දකුණේ කොරෝනා රෝගියා පාතාල ප්‍රියන්තගේ පියා බව තහවරු වෙයි!!

පාතාලයට සම්බන්ධ රත්ගම පියන්තගේ පියා කොරෝනා රෝගය වැළදී ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.හෙතෙම ගාල්ල දික්කුඹුරේ දි 2017 මැයි මාස 14වන ට ආසන්න දිනයක දී   තවත් පාතාලයට සම්බන්ධ වු නාදුනන තුවක්කු කරුවන් දෙදෙනෛකුගේ වෙඩි පහරින් ඝාතනය කර තිබිණි.

කොරෝනා වෛරසය ආසාධිතවි ඇති බවට සැකපිට (16) සවස කරාපිටිය රෝහලට ඇතුලත් කරන ලද පුද්ගලයෙකුට එම වෛරසය වැළඳි ඇති බවට අනාවරණයවිමෙන් පසු ඊයේ සවසම අයි.ඩි.එච්.රෝහල වෙත මාරුකර යවා තිබේ.

මෙම පුද්ගලයා හැත්තෑතුන් හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර ඔහුගේ පුතා පසුගිය දිනවල ඉතාලියේ සිට පැමිණි අයෙකු බවත් පුතා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින බවත් අනාවරණයවි තිබේ.

එයට අමතරව මේවනවිට සැක සහිත රෝගින් පස් දෙනෙකු කරාපිටිය රෝහලේ විශේෂිත වට්ටුවේ පතිකාර ලබමින් සිටින බවත් ඔවුන්ගෙන් එක් අයෙකු කාන්තාවක් බවත් රෝහල් ප්‍රකාශකයෙකු පැවසිය.

2017 මැයි මාස 14 වන ආසන්න දිනයක දී  අහංගම, දික්කුඹුර, අන්දුගොඩ පදිංචි දේමුනි සුදත් ප්‍රියන්ත නැමැති අයකු මෙසේ වෙඩි තබා ඝාතනය කර තිබුණි. 42 හැවිරිදි වියේ පසුවූ ඔහු දෙදරු පියෙකි. 12 හැවිරිදි දියණියක, 7 හැවිරිදි පුතකු මියගිය ප්‍රියන්තගේ කැදැල්ලට එක්ව සිටි අතර ප්‍රියන්ත විවාහවී සිටියේ රත්ගම ගම්මැද්දෙගොඩ ප්‍රදේශයේ කාන්තාවක් සමගිනි. මියගිය ප්‍රියන්තගේ මුල් ගම තෙල්වත්තය. මනෝජ් මෙන්ඩිස්ගේ ඝාතනයෙන් පසු ප්‍රියන්ත රහසේම අහංගම දික්කුඹුරේ පදිංචියට යන්නේ දිවි ගලවා ගැනීමේ පරම  අදහසිනි. අන්දුගොඩ නිවසේ පොලිස් ආරක්ෂාව යටතේ පරික්ෂණ පවත්වයි.

ඔහුගේ සහෝදරයා පිට රට සිට පැමිණ ඇත්තේ සති කිහිපයකට පෙරයි.හෙතෙම දික්කුමුර අන්දුගොඩ නිවසේ සති කිහිපයක් ගත කර තිබේ.පසුව හෙතෙම කුරුණාගලට ගොස් ඇති ඇති අතර, කොරෝනා වැළදුන ගාල්ල කරාපිටිය රෝහලේ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ගෙන ඇතැත් සුව වි නොමැත. හෙතෙම කොරෝනා වැළදීම නිසා ඉකුත් 16 වන දින පොලිසියට ලද තොරතුරක් මත රෝහල්ගත කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *