ආණ්ඩුවට මුදල් නැතිනම් අනවශ්‍ය වියදම් කපා හරින්න රාජ්‍ය සේවක පඩියට අත තියන්න එපා

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහත්තයා කියනවා රජයේ සේවකයන්ගේ මැයි මාසයේ පඩිය හරි දෙන්න කියලා එක කියන්නේ ජනධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ යොදාගෙන එක කොහොමද පුද්ගලික ඉල්ලීමක් වෙන්නේ එහෙනම් තිබුණා වෙනත් ඔනෑ තරම් ක්‍රමවේද මේක කරන්න.ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පෙන්වා දෙයි. මාධ්‍ය හමුවක් අමතමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පෙන්වා දෙයි. අද (08) දින පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

මොහුට පසුගිය කාලෙ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලබා දී තිබුනා කිසිදු රාජ්‍ය තනතුරක් දරන්න සුදුසු නැහැ කියල. ඒවගේම හිටපු සමහර අමාත්‍යවරු කියල තිබුනා මේ ලේකම් වරයා ආර්ථික ඝාතකයෙක් කියලා එහෙම කියපු යම රාජ්‍ය සේවකයන්ගේ ඉහළම තනතුර දරමින් රාජ්‍ය සම්පත් අවභාවිත කරලා තියෙන්නේ මොහු පුද්ගලිකව යවපු ලිපියක් වුනාට මේක ආණ්ඩුවේ ඉල්ලීමක් ජනාධිපතිවරයාගේ උපදෙස් නැතිව කොහොමද මෙහෙම ලිපි යවන්නේ එහෙනම් එතනම ප්‍රශ්නයක් තියෙනව

දැන් පාර්ලිමේන්තුව විසුරුවා තියෙන්නේ එහෙනම් කොහොමද රාජ්‍ය ඇමතිවරු, හිටපු රාජ්‍ය ඇමතිවරු, කථානායක, විපක්‍ෂ නායක මේ සියල්ලට නිල නිවාස, නිල වාහන, ඉන්ධන දීමනා ලබාදෙන්න කැබිනට් පත‍්‍රිකාවක් අනුමත කරන්නේ මේවා කරන්නේ ජනතාව වෙනුවෙන්ද එහෙමනම් කමක් නැහැ මේ සියල්ල ආණ්ඩුව කරන ආණ්ඩු බලය ඉල්ලන පක්ෂය ප්‍රවර්ධනය කරන්න යොදා ගැනීම ලොකු වරදක්

ඔය කියන තරම් ආර්ථිකය අපහසුනම් ආර්ථිකය වැටිලා නම් කරන්න ඕන දේවල් තියාගෙන ආණ්ඩුව මොකටද රුපියල් කෝටි 3,200ක් අධිවේගී මාර්ග හදන්න කැබැනට් පත‍්‍රිකාවක් නිකුත් කරල තියෙන්නේ මේ වගේ ආර්ථික අර්බුධයක් තියෙන වෙලාවක අධිවේගී මාර්ග සඳහා කැබිනට් පත‍්‍රිකා අනුමත කරන්න රජය කටයුතු කරනවා අයි ඒක ටික කාලයකට ප්‍රමාධ කරලා ජනතාවට සහන දෙන්න කටයුතු කරන්නේ නැත්තේ එහෙම කලානම් රජයේ සේවකයන්ගේ පඩි පත ඉල්ලා හිගාකන්න ආණ්ඩුවට අවශ්‍ය නැහැ.

රාජ්‍ය සේවකයින්ට පසුගිය කාලයේ උත්සව අත්තිකාරම් දීමනා ආදී මුදල් කිසිවක් ලැබුනෙ නැහැ. එවැනි වටපිටාවක ජීවත්වන රාජ්‍ය සේවකයින්ගෙන් මෙවැනි ඉල්ලීම් කිරීම කිසිසේත් සාධාරණ නැහැ. ඒ වගේම දැන් ත‍්‍රිවිධ හමුදාවෙ සියලු සාමාජිකයින්ගෙන් මැයි මාසෙ වැටුපෙන් 30%ක් කපාගන්න සූදානම් වෙනව කියල තොරතුරු තිබෙනව. එය අතිශය අසාධාරණයි. කොරෝනා මර්ධනය සඳහා විශාල දායකත්වයක්, කැපකිරීමක් කරපු ඔවුන්ගෙ පඩියෙන් මුදල් කැපීම කොහෙත්ම සාධාරණ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *