එජාපයට සිංහල බෞද්ධයෙකු අවශ්‍යනම් හාමුදුරු කෙනෙකු නායකයා කරගන්න // රවී කියලා

එකසත් ජාතික පක්ෂයේ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටළුව හේතුවෙන් අන්ත පරාජයකට පත් එජාපය සහ එම කණ්ඩායම තවත් අගාදයකට අද දමමින් ඇත එහි උච්චතම අවස්ථාවක් වූයේ පක්ෂයේ මීලග නායකයා කවුද යන්න සම්බන්ධයෙනි මෙහිදී රවී කරුණානායකගේ නම යෝජනා වූ අවස්ථාවේදී පක්ෂයට අවශ්‍ය වන්නේ සිංහල බෞද්ධ නායකත්වයක් බව කිහිප දෙනෙකු පැවසීමත් සමඟ කතෝලිකයකු වන රවී කරුණානායක කිපුණු අතර ‘එසේ නම් හාමුදුරු කෙනෙකු පක්ෂ නායකත්වයට පත් කරගන්න’ යි පවසමින් කෑ ගැසුවේ ය.

මෙවර මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් අර්ජුන රණතුංග ගේ නම ද එජාප නායකත්වය සඳහා මෙහිදී සාකච්ඡාවට ලක්විය.

පක්ෂයේ නායකත්වය පිළිබඳ නිතර සාකච්ඡාවට ගැණුනු නවීන් දිසානායක සහ රුවන් විජයවර්ධන එම රැස්වීමේ සිටි නමුත් ඔවුන් දෙදෙනාම නායකත්වය පිළිබඳ අදහසක් පල කළේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *