම කියපු දේ ඇහුවේ නැති නිසා අපි ලොකු වැටීමක් ඇති වුනා

ප්‍රාදේශීය සභාවක් හරි පාලනය කරපු කෙනෙකුට රටේ ජනාධිපතිකම දෙන්න කියලා කීවේ නිකන් නෙවෙයි දැන් රටේ වෙන දේවල් බැලුවම තේරෙනවා මම කියපු කථාව නිවරදි බව සිරිසේන මහත්තයා ශ්‍රීලනිපය විනාශ කළා අපිට දැන් එතන ඉන්න බහ මම සිරිමාවෝ මැතිනියගෙන් අසන සංවිධායක දූරය ගත්තු කෙනෙක් මම ශ්‍රීලනිපයට ආදරෙයි හැබැයි දැන් එතන අපිට ඉන්න බැරි තත්වයකට වැටිලා අපි තව දුරටත් ඒ පස්සේ යන එක තේරුමක් නැහැ දුරකථනය කියන්නේ හොද ලකුණක් දිනන ලකුණක් මම මේ ලකුණට හරි කැමතියි අපි සමගි ජන බලවේගය සමග ඉදිරි ගමන යමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *