දේශපාලනයේ නැත්ත වෙනුවට ඇත්ත // පාර්ලිමන්ට් ජෝර්ක්ස් නැවත

සිනහවෙන් තරවන්න පමණක් නොවේ// ආර්ථික සමජීය දේශපාලන තුන් බිය

ආර්ථික සමජීය දේශපාලන තුන් බියක ගිල්වා ඇති සමාජයක තුන්කල් බලා නිර්මාණය කරන ලද පාර්ලිමන්ට් ජෝර්ක්ස් සිනමා පටයෙහි යථාර්තය තුල තවත් වසර කොපමණ ප්‍රමාණයක් ගිලී සිටිනු ඇති ද?? අපේක්ෂාවන්,අරමුණු ,බලාපොරොත්තු කෙසේ වෙතත් 70 වසරක නිදහසේ කඩඉම පසුකරන වත්මන් පරපුරේ හෙට දවස ගැන සිනමා පටයක් නැගෙන තුරු කුණු වුනු ඔද්දල් වුනු සමාජයට පාර්ලිමන්ට් ජෝර්ක්ස් තවත් එක සිනමා පටයක් නොවන්නට සිනහව තරකොට උපහාසය කැටි කර බලා සිනාසෙන සුවහසක් මිනිසුන් සමග අපි එකතු වෙමු.

සිනහවෙන් තරවන්ට පමණක් නොව තුන්වන ලෝකයේ දරිද්‍ර තාවයෙන් පෙලෙන ශ්‍රී ලංකාව වැනි රටවල දේශපාලනය වෙනස් කිරීමේ අරමුණ වෙනුවෙනි ඒ වෙනුවෙන් රන්ජන් රාමනායක මහතා නිෂ්පාදනය කල ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරන ලද පාර්ලිමන්ට් ජෝර්ක්ස් සිනමා පටය නැවත ප්‍රදර්ශනය කිරීම අද දවසේ කල යුතුම දෙයකි රන්ජන් රාමනායක නම් ඒ සිනමා සහ දේශපාලන චරිතය දරණ මේ උත්සාහය අගය කල යුතුය.

මෙම සිනමා පටය නැවත ප්‍රදර්ශනය ආරම්භ කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා දක්වන අදහස

ගම්බද පෙදෙසක වෙසෙන සාම්ප්‍රදායික ගොවි පවුලක ඉතා අලස, නූගත් එහෙත් සටකපට පුතුන් තිදෙනෙකු ගොවිතැන වෙත යොමු කිරීමට එම පවුලේ පියා උත්සාහ කරමින් සිටියි. එනමුත් මොවුන්ගේ ඇති බාල හැසිරීම් හා අලසකම නිසාම ගොවිතැනට නොගොස්, සොරකමට, බේබදුකමමට හා සල්ලාලකම මතම ජීවත්වේ. දිනක් තරුණයන් තිදෙනාම අහඹු සිදුවීමක් මත ප්‍රදේශයේ දේශපාලන බල අධිකාරිවරයෙකු එනම් මන්ත්‍රීවරයෙකුව පහරදීමකින් සිදුවූ ගඟේ ගසාගෙන යෑමකින් හමුවේ.

ඔහුගේ ජීවිතය මෙම තරුණයන් තිදෙනා බේරාගත් හේතුවෙන් මෙ තිදෙනා ඇමති ආරක්ෂකයන් ලෙස රැකියාවේ යොදා ගනී. එතැන් පටන් මෙම තරුණයන් තිදෙනා ඉතා සූක්ෂමව රටේ පවතින දේශපාලන තත්ත්ව සමච්චලයට ලක් කරමින් ඉතා දිගු දේශපාලන ගමනකට මුලපුරන අයුරු “පාර්ලිමන්ට් ජෝකස්” චිත්‍රපටය පුරාවට පෙන්නුම් කරයි. චිත්‍රපටය අවසානයේ මෙම තරුණයන් තිදෙනා තම මුල් පෙනුම පවා වෙනස් කරමින් අද දේශපාලකයෝ පෙනී සිටින අයවළුන් සේ පෙනී සිටියි. එමෙන්ම රටේ පවතින උත්තරීතර තත්ත්වය වන ජනාධිපති තත්ත්වය දක්වාම මෙවුන් ඉතා සූක්ෂමව ගමන් කරමින් සමස්ථ දේශපාලනයේම ඇති ඛේදවාචකය ඉතා හාස්‍ය අයුරින් පෙන්වමින් චිත්‍රපටය නිමාව දකී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *