ජංගම වෙළෙන්දන් වැඩි මිළට භාණ්ඩ අලෙවි කරනවානම් 1977 අංකයට කියන්න.

පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ (පාරිභෝගික සහ තොරතුරු) අසේල බණ්ඩාර මහතා පවසයි.

රටපුරා පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාලයතුල ගමට අත්‍යවශ්‍ය සේවා සපයන ලොරි රථවලින් එන වෙළෙන්දන් වැඩිමිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කරනවානම් 1977 අංකයට කියන්න.එහෙම පැමිණිලි මේ වෙනකොටත් ලැබෙමින් තිබෙනවා යැයි පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ (පාරිභෝගික සහ තොරතුරු) අසේල බණ්ඩාර මහතා පවසයි.

මෙහි දි වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද කීය.

වැඩි මිලට ආහාර අලෙවිකරන වෙළෙදුන් සොයා මේ වනවිටත් අධිකාරියේ නිලධාරීන් මෙහෙයුමක් අරඹා ඇති බවද හෙතෙම කීය.

මේ කොරෝනා තත්වය හමුවේ ජනතාව නිවෙස්වලට හිරවෙලා ඉන්නේ.මේ තත්වය උඩ අත්‍යවශ්‍ය සේවා කියලා ආහාර ද්‍රව්‍ය පටවාගෙන ලොරි රථ එනවා.සමහර අය මිල ප්‍රදර්ශනය කරනවා.සමහර අය මිල ප්‍රදර්ශණය කරන්නේ නැහැ.මේ හැමෝම නෙමෙයි වෙළෙදුන් එක්කෙනෙක් දෙන්නෙක් වැඩි මිලට මේ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන්න පුළුවන්.එහෙම වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙදුන් ගැන 1977 අපේ ක්ෂණික අංකයට කියන්න.මේ වෙලාවේ අපේ ජනතාව අසරණ වෙලා ඉන්නේ.එහෙම වෙලාවක ජනතාව හුරාගෙන කන්න දෙන්න බැහැ.එහෙම ජනතාව හුරාගෙන කන වෙළෙදුන් අසුවුනොත් අපි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද ඒ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *