මහ මැතිවරණයෙන් පස්සේ මම නැවත ඇමති වෙනවා // පී දිගම්බරම් කියයි

අපි සහාය දෙන්නේ අපේ ඉල්ලිම් වලට එකග අයටයි

පසුගිය ජනාධිපති මැතිවරණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය අපි ජය ගත්තත් පැරදුන අය ඇමති වෙලා දිනපු අය මංත්‍රි වෙලා එත් මෙය පවතින්නේ ඊලග පාර්ලීමේන්තු මැතිවරණය වන තෙක් පමනයි.එම පාර්ලීමේන්තු මැතිවරණයෙන් පසුව නැවතත් මම ඇමති වෙනවා ඒ ගැන බය වෙන්න එපා එයින් පසුව නැවත මේ වතුකරයේ සංවර්ධන වැඩ කිරිම මම ආරම්භ කරනවා.නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි පි. දිගම්බරන් මහතා මේ බව පවසන ලද්දේ 08වන දින හැටන් නගරයේ පැවති පාක්ෂික හමුවක් අමතමිනි.

මෙම පාක්ෂික හමුව හැටන් ඉන්ද්‍ර ශාලාවේදි පැවති අතර එහිදි වැඩි දුරටත් කතා කල පි. දිගම්බරන් මහතා මම මෙම වතු කරයට පසුගිය වසර හතරක පමන කාලය තුලදි විශාල සේවයක් ඉටු කලා වතු කම්කරුවන් වෙනුවෙන් නිවාස විශාල ප්‍රමාණයක් ඉදි කර දුන්නා.දැන් මේ ඇමතිකම් ගත්ත අය අරක දෙන්නම් මේක දෙන්නම් කියනවා එත් මේ අයට මේ මොකුත් කරන්න පුලුවන් කමක් නැහැ මොකද ඒ අයට වැඩ කරන්න සල්ලි නැහැ මේ අය කරන්නේ බොරුවක්.

ඒ වගෙම දැන් විවිධ ස්ථානවලදි කියනවා නගර සභාවට මෙච්චර දුන්නා අර ප්‍රාදේශිය සභාවට මෙච්චර දුන්නා අනික් ප්‍රාදේශිය සභාවට මෙච්චර දෙනවා කියලා මෙය සම්පුර්නයෙන්ම බොරුවක් මොකද මම හොදටම දන්නවා මේ අයට එහෙම දෙන්න මුදල් නැහැ කියලා.යම් ගෙරකට ආදායමක් ලැබුනොත් තමයි ඒ පවුල ගෙන යාමට පුලුවන් වෙන්වේ ඒ වගේමයි රටකට යම් අදායමක් ලැබුනොත් තමයි ඒ රට ගෙන යාමට පුලුවන් වන්නේ එම තත්වයන් මත මේ අයට නිසි ලෙස මුදල් නොමැති නම් කෙහොමද මේ අය මේ කියන දේවල් කරන්නේ මේ අය කරන්නේ බොරු පොරෝන්දු ලබා දිමක් පමනයි.

අපි තව මාස කිපයකින් පාර්ලීමේන්තු ඡන්දයකට යනවා එතනදි දෙමල ප්‍රගතිසිලි පෙරමුණේ අපි දිනනවා අද පවතින තත්වය මත කිසිම පක්ෂයකට බහුතර බලය ගන්න බැහැ එම නිසා එතනදි අපේ සහය අවශ්‍ය වෙනවා මොකද මේ වන විට දෙමල ප්‍රගතිශිලි පෙරමුණ බලවත් එතනදි අපි සහාය දෙන්නේ අපේ ඉල්ලිම් වලට එකග අයටයි එම නිසා එම පාර්ලීමෙන්තු මැතිවරණයෙන් පසුව මම නැවත ඇමති වෙනවා.මෙහිදි දික්ඔය ත්‍රිරෝධ රථ හිමියන් පිරිසක්ද ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදි දිගම්බරන් මහතාට සහය දැක්විම සදහා එක් විමද සිදු කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *