බුර බුරා නැගෙන බුරවි සුළි කුණාටුව දිවයිනට ඇතුළුවීමට ආසන්නයි!!

මෙරට උතුරු නැගෙනහිර සහ උතුරු මැද සහ වයඹ පළාත් ආක්‍රමණය කරමින් ත්‍රීකුණාමලය සහ මුලතිව් අතරින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට නියමිත බුරවි සුළි කුණාටුව නිරිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලයට කිලෝමීටර්110 ක් නැගෙනහිරට බරව ගිණිකොණ දෙසින් උතුරු අක්ශාංශ අංශක 8 කලා 4 ත් නැගෙනහිර දේශාංශ අංශක 83. කලා 4 ටත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අදි දින (දෙසැම්බර් 02) නිවේදනය කර ඇත. අද රාත්‍රී 7 ත් රාත්‍රී 10 අතර කාලසීමාව තුල එම ප්‍රචණ්ඩ සුළි කුණාටුව මෙරටට ඇතුළු වීමට නියමිතය

මෙම පද්ධතිය හේතුවෙන් ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය දක්වා ත් පුනරින් සිට පුත්තලම දක්වා ත් වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශ වල රළ මට්ටම මීටර් 01 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව ත් මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිම් ප්‍රදේශවලට පැමිණිය හැකි බවත් මෙම නිවේදනයේ සදහන් කර ඇත.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සුළගේ වේගය පැයට කිලෝමීටර් 100 ක් දක්වා ඉහළ යා හැකිය. සෙසු පළාත්වල සුළගේ වේගය පැයට කාලෝමීටර් 60-70 ක් දක්වා ඉහළ යාහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

බුරවි සුළි කුණාටුව හේතුවෙන් අද (02) දින උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මිලිමිටර් 200 ඉක්ම වු වැසි බලාපොරෝත්තු විය හැක. එසේම සෙසු පළාත්වලට ද මිලි මීටර් 100 ඉක්මවා වැසි ඇතිවිය හැකිය.

එසේම මෙම පද්ධතිය නිසා දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 100 ක් දක්වා වැඩි විය හැක. එනිසා නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වල නිරත වීමෙන් වැළකෙන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *