කොරෝනා වෛරසය ජීව විද්‍යාත්මක අවියක් ද? ජාත්‍යන්තර තොරතුරු විශ්ලේෂක දර්ශන අශෝකගෙ විග්‍රහය

කොරෝනා වෛරසය ජීව විද්‍යාත්මක අවියක් ද?
ජාත්‍යන්තර තොරතුරු විශ්ලේෂක දර්ශන අශෝක කුමාර ගෙන් විග්‍රහය

බොහෝ දෙනෙක් අපගෙන් විමසන කාරණයක් තමයි වෛරසය කොරෝනා වෛරසය ජීව විද්‍යාත්මක අවියක් වෙන්න පුලුවන්ද? කියන එක ලෝකෙ විවිධ අවස්ථාවල ලෝකයේ විවිධ යුග වල මෙම ජීව විද්‍යාත්මක අවි භාවිතා කර ඇති බව සාක්ෂි තියෙනවා. අවුරුදු තුන් දහසකට පමණ පෙර ද මෙම ජීව විද්‍යාත්මක අවි භාවිතා කර ඇති බවට සදහන් වෙලා තිබෙනවා. පළවෙනි හා දෙවෙනි ලෝක යුද්ධ සමයේ ද මේවා භාවිතා කර තිබෙනවා

එය බැක්ටීරියා හෝ වෛරස් ආකාරයේ මිනිසාට සත්ත්වයාට මෙන්ම ශාකවලට ද හානිදායක වන අයුරින් මුදා හරින්න පුළුවන්. ඒවා ඒ ආකාරයෙන් හානියක් සිදු කිරීම සඳහා භාවිතා කර තිබෙනවා. corona කියන්නේ ලතින් භාෂාවේ ඔටුන්නට කියන වචනයක්. වෛරසය උඩකොටස ඔටුන්න ආකාරයෙන් තියෙන නිසා එය නමින් මුලින් හැඳින්වුවා. පසුව විද්‍යාත්මකව කොවිඩි 19 ලෙස හඳුන්වා දී තිබෙනවා

මෙම වෛරසය මිනිසා විසින් නිපදවූ වයිරසයක්ද කියන එක ගැන කතාබහක් ඇති වී තිබෙනවා. මේ පිළිබඳව කරන ලද නවතම පරීක්ෂණයකදී හෙළි වූ කරුණක් තමයි මෙය මානවයා මැදිහත්වීමේ කරපු නිර්මාණයක් නොවන බව. එම පර්යේෂකයින් ඉදිරිපත් කරන තර්කය තමයි මිනිසා විසින් නිර්මාණය කලා නමි ඊට කලින් තිබුන වයිරස වල සහලක්ෂණ තිබිය යුතුයි කියලා.මේ වෛරසය නිර්මාණය වෙලා තියෙන්නේ මීට කලින් වෛරසයකට සහලක්ෂණවලට අනුව නොවෙයි. ඒ අනුව පර්යේෂණවලින් හෙළි වූයේ මීට කලින් තිබූ වෛරස් වල අනුව නිෂ්පාදනය කරපු එකක් නොවන බවත් ස්වභාව ධර්මයාගේ නිර්මාණයක් විය හැකි බවත්ය

චීනයේ වුහාන් වල විශාල සත්ව අලෙවිසැලක් තිබෙනවා. එහි සර්පයින් වවුලන් වැනි සත්ව වර්ග අලෙවි කරනු ලබනවා. මත කිහිපයක් තිබෙනවා වෛරසය ආපු එක ගැන. සමහර අය කියනවා සර්පයින්ගෙන් වවුලන්ගෙන් මෙය එන්න ඇති කියලා.මීට කලින් සාස් හා මර්ස් වයිරස් වලට ද හේතු උනේ සත්තු බවට හෙළිවෙලා තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට ද මෙවැනි වෛරසයක් ගැන බව මතයක් තිබුණා. කොරෝනා වලට පස්සෙ ද තවත් වෛරසය පැමිණිය හැකියි. නමුත් ලෝකය සූදානම් වූයේ නැහැ.. ගැටලුවේ වුයේ මුහුණ දෙන ආකාරය ගැන ලෝකය සූදානම් නොවීමයි. ලෝක නායකයෝ ඒ ගැන අවධානය යොමු නොකර වෙන දේවල් වලටයි අවධානය යොමු කළේ. මේ වගේ බරපතළ ව්‍සනයකට මුහුණ දෙන්න ඔහුන් සූදානම් වූයේ නැහැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *