මහ රෑ මිනුවන්ගොඩ නගරයේ කුඹුරු යාය පස් දමා ගොඩකරලා

මහ රෑ මිනුවන්ගොඩ නගරයේ කුඹුරු යාය පස් දමා ගොඩකරලා

කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගය අසල මිනුවන්ගොඩ නගරය ආසන්නයේ වෙල්යායේ කොටසක් ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් අනවරයෙන් පස් දමා ගොඩකර ඇත මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව අද උදෑසන මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ඇතුළු නිළධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කරන ලදී.ඊයේ රාත්‍රීයේ හදිසියේම ටිපර් රථ මගින පස් රැගෙනවිත් බැකෝ යන්ත්‍රයක් යොදාගෙන වෙල්යාය ගොඩ කිරීමට උත්සහ දරා ඇත ප්‍රධාන මාර්ගයක් ආසන්නයේ කිසිදු අවසරයකින් තොරව මෙලෙස වෙල්යායක් ගොඩකිරීමට කටයුතු කරන තුරු කිසිවෙකු අදාල බලධාරීන් දැනුවත් කර නොමැත පොලීසියට පවා අද උදෑසන එම සිද්ධිය වාර්තාවී ඇත

මෙම ස්ථානයෙට ආසන්න බිම් කොටසක් මීට වසර දෙකකට පමණ පෙර පස් දමා ගොඩ කිරීමට කටයුතු කර ඇත අනතුරුව මිනුවන්ගොඩ පොලීසිය විසින් එම පස් ඉවත්කිරීමට කටයුතු කරන ලදී කිසියම් දේශපාලන හස්තයක් මත මීට වසර පහකට ඉහත මිනුවන්ගොඩ නගරය ආසන්නයේ වෙල්යාය ගොඩකර ප්‍රධාන විදුලි සැපයුම් මග අවහිර කරමින් මහල් හතරකින් යුතු කොටසක් මේ වනවිටත් සදා ඇත එදා දේශපාලන බල අධිකාරියේ බලයෙන් සිදුකල නීතිවිරෝධී ඉදිකිරීම ඉවත් කිරීමට හෝ තහනම් කිරීමට ඉන්පසු බලයට පැමිණි යහපාලන ආණ්ඩුවට ද හැකියාව නොලැබුණි පස් ප්‍රවාහනයේ නීති ලිහිල් කිරීම මත කුඹුරු ඉඩම් ගොඩකිරීමේ ප්‍රවනතාවයක් රට පුරා ඇතිවීම තුල පරිසර පද්ධතියට සිදුවන හානිය මැනිය හැකිද

මිනුවන්ගොඩ පොලීසිය අද දහවල් කාලයේ සිට ගොඩකරන ලද කුඹුරු යායේ තිබු පස් ඉවත් කිරීම ආරම්භ කරන ලදී එම පස් තොගය පොලීසිය භාරයට ගත් අතර මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා හදුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් නීතිය මගින් අවශ්‍ය කටයුතු සිදුකරන බවද පොලීසිය සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *