පොළොව යට ගිනස් වාර්තාවකට සූදානම් වන රණවිරුවා-පෙරහුරු දැක්මක

පොළොව යට සිටිමින් ගිනස් වාර්තාවකට සූදානම් වන රණවිරුවා-පෙරහුරු දැක්මක නිරත වෙයි

මිරිගම පල්ලෙවෙල මිහිඳු මාවතේ පදිංචි රුජිත් කුමාර ජයසිංහ රණවිරුවා වාතාශ්‍රය නොලැබෙන අයුරින් පොළොව යට වැඩිම කාලයක් නිරතවී ගිනස් වාර්තාවකට සූදානම් වෙමින් පවතී සාමාන්‍ය දෙවොල් මඩු ශාන්තිකරමයෙන් ඔබ්බට ගොස් විශේෂිත නැටුම් ගැයුම් රැගුම් වලට අමතරව පොලව යට වාතාශ්‍රය නොලැබෙන පරිදි අඩි හයක් ගැඹුරු වලක පැය 6 ක කාලයක් සිටිමින් ගීනස් වාර්තාවක් මගින් ලක් මව සැරසීමට මීරිගම ඉසිවර දේවාලයේ ප්‍රධාන කපු මහතා වන විශ්‍රාමික රණවිරු රුජිත් කුමාර ජයසිංහ මහතා පසුගියදා කටයුතු කරන ලදී

දෙවොල් මඩු ශාන්තිකර්මය අතරතුර එම ස්ථානයේම වලක් තුල පැය එකහ මාරක පමණ කාලයක් පොලව යට වැළලී සිටිමින් තමන් තවත් මසකින් නිසැකවම ගීනස් වාර්තාව තැබීමේ පෙරහුරුව පවත්වන ලදී ඇති විශාල ජනතා සහභාගීතවයකින් මීරිගම පල්ලෙවෙල ඉසිවර දේවාල භුමියේ මෙම දෙවොල් මඩු ශාන්තිකර්මය පවත්වන ලදී

ඔහු 2019-12-21 වන දින ගම්මඩු උලෙළක් පවත්වා රජයට රටට ජනතාවට ආශිර්වාදය කිරීමට සමගාමීව එදින රාත්‍රි 8.30 ට තමන්ට වාතාශ්‍රය නොලබා පොළොව යට සිටිය හැකිබව ජනතාවට ඔප්පු කර පෙන්වා දීම සිදු කළේය. ඒ තමන්ට එම වාර්තාව පිහිටුවීමට හැකියාව පවතින බව පෙන්නුමි කරමින්ය.

මෙලෙස පෙරහුරු දැක්මක නිරත වුයේ පල්ලෙවෙල මිහිදු මාවතේ පිහිටි ඉසිවර දේවාල පරිශ්‍රවයේ දහස් සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේය. මෙම අවස්ථාව ලංකා ඒබිසි නිවිස් වෙබි අඩවිය මගින් අන්තර්ජාලය ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ මුළුමහත් ලෝකවාසීන්ටම සජීවීව දැක බලා ගන්නට අවස්ථාව උදා කර දී තිබුණි. ඔහු වල තුළ සිටි පැය තුළ ශ්‍රී ලංකාවාසීන්ට අතීතයේ සිටම ග්‍රහ අපල ලෙඩ රෝග දුරු කරමින් යහපත උදාකිරිමට සෙත් පතන නැටුම් අංග වලින් මෙ අවස්ථාව වර්ණවත් කර තිබුනි.

දිග අඩි හතරක් පළල අඩි තුනක් ගැඹුර අඩි හයක් වළක් තුළ ඔහු සිටියදී වාතාශ්‍රය නොලැබෙන ලෙස ලෑලි තමා පස් දමා වසා දමනු ලැබීය. අඳුරේම කියාත්මක වන වීඩියෝ කැමරාවක් ද එම වළ තුළ සූදානම් කර තිබුණි.සංවිධායකයින් එම කැමරාව යොදවනු ලැබුවේ යම් ජීවිත තර්ජනයක් ඇති වුවහොත් වහා වළෙන ඉවතට ගැනීම සඳහාය. එම කැමරාව මගින් ඔහු පැයක් පුරාභාවනායෝගීව සිටින අයුරු දැකගන්නට හැකි විය. එසේ පැයක කාලයක් සිටීමෙන් අනතුරුව සංවිධායකයින් විසින් කිසිදු උපද්‍රවයකින් තොරව ඔහුව ඉන් ඉවතට ගනු ලැබීය.එහිදී ඔහු භාවනායෝගීව රජයට ජනතාවට හා රටට ආශිර්වාද කලේය

ඉවතට පැමිණි ඔහු මනා සෞඛ්‍ය තත්වයෙන් යුක්තව ප්‍රකාශ කළේ නිරෝගී පුද්ගලයකුට පොළොව තුළ වාතාශ්‍රය නොලබා ජීවත් විය හැක්කේ මිනිත්තු විස්සක් පමණ බවත්ය. තමන්ට පැය විසිහතරක් වුවත් අවසර දෙන්නේ නම් එහි රැඳී සිටිය හැකි බවයි. ඔහු ප්‍රකාශ කරන්නේ. මෙම කාර්යය සඳහා අධ්‍යාත්මික බලයත් හා භාවනාවත් උපයෝගී වන බවත්ය. තමන් හමුදාවෙන් ලබාගත් පන්නරය ද ඒ සඳහා උපකාරීවන බවද ඔහු පවසා සිටියා.

දැනට ලෝක වාර්තාව පවතින්නේ ඉන්දියාවේ තැනැත්තෙකු විසින් පැය දෙකක් පොළොව තුළ සිටිමින් පැවැති වාර්තාවකි.ඊට වඩා කාලය ගතකර නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට තමාට හැකි බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය, මෙය ඉතා සුළු කාර්යයක් බවයි ඔහු සඳහන් කළේ, ඔහු වැඩිදුරටත් අවධාරණය කියා සිටින්නේ මෙය අත්හදා නොලබන ලෙසයි, ඊට හේතුව ලෙස ඔහු ප්‍රකාශ කරන්නේ මේ සඳහා භාවනුයෝගි භාවය හා අධ්‍යාත්මික බලය අත්‍යවශ්‍ය කරුණක් බවයි.

සත්‍ය වශයෙන්ම ඔහු 2011 වසරේ අලව්ව ප්‍රදේශයේ පැය 6ක් පොළොව යට සිටිමින් නව ලංකා වාර්තාවක් පිහිටවූ වුවත් එය ගිනස් වාර්තාවක් නොවූයේ ගිනස් කමිටුවට නොදැන්විම නිසාය. එම අවස්ථාව ක්‍රීඩා අමාතංශයේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා ඇතුළු පිරිස අධීක්ෂණ සිදු කළේය.

කලක් ඔහු යුද හමුදාවට බැඳී රට වෙනුවෙන් උදාර සේවයක් ඉටු කළේය. වර්තමානයේ දී ජනතාවට දේවාශිර්වාදය ලබා දීම සිදුකරයි. ජනතාවට පැනනගින ගැටලු වලට විසඳුම් ලබා දීම සඳහා තම ඉසිවර දේවාලය හරහා සේවා කටයුතු සිදුකරමින් මෙම හිටපු රණවිරුවා වන රුජිත් කුමාර ජයසිංහ මහතා කටයුතු කරයි

රුජිත් කුමාර ජයසිංහ මහතා ඇමතිමට අවශ්‍ය නමි—-0778428411

Leave a Reply

Your email address will not be published. Required fields are marked *