රාජ්‍ය නිළධාරීන්ට බලපෑම් කලේ ඇමති සනත් නිශාන්තද ? ඇමති රමේෂ් පතිරණද ?

උගතුන්ට බුද්ධිමතුන්ට පමණද? අට පාස් සනත් නිශාන්ත ද? වෛද්‍ය රමේෂ් පතිරණ ද ?

මීගමුව කඩොලාන පරිසරය තුල නව ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට යාමේදී ඇතිවූ සිද්ධිය පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය තුල පළමුව වාර්තාවන ලදී අනතුරුව ප්‍රධාන මාධ්‍ය තුලද එම පුවත සදහා ඉඩක් වෙන්වන ලදී එම සිද්ධියෙන් මෙරට දේශපාලනය සහ දේශපාලකයා කවුරුන්ද යන්න සමාජයට කථිකාවක් නිර්මාණය වන ලදී එම පුවතේ රස්නය මකීයන්න පවා ඉඩක් නොතබා ගාල්ල දිස්ත්‍රික්කයෙන්ද එවැනිම පුවතක් වාර්තාවන ලදී ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ රක්ෂිතයක ඉඩම් කැබලි ජනතාවට ලබාදීම සිදුකල යුතු බවට රාජ්‍ය නිළධාරීන්ට බලපෑම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් දොස්තර රමේෂ් පතිරණ වැවිලි කර්මාන්ත අමාත්‍ය වරයා විසින් සිදු කිරීමය

බැලූ බැල්මට එම සිදුවීම් දෙකම එක සමානය දෙදෙනාම දේශපලකයනය බලපෑම පැමිණියේ රාජ්‍ය නිලධාරීන් වෙතය ගැටළුව ඇත්තේ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍ය වරයාට ලැබුණු තරම් විවේචනයක් එවැනිම සිදුවීමක් සිදුකල කැබිනට් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත නොලම්බීමය මෙයින් ගම්‍ය වන්නේ අපේ සමාජයද තවමත් පහර දෙන්නේ පහර දිය යුතු කෙනාට නොව පහර දීමට පහසු කෙනා වෙතය මේ සිදුවීම් දෙක හොදාකාරව නැරඹීමේදී පැහැදිළි වන්නේ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා කථාකරන ස්වරය සහ වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කතාකරන ස්වරය දෙස බැලීමේදී අධ්‍යාපනයෙන් අඩු යයි කියාගන්නා සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය නිළධාරියාගෙන් කඩොලාන ඉඩම ලබාදීම සදහා සුහද ඉල්ලීමක් කිරීමත් අධ්‍යාපනය අතින් ඉහල යයි කියන වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍ය වරයා ප්‍රාදේශීය ලේකම් වරියට රක්ෂිතයේ ඉඩම් පදිංචි කරුවන්ට ලබාදෙන ලෙස කරන ඉල්ලීමත් අතර පැහැදිළි වෙනසක් ඇත

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ප්‍රාදේශීය සභාව පළාත් සභාව පළාත් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් සහ වර්තමානයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කර පළපුරුද්දක් ඇති නිසා ඔහු කඩොලාන පද්ධතිය ඇති ස්ථානයේ ක්‍රීඩාංග නයක් ඉදිකිරීමට අවසර ලබාදෙන ලෙසත් මේ සදහා සලකා බලන ලෙසත් ඉල්ලා සිටියද එම ස්ථානයේ සිටි ප්‍රාදේශීය දේශපාලකයන් විසින් රාජ්‍ය නිලධාරී තුමිය අපහසු තාවයට පත්වන ලෙස කථා කිරීමත් කඩොලාන පද්ධතියට වඩා ක්‍රීඩාංග නය අත්‍යවශ්‍ය බවත් කියා සිටීම සහ රාජ්‍ය නිලධාරිනිය අපහසු තාවයට පත්වන අයුරින් හැසිරීමත් සිදුකරන ලදී

වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා දිස්ත්‍රික් සමබන්ධීකරන රැස්වීමේදී ප්‍රාදේශීය ලේකම් වරියට කියා සිටියේ අනිවාර්යෙන්ම රක්ෂිතයේ ඉඩම් ලබාදීම කලයුතු බවත් එම ප්‍රකශය තේරුණාද කියා උස ස්වරයෙන් කිහිප අවස්ථාවකදී ඇමතීමත් දක්නට ලැබුණි මෙම සිදුවීම් දෙකින් දේශපාලකයා විසින් රාජ්‍ය නිලධාරීනට වඩා දැඩිව තර්ජනය කල අවස්ථාව පැහැදිළිව තේරුම් ගත හැක

මෙයින් ගම්‍ය වන දේශපාලන කරනා රැසක් ජනතවට ඉතිරිව ඇත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ අමාත්‍ය රමේෂ් පතිරණ සිදුකරන දේශපාලනය ගැන තර්ක තිබුනද මෙම සිදුවීම් දෙක ගෙන බැලීමේදී උගතුන් බුද්ධිමතුන් පමණක් දේශපාලනයේ සිටීම ප්‍රමාණවත් ද??? දේශපාලනයේ පරිනතභාවය දේශපාලනයට වැදගත් නොවන්නේද??? දේශපාලකයා සෑම පාර්ශවයම නියෝජනය කරන පොදු මිනිසෙකු නොවන්නේද??? දේශපාලනය යනු සෑම ජනකොටසක්ම ආකර්ෂණය කලයුතු කල හැකි මිනිසුන්ගේ උරුමයක් බව තේරුම් ගත යුතුය මහ පොලවේ ගුණ සුවද හදුනන මිනිසුන් දේශපාලනයට අවශ්‍යම මොහොතක අප සිටින බව ජනතාව තේරුම් ගත යුතුය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *