යටි බිම්ගත දේශපාලනයේ සතියේ ඇතුලාන්තය

පළා බබාලා අගමැතිට දුක කියති.

දකුණේ එජාප මන්ත්‍රීවරුන්ගේ අගමැතිවරයා සමඟ සාකච්ඡාව පසුගිය සතියේ පැවති අතර ඒ සමඟම ඔවුන් ඉල්ලීම් කර තිබු එජාප මහ ලේකම් සමඟ සාකච්ඡාව සදුදා දිනයේ පැවැත්විණි. දකුණේ සියළු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම රැස්වීම සිරිකොතේ පැවැත්වීමට සියළු කටයුතු යොදා තිබුණ ද හදිස්සියේ පැයකට පමණ පෙර එය වෙනස් කරේ මහ ලේකම්වරයාට පැමිණීමට තිබු අපහසුතාවය නිසාය.

ඒ අනුව මෙම හමුව අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු විය. සුපුරුදු පරිදි දකණේ මන්ත්‍රීවරුන්  තමන්ට සිදු වී ඇති අසාධාරණය සම්බන්ධයෙන් එකින් එක විස්තර කරන්නට විය. පළාත් සභා මන්ත්‍රීවරුන් ලෙස අපේ බෙහෝ දෙනෙකුට ආසන සංවිධායක කම් නෑ. නමුත් ඒ අයත් වැඩ කරන්න ඕන. සම සංවිධායක කම් වත් ලැබෙනවා නම් හොදයි. මන්ත්‍රීවරයෙකු එසේ යෝජනා කරද්දී තවත් මන්ත්‍රීවරයෙකු කීවේ මන්ත්‍රී කම වත් නැති අයටත් සංවිධායක දුර තියනවා. ඉතින් මේ සම්බන්ධයෙන් හැකි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. අවම වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය බැගින් හෝ ලබා දෙනවා නම් හොඳයි. අපෝ මට නම් සම සංවිධායක කම් එපා.

මගේ අම්මෝ මට නම් අයියා සමඟ එකට කන්න බෑ.එකට ඉන්න බෑ අගමැති තුමා.

මන්ත්‍රී නිහාල් එසේ කියමින් කීවේ කමන්ට අයියා සමඟ සම සංවිධායක කම් කිරීමට නොහැකි බවයි.

මේ වෙලාවේ ඇමතිවරුන් පාක්ෂිකයින් ට දෙන රැකියා අපේ අයට ලැබෙන්නේ නෑ. ඒ ගැන වැඩ පිළවෙලක් හදනවා නම් හොදයි. මන්ත්‍රී අශෝක එසේ කියද්දී මන්ත්‍රී නිහාල් නැගිට්ටේ තමාට යෝජනාවක් ඇති බවත් එය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු එකක් බව කියමිනි. මේ මෙහෙමයි. දැන් අපේ හිටපු ගොඩක් මන්ත්‍රීවරුන් පැරදුනා. ඒ පැරදුන සමහර අයට පත්කල මන්ත්‍රී විදියට මන්ත්‍රී කම් දුන්නා . හැම තැනම වුනේ ආසන සංවිධායකට ඕන අය දාපු එක. දැන් ඒ පැරදිලා පත් කරෙත් නැති මන්ත්‍රීවරුන් අල්ලගන්න පෙහොට්ටුව හොද වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. දැනටමත් අපේ අය ගිහිල්ලා තියනවා.

හිටපු ඇමති ෆීලික්ස් ගේ මරාගෙන මැරීම

තම පුද්ගලික ඉඩමක් ප්‍රදෙශේය සභාවට තමන් විසින් පවරාදෙන ලද බවත් එවකට ප්‍රාදේශීය සභාව පාලනය කරන ලද අපේ ආණ්ඩුවෙන් තම පියාගේ නමින් ඉදිකරන ලද ගොඩනැගිල්ලේ නම මකා දමා ඇතිබව පවසමින් ජා ඇල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඇදගත් බාල්දිය ගම්පහ දේශපාලනයේ උණුසුම් කරවන ලදී. මෙහි නිධාන කථාව අනුව ජා ඇල ප්‍රාදේශීය සභාවේ බලය හොබවන්නේ පොහොට්ටු පක්ෂයේ සභාපති වරයෙකි ජා ඇල ආසනයේ පොහොට්ටුවේ සංවිධායක දූරය හොබවන්නේ හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරාගේ ලගම හිතවතා වශයෙන් කලක සිට ලගින් සිටි පළාත් සභා මන්ත්‍රී මෙරිල් පෙරේරාය. කලක මිතුරන් වූ මොවුන් දැන් නයි මුගටි තත්වයට පත්ව ඇත. මේ කරණය සම්බන්ධීකරණ රැස්වීමේදී පෙරට පැමිණීම උණුසුම් තත්වයකට පත්වන ලදී. ආවේගය වැඩිකමටම ෆීලික්ස් පෙරේරා කීවේ මරාගෙන මැරෙන බවත් කියමින් ජා ඇල ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා ට සිය තර්ජන ගුලිය දිගු කරන ලදී .මෙයට එරෙහි වූ ජා ඇල ප්‍රාදේශීය සභාවේ සහ නගර සභාවේ මන්ත්‍රීවරුන් සබන්ධීකරන රැස්වීමෙන් පිටව යන ලදී.

අකිල ඇමති සලිතවු කතාව කුමක්ද ?

මොකද ඒ අයට කණගාටුවකුත් තියනවා නේ. අපි මහලේකම් තුමා මේ අය ඉක්මනින් එකතු කරලා මේ අයට මොනවා හරි තනතුරක් දීලා වැඩක් භාර දෙමු. නැත්නම් මේ ප්‍රමාණය අපෙන් ගිලිහෙනවා. දීර්ඝ පැහැදිලි කිරීමක් සමඟින් මන්ත්‍රී නිහාල් කර යෝජනාව අකිල පිළිගත්තේය. ඇත්තටම හොදම යෝජනාවක්. අපිටත් ඕක අමතක වෙලා තිබුණ දෙයක්. ඒක ලබන සතියෙම අපි කරමු කී ඇමති අකිල නිහාල් ට ඒ සම්බන්ධයෙන් ස්තූති කලේය. ඒ වගේම ඇමතිතුමා අපේ වාහන පර්මිට් එක ගැන ප්‍රශ්නයක් තියනවා. තාම ඒක ලැබුනේ නෑ. විපක්ෂ නායක නිලමේ සහ අශෝක ගේ ඒ ප්‍රශ්නවට ඇමති අකිල පිළිතුරු දුන්නේ බෙහොම හිමිනි. ඔතන ප්‍රශ්නයක් තියනවා. දැන් නම් අගමැතිවරයාත් ඉන්නේ දිය යුතුයි කියන මතයේ නමුත් ජනාධිපතිවරයාත් මේ ගැන කැමති වෙන්න ඕන.

අපි මේ ගැන කතා කරලා බලමු. ඇමති අකිල එසේ කී විට ඒ සදහා තර්ක කලේ මන්ත්‍රී අශෝකයි. දැන් ඕක නොදුන්නේ පෙහොට්ටුවේ මන්ත්‍රීවරුන් වැඩි නිසා ඒ වැඩි කොටසක් ඔවුන්ට යනවා කියලානේ. නමුත් දැන් බලන්න දකුණු පළාත් සභාවේ පෙහොට්ටුවට මන්ත්‍රීවරුන් ගාන වැඩියි. ඒ නිසා ඔය කියන තර්කය වැරදියි. අශෝක කී විට තවත් මන්ත්‍රීවරයෙකු කීවේ තමා වසර දෙකකට වැඩ කාලයක් පළාත්  සභාවට පැමිණියේ ද යතුරු පැදියෙන් බවත් පසුගව පොඩි කාර් එකක් අරගෙන දැන් වැඩ කටයුතු කරන බවත්ය.

ඒ සමඟම තවත් අයෙකු කීවේ අද පවා මම පැමිණියේ වාහනයක් කුලියට අරගෙන බවයි. මේ සියල්ලට සාවධානව අසා සිටි ඇමති අකිල එකින් එක සියල්ල විස්තර කරන්නට විය. අපි කාලෙකට පස්සේ ආණ්ඩුවට ආවේ. අපිට එක සැරේ සියළු ප්‍රශ්න විසදන්න අමාරුයි. ලැබිය යුතු ලක්ෂ 02 කට පමණ සමෘධිය ලැබෙන්නේ නෑ. ඒක හදන්න ඕන. සමෘධි රැකියා අවස්ථා දෙන්න තියනවා. ඒ වගේම පක්ෂයේ යාන්ත්‍රන යේ පොඩි ප්‍රශ්න කීපයක් තියනවා. ඒවා හදාගෙන ඉදිරියට යන්නේ . ඒ නිසා මේ සදහා පොඩි කාලයක් ඉවසලා දහය ලබා දෙන්න.

යක්ෂයන් ගැන මාතර මන්ත්‍රිට යකා නැංගේ ඇයි යකුණ්…..

කෙසේ නමුත් මාතර නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ආවේගශීලීව ද මෙහි දී අදහස් දැක් වුවද ඇමති අකිලා ඊට සිනහවෙන් පිළිතුරු දුනි. පැයක පමණ කාලයක් පැවති සාකච්ඡාව අවසානයේ මන්ත්‍රීවරුන්ගෙන් තවත් ඉල්ලීමක් විය. එක් මන්ත්‍රීවරයෙකුට ළමයි 05 ක් වත් ජාතික පාසල් වලට දාන්න අවස්ථාව දෙන්න. පොදු ඉල්ලීමක් වුන මෙයට ඇමති අකිලට හිනා ගියේය.

අනේ ඒක නම් බෑත මේක මේ බෙහොම අමාරුවෙන් හදාගෙන යන්නේ. තමන්ගේම ළමයා වුනොත් නම් සහනයක් දීලා දාන්නම්. නැත්නම් බෑ. අකිල සිනා සෙමින් එසේ කීවේ නිලමේ ගේ පිටට තට්ටුවක් ද දමමිනි. සාකච්ඡාව අවසානයේ පිටතට පැමිණි මන්ත්‍රී ගාමිණී ට තවත් මන්තීවරුන් කීපදෙනෙකුම හමුවිය. කතාව නම් ශෝක් , ක්‍රියාව තමයි බලන්න ඕන කියාය. දැන් ඔබතුමාගේ කොළඹට එන පාගමන ඉවරද? මන්ත්‍රීවරයෙකු එසේ අසද්දී මන්ත්‍රී ගාමිණී කීවේ එය අවසන් කිරීමට තරම් මෙම සාකච්ඡා සාර්ථක නොවු බවයි.

මන්ත්‍රිවරුන්ට ටියුෂන් දෙන්ට මහ ඇමති ශාන් විදුහල් පතිවරයා තිරණය කරයි.

පසුගිය පළාත් පාලන මැතිවරණය ජයගත් දකුණේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සදහා වු විශේෂ පුහුණු පාඨමාලාවක් පසුගිය සති අන්තයේ දී පැවැත්විණි. දකුණේ මහ ඇමති ෂාන් විසින් ප්‍රධාන අමාත්‍යංශය හරහා මෙය සංවිධායකර තිබිණි. මෙහි පලමු අදියර ලෙස දකුණේ පළාත් පාලන ආයතන 05 ක පක්ෂ විපක්ෂ සියළු නියෝජිතියින් සහභාගී වු මෙම වැඩ සටහන පැවතියේ ඌව පරණගමදීය. නේවාසික වැඩමුළුවක් වු මෙහි දී මන්ත්‍රීවරුන්ට අවශ්‍යපාලන නීති , රෙගුලාසි, ඵලාත් සභාව සමඟ කටයුතු කිරීම මධ්‍යම රජය සමඟ කටයුතු කිරීම සහ ඊලඟ ඡන්දය දිනන්නේ කෙහොම ද යන මාතෘකා යටතේ නාට්‍යානුසාරයෙන් මෙම වැඩ සටහන පැවැත්විණිත ආරම්භයේ සිටම මහ ඇමති ෂාන් ද සහභාගී විය. මෙම වැඩ සටහනේ දෙවනි දිනය විශේෂ විය.

මහ ඇමති බොම්බයක් ගන කියයි.

ඒ  දෙවැනි දිනයේ රාත්‍රියේ පැවති සුහද හමුව නිසාය. මෙහි දී මහ ඇමති ෂාන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට නිදහසේ කතා කිරීමට අවස්ථාව ලැබිණි. මහ ඇමතිතුමා දැන් එන්න අපේ පැත්තට ඔය දැන් ඔය පැත්තේ හිටියා මැදැයි. මන්ත්‍රීවරයෙකු පුහුණුව අස්සේ ස මහ ඇමති සාන් ට දැම්මේ දේශපානය බෝම්බයකි. මට කතා කරාට නම් ස්තූතියි. ඒත් ඉතින් මම පක්ෂය ගන්න තීන්දුනේ ගන්නේ.

ශාන් ගායකුවෙයි දේශපලනය අතහැර  සින්දු කියන රැස්සාවට යයි?

ෂාන් කියද්දී තවත් මන්ත්‍රීවරයෙකු කීවේ මහ ඇමති ෂාන්ට ගීතයක් ගායනා කරන ලෙසයි. ඒ සදහා නවක මන්ත්‍රීවරියන්ගෙන් ද ආරාධනා වක් මහ ඇමති ෂාන්ට ලැබිණි. අනේ ඉතින් මම සින්දු අහන එක නේ කරන්නේ ෂාන් එසේ කීවද මන්තීවරුන්ගේ පෙරැත්ත වැඩිවිය. කෙසේ නමුත් එවැනි අවස්ථාවකින් මඟහැර යෑමේ උපන් හපන් හැකියාවක් ඇති මහ ඇමති ෂාන් කතාව වෙනස් කළේය.

ෂා මේ මන්ත්‍රීවරුන්ගේ නයන නැටිල්ල නියමනේ. දැන් කාලේ මෙහෙම නටනවා නම් ඒ කිලේ කොහොම නටන්න ඇති ද? ෂාන් ගේ ප්‍රශ්නයට තවත් ප්‍රශ්නයක් ඇසුවේ කටකාර සභා මන්ත්‍රීවරයෙකි. සර් ඒ කාලේ කිව්වේ. නෑම මම කිව්වේ මේ අය ළමිස්සියෝ කාලේ. ෂාන් එසේ කියමින් කතාව වෙනස් පැත්තකට හැරවිය. මහ ඇමති ෂාන් මේ ගමන ඌව පරණගමට යන බව කී විට ඔහුගේ මෑණියන් කීවේ අනිවාර්යෙන්ම හොද එලවළු ටිකක් රැගෙන එන ලෙසයි. කෙසේ නමුත් මහ ඇමති ෂාන් නිවසට ගියේ ගාල්ලේ සුපිරි වෙලද සැලකින් හොදම එලවළු ද රැගෙනය. සර් මෙච්චර එලවළු එසේ ඇසුවේ ෂාන් ගේ ආරක්ෂක නිළධාරියාය. නෑ මම මේ ඌව පරණගමින් නේ මේවා ගත්තේ කී ෂාන් වාහනයට ගොඩ විය.

හබරාදුව එජාප සංවිධායකට පොහොට්ටු හුටප්පරයක්…..

ඉමදුව ප්‍රාදේශීය සභා රැස්වීම සදහා මෙවර ද හිටපු ඇමති චන්දිම පැමිණ සිටියේ නැත. ඒ අනුව එය මෙහෙය වුයේ සම සභාපති තාරක යි. ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් කුමාර ඇතුළු පිරිස මෙවරද ඔහුට විරුද්ධත්වය පෑවේ මහජන නියෝජිතයෙකු නොවන අයෙකු මෙම සභාව මෙහෙය වන නිසා සභාව නීතී විරොධී බව කියමිනි. මේ සම සභාපතිවරයාට සම සංවිධායක කම දුන්නේ ඇමති චන්දිම ඉන්න වෙලාවේ. දැන් ඔහු ඇමති කමෙත් නෑ. ඔහු මේකට එන්නෙත් නෑ. ඉතින් දැන් ඒක වලංගු නෑ.

සභාපති සරත් කුමාර දිගින් දිගටම තර්ක කරන්නට වු අතර හබරාදුව එජාප සංවිධායක තාරක කියා සිටියේ තමන්ට ජනාධිපතිවරයා ලිපියක් ලබා දී ඇති බවයි. හරි ඒ ලියුම දැන් වලංගු  නෑ. දැන් චන්දිම එන්නේ නෑ. චන්දිම. එක්ක තමයි ඕක දුන්නේ. ඉමදුව සභා සභාපති සරත් ගේ කතාවට මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් මන්ත්‍රී පියසිරි ගේ සහාය ලැබිණි. කෙසේ නමුත් තාරක ද එය පිළිගැනීමට අකමැති විය. ඒ අනුව ඉමදුව සභා සභාපති ඇතුළු පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම එයින් ඉවත් වුයේ පළාත් මන්ත්‍රීවරයා ද සමඟිනි.

බැසිල් රාජපක්ෂ ගාල්ලේ කහවට එයි…..

මේ අතර දකුණේ පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටුවෙන් තරඟ කර ජයගත් සහ පරාජය වු සියළු අපේෂකයින් කැදවා ස්තුතිය පල කිරීමේ උත්සවයක් සංවිධානය කලයුතු බවට පොදුජන පෙරමුණ පාර්ශවයෙන් තීරණයක් ගෙන තිබිණි. ඒ අනුව එහි පලමු හමුව මෙම මස 14 දින ට යොදා ගෙන තිබිණි. එහි පළමු අදියර ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් කහව ප්‍රදේශයේ හෝටලය කදී පැවැත්වීමට සියළු කටයුතු යොදා ඇත. මේ සදහා හිටපු ඇමති බැසිල් ද සහභාගී වීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ කරන්දෙණියට යයි.

මේ අතර වෙඩි තැබීමකනින් මියගිය කරන්දෙනිය ප්‍රාදේශීය සභවේ උපසභාපතිවරයා ගේ අවමඟුල් උත්සවය සදහා සහභාගී වීම සදහා හිටපු ජනපති මහින්ද පැමිණියේ සදුදාය. රමේෂ්, සම්පත්, චන්න, ඇතුළු මන්ත්‍රීවරුන් සමඟ පැමිණි හිටපු ජනපති මහින්ද මියගිය ඩොනල්ඩ්ගේ වයස අවුරුදු 18 ක් පමණ වන වැඩිමල් පුත්‍රයා සමඟින් බොහෝ වේලාවක් තනියම කතා කරමින් සිට ඇති අතර පැමිණි පිරිසට ද මෙය කුතුහලයක් විය.

කෙසේ නමුත් එම කතාව අවසානයේ මියගිය ඩොනල් සම්පත්ගේ පුත්‍රයා විසින් ලිපියක් ද හිටපු ජනපති මහින්ද ට ලබා දුන් අතර එය අතට ගන්නවාත් සමගම ආරක්ෂක අංශය එය ඉල්ලා සිටිය ද හිටපු ජනපතිවරයා එම ලියුම ආරක්ෂක අංශයට හෝ ලබා නොදීම තමා ම තබා ගත්තේය. කෙසේ නමුත් මේ වන තෙක් ඔවුන්ගේ කතාව හෝ ලිපියේ ඇති දෑ සම්බන්ධයෙන් වාර්තා වී නොමැත. පුතා සමඟ කතාවෙන් පසු හිටපු ජනපති මහින්ද සිය ආරක්ෂක නිළධාරීයාට කීවේ ඩොනල්ගේ වෙඩිවැදුන බව කියන රියදුරුට කතා කරන ලෙසයි.

ඒ අනුව ආරක්ෂකයා ගොස් එම රියදුරුගේ උරහිසට අත තැබීමත් සමඟ රියදුරා ගැස්සී ගියේය. ඔහොම තමයි පොලිසියේ අය. වෙඩි වැදුනේ එතනට ද හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක නිලධාරියාගෙන් වුන අතපසුවීමට සමාවක් මෙන් ඇසීය. ඔව් ජනාධිපතිතුමා. කී රියදුරා ද ලඟට ගෙන්වා ගත් හිටපු ජනපති මහින්ද ඔහු සමඟ ද මිනිත්තු කීපයක් කතා බහක් සිදු කර නැවත පිටත් වුයේ මන්ත්‍රී චන්න ගේ හිතවතෙකු ගේ අවමඟුලක් සහදහා සහභාගී වීම සදහාය. හිටපු ඇමති බැසිල් මෙම අවමඟුල සදහා සහභාගී වුයේ අඟහරුවාදාය.

චන්නට  කතා කළ බැසිල් කිවේ කුමක් ද?

චන්න මම එනවා ඩොනල්ගේ මල ගෙදර ඔයාට අද වැඩක් තියේ ද? අඟහරුවාදා උදේම මන්ත්‍රී චන්නට එම ඇමතුම ආවේ හිටපු ඇමති බැසිල් ගෙනි. අද පළාත් සභාව මම මේ සේලයින් බෝතලයකුත් හදාගෙන පළාත් සභාවට යන්න ඉන්නේ. චන්න ගේ පිළිතුර විය. ඒ මොකද සේලයින්. හිටපු ඇමති බැසිල් ඇසු විට චන්න කීවේ දකුණේ උණ තත්වයට තාම මේ රජයට විසදුම් නැති බවයි. ආ ඔව් ඔව් මමත් දැක්කා පත්තරෙන් අර මාස්ක් පවා දීලා තිබුනේ මාධ්‍ය වේදීන් නේ. හිටපු ඇමති බැසිල් කීය. කමක් නෑ ඇමතිතුමා ඔබතුමා එන්න මම පළාත් සභා අද නොගිහින් ඉන්නම්. චන්න කී අතර ඒ අනුව අගහරුවාදා දවල් හිටපු ඇමති බැසිල් ද ඩොනල් ගේ අවමඟුල සදහා සහභාගී විය. අවමඟුල සදහා සහභාගී වු හිටපු ඇමති බැසිල් ට තේ සුදානම් කර තිබුනේ කරන්දෙනිය සභාපති අමරවංශ ගේ නිවසේය. පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් එම නිවස පිරී තිබු අතර තේ බොන අතර වාරයේ ඇතිවුයේ දේශපාලන කතා බහකි.

ආවා කල්ලයට සමාන වු 16 කල්ලියන ම් ගන්න  එපාම එපා….රාජපක්ෂට කියයි.

ඇමතිතුමා 16 දෙනාගේ කණ්ඩායම නම් ගන්න එපා. එසේ කියමින් කතාව පටන් ගත්තේ වැලිවිටිය දිවිතුර සභාපති ගුණසිරි ලොකුගේය. ඒ සඳහා සිනහවෙන් පිළිතුරු දුන් හිටපු ඇමති බැසිල් කීවේ ඡන්දයක් දිනන්න හැමෝම ඕන බවයි. මොනවා වුනත් ජනතාව,මම සහ මහින්ද මහත්තයා දන්නවා කවුද මුල ඉදලා හිටියේ කියලා. ඒ නිසා ඔයාලට ප්‍රශ්නයක් නෑ. ඇමති බැසිල් එසේ කියන විටම එම ස්ථානයට ආවේ මන්ත්‍රී ජනක වක්කුඹුරයි.

ජනක වක්කුඹුර කළ රසම රස කතාව කුමක් ද?  

ආ මේ මොකද මන්ත්‍රී වරු කියන්නේ මන්තී ජනක වක්කුඹුර එසේ කියාගෙන එම ස්ථානයට පැමිණියේය. නෑ මේ මම මේ අයට කිව්වා විශ්වාසභංගයේ දී වුන රස කතා කීපයක් ගැන. ආ ඒක ද ලොකුම රහසත් කිව්ව ද? ජනක අසද්දී හිටපු ඇමති බැසිල් කීවේ ඒක නම් කිව්වේ චන්නට විතරක් බවයි. අනේ මේ ඇමතිතුමා මාව අමාරුවෙ දාන්න හදන්නේ. ඒක නෙමෙයි 2014 දී ඔබතුමා දීපු සල්ලි වලින් තාම වැඩ කරනවා. චන්න කී විට කරන්දෙනිය සභාපති අමරවංශ ඊට මැදිහත් විය. ඒක ඇත්ත සර් අපේ සභාවෙත් ඒ සල්ලි වගයක් තියනවා. අපි දැන් ඒකෙන් පොල හදලා ඉවර කරා. ලඟදීම ඔබතුමා ගෙනල්ලා ඒක විවෘත කරනවා. දිගු කතා බහකින් පසුව සියළු මන්ත්‍රීවරුන්ට සමුදුන් හිටපු ඇමති බැසිල් යන්නට මත්තෙන් චන්නට රහසක් කියන්නට විය.

තානාපති කාර්යාල වලින් මේ අයට බලපෑම වැඩියි.

බෙහෝ විට පළාත් සභා මැතිවරණ කලින් එනවා. තානාපති කාර්යාල වලින් මේ අයට බලපෑම වැඩියි. උතුරු පළාත් සභාවත් තියනවානේ. ඒක නිසා ඡන්දෙට ලෑස්තිවෙන්න. අපි පෙහොට්ටවෙන් තමයි ඉල්ලන්නේ. එසේ කී හිටපු ඇමති බැසිල් කරන්දෙනිය සභාපති අමරවංශ ගේ නිවසින් පිටත්විය.

වජිර ඇමති සංග්‍රාමයකට මුල පුරයි.

ග්‍රාම නිළධාරී සේවය ආරම්භ වී වසර 58 ක් පිරී තිබුණ ද ඒ සදහා සේවා ව්‍යවස්ථාවක් නොමැතිවීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරී වෘත්තීය සමති කීපයක්ම ඇමති වජිර දැනුවත් කර තිබිණි. ඇමතිතුමා රිඩච් පතිරණ ඇමති තුමා ගුරුවරුන්ට සේවාව හදලා දුන්නා. අදත් ඒ ගැන ගුරුවරුන් කතා වෙනවා. ඔබතුමාට පුළුවන්නම් මේ අවස්ථාවේ මේක කරලා දෙන්න නොමැකෙන වැඩක් වේවි. සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිළධාරීන්ගේ සංගමයේ ලේකම් ජගත් චන්ද්‍රලාල් ඇමති වජිරට කරුණු පැහැදිලි කළේය.  ඒ අනුව ඇමති වජිර කියා සිටියේ ඒ සඳහා ව්‍යවස්ථාව අනුව සැකසු වාර්තාවක් තමන්ට ඉදිරිපත් කරන ලෙසයි. එසේ සැලසු ව්‍යවස්ථාවේ පිටපතක් ඇමති වජිරට ලබා දීම බදාදා සිදුවිය. මෙය ඒකාබද්ධ වාර්තාවක් ලෙස ග්‍රාම නිළධාරීන්ගේ ප්‍රධානම වෘත්තීය සමිති වන සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිළධාරී සංගමය, ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිළධාරී සංගමය සහ ශ්‍රී ලංකා පරිපාලන ග්‍රාම නිලධාරී සංගමය එක්ව ලබා දීම සිදුවිය. මෙහි දී ඇමති වජිර කියා සිටියේ හැකි ඉක්මනින් මෙය අධ්‍යයනය කර පිළිතුරක් ලබා දෙන බවයි.

දකුණු හදිස්සිය පළාත් සභාව දෙදරයි…….

දකුණු පළාත් සභාව හදිසියේ කැදවුයේ දකුණේ පවතින වසංගත තත්ත්වය ගැන කරුණු වාර්තා කිරීමයට. දකුණේ නියෝජ්‍ය සභාපති සම්පත් ගේ ඉල්ලීමක් අනුව මෙය කැද වු අතර ඇමති ආරියතිලක ඇර අනිකුත් සියළු ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් ද මේ සදහා සහභාගී තිබිණි. මේ විවාදය යන අතර තුර මන්ත්‍රී චම්ලි මහ ඇමති ෂාන් අසලට ලංවිය. ඇමති ආරියතිලක නොමැති නිසා හිස්ව තිබු අසුනට බර වු චම්ලි පටන් ගත්තේ දේශපාන කතාවකි. ඇමතිතුමා දැන් ඉස්සරහට මොකද කරන්නේ.

නරක ද ජනාධිපතිතුමාට කියලා ජාතික ලයිස්තු මන්ත්‍රීදුරයකින් පාර්ලිමේන්තුවට ගියොත්.

මේ දැන් තියන තත්ත්වය උඩ උනත් සමානුපාතික ක්‍රමය යටතේ ශ්‍රීලනිපයට අසුනක් එන්නේ නෑ. නේද? චම්ලි ගේ ප්‍රශ්නයට ටිකක් කල්පනා කර මහ ඇමති කීවේ ඔව් කියාය. ඔබතුමා දකුණට සේවයක් කරපු කෙනෙක්. අපිත් කැමති නෑ ඔබතුමා දේශපානයෙන් විශ්‍රාම යනවට. නරක ද ජනාධිපතිතුමාට කියලා ජාතික ලයිස්තු මන්ත්‍රීදුරයකින් පාර්ලිමේන්තුවට ගියොත්. එවර චම්ලි ගෙනාවේ අමුතු යෝජනාවකි. බලමු. බලමු. මම ඉතින් විශ්‍රාම යනවා කියලා නෑ නේ. තව වැඩ තියනවා කරන්න. මම ඉතින් ඉන්නේ පක්ෂයේ නායකයා එක්ක. ඔය අය ඉන්නේ පක්ෂයේ හිටපු නායකයා එක්ක. වැඩි වෙනසක් නෑ.

දැන් කෙහොම ද 16 දෙනාගේ තත්ත්වය ගාල්ලේ ජනතා ප්‍රතිචාර කෙහොමද? එවර ප්‍රශ්නය ෂාන් ගෙන් චම්ලිටය. 16 දෙනාට තාම නම් හොදම ප්‍රතිචාර නෑ. ඒ වුනාම ඉතින් මැතිවරණයට තව අවුරුදු 02 ක් විතර තියනවා නේ. චම්ලි එසේ කියන විට එතනට ආවේ මන්ත්‍රී ක්‍රිෂාන්තයි. ආ මොකද ඇමති තුමා මේ චම්ලි කියන්නේ. ක්‍රිෂාන්ත එසේ අසන විට මහ ඇමති ෂාන් කීවේ චම්ලි කියනවා මට පොදුජන පෙරමුණට එන්න කියලා. ආ ඒක හොඳයි. ඔබතුමා විතරයි අඩු. එන්න එන්න අපිත් කැමතියි. මන්ත්‍රී ක්‍රිෂාන්ත ගේ පිළිතුර විය. කෙසේ නමුත් මහ ඇමති ෂාන් එයට සිනා සුනා මිස පිළිතුරු දුන්නේ නැත.

හිටපු ඇමති චන්දිම වීරක්කොඩි නෑ….නෑ.. නෑ  ගමන් යයි…..

මේ අතර 16 දෙනාගේ කණ්ඩායමේ හිටපු ඇමති චන්දිම පසුගිය දින කිහිපය තුළ දිස්ත්‍රික්කයේ පැරණි ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ නිවෙස් වලට ගොස් ඔවුන් හමුවී තිබිණි. ඔවුන් බෙහෝ දෙනෙකු පසුගිය මැතිවරණයේ දී පොදුජන පෙරමුණ වෙනුවෙන් වැඩ කල අය විය. කෙසේ නමුත් ඇමතිවරයා සුහද සිතින් පිළිගත් බොහෝ දෙනෙකු ඔහු ගත් තීරණය අගය කරමින් කතා කරන්නට විය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය හමුවීම…

මේ අතර 16 දෙනාගේ කණ්ඩායමේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය හමුවීමේ සාකච්ඡාව තව දුරටත් කල් ගොස් තිබිණි. මේ සාකච්ඡාව සඳහා වැඩිම උවමනාව ඇති වී තිබුනේ හිටපු ඇමති චන්දිමට සහ ජෝන් ට ය. කෙසේ නමුත් 16 දෙනාගේ කණ්ඩායමේ කිහිප දෙනෙකු මේ සදහා කැමැත්ත ප්‍රකාශ කර නොතිබිණි. ඒ අනුව 16 දෙනාගේ වැඩ පිලිවෙල ගෝඨාභයට ඉදිරිපත් කිරීමේ වැඩ සටහනක් ලෙස නැවත හමුවීමක් සැකසීමට හිටපු ඇමති චන්දිම කටයුතු කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *