එතෙර දොස්තර ආවොත් මෙතෙර දොස්තරලා වැඩ වරති.

 රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම්  වෛද්‍ය කංචිත සමරරත්න මහතා පවසයි.

ගාල්ල කරාපිටිය රෝහලේ හෘද සැත්කම් සදහා රිඩච් පර්මින් නැමැති එංගලන්ත ජාතික වෛද්‍යවරයා 26 දින සිට පැමිණෙන බවට මේ වන විට ආරංචි ලැබී ඇති බවත්එසේ එම වෛද්‍යවරයා පැමිණ සැත්කම් සිදුකරන්නේ නම් කරාපිටිය රෝහලේ සියළු වෛද්‍යවරුන් සංඛේත වැඩ වර්ජනයක් කරා යොමු වීමට බෙහෝ දුරට ඉඩ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම්  වෛද්‍ය කංචිත සමරරත්න මහතා පවසයි. මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින්  ඔහු මෙසේ ද පැවසීය.

මෙම වෛද්‍ය වරයාට එරෙහිව අපි කීප වතාවක්ම සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කර තියෙනවා. මොහුගෙන් රෝගීන්ට වන අවධානමත් පසුගිය කාලය තුල සිදු වු දේ සම්බන්ධයෙනුත් අපි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කර තියනවා. නමුත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා එය නොතකා ඔහුට අවස්ථාව ලබා දී තියනවා. අපි මුලින් තීරණය කර තිබුණේ වෛද්‍ය රිචඩ් පර්මින් පැමිණියහොත් නිර්වින්ද වෛද්‍යවරුන් පමණක් වර්ජනයක නිරත වන්න. එවිට ඔහුට මේ හෘද සැත්කම් සිදු කිරීමට නොහැකි නිසා. නමුත් වෛද්‍ය ටොරූෂා හරිස්චන්ද්‍ර මහත්මිය අදාල හෘද සැත්කම් ආරම්භ කර අතර මඟ දී මෙම එංගලන්ත ජාතින වෛද්‍යවරයා ගෙන්වා ගන්නවා. සැත්කම ආරම්භ කරන්නේ වෛද්‍ය ටොරූෂා මහත්මිය නිසා එම අවස්ථාවේ දී ඒ සදහා අපිට විරුද්ධ වීමට හේතුවක් නෑ. ඒ අනුව 26 දින ඔවුන් මෙසේ සිදුකර හොත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ  හදිසි රැස්වීමක් කැදවා පලමුව සංඛේත වර්ජනයකටත් දෙවනුව ඊලඟට ගත යුතු ක්‍රියා මාර්ගයත් සිදු කිරීමට සිදුවන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *