දිවුලපිටියේ බලය ඉන්දිකලා අතට පත්වෙයි! නව සභාපති අද දිවුරුම් දෙයි!

විපක්ෂන නායක හසිතගෙන් ආණ්ඩු පක්ෂයට චෝදනා.. හිටපු සභාපති සකලසූරිය දුරකථනයට පිළිතුරු නොදෙයි!!

දිවුලපිටියේ බලය ඉන්දිකලා අතට පත්වෙයි නව සභාපති අද දිවුරුම් දෙයි දිවුලපිටියේ හිටපු සභාපති නන්දකුමාර සකලසූරිය මහතා සිදුකරණ ලද නීති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා ගේ සභාපති දූරය හිටපු උපසභාපති ඉන්දික ජයසිංහ මහතා වෙත පිරිනමා ඇත ඒ අනුව දිවුලපිටියේ ආණ්ඩු පක්ෂයේ සංවිධායක හිටපු නියෝජය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා හොබවන අතර අද නව සභාපති වශයෙන් දිවුරුම් දුන් ඉන්දික ජයසිංහ මහතා දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති වීමත් සමග දිවුලපිටිය ආසනයේ ආණ්ඩු පක්ෂයේ සම්පුරණ බලය ක්‍රියාත්මක කිරීම ඔවුන් දෙදෙනා වෙත පැවරී ඇත

හිටපු සභාපති නන්දසේන සකලසූරිය මහතාට සිදුවුයේ කුමක්ද ?

හිටපු සභාපති සකලසූරිය මහතා දීර්ඝ කාලයක් දිවුලපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කල මන්ත්‍රීවරයෙකු වෙති පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු ජෙෂ්ඨත්වය අනුව නන්දසේන සකලසූරිය මහතා වෙත සභාපති දූරය හිමිවන ලදී. එහෙත් එම මැතිවරණයේදී දිවුලපිටිය මැතිවරණන කොට්ඨශයක වැඩිම ප්‍රතිශතයක් සහිතව ජයග්‍රණය කල ඉන්දික ජයසිංහ මහතාවෙත උප සභාපති දුරයෙන් සෑහීමට පත්වීමට සිදුවන ලදී.ඉන්දික ජයසිංහ උපසභාපති වරයා නියෝජනය කල දාගොන්න ප්‍රදේශයේ ජනතාව සභාපති දූරය තම ප්‍රදේශයට ලැබිය යුතු බවට අවස්ථා ගනකදී නි අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා වෙත සදහන් කරන ලදී මෙම මෙම තත්වය ඉතා අයහපත් ලෙස උඩු දුවා තිබුණු අවස්ථාවක දිවුලපිටිය සභාවේ සභාපති නන්දසේන සකලසූරිය මහතා පසුගිය දිනවල කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙත සහණ මිළට භාණ්ඩ බෙදා දෙමෙදී වැඩි මිළට භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් තම භාරයට ගැනීමත් සමග ඒ වෙනුවෙන් පරීක්ෂණයක් සිදුකර නීතිමය පියවර ගන්නා ලදී. මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර වරයා විසින් පරීක්ෂණ අවසන් වන තෙක් සභාපතිවරයාගේ වැඩ ආවරණය කිරීමේ වගකීම උපසභාපති ඉන්දික ජයසිංහ වෙත ලබාදෙන ලදී.

මේ සම්බන්ධයෙන් හිටපු නි.අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සදහන් කලේ ආණ්ඩුව අපහසු තාවයකට පත්වන කිසිදු කටයුත්තක් ජනධිපති තුමා සහ අගමැති තුමා සිදු කරන්නේ නැහැ මේ දිවුලපිටියේ ඇතිවුණු සිදුවීම නොවිය යුතු දෙයක් ඒගැන දැනට නීතිමය කටයුතු සිදුවන නිසා වැඩිදුර ඒ ගැන සදහන් කරන්නේ නැහැ එම නිසා මම කියන්නේ අද පත්වුණු සභාපතිතුමා හොද අත්දැකීම් තියෙන තරුණ යෙක් මම මේ සභාව කාලයේ මගේ උප සභාපති තුමා තමයි මෙතුමා ඒ නිසා සියලු මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසලා සාමුහික තීන්දු තීරණ ගන්න අපේ කොට්ඨාශ 26 න් 25 ක බලය ලැබුණේ මේ පොදුජන පෙරමුණට එදා ආණ්ඩු පක්ෂය විදියට එජාපය ගෙනගිය වැඩ පිළිවෙල දිවුලපිටියේ ජනතාව ඉහළින්ම ප්‍රතික්ෂේප කළා ඒගැන හොදින් සිතේ තබාගෙන අපේ බලය ජනතාව වෙනුවෙන් සහ මහා සංඝ රත්නයේ ආශීර්වාද සහිතව ඉදිරියට කරගෙන යන්න කියලා අලුත් සභාපතිතුමට කියන්න කැමතියි අපි දිවුලපිටියේ මිනිසුන්ගේ වඩාත් සමීපතම රාජ්‍ය ආයතනය විදියට ප්‍රාදේශීය සභාව පත්කර ගනිමු සියලු ජනතා නියෝජිතයින් සහභාගී වන විදියේ වැඩ පිළිවෙලක් සදමු කියලා මම යෝජනා කරනවා

නව සභාපති ඉන්දික ජයසිංහ මහතා කියන්නේ මොනවාද ??

මම මේ තනතුර දරන්න ඉතාම සුදුසු කෙනෙක් පසුගිය පළාත් පාලන මැතිවරණයේ මගේ කොට්ඨාශය තමයි වැඩිම ප්‍රතිශතයක් සහිතව ජයග්‍රහණය කලේ ඒත් එදා පක්ෂයේ තීරණය මත ජෙෂ්ඨත්වයට අවස්ථාව දීලා මම උප සභාපති වුනා අද මට සභාපති තනතුරේ වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා දිවුලපිටියේ මිනිසුන්ට සේවය කරන්න අපේ ඉන්දික අනුරුද්ධ මැතිතුමා සමග මම පෙරමුණ ගන්නවා ඒ වෙනුවෙන් සභාවේ අපේ මන්ත්‍රී කණ්ඩායම සමග හරි ගමනක් යනවා අපේ මහා සංඝ රතනය සදහන් කල පරිදි ඔවුන්ගේ අශිරවද අනුශාසනා මත ඉදිරි වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා අද දිවුලපිටියේ සභාපති විදියට වැඩ පටන් ගන්න ලැබීම ලොකු සතුටක් වගේම ආඩම්බරයක් තියෙනවා ඒ තමයි තරුණයෙක් විදියට මගේ ගමන අද එක සන්ධිස්ථානයකට පැමිණ තියෙන නිසා අපි හරි දේ කරන්න පසුබට වන්නේ නැහැ ඉන්දික අනුරුද්ධ මැතිතුමා කීවා වගේ අපි ජනතා සේවය තුලින් දිවුලපිටිය ප්‍රාදේශීය සභාව ජනතාව අතරට යන රාජ්‍ය ආයතනක් බවට පත් කරනවා

දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක හසිත විජේසිංහ මහතා සදහන් කලේ මෙවැන්නක්

අපි දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ පසුගියා දා ඇතිවූ නීති විරෝධී ක්‍රියාව අනුමත කරන්නේ නැහැ හැබැයි එක සභාපති විතරක් වැරදියි කියන්න බැහැ මොකද ඔය මන්ත්‍රී මණ්ඩලය තමයි ඔය බදු බෙදීමේ වැඩේට අනුමැතිය දුන්නේ දැන් සභාපති විතරක් වැරදි වෙලා මම කියන්නේ ඉන්දික අනුරුද්ධ හෝ ඉන්දික ජයසිංහ හෝ හිටපු සබාපති නන්දසේන සකලසූරිය මහත්තයා ඇතුළු ඔය කියන සියලු දෙනාම වගකිව යුතුයි ඔය සිද්ධියට මොකද ප්‍රාදේශීය සභාව තුලින් සිදුවිය යුතු වැඩ ටික ඔය සියලු දෙනාම පැහැර හැරියා අපි තමයි අසරණ වුණු ජනතාවට පිහිට වුනේ ඒ නිසා දිවුලපිටියේ සභාවේ සභාපති නොවෙයි ඔය කියන සියලු දෙනාම අසාර්ථක පාලකයන් බව ඔප්පු වෙලා ඉවරයි

දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ දැනට වැඩ තහනමට ලක්ව සිටින සභාපති නන්දසේන සකලසූරිය මහතා අවස්ථා කිහිපයකදී සම්බන්ධ කරගැනීමට උත්සහ කලද ඔහු දුරකථනයට නොපැමිණි අතර මේ සම්බන්ධයෙන් ඔවුහුගේ අදහස් ලබාගැනීමට නොහැකි වන ලදී

දිවුලපිටිය ආසනය ගම්පහ දිස්ත්‍රික්කයේ අවසන් කෙළවරක පිහිටි ග්‍රාමීය ජන සමාජයක් සහිත විවිධ කරමාන්ත වලින් සමන්විත භූමියකි එහි හලාවත වැවිලි සමගම සතුව වැඩිම බිම් කොටස් ප්‍රමාණයකට හිමිකම් කියන අතර ජනතාව ගොවිතැනට අමතරව විවිධ කරමාන්ත වටා ගොඩනැගුනු ආර්ථිකයකට හිමිකම් කියනු ලබයි

2000 වසරෙන් පසු එනම් සරත්චන්ද්‍ර පෙරමුණ මන්ත්‍රීවරයාගෙන්දි පසුව දීවුලපිටිය කොට්ඨාශය වෙනුවෙන් මහ ජන මන්ත්‍රීවරයෙකුගේ අඩුවක් සහිත ප්‍රදේශයක් වන ලදී ලක්ෂමන් ජයකොඩි වැනි ප්‍රබල ශ්‍රී ලනිප නායකයන්ගේ උපන් බිම දිවුලපිටිය වන අතර වාමාංශික අදහස් සහිත පාක්ෂිකයන් වැඩි පිරිසක් නියෝජනය වන ආසනයකි එහෙත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රධාන පක්ෂ දෙකම නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් දෙදෙනුකු පත්වන ලදී ඒ රන්ජන් රාමනායක මහතා සහ ඉන්දික අනුරුද්ධ මහතාය වර්තමානයේ රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ආසනය නියෝජනය නොකරන අතර ඉන්දික අනුරුද්ධ මහතා වර්තමාන දිවුලපිටිය ප්‍රදේශය නියෝජනය කරන මහ ජන මන්ත්‍රීවරයා වෙති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *