සිංහවිල වත්තේ අභිරස් කඳවුරේ කැරලිකාරයා // භීෂණයේ නොකී කථාවක්

88//89 සත්‍ය වෙනුවෙන් පෙනීසිටීම නොව සිතීම පමණක් මරණයට අත වැනීමකි

බුදු අම්මෝ..ගහන්න එපා…අයියෝ ….අනේ…රිදෙනවා.මම සංවිධානයේ නෑ.මම මොනවත් දන්නේ නෑ.කියනවා ඇත්ත.ඇත්ත කියනම් මම දන්නේ නෑ. කියපියව්! තෝපි සංවිධානයට සම්බන්ධ ද ? කෝ අවි උබලගේ ගේම් කියපල්ලා. මේ තොපිත් එක්ක හිටිය පාහරයන්ගේ ගෙවල් පෙන්නපල්ලා.තොපි කෑලිවලට කපනවා.ඇත්ත කියපියව්!

ඇසෙන මහා ඝෝරහඩින් යුතුව ආරක්ෂක නිලධාරින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්නේ ය. එකම විලාපයක් වූ මේ රහසිගත හමුදා කඳවුර පණපිටින් තරුණ තරුණියන් කපාකොටා පුච්චා ටයර් සෑයේ මිහිදන් කළ නැති නම් තැන තැන පාරක් පාරක් නගරයක් අසල දමා බල්ලන්ට කපුටන්ට මළ මිනි කන යුගයක නින්නාදයයි.

මෙය අසන්නට දකින්නට ලැබුනේ ගාල්ල,දික්කුඹුර,සිංහවිල වත්තේ වඳකාගරයේ දීය.මෙම වඳකාගරයේ දින ගණනාවක් අපමණු වු ආකාරයට පහර කා දුක් විද දඩුවම් විදි දැනට පනස්වන වියේ පසුවන සුනෙත් ගාල්ලගේ තම කතාන්දරය අපට කීවේ මෙසේය.

මෙය එක් සත්‍ය කතාවකි. ලිපිය දිග වැඩිය. කොටස් කිහිපයකින් පල කරන්නේ නම් කතු තුමාගේ අභිමතය පරිදිය. සමහර කරුණ කාරණා මේ සටහනට එක් නොකළහ. ඒ ආරක්ෂක හේතු නිසාය. නම් ගම් ආසන්න වශයෙන් වෙනස් කර ඇත. ඒ අප සියල්ලන්ගේම ආරක්ෂාව සඳහාය. මේ බියසුණු සිංහවිල වඳකාගාරයේ කතාව තවත් එක් කතාවක් පමණි. ලංකාවේ මේ කාලයවන විට මෙවැවනි වඳකාගර රැසක් පවත්වාගෙන ගියේ ය. එහි ප්‍රතිපලය වුයේ 60 000 ක් පමණ පිරිසක් මරණ සහතිකද නොමැතිව මරණයේ දේශයට කැඳවා ලිමයි.

ගාල්ල,දික්කුඹුර සිංහවිලවත්තේ අභිරහස සත්තකින්ම බියසුණුය.සිංහවිලවත්ත යැයි නම ඇසු පමණින් ජනතාව බියපත් වන්නේය. එනම් ඒතරම්ව මේ වත්ත මරනයේ දේශයට කැඳවා යන්නට තරම් හේතු කාරනා රැසකින් සමන් විත වූ නිසාය.

සිංහවිල වත්ත තේ, පොල්, කුරුදු සහිතව අක්කර සියයකට අධිකව එක යායට එක රෑනට පිහිටි වත්තකි. එහි පාලකයා නැතහොත් වතු හිමියා භාෂා කිහිපයක් කතා කල හැකි සුවිශේෂ වු දේශපාලන සම්බන්ධකම් ඇති ගිනි අවි තබාගෙන සුවිශේෂ වු ප්‍රාසාදයක කාලය ගත කරන්නේ කුමාර දිවියක් සිහිපත් කරවමිනි.

1987, 1988, 1989 ආදි කාලයේ රටම රතු සහෝදරවරුන්ගේ අණ සක නිසා ජන ජීවිතය උඩු යටිකරු වී තිබිණි. මේ කතාන්දරයේ කතා නායකයා වු සුනෙත් ගාල්ලගේ එවක පාසල් වියේ පසුවන පාසල් සිසුවෙකි.

සිංහවිල වත්තේ පාලක නරේන්ද්‍රසිංහ දේශපාලන මෙන්ම පොලිසිය හා පතාලයට සම්බන්ධ වු නිරතුරුවම ගිනි අවි අත තබාගෙන සුපිරි වාහනයකින් ගමන් ගන්නේ සක්විති රජකෙනෙකු ලෙසයි.හෙතම අදාළ කාලයේ පොලිසියට පවා තර්ජනය කරන පහර දෙන දරඳඩු පුද්ගලයෙක් විය.හෙතෙම යතුරු පැදියෙන් ගමනක් ගිය ද කිසිවිටක හෙල්මට් පළදින්නේ නැත.

දිනක් දික්කුඹුර නගරයේ දී පොලිසිය රැකවල් දමා තිබුනේ රතු සහෝදරයන් කොටු කර ගන්නාවු අරමුණ ඇතිවයි. සෙමෙන් සෙමින් රතු සහෝදරයෝ ලංකාවේ නීතිය කැලෑ නිතීයක් බවට පත් කරගෙන ඇති බව සුනෙත්ගේ දෙමාපියන්ද පවසන්නේ බිය හා සැකය මුසු වු පරිසරයකයක දීය.

පෙර කී නරෙන්ද්‍රසිංහ යතුරු පැදියෙන් ගමන් කරද් දී ආරක්ෂක පොලිස් මාර්ග බාදකයේ  දී නතර කරන්නේ හිස් වැසුම් නොමැති නිසාය. එවිට යතුරු පැදියෙන් බිමට බහින නරෙන්ද්‍රසිංහ එක්වරුම පොලිසියේ නිලධාරින්ට පහර දී තමා එවක රට පාලනය කළ ජනපතිගේ පුතුගේ මිතුරකු බවත් මට හෙල්මට් පළදින්නට අමුතුවෙන් පැවසිය යුතු නොවන බව පවසමින් දික්කුඹුර නගරයේ අනසක පතුරන්නේ මුළු නගරයම බියපත් කරවමින් පවසා යතුරු පැදියෙන්ම ඉගිළ ගියේ ය.

දින ගණනාවක් ගෙවි ගියේ ය. සුනෙත් ගාල්ගේ ද දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය අදාරමින් කටයුතු කරන නිසා නිරතුරුවම නගරයට එන්නට යන්නට හැකි පරිසරයක් උදා වි තිබිණි. එවක තරුණ පිරිස නම් දික්කුඹුර නගරයට එන්නේම නැති තරම්ය. රතු සහෝදරවුරුන්ගේ කැලෑ අණ ද නීතිය ද  පොලිසිය හා හමුදාවේ අණ ද නිසා නීතිය වල් වැදි ගොස් තිබිණි.එදා දහවලට රැයේ දී ද  දික්කුඹුර නගරය මෙන්ම ලංකාව ද ඇදිරිනීතිය මෙන්විය.

කොයි මොහොතේ හෝ කරලියට එන රතු සහෝදරවරුන්ගේ නිර්නාමික තුණ්ඩුකෑල්ල මහාබිය කරුවිය. කඩ වහන්න.ලයිට් නිවන්න.වැරදි වැඩ කළ අයට හාල් පොල් බෙදන්න.ගස් බැඳ දඩුවම් දීම,කට කැපීම,හැදුනුම්පත් එකතු කිරීම, රා හා කසිප්පු පෙරන පුද්ගලයන්ට දඩුවම් දී ආදි පොලිසියක් අධිකරනයක් හෝ නොමැතිව රතු සහෝදරවරුන්ගේ අභිමතය පරිදි සිදුවෙමින් තිබිණි.එවක විදුලිය නිවසේ තිබිය දී  කළුවුරේ සිටින්නට ජනතාවට සිදු වූහ. රතු සහෝදරයෝ එවක දී නීතිය අතටගෙන කටයුතු කරන්නට වුයේ රටේ නීතිය තඹ ශතයකටත් මායිම් නොකරමිනි.ජනතාව ගිරයට අසු වු පුවක මෙන් නිරුත්වරව,නිරත්තුරුව මරණයේ දේශයට යන්නට අත වනමින් මළවුන් මෙන් ජීවත් වූහ.මහා භිෂණයකින් රටමවේලාගෙන තිබිණි.

මෙවන් පසු බිමක නරේන්ද්‍ර සිංහයන් සිංහවිල වත්තේ අණසක ඉතා දරුණු ආකාරයට  පතුරුවාගෙන සිටි යේ ය. වතු පාලකයාට ද රතු සහෝදරයෝ රතු තුණ්ඩු මගින් රතු නිවේදන නිකුත් කළේය.ඔහුට රතු සහෝදරයන්ගෙන් විවිධ බලපම් බල කිරීම් දැනුවත් කිරීම් සිදු කළ ද හෙතෙම එය මායිම් නොකළයේ ය.

මම මේ වරද කළ නිසා රතු සහෝදරයන්ගේ අණසක යටතේ මම මේ දේ කරනවා. නගරයක කඩ පිළික සිටින පුද්ගලයෙකි. මෙම ආරංචිය නිසා වැරදි වැඩ කරන්නට ගමේ ප්‍ර දේශයේ මිනිසුන් බිය වී සිටියහ. නාදුනන රතු සහෝදර පුද්ගලයා කොයි මොහොතක හෝ තමා සොයා දිවා කාලයේ හෝ රාත්‍රියේ එන බැව් වැරදි වැඩ කල එවක පාලන පන්තියට ගැති පුද්ගලයෝ දැන සිටියෝ ය.ජනසමාජය නිදහස ඉල්ලා ඉකි බිදිමින් සිටියෝ ය. සුනෙත් ගාල්ලගේ හා පවුලේ ඇත්තන්ද ගමේ හා ප්‍රදේශයේ ජනතාව මේ ව්‍යවසනයට මුහුණ දෙමින් සිටියෝ ය. 

දිනක් රතු සහෝදරයෝ පිරිසක් සිංහවිලවත්ත හා නරේන්ද්‍රසිංහගේ බංගලාව වට කරන්නේ තියුණු ආයුධ අත ඇතිවයි. යක්ෂයන් යක්ෂ විමානයට කඩා වදිනවා මෙන් රතු සහෝදරයෝ වත්තට කඩාපැන ක්ෂණිකවම නරේන්ද්‍රසිංහ හා වතු පාලන අධිකාරිය තම පාලනයට ගත්හ. නරේන්ද්‍ර සිංහගේ අත් බැඳ දණහිස් දෙකෙන් ලේ එනතුරු බංගලාවේ මිදුලේ ගාල් මත දන ගාන්නට අණදුන් රතු සහෝදරයෝ නරේන්ද්‍රසිංහට තරයේ අවවාදකර තම පාලනයක් ඇති කරන්නට තම බලකාය ලබාදෙන තින්දු තිරණ පිළිපදින ලෙස දන්වා සිංහවිල වත්තේ මෙහෙයුම තාවකාලිකව නතර කර ගිනි අවි හා වත්තේ තිබූ වටිනා දේ මුදල්ද කොල්ල කා කැලැ පාරවල් වලින් නික්ම ගියහ.

නරේන්ද්‍රසිංහට සිදු වූ මේ ඇබැද්දිය ලැව් ගින්නක් සේ ප්‍ර දේශයේම පැතිරී ගියේ ය. මේ නිසා මහත් කම්පාට හා දුකට දොම්නසට මෙන්ම පසුතැවිල්කට ලක්විය. තමාට වු මදි පුංචිකම හා කෝපය නිසා වතු පාලක නරේනද්‍රසිංහ දැඩි තින්දු තීරණයකට එළබෙන්නේ ඉන් අනතුරුවයි.

නමුත්,සිදුවන්නේ කුමක් ද? කවරෙක් දැන සිටියේ නැත.රට අල්ලන්නට පාලන බලය අල්ලන්නට රතු සහෝදරයෝ මහා විප්ලවයක නිරතව සිටියේ ය.පැවැති පාලකයන් කෙරෙහි ජනතාව කැමැත්තක් නොදැක්වු නිසා රතු සහෝදරයන්ගේ විප්ලවය ජනගත කරන්නට සමාජ ගත කරන්ට සමාජයෙන්ද දොරටු විවර වී තිබිණි.

එවක රටපාලනය කල ජනාධිපතිවරයාගේ අණ අනුව, සිංහවිලවත්තේ හමුදා කඳවුරක් ස්ථාපිත කරන්නේ රතු සහෝදරවරු බිම්මට්ටමින් හා ගෙයින් ගෙට දොරින් දොර මර්දනය කරන අටියෙනි. මෙය නමින් සිංහවිල වත්තේ වඳකාගාරයයි.එය දකුණු පළාතේ තිබු දැවැන්තම වඳකාගාරය බවට පසුවපත් ව තිබිණි.

රතු සහෝදරයන් සමඟ සම්බන්ධතා ඇති කර ගත් හෝ නොගත් ඒ සංවිධානයට සම්බන්ධ වු බැව් කියන ගෑවනු අත්උදව් අයලුවෙක් පාක්ෂිකයෙක් පුද්ගලයන් හිටි හැටියේ අතුරුදන් වන්නට වුයේ මේ සිංහවිල වත්තේ වඳකාගාර පිහිටු වීමෙන් පසුවයි.ජනතාව මරණයේ දේශයට කැඳවාගෙන යන්නට මේ වඳකාගරය සමත්වූ යේ ය. දහවලට හෝ රැයක  දී තරුණ පිරිස දකින්ට හෝ නොහැකිය. සියල්ලෝම සැඟව සිටියෝ ය. ඊ ලඟ බිල්ල තමාගේ දු දරුවන් විය හැකිය. දෙමාපියෝ බිය පත්වු හ.

අපේ කාතාන්දරයේ කතා නායකයා වු සුනෙත් ගාල්ලගේ නිවස ද පොල් අතු සෙවිලි කල නිවසකි.තරුණ සහෝදර සහෝදරයන් දුසිමකට ආසන්නව මේ නිවසේ සිටියෝ ය. මේ නිසා සුනෙත්ගේ දෙමාපියෝ ද ගමේ හා ප්‍රදේශයේ අනෙකුත් දෙමාපියන් මෙන් බියට පත් සිටියහ.

දින පතා හමුදාවේ සොල්දාදුවෝ මාර්ග පරික්ෂාවේ යෙදෙති.ක්ෂණිකවම මාර්ග හරස්කර පරික්ෂාවේ යෙදෙන්නේ රතු සහෝදරවරු අත්අඩංගුවට ගෙන අල්ලාගෙන කුදලාගෙන ගොස් සිංහවිල වත්තේ පිහිටුවා ඇති වඳකාගාරයේ දි සුර සුරසැප දී මරා දමන්නටය. භිෂණය එන්න එන්නම වැඩි වු නිසා සත්තකින්ම එවක දී ජනජීවිතයට සිදු වුයේ මරු හරකි.

මේ අතර සුනෙත්ගේ දෙමාපියන් තම තරුණ දරුවන් කිහිපදෙනෙක්ම පිටපළාත්වල නතර කරන්නට හා අධ්‍යාපනය හදාරන්නට යොමුකරන්නේ මේ අවදියේ ය. නිරතුරුවම සිංහවිල වත්තේ වඳකාගරයේ වඳකයෝ තම පුතු හෝ දුව සොයාගෙන එනු ඇතැයි ප්‍රදේශයේ පළාතේම දෙමාපියෝ බියවී සිටියහ.

…..මේ ඇහුනැයි අපේ හාමිනේ මොකද අදත් මරල ද ? අන්න දික්කුඹු‍ර හන්දියේ කපා කොටා දමන ලද හිස නැති මළ කඳක් තියනවා…… අන්න ඉමදුව නගරයේද අත පය විතරක් තියනවා මරලා. …….හද් දෙයියනේ මහා විනාහයක් තමයි වෙන්නේ.පුතාලයි තාත්තේ දරුවන්ට ආරක්ෂාව දේන්න පිළියමක් යොදන්න වෙනවා සුනෙත්ගේ අම්මා තාත්තා කතිකාකර ගත්හ.

අමු අමුවේ ටයර් සෑයේ මිහිදන්වන ටයර් සෑයවල් කොට්ටව කැලයේ ද සිංහ රාජ වනාන්තරයේ ද තැන තැනින් තැන දැකිය හැකි වූහ. එය ජනතාවට අරුමයක් නොවීය. සුළභ දසුනක් විය. ගාල්ල හව්පේ දහය කණුව හන්දියේ හිස නැති අත් පා නැති තරුණයකුගේ සිරුරක් තියනවා. බගෙට පුළුස්සලා කියන්නේ …අනේ මොන වින්නැහියක් වෙන්න යනවාද ජනතාව කසුකුසු ගාන්නට වූහ. මරණයේ බිය දොරට තට්ටු කරමින් මිනිස්  ලේ රස සොයමින් භිෂණය පවුරු බැඳ තිබිණි. ගම්මු දුක පවසන්නට වුහ. සත්තකින්ම එය ඇත්කි. එවක මෙතරම් දියුණු තාක්ෂණයක් නොතිබුණු නිසා මේ වා සමහරක් ජායාරුප කර ගන්නට හෝ වීඩියෝගත කර ගන්නට නොහැකි වුයේ එම පහසුකම් ගම්වල ජනතාවට නොතිබුනු නිසාය.තිබු පහසුකම්ද සීමා සහිත විය.ප්‍රදේශයේ තිබුණු එකම පොදු දුරකතනය තිබුනේ ඉමදුව නගරයේ ය. එය තිබුනේ ද රහසිගත ස්ථානයක ය.කෙසේ වෙතත් රටම එකම දුකින් කඳුලින් භිෂණයෙන් සුසුමින් බියන් ඇලලී ගොස්ය. හමුදාවේ නීතිය පොලිස් හා හමුදා නිතිය හා රතු සහෝදරවරුන්ගේ නීතිය නිසා ජනතාව මහා පීඩනයකට පත්ව සිටියෝ ය.

මේ අතර පාසල් වියේ සිටම සුනෙත්ගේ නිවස ද රතු සහෝදරවරුන්ට පිහිට ආරක්ෂාව රැකවරණය ලබාදුන් ස්ථානයක් විය. එය කිසිවෙකු දැන සිටියේ නැත. මේ අනුව, සුනෙත්ද  රතු සහෝදරවරුන්ගේ සංවිධානයට බැදෙන්නට හැකි වුයේ එවක සුනෙත්ගේ නිවසේ විශ්ව විද්‍යාල කිහිපයක්ම නියෝජනය කරන සහෝදර සහෝදරියන් කිහිප දෙනෙක්ම සිටිය නිසාය.එවන් පරිසරයක් සුනෙත්ගේ නිවසේ ද සැකසි තිබිණි.සුනෙත්‍ ගාල්ලගේ මවද පියාද ජනතා විමුත්ති පෙරමුණට මහඟු ලැදියාවක් අදට ද දක්වන බැව් සුනෙත් අප සමඟ කීය.

මේ නිසා කැම්පස් එකේ ද රතු සහෝදරවරුන්ගේ අණසක පැතිරි තිබුණු නිවසක් නිසා එහි සඟයන් ලෙස කැම්පස් සිසුන් ද එයට කැමැත්තෙන්ම හෝ අකමැත්තෙන්ම එක්ව සිටි නිසාවෙන් සුනෙත්ගේ නිවස ද ජවිපෙ ගෙදරක් බැව් කිසිවෙක් දැන සිටියේ නැත.හුදෙක් අලුත් විදියට සිතන පතන වැඩි පිරිසක් සුනෙත්ගේ නිවසේ සිටි ස්ථාවරයේ පසු වූහ. එය ලංකාවේම දැකිය හැකි ප්‍රවනතාවයක් වූහ.අලුත් රටක් නව පාලයක් අලුත් රටක් ගැන සීතිම වරදක් නම් කුමකට එහි අධිකරණය ….ආදි ගී ඉබේටම සමාජගත වූහ.

රතු සහෝදරයන්ගේ සංවිධානයේ අංශ කිහිපයක් ක්‍රියාත්ම වී තිබිණි. ඒ කමල බන්දු බලකාය, සන්නද්ධ බලකාය, ශිෂ්‍ය බලකා අංශය, ප්‍රචාරක සන්නිවේදන බලකා ආදි වශයෙන් ගණනය කළ හැකි විය.

සුනෙත් ගාල්ලගේ සහෝදරයා කොහොම ද ? කැරැල්ලට ඔබ සම්බන්ධ වන්නේ අපේ පැණයට සුනෙත් පිළිතුරු දුන්නේ ය.

අපේ ගමට අල්ලපු ගම ගලදෙනි කන්ද. ගමේ සිටි මහතුන් සහෝදරයා නැතිනම් පේමසිරි සහෝදරයා 1971 කරැල්ලටද සහාය දුන් පුර්ණ කාලීනව රතු සහෝදරයන්ගේ ප්‍රතිපත්තිය දර්ශනය,සමාජයේ ජනගත කරන්නට වෙහෙසුන සහෝදරයෙක්.පුද්ගලයෙක්. නැතිනම් සහෝදරයෙක්. මහතුන් පේමසිරි සහෝදරයා හරහා රතු සහෝදරයන්ගේ සංවිධානයට සුනෙත් ගාල්ගේ එක්වන්නේ මේ අතරතුරේ දී  ය.

එවිටත් හෙතෙම  පාසල් වියේ පසුවන පාසල් සිසුවෙක් වූහ.සුනෙත්ගේ නිවසේ පරිසරයට අමතරව පාසලේ පන්සලේ ගමේ විවිධ දක්ෂතාවනයන් ඇති තරුණ තරුණියන් පිළිබදව රතු සහෝදරයෝ ඇස ගසාගෙන සිටින ක්‍රමවේදයක් තිබිණි. ඒ නිසා සුනෙත්ද ඒ ඇස් කාන්දමට දඩයමට අසුව සිටියේ ය.

සුනෙත් ඉගෙන ගත්න දක්ෂයි. කථිකත්වයත් තියනවා.පාසලේ දහම් පාසලේ විවාද කණ්ඩායමට ද පුංචි එකා නායකත්වය දෙනවා. වෙන වෙන දරුවන් වගේ දඟ නෑ. තැම්පත් ලස්සන සුදු කොල්ලා. අපේ සංවිධානයට මේකා  සම්බන්ධ කර ගත්තොත් හොඳයි ගෙදර පරිසයත් අපිට හොඳයි. මම කොල්ලට කොක්ක ගසන්නම් මහතුන් පේමසිරි සහෝදරයා සංවිධානයේ ප්‍රබලයන්ට කීය. පේමසිරි සහෝදරයාගේ සිය බිරිද ද වු කරුණාවතී අක්කා ද එය අනුමත කළ නිසා මහතුන් පේමසිරි සහෝදරයා සුනෙත්ට කෙක්කක් නොමැතිවම කොක්ක ගැසීය. මහතුන් සහෝදරයාගේ අත නිරතුරුවම ඇත්තේ කුරුඳු කපන කැත්තකි. පිහියකි.අඩි පටියකි.වක් පිහියකි.කුරුඳු තලන රැස්සාව කළ මහතුන් සහෝදරයා මේ තම පන් මල්ලේ මේ උපකරණ දමාගෙන  පිහි කැති දමාගෙන යන්නේ කුරුඳු තලන්නට නම් නොවේ ආරක්ෂක අංශ රවටන්නටය. පක්ෂයේ සංවිධානයේ වැඩ කටයුතු පූර්ණ කාලීනව සිදු කරන්නටය.හමුදා නිලධාරින්  සිදුකරන පරික්ෂාවේ දී පිළිතුරු දීම සඳහාය.

පොලිස් මාර්ග බාදකයක දී ….. අයිසේ….. තමුන් යන්නේ කොහොද? මම කුරුදු තලනවා.සර්. මම කුරුදු ඉඩම් බඳුගෙන කුරුඳු තලන රස්සාව තමයි කරන්නේ, යැයි පවසා සංවිධානයේ වැඩ සඳහා ආරක්ෂක අංශවලින් බේරා පැණ ගැනීම මහතුන් පේමසිරි සහෝදරයාගේ සූරත්වයයි.

අපේ කතාන්දරයේ කතා නායකයා වු සුනෙත් ගාල්ලගේ අප සමඟ කියා සිටියේ මහතුන් සහෝදරයා කරාතේ ක්‍රීඩාව හොඳින් ප්‍රගුණ කළ  ගිනි අවි හා පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහා දැනීමක් සහිතව සිටි සංවිධානයේ ප්‍රබල සන්නද්ධ අංශයේ ප්‍රබලයෙක් ලෙස කටයුතු කළ අයෙක් බවය.

සුනෙත් පුතා මේ පාලකයන් මේ ආකාරයට රට විනාශ කරනවා. ඇමරිකන් කාරයයන්ගේ උවමනාවට තමයි මේ පාලකයෝ ධනවාදි පාලකයෝ කටයුතු කරන්නේ සුනෙත් පුතා අපේ සංවිධානයට එන්න. ගලදෙනි කන්දේ මහතුන් පේමසිරි  සුනෙත්ව එම රතු සහෝදරයන්ගේ සංවිධානයට එක් කරන්නේ අන්න ඒ ආකාරයෙනි.නැතිනම් රතු සහෝදරවරුන්ගේ සංවිධානයට පුර්ණ කාලීනව සම්බන්ධ කළේ මහතුන් සහෝදරයා විසිනි.

මහතුන් පේමසිරි සහෝදරයාට මේ අනුව,සුනෙත්ට සංවිධානයේ  භාෂාවෙන් පවසන්නේ නම් කොක්ක ගැසන්නට හැකි විය. පූර්ණ කාලිනව සංවිධානයට යමකු සම්බන්ධකර ගන්නේ නම් එය කොක්ක ගැසිමක් වශයෙන්  සංවිධානය හදුන්වා දි තිබිණි.

සුනෙත් පුතා අපි සංවිධානට බැඳුනම මේ අරමුණ විතරයි සමාජ වාදය සමාජයේ ජනගත කිරීමේ අරමුණ විතරයි තියෙන්නේ. වෙන කිසිදු විකල්පයක් මෙහි දී සිතේ තබා ගන්න බෑ. දැන් සුනෙත් පුතා අද සිට සුනෙත් සහෝදරයා සුනෙත් සහෝදරයාට හැකියි කැමති නම් ව්‍යාජ නමක් භාවිතා කරන්න.එකට සංවිධානයෙන් අවසර තියනවා.

මහතුන් සහෝදරයා මම කැමැතියි!  මම කැමැතියි සංවිධානයට බැදෙන්න සුනෙත් කීය. සංවිධානයට බැදිලා කටයුතු කරන්න මහතුන් සහෝදරයා අපි දැන් මොනවද කරන්න තියෙන්නේ කුඩා වයසේ සිටි සුනෙත් ප්‍රශ්ණ කළේය.

හ්ම්… මම කියන්නම් කරන්න ඕන දේ. එකටම  කරන්න තියෙන්නේ. තවත් සහෝදරවරු පිරිසක් එක්ක ගලදෙනි කන්දේ කිරිනෝනා නැන්දලාගේ නිවසේ දැනුවත් කිරීමේ හමුවක් තියනවා. මේකට කියන්නේ පන්ති පහ කියා දීමේ රහසිගත කඳවරක් කියලා. කෑම බීම දෙනවා. සහභාගිවන කාලයේ දි කිසිවෙක් සමඟ සම්බන්ධ කම් බෑ.පුහුණු කඳවුරේ අය අතර පමණයි සම්බන්ධතාවය පවත්වන්නට හැකියාව තියෙන්නේ මහතුන් පේමසිරි ලොකු සහෝදරයා කීය.

මේ පුහුණු කඳවුරේ  දී පත්ති පහ ( 05) පිළිබඳව කියා දෙනවා.දේශන තිබනවා. මේ දේශන අහලා සුනෙත් සහෝදරයා තවත් පිරිසකට මේ දේශන පවත්වලා අපේ සංවිධානයට සහෝදරයන් එක් කර ගත යුතුයි.එකට කියන්නේ කොකු ගහන්නවා කියලා.පුරා දින පහක් පැවැති ගලදෙනි කන්දේ කිරිනෝනා නැන්දලාගේ නිවසේ පැවැති රහසිගත පුහුණු කඳවුර සත්තකින්ම සුවිශේෂ විය.සුනෙත්ට නම් අලුත් අද්දැකීමක්  වූයේ ය. අලුතින් සිතන්නට හැකි මනසක් මෙම දින පහ අවසන දී මනසේ ගොඩ නැංවන්නට දේශකයෝ සමත් වූ බව සුනෙත් අප සමඟ කීය.

සුනෙත්ගේ අයියලා අක්කලාලේ සමඟ සරසවියේ සිටි සමහර සරසවි සඟයන්ද මෙම කඳවුරේ දී සිය දේශන පැවැත් වුහ.ඉන්දියන් ආක්‍රමණය රටේ පාලනය පිළිබඳව,සංවිධානය පාලනය ගත් පසු රටේ ක්‍රියාත්මක කරන වැඩ සටහන හා වෙනත් කටයුතු ද, සන්නද්ධ කටයුතු ද ආදි දේ දේශන ආකාරයෙන්ද ප්‍රායෝගිකව ද මෙම ගලදෙනි කන්දේ පුහුණු කඳවුරේ දී පුහුණුවට සුනෙත් ද සිය කැමැත්තෙන්ම එක් විය.

සත්තකින්ම මෙය සුනෙත්ට නැවුම් වු අත්දැකීමකි. වේලාවට කෑම ලැබේ. කාල සටහනකට අනුව දිනය බෙදාගෙන දේශන හා සමහර පුහුණු කිරීම් සිදු කරන ආකාරය සත්තකින්ම සුන්දරය. කඳවුරට ආරක්ෂාව ලබාදෙන්නේ වැඩි හිටි සහෝදරවරුන් විසිනි. ‍සිංහවිල වත්තේ නරේන්ද්‍රසිංහගේ නිවසද මේ කන්දට මනාකොට දර්ශනය වේ. දික්කුඹුර නගරයේ සිව් දිගට දිවෙන මාර්ග ද නොදින් දර්ශනය වන මෙම ගලදෙනි කන්ද රහස් කඳවුරේ කටයුතු අවසානයේ දී මහා දැක්මක් දැනීමක් ඇති සහෝදරයන් පිරිසක් සංවිධානයට එක් කෙරිණි.ගලදෙනි කන්දේ රජගල අසල කුඩා වන රෝද විවිධ සටන් හා අවි පුහුණුව ලබා දුන් භූමියක් වූහ.එම ස්ථානය අදටද දැකිය හැකිය.

සුනෙත් සහෝදරයා….අපි තිරණය කළා සහෝදරයාගේ දක්ෂතාවය නිසා අපේ සංවිධානයේ ශිෂ්‍ය අංශයට ගන්න.මම කැමැතියි…..සුනෙත් සහෝදරයා කීවේ ය. සහෝදරයාට තියෙන්නේ අපි සංවිධානය කරන ශිෂ්‍ය කඳවරුවලට ගිහිල්ලා අපි මේ කියලා දුන් දේශන පවත්වන්න ප්‍රශ්ණවලට උත්තර දෙන්න. සියලුම විය හියදම් ආරක්ෂාව අප සපයනවා. සුනෙත් සහෝදරයාගේ පවුලේ වැඩි පිරිසක් අපිත් එක්ක අපේ සංවිධානයේ සිටින  නිසා සහෝදරයාට වගකිම වැඩියි. යම් මොහොතක හෝ හමුදාවට කොටු උනොත් අහු උනොත් කිසිම අවස්ථාවක අපි හෝ මේ කිසිදු සහෝදරයෙක් පාවා දෙන්න බෑ. එහෙම උනොත් සුනෙත්ගේ පුවලේ අයට අපි දඩුවම් දෙනවා. එක් තමයි පක්ෂයේ සංවිධානයේ තීරනය මම කියන කතාව සුනෙත්ට මම හිතන්නේ වැටහෙන්නට ඇතිය කියා මා හිතනවා මහතුන් පේමසිරි සහෝදරයා කීය.

එක් පොරොන්දුවක් මව්බිම නැතිනම් මරණය. ඒ සටන් පාටය තමයි ! අපේ දර්ශනය තොපගේ මාර්දනය අපගේ පන්නරයයි ! යන්න අපි නිරතුරුවම මතකයේ රඳවාගෙන කටයුතු කළ යුතුයි.මේය අණක් මතකයේ රදවාගෙන ඉලක්කයට ගමන් කරන්ට කටයුත කළ යුතුව තිබෙනවා…

සංවිධානයේ කටයුතු කරන අතරේ සුපුරුදු පරිදි සුනෙත් දිනපතා පාසල් ගියේ ය. පාසලේ වැඩ සිදු කරති. අමතර පොත් පත් මෙන්ම සඟරා ද කියවන්නට කාලය කළමනාකරණය කර ගන්නේ සංවිධානයේ උගත් සරසවි සහඟයන්ගේ උපදෙස් මතයි. සතියකට එක පුහුණු කඳවරුක් හෝ පවත්වා පාසල් සඟයන්ට පංති කරන සුනෙත් තම අධ්‍යාපන කටයුතු නියමිත පරිදි කරගෙන ගියේ ය.

පන්ති පහ සඳහා ලබාදෙන කරුණු කොළ පහක සටහන් කර ගෙන අනු අංක දමාගෙන පාසල් සංවිධානයේ සමාජික අංකුර සඟයන්ට දැනුම ලබාදෙන්නට කටයුතු කළ යුතුය. පාසල් කඳවුර දින දෙකට හෝ එකකට සිමා වේ. පාසල් පුහුණු කඳවුයේ සියල්ලම සිදුකරන්නේ අඩ අඳුරේ දීය. කිසිවෙක් දහවල් කාලයේදී දුටුව හොත් හදුනාගත නොහැකි තරමටම ඒ පාසල් අංකුර රතු සංවිධානයේ සඟයන්ගේ කඳවුරු අඳුරේ පැවැත්විම විශේෂත්වයක් වු බැව් සුනෙත් ගාල්ගේ අප සමඟ කීය.

අදාළ පංති පහ ඉගැන්වීම සඳහා ඉතා කුඩාවට සකස්කර ගත් කුඩා කොල කිහිපය රැගෙන යන්නේ හමුදා නිලධාරින්ට ඇස ගැටෙන්නට හෝ අල්ලා ගත නොහැකි පරිදිය. එයට කමිසයේ වාටියක සමඟ ගත හැකි කෙටි සටහන් ලියවිලි රැසකි. නැතිනම් පා පැදියේ සීට් එක හෝ යම් රහස් ස්ථානයක් සකස්කර එය සඟවා රැගෙන යනවා සුනෙත් කීය.

හමුදාවට සැක හිතුනු අවස්ථා තියනවාද ? එකට යම් උපක්‍රම තියනවා.ඒවා අපේ රතු සංවිධානයේ සඟයෝ පුහුණුකර තිබුණු නිසා මම කිහිප වතාවක්ම හමුදා මෙහෙයුම් අතරතුරු බේරුණා.මෙම උපක්‍රමය කිසිදා හමුදා මෙහෙයුම් වල දි හමුදාවට අල්ලාගත් නොහැකි වූ බව සුනෙත් අප සමඟ කීය.

කුඩා කොළ කැල්ලක ප්‍රදේශයේ සංවිධානයේ වැඩිහිටි විශ්ව විද්‍යාල සහෝදරයන් ලබා දෙන්නා වු සටන් පාට රැගෙන යන්නේ ද ඉතාම රහසිගතවයි.මරුවා එක්ක යනවා වාගේ තමයි.අපි පාසල් ළමයින් නිසා පාසල් ළමයින් එක්ම ගමන් කරන නිසා හමුදාව සැක හිතන්නේ න.අදාළ රහස් තුණ්ඩුව  ඒවා රතු හෝ කළු තීන්තෙන් ලියන්නේ අපිම අපේ  අතිම්ම තමයි සුනෙත් කියයි.

නැතිනම් අදාළ සටන් පාඨ වැකිය කාඩ් බෝඩ් එකක සටහන් කර එය සිදුරු සහිතව කපා එය අච්චුවක් ලෙස සකස් කරගෙන අදාළ කොළ මිටියේ පෝස්ටර් ආකාරයට සකස්කර ගත් කොළ මිටියේ තබා සායම්ගෙන එම අච්චුවේ සායම් කවමින් අතින්ම රෙදි කැබැල්කින් හෝ වෙනත් යමකින් තඳකරමින් බිත්ති පුරා හා ගස් ගල්වල අලවන පෝස්ටර් සකස් කරන්නේ අච්චු කන්තෝරුවක ආකාරයටය.

පාසල් බිත්ති හා වෙනත් ස්ථානවල සකස් කරන බිම පාරවල්වල ලියන පාරේ අදින සටන් පාට ද මේ අතර සංවිධානයේ වැඩිමල් සහෝදරවරු පහළ ක්‍රියාකාර සහෝදරවරුන්ට ලබා දෙනවා.එයද ඉතාම ක්ෂණිකවම මහ පාරේ තාප්පවල ලියන්නට සුනෙත්ගේ කණ්ඩායම ද එක්වුයේ හමුදා පහර දිමක් සිදුවුව ද ජීවිතය පරදුවට තබලා ය.මරණය ගැන නම් එදා තියා අද වත් ගාණක් නෑ. අද මරුණත් කමක් නෑ කියලා තමයි අපි පූර්ණ කාලීනව සංවිධානයට එකතු උනේ සුනෙත් අප සමඟ පැවසීය.

සුනෙත් දිගු කල්පනාවක නිරතවෙයි!තේ එකක් බිලම කතා කරමු. අප හකුරු සමඟ තේ කෝප්පයක රස බැලීය.

ඉතිං ඊට පස්සේ .හා….මුතු කැට මෙන් කළු පාට තාර පාරේ අකුරු සුදු තීන්ත දියෙන් ලියන්ට හැකියාව මට තිබුණා.තාප්පවල ද සටන් පාඨ ලියන්ට සුනෙත් ගජ හපනෙක් විය. මේ සඳහා අතිශය සංවිධාන ශක්තිය,ක්ෂණික ආරක්ෂිත වැඩ සටහනක් දියත් කළ යුතුය.මරණ වරෙන්තුව අරගෙන ආරක්ෂක අංශ අප සොයා කොයි මොහොතක හෝ පැමිනිය හැකිය. අපි ගාන අවි නෑ සටන් කරන්න. පින්සලයි. සායම් බාල්දිය විතරයි අපේ අතේ තියෙන්නේ.සමහර විට වැලි පටවන සවලක් අපේ අතේ තියනවා. ලි තුවක්කුවක් පොල්ලක් විදුලි පන්දමක් වැනි දේ තියනවා හදසි අවශ්‍යතාවයක දි මිසක් පාරේ තාප්පේ අකුරු ලියන විට ආලෝක බෑ. ඒවා කරුවලේම ලියන ආකාරය සංවිධනයේ සහෝදරයෝ අපට කියා දී තියනවා.

හමුදාව එනවා ද ඒ එන්නේ පා ගමනින්ද, වාහනයෙන් ද කියා අපට කල් තියා දැනගත හැකියාව ද තියනවා. ඒ සඳහා බල්ලා,කිරලා වැනි සතුන්ගෙන් අනාවැකි ගන්නා අතරේ අපිට හමුදාව එනවා නම් ඒ එන්නේ හමුදාවම කියලා ඒ කාලයේ පුදුම ඉවක් තිබුනා. දැන් තිබෙන පත්තර ඉව වාගේ ඉවක්. සමහර සහෝදරවරු කිරිච්ච පිහිය පාරට ඇණලා කන තියලා වාහනය ලඟ ලගම එනවා කියනවා.

අපි කොල්ලෝ හමුදා වාහනයට කීවේ පරිප්පු වාහනය එනවාය කියලා. පාරවල් වහන්න මහ ගස් මහ බණ්ඩි කියතින් අදින්නේ හතර පස් වතාවක් විතරයි. ගස් ගල් පෙරලාගෙන විදුලි කණු කම්බි එක්ක ගස බිම හෙළනවා. ක්ෂණිකවම අපි ඒ විගසම එම ස්ථානයෙන් පලා යනවා. 

පෝස්ටර් ඇලවීම පාරවල්වල ලිවීම මෙම අංශය ප්‍රචාරක අංශය ලෙස සංවිධනයේ සහෝදරයෝ නම් කර තිබිණි. බැරි වෙලාවක්වත් හමුදාවට කොටු වුවා නම් නතර වන්නේ සිංහවිල වත්තේ වඳකාගාරයේ බව අපි දැනගෙනයි මේ සියල්ලම කළේ. එම ගමන අවසන් ගමන් ම වේ. ආමික කටයුතු නැති බෙර ඩවුල් නැති ගිහි පැවිදි ගුණ කථන දේශන නැති මළ ගමකි. මරණයේ දේශයට කැදවාගෙන යන් ගමන් සත්කින්ම සිදුවන්නේ අපායේ හෝ නොමැති අනෙක විද දඩුවම් සමගිනි. වඳවේදනා එක්කයි. එය සත්තකිම්ම බිහිසුනුයි. වේදනාකාරියි. එම වේදනා රැසකට නතු වු අපේ කතාන්දරයේ සුනෙත් සහෝදරයාද අදටද ඒ කඳවුරු ජීවිතය වඳකාගාර ජීවිතය වද හිංසා නිසා අතුරු රෝග බාධා රැසක්ටද මුහුණ දී අදට ද ප්‍රතිකාර ලබමින් ජීවිත් වේ.

සුනෙත් සහෝදරයා ටයර් සෑයට නොගොස් බේරුනේ කොහොම ද ? අප සුනෙත්ගෙන් ප්‍රශ්ණ කළාය.

එය යම් වාසනාවකට විය හැකියි. මම කඳවුරු වලට අල්ලන් ගියා. නමුත්,මම උපක්‍රමශිලිව ඉන් බේරුනු අවස්ථා ද තියනවා. ඒක හරියට සිහිනයක් වගේ නව කතාවක්,කෙටි කතාවක් වගේ සුනෙත් තම නිවසේ තම නිදියන කාමරයේ රෝහණ විජේවිර සහෝදරයාගේ පිංතූරය දෙස බලා සුසුමක් හෙළිය.

සුනෙත් සහෝදරයා අර බිත්ති පුවත් පතේ කතාව කුමක්ද ? හා සහෝදරයා එකත් සුන්දර අත්දැකිමක් වෙනවා. මාගේ සරසවි ගමනට ද පුවත්පත් කාලවට ද අලුත් දැනුමක් ලබා දුන්නේ මේ බිත්ති පත.

මේය එකල රතු සහෝදරයෝ දියත් කළ ජනසන්නිවේදන මාධ්‍යයක්. මෙය ලස්සනට අකුරු ලියන්ට හැකි සහෝදරයන් තමයි මේ පුවත් පතට නිවුස් ලිව්වේ. පුවත් පතක් කීවාම එය අඩි දෙකක එකක තනි පැත්තක පෑනෙන් ලියන ලද විවිධාකාරයේ රටේ තොටේ සිදුවන පාලකයන්ගේ වැරදි පිළිබඳව කෙටියෙන් සකස් කරන ලද පුවත්. එය කෙටියි.රසයි. බුද්ධියට කතා  කරන එක මෙහි තියෙන්නේ. එක් පිටවුක එක් පැත්තකට සිමා වු පුවත් ඇති කොළයක් මෙය බිත්ති පුවත් පත ලෙසයි රතු සහෝදරයෝ නම් කළේ .

කඩ පිල්වල,නාන ලිඳවල් අසල ධීවර තොටු පොල් වල,තේ දළු ගන්නා ස්ථානවල ආදි ජනතාව ගැවසෙන ස්ථානවල තමයි. මෙම බිත්ති පුවත් පත් අලවා තියෙන්නේ ප්‍රදර්ශනය කරන්නේ හරියටම කියනවා නම් ඈත අතීතයේ දී කැලෑ පත්තර සංස්කෘතියක් අපේ සමාජයේ තිබුනා. ඒ ආකාරයට තමයි මෙම බිත්ති පුවත්පත සකස් කළේ.

නමුත්, කැලෑ පත්තර සංස්කෘතියට එහාගිය හරවත් දැනුවත් වු සමාජයට යමක් තෙරුම්කර දෙන්නට හැකි අපේ සටනට ජවයක් පන්නරයක් ලබා ගත හැකි පරිදි තමයි මේ පුවත් නිවුස් එම පුවත් පතේ සටහන් කරන්නට හැකි වුනේ.

එය ඉතා ප්‍රබල සන්නිවේදන ක්‍රමවේදයක් උනා.මට මතකයි.සමහරු එය ආරක්ෂා කළා.විතරක් නොවෙයි. ඒ සඳහා සහයෝගය දක්වා තෙමෙන්නේ නැති ආකාරයට ආරක්ෂා කරන්නට තරම් සහයෝගයක් දුන්නා. අපි රෑට ලියලා සකස් කරනලා අලවන බිත්ති පුවත් පත අපි පාසල් සිසුන් නිසා ඒවා මොනවද මේ කිය කියා අපිම යළිත් කියවනවා.එවිට වැඩිහිටින් ද කියවනවා.සමහර වැඩිහිටියෝ අපට බැනලා එලවනවා.නිකං මැරුම් කන්න හදනවා ද ? පලයල්ලා ගෙවල්වලට කියා බනිනවා.ඒ අපට තියෙන ආදරයට බව අපි දන්නවා.

අපි සංවිධානයට සම්බන්ධයි කියා ගමේ හෝ ප්‍රදේශයේ කිසිවෙක් දැන සිටියේ නෑ. එය තමයි එම සංවිධානයේ තිබුණු විනය,හික්මිම වැදගත්කම ප්‍රතිපත්තිගරුක බව අරමුණ කරායෑම ඉලක්කයක් ඇතිවයි අපි වැඩ කළේ. මේ බින්ති පුවත් පත් කලාව නිසා අදටද සුනෙත් ලංකාවේ ජනමාධ්‍ය ආයතන රැසක නිදහස් මාධ්‍යවේදීයෙකි.

සංවිධානයේ වැඩ කරන්නට යම් යම් උපක්‍රම භාවිතා කරන බවද සුනෙත් අප සමඟ කීය. ටියුෂන් ගුරුවරයෙක් වශයෙන් කියාකාරිව සිට ඒ හරහා පක්ෂයේ වැඩ කටයුතු ක්‍රියාත්මක කිරිම,දහම් පාසල් ගුරුවරයෙක් වශයෙන්,පුද්ගලික පත්ති යන වුවාවෙන්,තරුණ ආදරවන්තයන් ආකාරයට,තාත්තා පුතා ආකාරයට හමුදාවට සැක කටයුතු ඇති නොවන ආකාරයට සියල්මම සිදු කරනවා.

අහංගම, හෝ ගාල්ල  හෝ සිංහවිල වත්තේ හමුදාකදවුරෙන් හෝ ගාල්ල බූස්ස කඳවුරෙන් හෝ දහය කණුව අනු වදකාගාරයේ ආරක්ෂක නිලධාරින්ට හෝ සැක හිතෙන්නේ නැති ආකාරයට තමයි අපි සංවිධානයේ විවිධ කටයුතු කළේ.

ගස් කැපිම,බස් ගිනි තැබිම ද සමහර පොදු දේපල විනාශ කිරිම ද සමහර අවස්ථාවල දි අපි නොදැනුවත්ම සමහර විට සිදු උනා. සමහර විට එවක පාලකයෝම ඒවා සිදු කර සංවිධානයේ ගිණුමට බැර කළා. ඒ මතින් තමයි සංවිධානය එදා විනාශයට පත්වුනේ. සමහරු සංවිධානයේ කියා බොරු සංවිධාන අවටාගෙන හොරකම් කිරීම් සිදු කළා. ජනතාවට හිරිහැර කළා කොල්ලකෑම් ද සිදුකර තිබුනා.ඒ කාලයේ සරසවි සිසුවෙක් වශයෙන් පසු වු සුනෙත් අප සමඟ කීය.

පාලකයන්ම සංවිධානය වී අප සංවිධානය විනාශ කරන්නට එවකට පාලකයෝ කටයුතු කළා. සංවිධානයේ සාමාජිකයන් කව් ද ? නැත්තේ කව් ද ? ඒ පිරිස අපගේ ද ? නැද්ද ? යන්න නියාමනයක් සංවිධානය සිදුකළ සහෝදරයන්ට ‍තිබුනේ නෑ. ඒ නිසා තමයි මම හිතන්නේ සංවිධානය නැති වුනේ කියලා.නමුත් සත්තකින්ම කියනවා නම් මේ සංවිධානය නතර කරන්නට ලංකාවෙන් නැති කරන්ට නොහැකියි සුනෙත් කියයි.

මෙයට හේතුව සුවිෂේෂයි.දඟර ගැසුණු නැතිනම් සල්ර්පිලාකාර කම්බියක ගමන් කරන කුහුඹවකු මෙන් මේය පාලකයින් විසින් විටින් විට නැති කළත් මර්දනයක් කළත් කලක දී  සංවිධානය යළි යළිත් මතු වෙනවා. එය අපි 1971 දි අසන්නට ලැබුනා. 88,89 දි දැකිය හැකි උනා.

සුනෙත් පැවසු ගෝනි බල්ලාගේ කතාව ද සුන්දරය. මොකක්ද මේ ගෝනිබිල්ලා කියලා නගරයක් නගරයක් ගානේ හන්දියක් හන්දියක් ගානේ බිල්ලකු සිටියා කියන ගෝකි බිල්ලා සංස්තෘතිය.මෙය සංවිධානය කරන්නේ ආරක්ෂක අංශ විසින් සුනෙත් කීය.

ගෝනියක පුද්ගලයෙක් බස්සවා ගෙල සිට තවත් ගෝනි පඩංගුවකින් හිස වාසා තබනවා. ඇස්දෙක තිබෙන ස්ථානයේ තමයි සිදුරක් තබා තියෙන්නේ.ඒ අනුව, ක්ෂිණිකවම නගරයේ ගෝනි බිල්ලා ගෙන එනවා.එම ගෝනි බිල්ලා ආරක්ෂක අංශ පවසන්නේ සංවිධානයට සම්බන්ධ අල්ලා ගත් පුද්ගලයෙක් බවයි.

නමුත් ඇත්ත කතාන්දරය වුයේ පාලකයන් විසින්ම හුරුකරන ලද සකස්කරන ලද යම් පුද්ගලයෙක් මේ ගෝනි බිල්ලාගේ චාරිතයට පණ පොවන්නට සැලැස්වීමයි සිදු කරන්නේ. සංවිධානයට සම්බන්ධ කිසිවෙක් ගෝනි බිල්ලාගේ චරිතයට පණ පොවන්නට තරම් අඳබාලයන් උනේ නෑ සුනෙත් කිය.

එය සංවිධානයේ අරමුණ ලේවල තිබෙන පිරිස් පමණක් සංවිධානයට එක් විමයි සංවිධානයේ සමාජිකයන් විමයි.ඒ නිසා ගෝනි බිල්ලා වුයේ එවක පාලකයන්ගේ බත් බැලයෝ පිරිසක්ම පමණයි.ගෝනි බිල්ලා හිස වැනුවොත් මරණය තින්දු කරන අමුතුම තින්දුවක් තමයි. එහි තිබුනේ.ගෝනි බිල්ලා හිස දෙපසට සැලුව හොත් සොලවන්නේ නම් එතෙම සංවිධානයේ පුද්ගලයෙක් නොවේ.ගෝනි බිල්ලා ඉදිරියට හා පසුපසට ගෝනි බිල්ලාගේ  හිස සැලුවේ ද සොලවන්නේ ද මරණ සහතිකය නියමකර අපා දුක් විද ටයර් සෑයේ ගමන් යන්නට සුදුසුකම් සපුරා ලනු ඇත.

මම ද ගෝනි බිල්ලාට ගොඳුරු උනා නමුත්, මම නිදහස් උනා. එය මම හිතන්නේ මාගේ වාසනාවට කියලා හිතන්න හැකියි.මෙය මහා අසාධාරණයක් උනා බොරු ගෝනි බිල්ලා නැතිනම් තැරැව්කාරයා ගෝනි බිල්ලා තමාගේ තරහාකාරයන්ගේ දු දරුවන් පවා හිස සොලවා සංවිධානයේ සමාජිකයෙක් පව පවසා පළිගත්තා. සමහර තරුණ තරුණියන් සංවිධානයට කිසිදු ආකාරයකට සම්බන්ධ නැති පිරිස් නිකරුණේ ටයර් සෑයට ගමන් කරන්නට සිදු උනා. නිතිය යකාට ගොස් තිබුනා.යකාගේ නිතියක් තමයි එදා තිබුනේ.පාලකයෝ හැමදාමත් බලකාමියෙන් දුෂණයෙන් භිෂණයෙන් ජනතාවට දුක් දුන්නා විතරයි.

වසර 72 ක් රට පාලනය කළ මේ ඇත්තේ අදට ද ජනතාව රවටනවා. පුදුම කතාව තමයි ජනතාව හොරා දුෂිතයා බව දැන දැනත් ඒ අයටම ජන්දය දෙනවා.බලයට ගෙන එනවා. එහෙම බලයට ගෙන විත් ජනතාව අසරණ වෙලා දුක අපට කියනවා. මේක තමයි 2020 මේදා ජනමතයෙන් ද සිදු වන්නේ සිදුවෙන්නේ  පරණ ඇංජින් අලුත් කරලා වාගේ සායම් ගාලා අලුත් ඇඳුම් ඇඳගත් පරණ පිරිසම වාහනය ධාවනය කරනවා.රට කරවනවා. ජනතාවට කොරෝනා තමයි හැමදාමත් සුනෙත් ගාල්ලගේ කියයි.

සංවිධානයේ නායකයා වු රෝහන විජේවීර දිනක් සුනෙත්ට හමුවන්නේ ඉමදුව පරගොඩ විහාරස්ථානයක දීය.එය ඉතා රහසිගත හමුවක් විය.පුරා පැය දෙකකට ආසන්න වු මේ හමුවේ දී ඒ අප හමු වි දැවැන්ත වු දේහනයක් සිදු කර රාත්‍රියේම නික්ම ගියේ විජේවීර සහෝදරයා බැව් සුනෙත්ට පැවසුවේ මහතුන් පේමසිරි සහෝදරයා විසින්ය. එය දසුන් පෙළ සුනෙත්ට අද මෙන්ම මතකය.හෙතම ජායාරූපවලින් අපි දුටු විජේවිරයන් නම් නොවේ. කොණ්ඩය කොටට කපා උපැස් යුගළක් නැති හෙතෙම ප්‍රතාපවත් පුද්ගලයෙකි. බලාපොරොත්තුවේ දෑස් ඒ මුහුනේ හදවතේ දෑසේ සටහන් වු බව සුනෙත්ට අද මෙන් මතකය.

මේ අතර භිෂණය දරුණු අතට හැරෙන්ට විය.ගාල්ලට හබරාදුවට ඉමදුවට සංවිධානයට නායකත්වය දුන් රුහුණු සරසවියේ චමල් හා දහය කණුවේ සමන් මේ අතර හමුදාවට කොටුවන්නේ ගාල්ල,හව්පේ ප්‍රදේශයේ දිය.පැය ගණනාවක වේඩි හුවමාරුවකින් පසුව සටනකින් අනතුරුව චමල් හා සමන් විවෘත රථයක බැඳ ප්‍රදර්ශනය කරමින් සිංහවිල වත්තේ හමුදා කඳවුරට රැගෙන ගියේ ය. මේ අතර සුනෙත්ගේ මහතුන් පේමසිරි සහෝදරයා ද ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමගින් හමුදාවට කොටුවන්නේ ඉමදුව පරගොඩ ප්‍රදේශයේ  දී ය. හෙතෙම පාරේ දමා ප්‍රදර්ශනය කළේය. අත්පා කඩා දමා බල්ලකු සේ ප්‍රදර්ශනය කරමින් තිබුනේ දික්කුඹුර හා අවට ප්‍රදේශවල සිටය.

මේ අතර සිංහවිලවත්ත ආසන්යේ විහාරයක සිටි මංගල හාමුදුරුවෝ ද හමුදාව විසින් අත්අංගුවට ගෙන තිබිණි. මේ අතර සංවිධානයේ විශාල පිරිසක් අත්අඩංගුවට පත් වූහ.මේ අතර සංවිධානයේ නායක රෝහණ විජේවිර සහෝදරයාද කොටු විය. ඔහු මරණයට පත් කළ බැව් පසුව අනාවරණය වූයේ ය.මේ අනුව,සංවිධානයට සම්බන්ධ සටන් සඟයෝ ගම් බිමි අතහැර ජීවිතය ඉල්ලාගෙන සැඟව ගත්හ. සුනෙත්ද තම අම්මාගේ ගම වු රත්නපුරයට ගොස් වැඩිදුර අධ්‍යාපනය හදාරා කැලණිය විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබාගෙන අලුත් තරුණයෙක් ලෙස ගමට එන්නේය.

සිංහවිලවත්තේ හමුදා කඳවුරු වඳකාගාරය ඒවන විටත් පැවතින. පසුව එය ඉවත් කලේ සංවිධානයේ සියලුම බල කඳවුරු හා සාමජිකයන් එවක පාලකයෝ විසින් ඉතා සාර්ථකව පාලනය කිරීමෙන් මරා දැම්මෙන් හා අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි.පසුව සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදි ගමනකට අවතිරණ වුයේ ය. පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ වලට ද ඉදිරිපත් වූහ. මහජන්දයටද ඉදිරිපත්ව ජයගත් සහෝදරයෝ අදටද ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජීවත්ව සිටිති.

දික්කුඹුර ‍සිංහවිලවත්තේ කඳවුරේ නින්නාදය වසර ගණනාවක් යනතෙක් මතකයේ රැඳ වු බව සුනෙත් අප සමඟ කීය.රබර් තේ පොල් සහිත වත්තේ අදටද රැ යාමේ දී තරුණ තරුණියන්ගේ විලාපය ඇසෙන බැව් අදටද ගැමියෝ පවසති. සිංහවිල වත්තේ කොටිගල ගේටුව අසලින් අදටද ඒ බිය කරු හඩ නින්නා ද වේ.

සිංහවිල වත්තේ වඳකාගාර අදටද දැකිය හැකිය. එය පසුකාලීනව මෙම ඉඩම ‍කොටස් කර විකුණුවේය. දැන් මේ ප්‍රදේශය එකම ගම්මානයකි. මර්දන  ආණ්ඩුව පරාජය වී 1994 දී හෝ ඉන් පසුව පැවැති සමහර ආණ්ඩුල පාලකයෝ අධිකරණ නියෝගයක් යටතේ සිංහවිලවත්ත පරික්ෂා කරන්නට අධිකරණ තින්දු තිරණ ගත්ත ද නිලධාරින් සිංහවිල වත්තට එන විට කිසිදු හෝඩුවාවක් නොතියා වත්තේ පාලකයෝ සියලුම හෝඩුවාවන්  සාධක අකා මකා දමා සමහර දෑ වාහනවලින් රැගෙන ගියෝ ය.

ඉන් පසුව පැමිණි ආණ්ඩුවේ නිලධාරින්ට කිසිවක් සොයාගත නොහැකිව හිස් අතින්ම අදාළ සේවා ස්ථානවලට ගියෝ ය. දැඩි මර්දනය හැමුවේ  මරන හැටි දකිමින් වත්ත පුරා දැනටද ඇති ගස් ගල් අදට ද මේ සිංහවිල වත්තේ/නැතිනම් සිංහගල වත්තේ  වඳකාගාරයේ අදෝනාම පවසමින් සිටිති. මෙය සත්‍ය කතාවකි.මෙම කතාන්දරයේ තවත් අතුරු කතා රැසකි.එය ආරක්ෂක හේතුන් මත සටහන් නොකල බව ද සඳහන් කරමි.අදාළ කතාන්දරයේ  නම් ගම් ආසන්න වශයෙන් වෙනස් කර ඇත.අපට කරුණ කී සුනෙත් ගාල්ලගේ තවමත් ජීවත්ව සිටින බවද මෙහිදී මතක් කළ යුතුව තිබේ.     

Leave a Reply

Your email address will not be published. Required fields are marked *