බුරවි සුළි කුණාටුව ලංකාවට ඇතුළු වෙයි!!
අද රාත්‍රී කාලයේ දිවයිනට ඇතුළු වීමට නියමිත බුරවි සුළි කුණාටුව මෙරටට ඇතුළු වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ, මෙය දිවයිනෙන් බැහැරට ගමන් කරන විටත් සුළි කුණාටුවක මට්ටමේ පවතිනු ඇති බවයි.
මෙම සුළි කුණාටුව ඇතුළු වන ප්‍රදේශය වශයෙන් සදහන් කල මුලතිව් ප්‍රදේශයට අද පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත, ඒ මුලතිව් දිස්ත්‍රික්කයේ අලම්පිල් ප්රදේශයටයි.එය මිලිමීටර් 203. 5 ක් බව සදහන් වෙයි මුලතිව් උඩයාර් කට්ටු ප්‍රදේශයට මිලිමීටර් 158 ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර වැලිඔය ප්‍රදේශයෙන් මිලිමීටර් 112 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.