දේශපාලනයේ යහපත් වැඩ සදහා පුර්ණ සහයෝගය ලබාදෙනවා

ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ

මේ දිනවල දේශපාලන කරලියේ වදට්‍ර්හ් කථා බහට ලක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සිය ෆේස්බුක් ගිණුමේ ප්‍රකාශයක් කරමින් සදහන් කර ඇත්තේ තමන් කෙඳිනකවත් දේශපාලනයට නොපැමිණෙන බවත් ඒ පිළිබඳව කිසිම කැමැත්තක් නොමැති බවත්ය.ඉදිරියට පරිත්‍යාගශීලීන් සමඟ එකතු වී සමාජ සේවා කටයුතු ඉදිරියට ගෙනයාම තම බලාපොරොත්තුව බවත් දේශපාලඥයන්ගේ යහපත් වැඩ සඳහා තමාගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

වසර 2020 දී පැවත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පැතිරුණු කට කතා අසා තමාගේ අවධානය යොමු වූ බවත් තමා ඉදිරිපත් වන බව අසා විවිධ පුද්ගලයින් තමන්ගේ මතයන් ඉදිරිපත් කළ බවත් ඒ මතයන් සියල්ලට තමා ගරු කරන බවද ඔහු ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් තමාට දේශපාලනයට පැමිණීම පිළිබඳ බලාපොරොත්තුවක් කිසිම දිනෙක නොතිබූ බවත් තමා කිසිම දිනෙක දේශපාලනයට නොපැමිණෙන බවද ඔහු සදහන් කර තිබේ.ජනතා සේවය ඉතාමත් වැදගත් වගකීමක් බවත් විශ්වාසයෙන් සිදුකළ යුතු වගකීම් සහිත රාජකාරියක් බවද කුමාර් සංගක්කාර පවසා ඇත.ජනතා නියෝජිතයන්ට තමා ගරු කරන බවත් දේශපාලනයට හොඳම සහ ගැලපෙනම පුද්ගලයින් තෝරා ගැනීම දුරදිග බලා සිදුකළ යුතු කටයුත්තක් බවත් ධනාත්මක සමාජ සහ ආර්ථික වෙනසක් එක රැයකින් සිදු නොවන බවද ඔහු ප්‍රකාශ කරයි. තමාට දේශපාලනය කිරීමට බලාපොරොත්තු වක් නොමැති බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පසු තමාගේ පළමු අරමුණ වූයේ තමාගේ පවුල සඳහා අවධානය යොමු කිරීම බවද ඔහු ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *