මැටි ඇමතිට කරනවා නම් මැටි වැඩ ගොඩයි // මැට්ටන්ගේ සංදේශය

අපේ රටේ මේ දිනවල මැටි යන වචනය පිළිබඳව විවිධ කතාන්දර අසන්නට දැකින්ට හැකි වුයේ වත්මත් ආන්ඩුව මැටි විෂය සම්බන්ධයෙන් අමාත්‍ය ධුරයක් දෙනු ලැබිම නිසාය. මෙය සමහරු පවසන්නේ මැටි වැඩක් බවය. අපේ ගමේ ටිකක් මෝඩ අයට අපි කියන්නේ මැට්ටා කියාය.නමුත්,මැටි විෂය සම්බන්ධයෙන් ගත්කල මැටි කර්මාන්තය වු කලි සත්තකින්ම රටක් දිනවිය හැකි කර්මානේතයකි. මේ අපි නොදන්න මැටි කර්මාන්තයේ මැටිටන් නොදන්නා වු මැට්ටේ නැතිනම් මැටි කර්මාන්තයේ කතාන්දරයයි.

මිනිස් සභ්‍යත්වය කරා පා නගමින් දුරාතීතයේ එක් යුගයෙක විසූ මිනිසා ගින්නෙහි පුළුස්සා ගත් මස් අනුභව කරමින් විසූ බව ඉතිහාසය සාක්සි දරති. මිනිසා විසින් ආහාර පිස ගැනීම සඳහා මැටි භාජන තනන ලද්දේ ධාන්‍ය  වර්ඟ ආහාර කොට ගැනීමට පුරුදු වීමෙන් පසුව බැව් සිතිය හැකිය. මුලදී මැටි භාජන තනන ලද්දේ මැටි පිඩක් ගෙන අතින් හැඩ ගසා අව්වේ වියලා ගැනීමෙනි. පසු කලෙක මෙම භාජන පුළුස්සා ගන්නා ලද බව ඉතිහාසයේ සඳහන් වේ.

කුඹල් සක (සක පෝරුව ) නිපදවීම මනුෂ්‍ය සභ්‍යත්වය පිළිබඳ විශාල ජයග්‍රහණයක් ගෙන දුන් සොයා ගැනීමකි.ඒ නිසා මැටි පිඩට සර්නමය යුගය උදා වුයේ ය. මෙය නිපදවන ලද්දේ ක්‍රිස්තු පුර්ව තිස්වෙනි ශත වර්ෂයේදී පමණ ඊජිප්තු දේශවාසීන් විසිනි. සක පෝරුව දෙවියන්ගේ තෑග්ගක් වශයෙන් සලකන ලදී. මෙය පළමුවෙන්ම භාවිතයට ගන්නා ලද්දේ පුරාණ ඊජිප්තුවේ අග නුවර වූ මැම්ෆිස් නගරයෙහිය. ශිල්පීන්ට අධිපති දේවතාවා වූ “ටා” මේ නගරයේ ආරක්ෂක දෙවියන් වීමද සක පෝරුව දෙවියන්ගේ තෑග්ගක් වශයෙන් සැලකීමට හේතුවක් වූ බව ඈත අතීතයේ මිනිසුන් විස්වාස කළහ.

මිනිස් සමාජයේ සෑම සත්වයෙකුම ස්වකිය ඉදිරි ගමන සකස් කරනුයේ නිරතුරුවම ආහාර හා සනීපාරක්ෂාව මුලික කරගෙන වීම සත්‍යයකි. මුලික පරිණාම අවධියේ ගසක කොළයක්,මලක්,ගෙඩියක් අමුවෙන් කෑ මිනිසා අලයක් පොළවෙන් හාරාගෙන අමුවෙන්ම භුක්ති වින්දේය. සතෙකු මරාගත් හේ අමුවෙන්ම ස්වකිය භෝජනය කර ගත්තේය. එහෙත් කල් යාමේදී ඒවා පුළුස්සා අනුභව කිරීමට පුරුදු වූයේ දිවට දැනෙන රසය පදනම් කරගෙන විනා එහි ගුණාගුණ තේරුම් බේරුම් කරගෙන නොවේ. දිවට දැනෙන රසයේ ආශ්වාදයේ විවිධත්වයක් ඇති බව තේරුම් යාමත් සමගම ජලයේ බහා අලයක් තම්බාගෙන භුක්ති විදීමේ අවශ්‍යතාව ඇති වීම නිසා බඳුන් සොයන්නට විය.

මේ අනුව, ජනප්‍රවාදයේ එන පරිදි බඳුනක මූලාරම්භය ඇති වූයේ අලියෙකුගේ පාද සටහනක් පදනම් කරගෙනය. මැටි පොළොවක වූ අලියෙකුගේ පා සටහන දුටු ආදි මානවයා එය පොළවෙන් සියුම් ලෙස වෙන් කරවා ගත්තේය. ඊට ජලය පුරවා ඒ තුළට කැලයෙන් ගලවා ගත් අලයක් දමා ගින්න මතුපිට තබා රත් කරන්නට වුයේ භාජනය පිළිබඳ පර්යේෂණාත්මක හැඟීමකින් නොවේ. ඔහුගේ මුලික අරමුණ වූයේ අලය තම්බා භුක්ති විඳීමෙන් අමතර රසයක් ලබා ගැනීමේ අරමුණ පමණි. එසේ වුවද අලියාගේ පා සටහන සහිත මැටි පිඩ බොහෝ වෙලාවක් ගින්න මතුපිට තිබීම නිසා අමුතු පැහැයක් ගැනීම ඔහුගේ අවධානයට ලක් වූවා නිසැකය. අමු මැටි ගින්නේ පිලිස්සීමෙන් ඇතිවන තද බව නිසා එකී මැටි හැඩය කල් තබාගෙන පාවිච්චි කළ හැකි වීම මානවයාගේ සිත් ගත්තා සේම මැටි භාජනයේ ආරම්භය ද එයම විය. මිනිසා මේ සම්බන්ධයෙන් අත්හදා බැලීම් කරන්නට වූයේ ඉන් පසුවයි.විවිධ හැඩ සහ ප්‍රමාණයන් උපයෝගී කරගෙන මැටි බඳුන් නිර්මාණය කිරීමෙහිලා මානවයා විසින් කරන ලද පර්යේෂණ හෙවත් අත්හදා බැලීම් අතිශය විශ්මිතය.සිත්ගන්නා සුළුය.

අතීතයේ දී අධ්‍යාපනයක් තබා කතා කිරීමට භාෂාවක් හෝ නොතිබුණු මිනිසා විසින් කරන ලද පර්යේෂණයන්හි ප්‍රතිඵල ලෙසින් වර්තමාන  තාක්ෂණික ජයග්‍රහණය හැඳින්විය හැකිය. වානර ආරම්භයක් සහිත මිනිසා බුද්ධි වර්ධනය කර ගනිමින් ශිලාචාර වූයේ මැටි නිර්මාණයන් පිළිබඳව කරන ලද අත්හදා බැලීම් පදනම් කරගෙන යැයි කීවොත් නිවැරදිය.

සත්තකින්ම මින් අනතුරුව,සෙසු සියලුම කර්මාන්ත ලොව බිහි වූයේ මැටි කර්මාන්තය බිහි වීමෙන් පසුව වීම ඊට හේතු සාධක වනු ඇත. මිනිසාට අලයක් හාරා ගැනීම සඳහා ආයුධයක් අවැසි වුවද ඒ සඳහා උපයෝගී කර ගත්තේ ලී කැබැල්ලකි. සතෙකු දඩයම් කර ගැනීම සඳහා ඔහු යොදා ගත්තේ මුගුරක් හෝ ගලකි. නො එසේ නම් නැවෙන දණ්ඩකින් හා වැල් පොටකින් තනා ගත් දුන්නකි. සරළව ප්‍රකාශ කළහොත් මිනිසා ශිලාචාර වූ දින සිටම මැටි කර්මාන්තය පැවත එන්නේය. ඒ නිසාම ලොව ඉපැරණිම කර්මාන්තය මැටි කර්මාන්තය යැයි පැවසීම අතිශයෝක්ති නොවේ.එය සත්‍යතාවයකි.

අලියෙකුගේ පාද සටහනේ ප්‍රමාණයෙන් ආරම්භ වූ මැටි බඳුන් නිෂ්පාදනය මිනිසා ස්වකීය මොළය හා චින්තන ශක්තිය මෙහෙයවමින් විවිධ හැඩයන් හා ප්‍රමාණයන් කරා යොමු විය. ඒවා වෙනත් කර්මාන්ත ලොව බිහි වීමේදී උපයෝගී විය. මැටි කාර්මිකයාගේ ඉතා සියුම් නිර්මාණයක් වන “මැටි කෝව” රන් භාණ්ඩ නිෂ්පාදනයේදී රත්‍රන් උණු කිරීම සඳහා යොදා ගැනීම එක් උදාහරණයකි. ඒ අනුව බලන කළ රන් කර්මාන්තයද මැටි කර්මාන්තය ආශ්‍රයෙන් නිර්මාණය වූවක් සේ සැළකිය හැකිය.

කොයිහැටි වෙතත් මැටියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී ජන්මයෙන්ම මිනිසා සතුව පැවති කලා කුසලතාවන්ද ඉස්මතු වෙමින් ඒවාද නිර්මාණයන් තුළ ගැබ් වන්නට වූයේ නිරායාසයෙනි. ශිලාචාර මිනිසෙකු සතුව තිබිය යුතු ශිෂ්ටසම්පන්න හැඟීම් මෙන්ම නිර්මාණ කුසලතාවද මැටි කර්මාන්තය හා සමානුපාතිකව ප්‍රගතියක් ලැබුවේය. කැලෑවේ නිදැල්ලේ වැවුණු අල වර්ග ආදිය ස්වකීය පරිභෝජනය සඳහා භූමියේ වවා ගැනීමට පෙළඹුණු මිනිසා ඒ අභියෝගය ජය ගත්තේය. ඒ ජයග්‍රහණය සර්ව සාර්ථක වූයේ මැටි භාණ්ඩ උපයෝගිත්වයෙනි.

මැටි කර්මාන්තයේ යෙදීමට අමතරව ඔහු භෝග වගාවද කළේය. ඊට අමතරව සෙසු මානව කොට්ඨාසයන් සමග සම්බන්ධතාවන් පවත්වා ගනිමින් භාණ්ඩ හා ද්‍රව්‍ය හුවමාරු කර ගැනීමේ සහජීවන පිළිවෙතක නිරත විය. ඒ අනුව මැටි කාර්මිකයා සමාජයට අත්‍යවශ්‍ය වූවාට සැක නැත. මිනිසා සත්තකින්ම කොතැනක වාසස්ථානය පිහිටුවා ගත්තද කිසිවෙකුගෙන් ඊට අභියෝග එල්ල නොවූයේ මැටි කාර්මිකයා සෙස්සන්ට සමීපව ජීවත්වීම සම්පතක් සේ සැලකූ බැවින්ය. මැටි කාර්මිකයා ඒ වන විට වෙනම සංස්ථාවක් ලෙස සමාජගත විය. ඔහු කුඹල් කාර්මිකයා ලෙස නම් කෙරුණේ බොහෝ පසු කලෙකය. කුම්භය යනු කළයයි. කුම්භය කරවන්නා යන අදහස ඇතිව ඔහු කුම්භකාර නම් විය.ලග්නවලද කුම්භ නම් වු ලග්නයක් ඇත.

මැටි කර්මාන්තය ඉපැරණි කර්මාන්තයකි.ඔහුගේ නිර්මාණ උපයෝගී කරගෙන සමාජීය කාල වකවානු නිර්ණය කිරීමට ඉදිරිපත් වූ ඉතිහාසඥයෝ එකී කර්මාන්තය කළවුන්ගේ අභිමානය යටපත් කර දැමීමට තරම් සාහසික වුහ. ඊට හේතු සාධක වූ කරුණුද බොහෝය.

අප දන්නා පරිදි දෙරණ අරුණ කාලයේ සිට විජයාවතරණයෙන් පසුව දඹදිවෙන් නොයෙක් වර විවිධ ගෝත්‍රවලට අයත් පිරිස් ලංකාවට පැමිණි බව මහා වංශයේ සඳහන් වේ. ඔවුහු බොහෝවිට මෙහි පැමිණියේ සාමුහික වශයෙනි. කුවේණිය අතහැර දැමූ විජය තම බිසෝ තනතුරට මධුරා පුරා කුමරියක් හා පරිවාර කාන්තාවන් විශාල පිරිසක් ලංකාවට ගෙන්වා ගත්තේය. ඒ සමඟ අටළොස් කුලවලට අයත් වූ ශිල්පිය සමුහවලින් දහසක් දෙනාද මේ අවස්ථාවට එක් විය. ඒ අටළොස් කුලයට  පුරාණ පොත පතේ සඳහන්ව ඇත්තේ මෙසේය.කුඹල් කුලයද අයත් විය.පොළව යට තිබී හමුවන උළු, ගඩොල්,වලං ආදී භාණ්ඩ අතීත සභ්‍යත්වය පිළිබඳ තොරතුරු මනින මිනුම් දණ්ඩක් ලෙස පුරාවිද්‍යාඥයෝ සළකති.මැටි කර්මාන්තකරුවා ස්වභාව ධර්මයත් සමඟ ජිවත් වූ අයෙකු විය. ඔහුට අවශ්‍ය වූ සියලුම අමුද්‍රව්‍ය ලබා ගත්තේ මහපොලව ඇසුරෙනි. එහෙයින් ඔහු භූමියට ගරු කළා මෙන්ම ආදරය කළ අයෙකුද විය. ඔහු කෘතවේදී අයෙකි.

සත්තකින්ම තම කර්මාන්තයට අමුද්‍රව්‍ය සපයා දෙන මහපොළව වන්දනා කළේය. මහී කාන්තාව නම් දෙවඟනක් පිළිබඳව විශ්වාස තැබූ හෙතෙම එමගින් සමෘද්ධිය,සශ්‍රිකත්වය ලැබේය යන විශ්වාසය පෙරදැරි කරගෙන මහී කාන්තාව වන්දනා කළේය.ඉන් පසුව කාලීනව ඔහුට එරෙහිව නැගී සිටි සමාජ බලවේග විසින් ඔහුව පිඩනයට පත්කරමින් ඔහු සමාජයේ පහළ ස්ථරයක අයෙකු ලෙස නම් කරනු ලැබීය. සිංහල රජු දවස කුඹල් කාර්යංශය බඩහැල බද්ද නමින් හඳුන්වන ලද බව ඉතිහාසයේ සඳහන්වේ.

මැටි භාණ්ඩ භාවිතය පිළිබඳ විවිධ අදහස් ඒ ඒ රටවල පැවති බව පෙනේ. චීන රජවරු කුඹලුන්ට සමාන කර ඇත. කුඹලා සක පෝරුව හසුරුවන්නක් මෙන් රජ මිනිසුන් හසුරුවන්නේය යන්න ඔවුන්ගේ හැඟීමයි. චීන සංස්කෘතියේ පතාක යෝධයෙකු වූ “ෂුන්” නම් අධිරාජ්‍යයා විශිෂ්ට මැටි භාණ්ඩ නිපද වූ බව කියා තිබේ.මේ අනුව ලොව පුරා එදත් අදත්  හෙටත් රජවරඅන්ගේ රැකවරණය හා මැදිහත් වීම මටිකර්මාන්තයට යොමු කෙරිණි.එය ගෝඨාබය රාජපක්ස ආන්ඩුවේද ගතගත කරන්නට කටයුත කරන විට අඳබාලයෝ රැහැනක් පමනක් මෙය හාස්‍යයට ලක් කරන්නට තරම් පහලට වැටී ඇත.

බොද්ධ ජාතක කතාවල ද කුඹල් කර්මාන්තය ගැන සදහන් කර ඇත.එමෙන්ම ජපානයට සක පෝරුව පැමිණෙන විට එහි ආගමික උත්සව සඳහා භාවිත කෙරුණේ අතින් සාදන මැටි භාජනය.පෙර කි පරිදි,ජාතක කතාවන්හි සක පෝරුව හා කුඹල් ගල ගැන සඳහන් වේ. බෝසතුන් කුඹල් කර්මාන්තයේ යෙදුන බවද ජාතක කතා කිහිපයක සඳහන් වන අවස්තා ඇති බැව් මැටි විෂය භාර ඇමතිට ගරහන ඇත්තන්නට මතක් කර යුතව ඇත.

කොයි හැටි වෙතත් දේශීය අමුද්‍රව්‍ය  යොදා ගනිමින් තමන්ට අවශ්‍ය දේ මෙහි ම නිෂ්පාදනය කර ගැනීමේ දැනුම හා හැකියාව අතීත ජනතාව සතුව තිබිණි. ගංඟා මිටියාවත් වල ඇති මැටි උපයෝගී කර ගනිමින් උළු ගඩොල් කැපීම හා වළං සෑදීමෙන් මැටි කර්මාන්තය ද දියුණු තත්ත්වයකට පත් වුනි. මෙම කර්මාන්තය සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දීම ශිල්පීය නිර්මාණ හැකියාවන් දියුණුවට ඉවහල් විය. මැටි කර්මාන්තයේ නියැලෙමින් නිර්මාණ හැකියාව ප්‍රකට කළ ශිල්පීන් හට ගම්වර ප්‍රදානය කිරීමට පවා හෙළ රජවරු උත්සුක වී ඇති ද පොත පතෙහි සඳහන් වේ.

ශ්‍රී ලංකාව විදේශිකයන්ට නතු වීමෙන් දේශීය කර්මාන්ත කෙරෙහි නිසි අවධානය යොමු කෙරිණි.එහෙත් පාරම්පරිකව පැවත එන ශිල්ප ඥානය ගිලිහී යාමට නොදී පරපුරින්  පරපුරට කෙසේ හෝ රැක ගැනීමට අපේ ශිල්පීන් සමත් වීම ශ්‍රී ලාංකික අප ලැබු භාග්‍යයකි. අද ද අඩු වැඩි වශයෙන් තම කර්මාන්ත වල මෙම ශිල්පීහු නිරතව සිටිති.මෙම කර්මාන්තය සංවර්ධනය කරන්නට ඉන් ලැබෙන දේහිය හා විදේශිය සමාජ ආර්තික සෞඛ්‍යහා අපේකම් ආදි සියලුම අතරේගත් කළ මැටි විෂයභාර ඇමති මේ මැටි වැටේ නිවැරදිව සිදුකල හොත් සත්තකින්ම රටත් ලොවත් ගොඩය.මැටි වළදේ කෑමට ගන්නා ආහාරය රසය. මැටි භාජනය නැතිවු නිසා වකුගඩුව නරක් කර ගන්නා වු ඇත්තන්නටද මැටි වැඩේ අගය ඉදිරියට වැටහෙනු ඇත. ලොව අද්විතීය නිර්මාණශීලී කර්මාන්තයක් වු මැටි කර්මාන්තයට උරුමකම් කියන කුඹල් ප්‍රජාව වනාහි ලොව මුලින්ම ශීලාචාර වු පිරිසය. වානරයාගෙන් ආරම්භ වු මානව සංහතිය දිනෙන් දින ප්‍රගතිගාමීව ශිෂ්ටත්වයට පා තබද්දී කුඹල් ප්‍රජාවට වේගවත්ව එම ගමන යාමට හැකි වූයේ ඔවුන්ගේ ප්‍රභාෂ්වරය හේතු පාදක වීමෙන් යැයි පොත පතෙහි සඳහන් සමාජ විද්‍යාමක මතයකි.

මැටි භාණ්ඩ තැනීමේ සංකල්ප ආදී මානවයාට පැමිණීම කෙරෙහි විද්වත්හු විවිධ මත කරති. ප්‍රාග් ඓතිහාසික මානවයාගේ මඩෙහි එරෙන පා සටහන් ලැව් ගිනි ආදී ස්වාභාවික හේතූන් මගින් පිළිස්සීමෙන් පසු එම ගැඹුරු සටහන් වල වතුර පිරී තිබෙන අයුරු දැක ප්‍රථමයෙන් භාණ්ඩ සෑදීමේ සංකල්පය පහළ වන්නට ඇති බව එක් මතයකි.ප්‍රාථමික මිනිසා එකල සිටි මිනිසුන්ගේ සහා සතුන්ගේ හිස් කබල යම් යම් දෑ ගෙන යෑමට භාවිත කර ඇති බවත් පසුව ඒ වෙනුවට මැටි භාණ්ඩ තනාගත් බව සැලකේ. කුරුළු කූඩු වලට මැටි තවරා භාණ්ඩ ලෙස භාවිත කර පසුව ඒ වෙනුවට මැටි වලින් භාණ්ඩ තනා ගත් බව ද මැටි කර්මාන්තයේ ඉතිහාසය සඳහන් වේ.මැටි භාණ්ඩ තැනීම මීට වසර 9000කට පමණ පෙර දී ඇරඹුණු බව විද්වත් මතය බැව් කියවේ.

දේශීය මැටි කර්මාන්තයේ දී මැටි වර්ග 2 ක් භාවිත කර ගනු ලබයි. එනම්, කෙයොලින් මැටි හා දේශීය මැටි වේ. කෙයෙලින් මැටි සෑදෙන්නේ ජීරණය වු පෙල්ස්පාර් පොළවේ තැන්පත් වීමෙනී. කෙයොලින් මැටි සුදු පාටය. එය ප්‍රාථමික,ශේෂ,කිරි මැටි ආදී නම් වලින් හදුන්වයි. කෙයෙලින් මැටි හැකිළීමේ ගුණයෙන් හා ඇළෙන සුළු බවින් වැඩිය. එහෙයින් කෙයොලින් මැටි වලින් භාණ්ඩ තැනීමේ දී පෙල්ස්පාර්,සිලිකා වැලි,ක්වාට්ස් යන ඛනිජ වර්ග කෙයොලින් මැටි හා මිශ්‍ර කෙරේ.

සත්කින්ම දේශීය රතු මැටි පිළිබඳ ව සඳහන් කරන විට කෙයොලින් මැටි වැසි ජලයත් සමඟ සේදී ගොස් ගංඟා දෙපස හා වෙල් වල තැන්පත් වේ. එසේ තැන්පත් වු මැටි කාලයක් ගත වු පසු ශාක හා සත්ව රසායනික ද්‍රව්‍ය සමඟ සංයෝග වීමෙන් රතු මැටි බවට පත් වේ. දියළු,ද්විතියික මැටි ආදී නම් වලින් ද හදුන්වයි. ලක් දෙරණේ කැළණි ගඟ හා ගාල්ලේ ගිං ගඟ ආශ්‍රිතව ද බංගදෙණිය,අනුරාධපුරය,කොළඹ කොච්චි කඬේ, අලුත් නුවර දේශීය රතු මැටි නිධි පිහිටා තිබේ. රතු මැටි ස්වාභාවිකව ම භාණ්ඩ තැනීමට සුදුසු වන ආකාරයට සැකසී ඇති හෙයින් වෙනත් ඛනිජ වර්ග මිශ්‍ර කිරීමට අවශ්‍යතාවයක් නොමැත.

මැටි කර්මාන්තයේ දී භාවිත කරන යන්ත්‍රෝපකරණ නම් ජොක්‍රෂරය, බොල්මීල් යන්ත්‍රය,පිල්ටර් යන්ත්‍රය,පග්මීල් යන්ත්‍රය,ජිගර් යන්ත්‍රය,අත්සක පෝරුව,විදුලි සක පෝරුව ආදී වශයෙන් පෙන්වාදිය හැකිය.මැටි භාණ්ඩ පිළිස්සීම සඳහා භාවිත පෝරණු වර්ග කීපයක් ද දැකිය හැකිය. ඒවා නම් දර පෝරණුව,දහයියා හා ලී කුඩු පෝරණුව,විදුලි පෝරණුව,ගෑස් පෝරණුව,දැවි තෙල් වලින් ක්‍රියා කරන පෝරණුව ආදිය වේ.

ලංකාවේ මැටි භාණ්ඩ නිෂ්පාදනය සඳහා භාවිතා කරනු ලබන ක්‍රමෝපායන් අතර අතින් භාණ්ඩ නිෂ්පාදනය කිරීම එක් ක්‍රමයකි. මැටි වලින් භාණ්ඩ තැනීමට භාවිතා කරන ඉතා සරලම ක්‍රමය වේ. මෙය මැටි භාණ්ඩ තැනීමට යන්ත්‍රෝපකරණ බිහි වීමට ප්‍රථම බහුලව භාවිතා වු ක්‍රමයකි. පසුව ක්‍රමයෙන් සක පෝරණුවෙන් භාණ්ඩ තැනීම,මැටි තහඩු ක්‍රමය,අච්චු යොදා ගනිමින් ද භාණ්ඩ නිෂ්පාදනය කිරීම දක්නට හැකිය.

භාණ්ඩ තැනීම සඳහා මැටි කාර්මිකයන් විසින් සකපෝරුව නම් මෙවලම උපයෝගී කර ගනී. සකපෝරුව වේගයෙන් කැරකැවෙද්දීම මැටි කාර්මිකයෝ පළපුරුද්දෙන් කරති. අත් සකපෝරුව හා පා සක පෝරුව වර්ග දෙකකි. අත් සකපෝරුව තුළින් ගෙමිදුලේ ගැලක සවි කරන ලද මෙම සකපෝරුව එක් අයෙක් කරකවන අතර මැටි කාර්මිකයා බදුන ඉදි කරයි. පා සකපෝරුව මගින් දෙපයින් ක්‍රියා කරවන හෙයින් එක් අයෙකුට තනිවම භාණ්ඩ නිපද වීමට පුළුවනි. ඉන්පසු භාණ්ඩය වියලෙන්නට තබා පිළිස්සීමට පෝරණුවක අඩුක්කර (අසුරා) පුළුසුසා ගනියි. මැටි භාණ්ඩ අලංකාර කර ගන්නා ලදුදේ කැටයම්, මුද්‍රා හා දියර චිත්‍ර යෙදීම යන ක්‍රම තුන අනුගමනය කිරිමෙනි. විශේෂයෙන් පලා පෙති,කුරුල්ලන්,කොළ හා මල් මෝස්තර මෙහිදී ඇදීම හෝ කැටයම් කැපීම සිදු කරයි.එය කුඹල් කරුවාගේ කලාත්මක හැකියාව මැටි බඳුනට එක් වු ආකාරයි.

මේ ආදි වශයෙන්,මැටි ආශ්‍රිතව නිමවෙන භාණ්ඩ රාශියක් දැකගත හැකිය. එනම්,ගෘහ උපකරණ,(වළං,මුට්ටි,නෑමිලි,ගුරුලේත්තු,ලිප්) ගොඩනැගිලි සෙවිලි කිරීම් සඳහා අවශ්‍ය වන දෑ, (බීලී උළු,බොකු උළු,මුදුන් උළු,කෙකු උළු) කලාත්මක මැටි භාණ්ඩ නිපදවීම,(අලංකරණ විසිතුරු නිර්මාණ,වාස්,විවිධ සතුන්.කාසි කැට,පාත්‍ර,එල්ලෙන පුවරු) ආදිය පෙන්වාදිය හැකිය. ස්වදේශිකයන්ට වඩා විදේශිකයන් මැටි වලින් නිපදවන අලංකාර විසිතුරු භාණ්ඩ සඳහා වැඩි ප්‍රියතාවයක් දක්වයි.

පැරණි නිවෙස් තුළ දක්නට ඇති භාණ්ඩ මැටියෙන් තනන භාණ්ඩ සැළකිය යුතු ප්‍රමාණයක් දැකිය හැකිය. එදා නිවෙස් තුළ දර ලිපෙහි පිසින වළං දැක ගත හැකි වුව ද අද ගෑස් වළං නිෂ්පාදනය කරනු ලබන්නේ වැඩි ඉල්ලුමක් ගෑස් වළං සඳහා පවතින නිසාවෙනි.වර්තමානය වන විට මැටියෙන් නිර්මාණය වන භාණ්ඩ සඳහා ඉල්ලුම අඩු වන ආකාරය දැකගත හැකිය.           

භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ දී මැටිවල භෞතික හා රසායනික සංයුතිය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන්නකි. තද බව වර්ණ කැට සහිත බව ආදි ලක්ෂණ අනුව මෙන්ම එහි අන්තර්ගත ඛණිජ කොටස් අනුව ද මැටි වර්ග කෙරේ. අපේ ගම්බද කර්මාන්තකරුවෝ පළපුරුද්දෙන්ම ලබා ගත් දැනුම අනුව මැටි වර්ග තෝරා ගනිති. කහඹිලියාගම ජනයා තම නිෂ්පාදන සඳහා අතීතයේ දී මැටි ලබා ගෙන ඇත්තේ යාබඳ ප්‍රදේශයන්ගෙනි. නමුදු වර්තමානය වන විට මැටි ලබා ගැනීම සඳහා බොහෝ විට මොවුනට දුර බැහැර ප්‍රදේශ කරා යාමට සිදු වී ඇත. උසස් මැටි භාණ්ඩ නිපදවීම සඳහා මැටිවල භෞතික හා රසායනික සංයුතිය පිළිබඳ සියුම් පරීක්ෂණයක් කළ යුතුය. මැටි භාණ්ඩවල උසස් බවත් එහි පැවැත්මටත් මැටිවල සංයුතිය බලපායි.

නමුත් මොවුන් ඒ සඳහා විද්‍යානූකූල පදනමින් තොරව ඔවුන්ගේ සාම්ප්‍රදායික දැනුම උපයෝගි කරගෙන භාණ්ඩ නිෂ්පාදනයට මැටි යොදා ගනී.සකපෝරුව තනා ගැනීම මැටි බඳුන් නිපදවිමේ නව ප්‍රවණතාවයක් එක් කළ අංගයකි. ක්‍රි.පූර්වයේදී සොයා ගන්නා ලදැයි සැලකෙන සකපෝරුව කුඹල් කර්මාන්තයේ යොදා ලද ප්‍රථම යන්ත්‍රය වේ. සකපෝරුව හැඩයෙන් මේසයක් මෙන් තිරස්ව කැරකෙන සේ සවිකරන ලද රෝදයක් බඳුය. ඉතා පැ‍රැණි සකපෝරුව මධ්‍යයේ හෙලූ මැටි පිඬක් කැරකෙන විට අවශ්‍ය හැඩය සකස් කරනුයේ අතින් ය. ඉතා පැ‍රැණි සකපෝරුව අතින් කරකවන ලද නමුත් පසුව කකුලෙන් කැරකවීම සකස් කරගන්නා ලදී. කල් ගතවත්ම මෙම සකපෝරුව විදුලියෙන් ක්‍රියා කළ හැකි පරිදි නිර්මාණය කොට ඇත. භාණ්ඩ තැනීම සඳහා මැටි කාර්මිකයන් විසින් සකපෝරුව වේගයෙන් කැරකැවෙද්දී එහි මැද තැබු මැටිපිඬෙන් අවශ්‍ය හැඩය ලබා ගැනීමට තරම් මැටි කාර්මිකයෝ පළපුරුද්දෙන්ම දක්ෂයෝය.

මැටි භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ දී විවිධ ක්‍රම යොදා ගනිති. අතින් මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන ක්‍රමය ඉතාම සරල ක්‍රමය වේ. මැටි ගුලියක් අත්ල මත තබා මහපට ඇඟිල්ලෙන් මැටි ගුලිය තෙරපා විවරයක් සාදා ගනියි. ඉන්පසු ඇඟිලි උදව් කරගෙන විවිධ හැඩවලට භාණ්ඩ නිර්මාණය කළ හැකිය. මෙය මැටි භාණ්ඩ තැනීමට යන්ත්‍ර සුත්‍ර සොයා ගැනීමට පෙර පැවති ක්‍රමය වේ. කහඹිලියාගම ගම්මානයේ ජනයා තවමත් මෙම ශිල්ප ක්‍රමය ප්‍රයෝජනයට ගන්නා ආකාරය දැනටද දැකිය හැකිය. මැටි දරණු ක්‍රමයට සමාන ඝනකමින් යුත් තැටි දරණු එක මත එක සිටින ආකාරයට තබා විවිධ හැඩැති භාණ්ඩ නිපදවයි. සකපෝරුවෙන් වැඩ ගැනීමටත් ඒ ගැන වඩාත් සැලකිල්ලෙන් සිටිය යුතුය. මේ සඳහා පුහුණුවක් ද අවශ්‍ය වේ. මැටි භාණ්ඩ තැනීමට යොදා ගන්නා අච්චු සාදා ගන්නේ පැරිස් බදාමෙන් බැව් මැටි කර්මාන්ත කරුවෝ පෙන්වා දෙති.

සත්තකින්ම අච්චුවලින් භාණ්ඩ නිපදවන ආකාර දෙකකි. අච්චුව මත මැටි තහඩුවක් තබා එය අතින් අච්චුවට තද කිරීම එක් ක්‍රමයකි. අනෙක් ක්‍රමය නම් අචිචු වටා මැටි මිශ්‍රණය වත් කීරීමය. මෙසේ වත්කරන මිශ්‍රණය වාත්තු මිශ්‍රණයයි. එය සාදා ගන්නේ සිලිකා වැලි පෙල්ස්පාර් ඩොලමයිට් හා ග්‍රෙග් ජලය සමග මිශ්‍ර කර බොල් මිල් යන්ත්‍රයෙන් පැය හතරක් පමණ අඹරා ගැනීමෙනි. පසුව කෙයොලින් බෝල මැටි අමු මැටි හා ජලය පෙර සඳහන් කළ මිශ්‍රණයට දමා නැවත පැය දෙකක් පමණ අඹරා ගනියි. එසේ සාදා ගන්නා වාත්තු මිශ්‍රණය අච්චුවලට වක් කිරීමෙන් අච්චුවේ හැඩයට භාණ්ඩය සාදා ගත හැකිය. මඳක් වියළා ගෙන පසුව විවිධ ප්‍රමාණයේ අත්සක උපයෝගි කොටගෙන වළං අඩිය සැකසීම සිදු කරති.මැටි ආශ්‍රිත නිපදවෙන භාණ්ඩ රාශියක් වේ. ගෘහ උපකරණ,කලාත්මක මැටි භාණ්ඩ නිපදවීම,ගොඩනැගිලි ඉදිකරන ගඩොල් වර්ග හා ගොඩනැගිලි සෙවිලි කිරීම සඳහා නිපදවන උළු ආදිය භාණ්ඩ නිෂ්පාදනය ඒ අතර විශේෂ වේ.

භාණ්ඩ අලංකාර කිරීමේ දී සකස් කරගන්නා ලද භාණ්ඩ වියළෙන්නට තබා කැටයම්,මුද්‍රා හා දියර චිත්‍ර යන ශිල්ප ක්‍රමයන් යොදා අලංකාර කිරිම සිදු කරති. විශේෂයෙන් පලාපෙති සුලිය බිංදුව කුරුල්ලන් කොළ හා මල් මොස්තර ආදිය යොදා ගැනිම දැකිය හැකිය.

මැටි භාණ්ඩ නිපදවීමෙන් අනතුරුව ඒවා වියළීම සිදු කරයි. ඒවා තද අව්වේ වියලීම සිදු නොකරන අතර මඳක් රස්නයේ අව්වේ තැබීම හෝ බොහෝ විට මඳ පවනේ වියලීම සිදු කරති. පැත්තෙන් පැත්ත හැරවීමෙන් දින තුනක් පමණ වියළා පිලිස්සීමට සුදානම් කරති.මෙහිදි වියළා ගත් මැටි භාණ්ඩ පිලිස්සීමේ දි මූලික වශයෙන් පෝරණු සැකසිම වැදගත් තැනක් ගනී. මෙම කර්මාන්තය කරන වැසියන් පිටත සැකැස්ම සකස් කිරිමේ දී දර දැමීමට කවුළු තුනක් සකස් කර ගනී. පොළොව සමතලා කොට ගඩොලින් දික් ආකාරයට බැමි තුනක් බැඳ පසුව එම බැම්ම දිගේ තනි ගඩොලින් අඩි 3-4 ක් උසට ගඩොල් නැංවීම සිදු කරයි.

පිළිස්සීමට වළං ඇසිරීමේ දී එකිනෙක මත ඉහළට සිටින සේ ගබඩා කරන අතර වා කවුළු තැබීම සිදු කරනු ලබන්නේ ඒ අතරට කැඩුණු වළං කැබලිති දැමීමෙනි. මෙම ගම්මානයේ දහයියා,දර, පොල්ලෙලි ආදිය උපයෝගි කර ගනිමින් වළං පිලිස්සීම සිදු කෙරේ. කෙසේ නමුත් මුල් කාලයේ දී වළං එක මත එක තබා පිදුරු ආදිය දමා පිළිස්සීම කොට ඇත.මෙම අමුදුවය පහසු මිලට ලබා ගන්නට හැකි පරිසයක් මැටි විෂයභාර ඇමතිවරයා කටයුත කල යුතුය. එවිට විට කර්මාන්ත කරුවාගේ කරල පැහෙන බවනම් කියයුතුව ඇත.

අතීතය මෙන් නොව මැටි කර්මාන්තය වර්තමානය වන විට විශාල වශයෙන් අර්බුදයන්ට මුහුණ දීමට සිදු වී ඇත. ඇලුමිනියම්, ප්ලාස්ටික් භාණ්ඩ වලින් එල්ල වන තර්ජනය විශාල ලෙස මැටි භාණ්ඩ සඳහා බලපෑම් කරයි. මැටි ඉවත් කර ගැනීමෙන් වළවල් මගින් පරිසරයට අහිතකර වීම නිසාවෙන් මැටි භාණ්ඩ නිපදවීමට අවශ්‍ය මැටි ලබා ගැනීම ප්‍රශ්නයක් වී ඇත. මැටි නොමැති වීම නිසා ගාල්ල මීටියාගොඩ දේශීය මැටි කර්මාන්තයේ භාණ්ඩ නිෂ්පාදනය අඩපණ වී ඇති අයුරු දැකගත හැකිය.මේ නිසා පහසුවෙන් මැටි ලබාගන්නට සහනයක් දෙන්නේ නම් මැටි ඇමති වලේ නොවැටි ගොඩවන්නට හැකිය.

හම්බන්තොට,මාතර,මීගමුව,ගාල්ල,කැළණිය,කෑගල්ල මැටි කර්මාන්තයේ වඩාත් ප්‍රචලිත ප්‍රදේශ වේ. ශ්‍රී ලංකාවේ මැටි භාණ්ඩ කර්මාන්තය අනාදිමත් ඉතිහාසයක සිට අද දක්වා ම නොනැසී පවතින පාරම්පරික ශිල්ප කර්මාන්තයකි.

ලංකාවේ පාලනය බලය ලබාගත් පාලකයෝ සියලුලොම් වාගේ කර ඇත්තේ මැටි වැඩයි. නමුත් වත්මත් ආන්ඩුව මැට්ටටම කියා මැටිවලටම ඇමති කෙනෙක් පත් කර වැටි කර්මාන්තය දියුනුවට ගන්නාවු පියවර අගනේය.මෙය සත්තකින්ම තාක්සණයෙන් කලාත්මක භාවයෙන් දියුණු කර මැටි කර්මාන්ත කරුවන්ගේ මැටි , නිෂ්පාදනවලට වෙළෙද පොලක් දෙස්විදෙස් වහයෙන් ඇති කරන්ට පියවර ගත යුතුය.මැට්ටට ගසන බදු අඩු කර ප්‍රවාහන පහසුකම් දියුනු කරගෙන ප්ලාටික් ඇල්මේනියම් වලට ඇති වෙලද පොල මැට්ටට ලගු කරන්නේ නම් මැටිටෝ කියන කතාන්දරවලට තිත තැබිය හැකිය. මැටි කර්මාන්ත කරුවෝ මැටි වලෙන් ගොඩ ඒමට අපේ මැටි විසයබාර ඇමති තුමා පුමුණ ආන්ඩුව කටයුත කරන්නේ නම් වැරදි අවලාද සමාජ මාදය හරහා ජනගත සමාජගත කරන්නට කැතකන අයලුවන්ගේ කටේ මැටි වැලි පස් දාගන්නට සිදුවනු ඇත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *