කොඩියේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරයට සුදුසුම ඇය නොවේද??

මෙවර මහ මැතිවරණයේදී අපේ ජන බල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරය සදහා අර්බුධයක් නිර්මාණය වීම තුල එම පක්ෂය අභ්‍යන්තරයේ දැඩි අර්බුධයක් නිර්මාණය වෙමින් ඇත මේ සම්බන්ධයෙන් එලෙස කටයුතු සිදුකෙරෙන අතර වාරයේ මම මන්ත්‍රී අසුන සදහා විවිධ නාමයන් පැවිදි පාර්ශවය වෙතින් නාමයන් යෝජනා වෙමින් ඇත කෙසේ වෙතත් අපේ ජන බල පක්ෂය සදහා වැඩිම ඡ න්ද ප්‍රමාණයක් ලබන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි ඒ සදහා හේතුවූ කරුණු පිලිබදව විමසා බැලීම සිදුකල යුතුය.

ගමපහ දිසාවෙන් පමණක් නොව රට පුරාම අපේ ජන බල පක්ෂය තරග කරන බවට ජනතාවට ඒත්තු ගැන්වීම සම්බන්ධයෙන් පෙරමුණ ගෙන කටයුතු සිදුකලේ අපේ ජන බල පක්ෂයේ අපේක්ෂිකාවක වශයෙන් තරග වැදුණු ධනපතියක සහ සමාජ සේවිකාවක වශයෙන් ගම්පහ දිසාවේම මැතිවරණ යාන්ත්‍රණය සිදුකල සුනේත්‍රා සමරකෝන් මහත්මිය බව කිව යුතුය එතුමිය විසින් අති විශාල මුදලක් වැයකරමින් අපේ ජන බල පක්ෂය වෙනුවෙන් විශාල ප්‍රචාරණයක් ලබා දීමට කටයුතු කරන ලදී විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සහ සියලු සමාජ මාධ්‍ය මගින් සිදුකල ප්‍රචාරය අති විශාලය ඇය පසුගිය මාස කිහිපය පුරාම ගම්පහ දිසාවේ ගම් නියම් ගම් වෙත පක්ෂයත් පක්ෂයේ පණිවුඩයත් රැගෙන යාම වෙනුවෙන් කාලය ශ්‍රමය සහ මුදල් කැපකළ අති දක්ෂ සංවිධයිකවක වශයෙන්සිය යුතුකම සිදුකරන ලදී.

මෙවන් කැප කිරීමක් සිදුකල සුනේත්‍රා සමරකෝන් වෙත එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරය ලැබිය යුතු බව බොහෝ දෙනාගේ අදහස වන ලදී ගලබොඩ අත්තේ හිමියන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යැවීම සිදු නොවන්නේනම් ඒ සදහා සුදුසුම නම සුනේත්‍රා සමරකෝන් බව කිව යුතුමය ගම්පහ දිසාව වෙනුවෙන් අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී දුරය ලැබීම පක්ෂයේ ඉදිරි ගමනට විශාල ශක්තියක් ලබා දීමට නම් සුනේත්‍රා සමරකෝන් වැනි ප්‍රකට දේශපාලන සමාජ සේවිකාව වෙනුවෙන් වෙන්කිරීමට අපේ ජන බල පක්ෂය කටයුතු කරන්නේ නම් එය පක්ෂයත් පක්ෂියගේත් හෙට දවස වෙනුවෙන් වඩාත් හිතකර බව ගම්පහ දිසාවේ කොඩිය ලකුණට ඡ න්දය ලබාදුන් ජනතාවගේ පැතුම බව මේ අර්බුධය සම්බන්ධයෙන් අදහස් පලකල ජනතාවගේ අදහස වන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *