පාඩම උගන්වා නිදහසේ කුසලානය ඉන්දියාට රැගෙන යයි
බංගලාදේශය පාඩම ඉගෙන ගත්තාද??
ඊයේ පැවති නිදහස් කුසලාන තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයේදී අවසන් පන්දුවේදී ලකුණු 6 ලබාගත් ඉන්දීය පිතිකරු දිනේෂ් කාර්තික් විසින් බංගලාදේශ ක්රීඩා ලෝලීන් සහ ක්රීඩකයින් සෝ සුසුම් සයුරක ගිල්වමින් නිදහස් කුසලානය ඉන්දියාව නතුකරවන ලදී. විසි දහසකට ආසන්න මෙරට ක්රීඩා ලෝලීන් පිරිසක් සම්පුර්ණ සහයෝගය ඉන්දීය පිලට ලබාදීම සිදුකරණ ලදී . බංගලාදේශ පිල ශ්රී ලංකාව සමග පැවති තරගයේදී හැසිරුණු විලාසය නිසා ඔවුන්ට සහය දැක්වීමට මෙරට කිසිම ක්රීඩා ලෝලියෙකු ඉදිරිපත් නොවන ලදී.
ශ්රී ලාංකික ක්රීඩා ලෝලීන්ගේ පරම සතුරා ඉන්දියාව වුවද ඒ සියල්ල එක රැයකින් වෙනස් වන ලදී. යම් හෙයකින් බංගලාදේශ කණ්ඩායම මේ තරගාවලියේදී තම නිහතමානී කම ප්රදර්ශනය කලානම් නිසැකවම මෙරට ක්රීඩා ලෝලීන් බංගලාදේශයේ ජයග්රහණය වෙනුවෙන් ඔල්වර සන් දෙනු ඇත.ඊයේ නයි නැටුමෙන් ක්රීඩා ලෝලීන් උපරිම ආස්වාදය ලබද්දී බංගලාදේශයට එය හිසරදයක් වුවාදැයි සැක සහිතය.ඒ ඔවුන් පසුගිය තරග වලදී වපුරන ලද අස්වැන්න විය හැක.බංගලාදේශය එක දෙයක් ඉගෙන ගතයුතුය ඒ ක්රිකට් ක්රීඩාවේ මහත්මා ගුණයයි.එසේ නොවන්නට ඔවුන්වත් තම රටේ නොවන තරග වලදී නිරන්තරයෙන් හුදකලා වෙනු ඇත