කෑගල්ලේ හුදකලා ප‍්‍රදේශවල හදුනා ගන්න

කෑගල්ල සමන් විජය බණ්ඩාර
කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය සහ ගලිගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය වසංගතය පැතිරවිම වැලැක්විමට හුදකලා ප්‍රදේශ ලෙස නම් කිරිමත් සමග අද 03 එම නගර සහ ප්‍රදේශ පාළුවට ගොස් තිඛෙන අයුරු දැක ගත හැකි විය.
මෙම කලාප වලින් අසාදිතයන් වැඩි දෙනෙක් වාර්තා වුවත් කෑගල්ල දිස්ත්‍රික්කයේ පි.සී.ආර් යන්ත්‍රයක් නොමැති විම විශාල අඩුපාඩුවක් වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතා ද පවසයි.
හෙම්මාතගම සති පොල අද 03 අගරුවාදා පැවැත්විමට නියමිතව තිබුණු අතර ඇදිරි නිතීය යෙදවිමත් සමග එම වෙළෙදුන් එම භාණ්ඩ රැගෙන ගිය අතර එම භාණ්ඩ වලින් බොහෝමයක්ම හුදකලා ප්‍රදේශ බවට පත් නොකරන ලද හෙම්මාතගම අවට දිප්පිටිය, අරණායක, ගම්පොල වැනි ප්‍රදෙAශ වල වෙළෙදුන් මිලදි ගෙන ගිය බවද කියයි. එම භාණ්ඩ අඩු මුදලට ඔවුන්ට ලබා දිමට සිදු වු හෙයින් ආර්ථීක වශයෙන් පාඩුවක් ලැබුවත් වසංගතය මැඩ පැවැත්විමට සහාය නිරන්තරයෙන් ලබා දෙන බවද වෙළෙදුන් පවසයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කිරිමත් සමග එය දැනගත් බොහෝ දෙනෙකු නගරයේ ඇති බැංකු අශ්‍රීතව ඇති එ.ටි.එම් යන්ත්‍ර අසලත් නගරයේ ඒ වන විටත් වසා නොතිබුණු සිල්ලර් වෙළෙඳ සැල් කිහිපයක් අසලත් එක් රොස් වි සිටි අතර 03 වැනි දින උදෑසන ද කඩ කිහිපයකින් භාණ්ඩ ලබා දිම සිදු වු අතර අප මෙම පුවත ලියන පස්වරු 12 පමණ වන විට සියලූ කඩ සාප්පු මාවනැල්ල සහ හෙම්මාතගම නගර වල වසා තිඛෙන අන්දම දැක ගැනිමට හැකි වු අතර නගරයට ඇතුලූ වන පිරිස් සඳහා පොලිසිය මගින් අවශ්‍ය නිතීමය කටයුතු සිදු කරන අන්දමද දැක ගත හැකි විය.
මාවනැල්ල සහ හෙම්මාතගම අවටින් කොරෝනා රෝගින් 25 දෙනෙකු වාර්තා විමත් සමගම මෙම ප්‍රදේශ හුදකලා ප්‍රදේශ ලෙස නම් කරනු ඇතැයි බියක් ජනතාව තුල කල් තියාම තිබුණු හෙයින් 02 වැනි දිනයේද මාවනැල්ල සහ හෙම්මාතගම නගරයන්වල ජනතාව කලබලයට පත් වි සිල්ලර් වෙළෙද සැල් සහ සතොස වැනි වෙළෙද සැල් වලින් කලබලයෙන් භාණ්ඩ මිලදි ගන්නා අන්දම දැක ගත හැකි විය.
මෙ වන විට අරණායක ප්‍රාදේශිය බල ප්‍රදේශයේද පි.සි.ආර් පරික්ෂණ වාර්තා නිකුත් වි ඇති අතර එම ප්‍රදේශයේද රෝගි පුද්ගලයන් 10 දෙනෙකු සිටින බවත් එයින් දෙදෙනෙක් මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය සීමාවට අයිති වන බව මාධ්‍ය වාර්තා වලින් කියවුනි.
කෙසේ වෙතත් ජනතාව මේ මොහොතේ සිය නිවෙස් වලට වි සංචරණයන් සීමා කර ගෙන ජිවත් විම මගින් රෝගය පාලනය කිරිමට හැකියාව ලැඛෙන බවත් පැලියගොඩ මාළු වෙළෙඳ සැලේ පොකුරෙන් හදුනාගත් රෝගින්ගෙන් වැඩි දෙනෙක් සිටින බවත් ඔවුන්ගේ අශ්‍රීතයන්ගේ සහ තවත් විශාල පිරිසකගේ පි.සි.ආර් පරික්ෂණ 03 වැනි දිනයේද දවස පුරා මාවනැල්ල අවට තෝරා ගත් ප්‍රදේශ වල සිදු කිරිමට නියමිත බව මාවනැල්ල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ගැමුණු වික්‍රමසිංහ මහතා අප සමග පැවසිය.
මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ තුන්දහසකට වැඩි පිරිසක් නිරෝධායනයට ලක් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *