තෙල් මිළ අඩු වුණොත් වාසිය දෙනවා // වැඩි වුණොත් අවාසිය ගන්න වෙයි

අගමැති පාර්ලිමේන්තුවේදී සදහන් කරයි

දිනෙන් දින රුපියල ඩොලරය ඉදිරියේ කඩාවැටෙන තත්වය මුලු ලෝකය පුරාම අනිත් මුදල් ඒකක වලද දකින්න පුළුවන් ඩොලරය ශක්තිමත් වී අනිත් සියලුම මුදල් බාල්දුවී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවැසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ බව පැවසූ අගමැතිවරයා මෙසේද කීය.

ලෝකයේම ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වෙලා අනිත් මුදල් සියල්ල බාල්දු වෙලා ඉන්දියාව වගේම ලංකාවටත් ඒක බලපා තිබෙනවා. මේ නිසා හැම රටක්ම ප්‍රශ්න තිබෙනවා. අපි කොහොම හරි මේකෙන් ගොඩ එන්න ඕන මේ සම්බන්දයෙන් මුහුණ දෙන්නේ කෙසේද කියා අපි බලනවා අපි විතරක් නොවෙයි අසල්වැසි ඉන්දියාව සහ ආසියාව මේ තත්වයට මුහුණ දීලා තියෙන්නේ

විපක්ෂයට අවශ්‍ය නම් මේ ගැන විවාදයක් තියන්න පුළුවන්.ඒ වගේම මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි බලන්න අවශ්‍යයි.තෙල් අලෙවි කරද්දී ගන්න ලාභය දිහා බලන්න.අපි කලින්ම කිව්වා ලෝක වෙළඳ පොළේ තෙල් මිල වැඩි වුවහොත් අවාසිය ගන්න වෙයි.අඩු වුනොත් වාසිය දෙනවා කියලා මෙතෙක් කල් ඒ වාසිය දුන්නා යැයිද අගමැතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *